Monday, August 26, 2013

ශ්‍රී ලංකාවත් සමග අමනාපයක් නැහැ.ඒත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියනවට අපි කැමැති නැහැ කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් “මැඩ්‍රාස් කැෆේ* චිත්‍රපටය ගැන කියයි



ශ්‍රී ලංකාවත් සමග අමනාපයක් නැහැ.ඒත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියනවට අපි කැමැති නැහැ

කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් “මැඩ්‍රාස් කැෆේ* චිත්‍රපටය ගැන කියයි 

මාලන් විදානපතිරණ

ජෝන් ඒබ්‍රහම් සහ නාගීස් ෆක්රි ප්‍රධාන චරිත නිරෑපණය කරන මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය මේ වන විට තිරගත කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ට පහර ගැසීමේ අරමුණින් මෙම චිත්‍රපටයට නිර්මාණය කළ බවත්, මෙහි නිෂ්පාදන කටයුතු සඳහා අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රහසේම මුදල් ලබා දුන් බව පැවසීමත් ආදී වශයෙන් තමිල්නාඩුවෙන් දිගින් දිගටම චෝදනා එල්ල වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ජෝන් ඒබ්‍රහම් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම එළඹෙන ඉරිදා චෙන්නායි නුවරදී මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තිරගත කිරිමට බලාපොරොත්තුවෙන් සිටියි. එමෙන්ම ඒ සඳහා ඉඩ ලබාදෙන බවද ඉන්දියාවේ ප්‍රබල දෙමළ දේශපාලන කණ්ඩායම් නායකයකු වන නාම් තමිසර් පවසා ඇත. එහෙත් පහුගිය 19 වැනිදා සවස් වන විට නාම් තමිසර් කියා සිටියේ තමන් ඒ සඳහා කිසිදු අවස්ථාවක පොරොන්දු නොවූ බවත්, ගිවිසුමක් හෝ අත්සන් නොකළ බවත්ය.එනම් ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. වැනි සංවිධානයක් ත්‍රස්තවාදී කල්ලියක් ලෙස හඳුන්වා ඇති මෙවන් චිත්‍රපටයක් තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත්ය.

එහෙත් මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයේ  පැවැත්වෙන දින මේ සඳහා කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයෙකු වන සීමන් සහ කොලිවුඩ් අධ්‍යක්ෂ ආර්.කේ සෙල්වමානී ඇතුළුව තවත් කොලිවුඩ් නිර්මාණකරැවන් සහභාගි වීමට නියමිතය.
එහෙත් තවමත් චිත්‍රපටය සම්පූර්ණයෙන් නරඹා ඇති ඉහත කී සීමන් නම් අධ්‍යක්ෂවරයා පවසන්නේ තමන්ට ශ්‍රී ලංකාව සමග අමනාපයක් හෝ මේ පිළිබඳ අසුබදවාදීව නොසිතීමට උවමනාවක් නැතත්,ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා තම ජිවිතය පුද දුන් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීම තමන් අනුමත නොකරන බවත්ය.

එහෙත් මේ සඳහා නැවතත් පෙනී සිටි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් නැවතත් කියා සිටියේ තමන්ගේ චිත්‍රපටය හරහා වැඩි නැඹුරැවක් නොදැක්වූ බවත්, කිසිවෙකු ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූයේ නැති බවත්ය.

ෂූජිත් සර්කා අධ්‍යක්ෂණය කළ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය, ඉදිරියේදී වෙනත් කිසිදු බාහිර බලපෑමක් නොවෙතොත් අගෝස්තු 23 වැනිදා නිකුත් වීමට නියමිත අතර රෂි ඛන්නා,ලීනා මාරියා මෙහි සෙසු චරිත නිරැපණය කරති.

සිවිල් යුද්ධය හරහා ත්‍රස්තවාදීන් පිළිබඳව නොව ත්‍රස්තවාදය ගැන කතාබහ කෙරෙන මෙම චිත්‍රපටය රෑගත කළේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේයි. කෙසේ වෙතත් පළමුව මෙහි නම යෙදීමට සැලසුම් කර තිබුණේ “ජැෆ්නා* ලෙසිනි.ඒ මෙහි කතාව යාපනය ආශ්‍රිතව දිව යන්නකි බැවිනි. 

Sunday, August 25, 2013

සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය The Wolverine චිත්‍රපටයේ වොල්වරීන් කියයි


සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය

The Wolverine චිත්‍රපටයේ වොල්වරීන් කියයි


මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමාශාලාවේදී තිරගත වන The Wolverine චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන වොල්වරීන්ගේ චරිතය නිරෑපණය කරන්නේ හියු ජැක්මන්ය.මෙවර පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී Les Miserable's(2012) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට නිර්දේශ වූ  හියු ජැක්මන් දැන් දයාබර පියෙකි. දැන් හතළිස් දෙහැවිරිදි වියේ පසුවෙන ඔහුගේ මීළඟට පැමිණීමට ඇත්තේ Real Steel චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේ ඔහු The Wolverine චිත්‍රපටය සහ තම සිනමා ජීවිතය පිළිබඳව Shave සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
කොහොමද මේ දවස්වල අලුත් තොරතුරැ?
නියමයි.මම මේ දවස්වල ඉන්නේ ටොරොන්ටෝවල. මම හරිම ආදරෙයි මේ නගරයට.මෙහේ තමයි මම මේ වසරේ රඟපෑ පළමු චිත්‍රපටය(X - Men) හැදුවේ.ඒ නිසා මම මේ දවස්වල තනියම මෙහි ප්‍රචාරණ කටයුතුවල නිරත වෙනවා. මම වන් මෑන් ෂෝ එකක් කරනවා කිව්වොත් හරියටම හරි.

පුතාට වොල්වරීන් වගේ සෙල්ලම් බඩුවක් ගෙනැල්ලා දීලා ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නලු නේද?  

ඒක එච්චරම දෙයක් නෙමෙයි. ඒකට දාලා තියෙන්නේ මගේ කටහඬ ඒකයි එයා එවේලේ පොඩ්ඩක් බයවෙලා තියෙන්නේ. ඒත් දැන් එහෙම නැහැ.දැන් එයාගේ ආසම සෙල්ලම් බඩුව වෙලා තියෙන්නේ ඒක.ඒත් මට ටික දවසක් යනකම් මේ සෙල්ලම් බඩුවට මගේ කට හඬ ගියේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා.ඒත් මුල්ම X – Men චිත්‍රපටය රෑගතකරන දවස්වල X - Men චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකට එක්තරා පුද්ගලයෙක් ආවා කියලා මට පස්සේ මතක් වුණා. ඔහු කිව්වා කොළයක් බලාගෙන වාක්‍ය කිහිපයක් කියන්න කියලා.මයික් එකකුත් දුන්නා. ඉතින් මමත් කිව්වා.මොකද එවේලේ මටත් වෙන විකල්පයක් තිබ්බේ නැහැ. කොහොම හරි X – Men පළමු චිත්‍රපටය හිට් එකක් වුණා.ඒ වගේම සෙල්ලම් බඩුත් දුසිම් ගණන් විකිණෙන්න පටන් ගත්තා.දැන් අලුත්ම තත්වය හැටියට පුතා මගේ කාමරේ මාත් මිසක් වෙන කොහේවත් නිදාගන්නේ නැහැ. මේක වුණෙත් මේ සෙල්ලම් බඩුව නිසයි. දැන් එයා මගේ කටහඬට හුඟක් ආදරේ කරනවා.

අපි වොල්වරීන් චිත්‍රපටය ගැන කතා කළොත්, මේ චිත්‍රපටයේ සමහර කොටස් ඔබට වෙනස් අත්දැකීමක් වුණා නේද ?

නැහැ. එහෙම වෙනසක් මට දැනුණේ නැහැ. අනික මට මේ චිත්‍රපටයේදී එච්චර ක්‍රියාදාම දර්ශන තිබ්බේ නැහැ.ඒ නිසා මේ චිත්‍රපටයේ රෑගතකිරිම් හරිම රසවත්.

ඒත් රොබෝවරැන් සමග සටන් කිරීමේ දර්ශන නිරෑපණය කිරීම ලේසි නැහැ. අනික මේ චිත්‍රපටය තුළ පිය - පුතු ගැටුමකුත් තිබෙනවා.මේවා අමාරැ අභියෝග වුණේ නැද්ද ?

ඒක මේ චිත්‍රපටයේදී මට එච්චර බලපෑවේ නැහැ.ඒ නිසා මම මේ ගැන බොහොම සැහැල්ලුවෙන් හිතුවේ.අනික මම මේ වගේ අත්දැකීම්වලට මීට කලිනුත් මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මට මේවා ඒ හැටි දේවල් නෙමෙයි.ඒත් මේ චිත්‍රපටය ඒ අතින් නම් විශිෂ්ටයි.මහා පරිමාණයේ විශේෂ ප්‍රයෝග හුඟක් පාවිච්චි කරලා තියෙනවා. ඒවාත් මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට බලපාලා තියෙනවා.කොහොම වුණත් මම පොතින් කියවපු, හිතෙන් මවාගත්තු මේ රොබෝ චරිත ඇත්තටම දකින්නට ලැබෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ.මට ඒක මුලින්ම දැනුණූ වෙලාවේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය මතක් වුණා.

ඔබයි, දාකෝතායි චිත්‍රපටවලට හොඳට ගැලපෙන ජෝඩුවක්. ඒක මේ චිත්‍රපටය බැලුවම හොඳටම තේරෙනවා.ඔය දෙන්නගේ චරිත සම්බන්ධතාවය හරිම ස්වාභාවිකයි.හැබෑටම දර්ශනය ලබාදෙන්න කොච්චර වෙලාවක් ගන්නවද  ඈ ?

මම ෂෝන් එක්ක ළමයින්ගේ හුඟක් ඔඩිෂන්වලට(කුසලතා පරීක්ෂණවලට) සහභාගිවෙලා තියෙනවා.ඒ නිසා අපි දෙන්නට දෙන්නා අමුත්තෝ නෙමෙයි. අපි දන්නවා ඒක ළමයින්ට කොච්චර වැදගත්ද කියලා.චිත්‍රපටය ගැනත් එහෙමයි.අපි හැම දර්ශනයකට අපේ උපරිම කාලය ලබා ගන්නවා.අනික දාකෝතා සෙට් එකට ආවාම අපි දිහා අමුතු විදිහකට බලනවා.පිටපතේ නැති දේවල් කරනවා. අනික ඒවා කරන්නේත් මූණෙන්.සමහර වෙලාවට ඒවායින් අපිත් අප්සට් යනවා. හැබැයි ඒකත් හරිම විනෝදයි.මොකද හැමදාම එයා එහෙම තමයි තමන්ගේ දර්ශනයට ලෑස්ති වෙන්නේ. ඒක තමයි එයාගේ පරිණත බව.ඒ නිසා මමත් එයාත් එක්ක අපේ දර්ශනයට හොඳටම ලෑස්ති වෙනවා.හුඟක් වෙලා ඔහුත් සමග කාලය ගත කරනවා.
මට මතකයි එක පාරක් ට්‍රක් එළවන දර්ශනයකදී මම ඩ්‍රයිව් කර කරයි හිටියේ.මගේ ළඟ හිටියේ ෂෝන්. එතැනදි දෙබසක් කියන්න තිබ්බේ නැහැ.ඒත් ට්‍රක් එක එළවගෙන යද්දි මම එකපාරම බ්‍රේක් ගැහුවා.ඒත් බ්‍රේක් ඇහුවේ නැහැ. මං බය වුණා. ඉන්පස්සේ මම එයාට කිව්වා මේ බ්‍රේක් එකේ අවුලක් තියෙනවා කියලා.මොකද අපි පල්ලමකට හිටියේ.

“ඔව්. ඔව්. එහෙනම් නවත්තන්න. මේක නම් විහිළුවක් නෙමෙයි. 

* එයා එතකොට කිව්වා.

“මම ඇත්තටමයි කියන්නේ. මෙතැන බ්‍රේක් එකේ මොකක්හරි අවුලක් තියෙනවා.කොහේද හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ.හොයන් හොයන්න* මම කිව්වා.

එතකොට එයා හෑන්ඩ් බ්‍රේක් හොයන්න ගත්තා.

“නෑ නෑ. බ්‍රේක් හොඳට වැඩ කකරනවා. මම කිව්වේ බොරැවට *  මම කිව්වා

ඒ වගේ සම්බන්ධතාවයක් තමයි අපි අතරේ තියෙන්නේ

ආපු ගමන ගැන මොකද හිතෙන්නේ. රඟපාපු නිර්මාණ ගැන සතුටුද ?

ඔව්. ඇත්තෙන්ම. මම රඟපාන එක තමයි මුල ඉඳලම කළේ.ඒකටයි ආදරෙයි කළේ.ඒත් මම නාට්‍ය පාසැලේදි ෆේල් වෙච්ච් ළමයෙක්. ඒ නිසා මගේ ආරම්භය එච්චර හොඳ නැහැ.ඒත් එදා මම අසාර්ථක වුණේ නැත්නම් අද මම සාර්ථක වෙන්නේ නැහැ.ඒ නිසා සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය කියලයි මම නම් හිතන්නේ. ඒ නිසා අද මම ඉන්න තැන ගැන මම හරිම සතුටුයි.අනික මම රඟපාන්න පටන් ගත්තට පස්සේ මට හුඟක් කෙල්ලෝ එක්ක රඟපාන්න ලැබුණා.ඒත් මාත් එක්ක රඟපාපු මුල්ම කෙල්ල තමයි අද මගේ බිරිඳ.ඒක නම් මට කවදාවත් අමතක කරන්න බැහැ.

මාලන් විදානපතිරණ

mgovindaw@gmail.com

Thursday, August 22, 2013

දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක් - ප්‍රවීණ දෙමළ භාෂා පරිවර්තක උපාලි ලීලාරත්න


දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක්
-       
    ප්‍රවීණ දෙමළ භාෂා පරිවර්තක උපාලි ලීලාරත්න

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

උතුරැ - නැගෙනහිර කලාපයේ සමහර දෙමළ කණ්ඩායම් විසින් ඇතිකරන ලද විනාශකාරී අරගලය, අපේ රටේ ආර්ථිකයට පමණක් නොව සාමකාමී ජන සමාජයටද ඇති කළ හානිය අතිමහත්ය.තවමත් මේ තත්ත්වය සමනය වී නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් යුද සමයේ ආදීනව විඳින අප දහ තුන්වැනි සංශෝධනය හමුවේ තව තවත් අසරණ වී ඇත.සැප්තැම්බර් මස පැවැත්වෙන මැතිවරණයේදී උතුරේ පවත්වන මැතිවරණය ඉතා තීරණාත්මක වී ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. එනම් එය දැන් ලංකාවට පමණක් නොව ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයටම මහා හිසරදයක් වී ඇත.කෙසේ වෙතත් උතුරේ දෙමළ අරගලය අළලා විවිධ මත දරමින් මේ මොහොතේදීත් විවිධ පොත් සිංහල සාහිත්‍යයට එකතු වේ.ඒ අතර දෙමළ තරැණ තරැණියන් දේශප්‍රේමීන් ලෙස හඳුන්වමින්ද, දෙමළ තරැණ තරැණියන් ත්‍රස්තවාදීන් හෝ බෙදුම්වාදීන් ලෙස හඳුන්වමින්ද ලියූ කෘතිද වේ.

මේ අනුව යට කී දේශපාලන කතාව වෙනස් ඇසකින් දුටු, ඒ පිළිබඳව යුද සමයේදීම “හිරැ උදාවේ සාපය(බෙදුම්වාදී අරගලයේ ඇතුළු පැත්ත)* නමින් කෘතියක්ද සම්පාදනය කළ සාහිත්‍යයධරයෙකු සමගින් මෙම දහතුන්වැනි සංශෝධනය, බෙදුම්වාදය,අන්තවාදය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක යෙදීමට අපි අදහස් කළෙමු. ඔහු උපාලි ලීලාරත්නයි.මෙරට සිටින අතළොස්සක් වූ දෙමළ පරිවර්තකයන් අතරින් කෙනෙකු වන උපාලි ලීලාරත්න, දෙමළ සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකි. ඔවුන් සමග පමණක් නොව මුස්ලිම් ජනයා සමගද නිරන්තරයෙන් ගනුදෙනු කරන්නෙකි. දෙමළ පරිවර්තන කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ ඔහු කළ පරිවර්තන අතරින් පූලාන්දේවී(1,2) අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව පෙරදා පෑයූ සඳ,සිහින සැබෑ වේවා,ගල් අඟුරැ,ඉරණම ඇඳි මාවතේ, මිනිස් බෝම්බය සහ වේදනාව(කෙටිකතා),සඳ සිසිල, යට ගිය දා මිනිස්සු(කෙටිකතා) එලෙසින්ම ජනප්‍රිය විය.

 මම උපන්නේ අහංගම.ඒ කියන්නේ දකුණු පළාතේ. ඒත් තාත්තාගේ රුකියාව නිසා පොඩිකාලේම මට තලවාකැලේට යන්න සිදුවුණා.ඒ කියන්නේ මට අවුරැදු එකහමාරක් තරම් කුඩා කාලේ ඉඳන් ජිවත්වුණේ කඳුකරයේ. මගේ වයසම නසීර්,අනික් පැත්තේ ගෙදර සිටි ත්‍යාගාරාජා තමයි මගේ හොඳම යාළුවෝ.ඊට අමතරව ක්‍රිස්තියානි,මලයාලම් ආදී විවිධ ජාති ආගම්වල මිනිස්සු එක්ක අපි ජීවත් වුණා. ඒ නිසා දෙමළ භාෂාව,දෙමළ සංස්කෘතිය මට අමුත්තක් වුණේ නැහැ. මුස්ලිම් සංස්කෘතියත් එහෙමමයි. ඒ නිසා ඉබේම මගේ දෙමළ භාෂා හැකියාව වැඩි දියුණු වුණා.ඒත් මෙහි වැදගත්කම මට දැනුණේ කොළඹ ආවාට පස්සේයි.ඒ අනුව පොත්පත් කියවීමෙන් මම මගේ පරිවර්තන හැකියාව වැඩිදියුණු කර ගත්තා.ඒ නිසා ඉංග්‍රීසි භාෂාව උගෙනීමට පෙර අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට දෙමළ භාෂාව උගෙනීමයි වඩා වැදගත්වෙන්නේ. ඒත් වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ ළමයා දෙමළ ඉගෙන ගන්නේ ප්‍රගති වාර්තා පොතට ලකුණු කිහිපයක් එකතු කර ගන්න පමණයි.ඒ නිසා රජය මගින් දෙමළ භාෂාව ජනතාවට උගෙනීමට කළ ව්‍යාපෘතිවලින් පවා ප්‍රතිඵලයක් වුණාද යන්න සැකයක්.“ ලීලාරත්න සිය හඬ අවදි කළේ එසේයි.

තිස් වසරක යුද්ධයක් නිමා කළ ශ්‍රී ලංකාව නැවතත් නැගී සිටීමේ උත්සාහයක නිරත වන බවත් ඒත් අන්තවාදීන් නැවතත් රට ආපස්සට ගෙන යාමේ මෙහෙයුම් දිගින් දිගටම දියත් කරන බවත් පැවසෙනවා. ඔබ කොහොමද මෙය දකින්නේ ?

දැන් ඔබ කියනා අන්තවාදීන් පිරිස් ශීඝ්‍රයෙන් අඩුවෙලා. එවැනි යුගයකයි අපි ජීවත්වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් පවා දැන් පොදු මහජනයා අනුමත කරන්නේ නැහැ. ඒක පොදු කාරණාවක්.හැබැයි අන්තවාදීන් නිකම්ම ඇතිවුණේත් නැහැ. ඔවුන්ව දේශපාලකයන් නිර්මාණය කළ පිරිසක්.ඉතින් ආර්ථික ප්‍රශ්න හමුවේ ඔවුනුත් ඒවාට මැදිවෙනවා.විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ පවතින නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකමත් මීට බලපෑවා.ඒ වගේම මේ මොහොතේදිත් එය බලපාමින් පවතිනවා. අද හොඳ මොළයක් තිබෙන පිරිස් වෙනුවට කර්මාන්තශාලාවකට අවශ්‍ය කරන ඇණ,මුරැච්චි පමණක් බිහිවී තිබෙන්නේ මේ නිසයි.ඒ හින්දා අධ්‍යාපන ක්‍රමය මඟින් අවිචාරශීලී ජනතාවක් ඇතිවුණාට වඩා ඇති කළා කියලායි මට හිතෙන්නේ. ඒක ළඟ එන මැතිවරණයේදී හොඳින්ම පෙනේවි.
එසේ නම් ඔබ කියන්නේ දහතුන්වැනි සංශෝධනය ජනතාවට අදාළ නොවේය කියාද ?.

දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක්. දේශපාලකයෝ තමයි තමන්ගේ බලය තහවුරැ කර ගැනීමට මිනිසුන්ව ජාති,ආගම්වලට වෙන්කර ගන්නේ. ඔවුන්ට ජාතිවාද, ආගම්වාද ආදි විෂබීජ කවන්නේත් ඔවුන්. ඒත් ඇත්තටම බැලුවොත් උතුරේ ජීවත් වන දෙමළ ජනතාවට දහතුන් වැනි සංශෝධනය පිළිබඳ වගක්වත් නැහැ.ඔවුන් තමන්ගේ දේවල් කරගෙන සිටිනවා.මගේ දෙමළ සහෘදයන් පවා,ඇතැම් උගතුන් පවා තමන්ගේ ළමයින් උගැන්වීමට පිටරට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඒකයි අලුත්ම තත්ත්වය. ඒත් ඔතන ප්‍රශ්නේ තිබෙන්නේ ඉඩම් බලතල සමග ‍දෙමළ ජනතාවගේ තේසවලාමේ නීතිය ගැටීමයි.මොකද මේ නීතියට අනුව ඔවුන්ගේ ඉඩම් තමන්ගේ ජාතියේ කෙනෙකුට හැරෙන්නට වෙනත් ජාතිකයකුට විකුණන්න තහනම්. ඒක දිගු ඉතිහාසයක් තිබෙන නීතියක්.ඒ නිසායි ඔවුන් නීතිගරැක පැත්තෙන් මේ නීතිය රකින්න උත්සාහ කරන්නේ.

කොහොම වුණත් පිටරට ගිය දෙමළ සහෘදයන් නම් නැවතත් කැමැතියි තමන්ගේ මව්රටට එන්න.ඒ පිටරටවල සිටීමෙන් තමන්ගේ සංස්කෘතිය අහිමි වේවිය කියලා බියකුත් ඔවුන්ට තිබෙන හින්දයි. මොකද ඔවුන් ඩයස්පෝරාවට අයිති නැහැ. ඒත් යම් යම් අවස්ථාවලදී ජීවත්වීම සඳහා ඒ රටේදී ඔවුන්ටත් යම් යම් තීරණ ගන්න වෙනවා. ඒක තමයි සමහරැ උලුප්පා දක්වන්නේ.

අනික ඉස්සර වතුකරයේ තිබුණේ එක් පක්ෂයක් පමණයි.ඒ ලංකා ජාතික කම්කරැ කොංග්‍රසය පමණයි. ඒත් අද කීයක් තියෙනවද ? ඒ කියන්නේ බල තණ්හාව වැඩිවෙලා. ඒ වගේම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් දෙමළ මිනිසුන්ව කොටස්වලට බෙදාගැනීමත් වැඩිවෙලා.ඒ නිසා අද සිදුවෙන්නේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න යට යෑමක් මිසෙක ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමක් නෙමෙයි.හැබැයි දෙමළ ජනතාවට ඕනෑ කරන්නේ සතුටින් ජිවත් වෙන්නයි.නැතුව රට බෙදාගන්න නෙමෙයි. රාජ්‍ය පරිපාලනයේදී ඔවුන්ට භාෂාව නිසා යම් අපහසුතා පැන නගිනවා තමයි.ඒත් ඒවා විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා ඒවාට නිසි රාජ්‍ය මැදිහත්වීමක් තමයි අවශ්‍ය වෙන්නේ.අනික තමිල්නාඩුවේදී ස්වාමීන් වහන්සේ නමකට පහර දීම පිටුපස තිබෙන්නේත්,බුද්ධ ගයාවට පහර දීම පිටුපස තිබෙන්නේත් මොකක්ද කියලා අපිට ඒක නිවැරදි ලෙස විග්‍රහ කර ගත්තොත් පේනවා.එතැන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. එහෙම නැතුව බුදුන් වහන්සේ උපන් දේශයේ මෙවැනි දේ සිදුවෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය වුණත් නිර්මාණය කළේ දේශපාලඥයන්.අනික ඒ කාලේ දෙමළ මිනිස්සු සහ සිංහල මිනිස්සු ජීවත් වුණේ එක පවුලක් වගෙයි.ඒ නිසා ඒ කාලේ සිංහල මිනිසුන් යාපනයට ඇවිත් බේකරි කර්මාන්ත ශාලා පවා කරගෙන ගියා.දෙමළ වෛද්‍යවරැන් ආදී විවිධ රාජ්‍ය සේවකයන් දකුණේත් සේවය කළා.මේවා නැති කළේ බලලෝභී දේශපාලඥයන්.

එසේ නම් මෙසේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන මෙම ලාංකීය දේශපාලන ක්‍රමයට හොඳ ඉතිහාසයක් තිබෙනවා.එතෙක් සාහිත්‍යකරැවා මොකද කළේ ?

සාහිත්‍යකරැවා තමන්ගේ යුතුකම ඉෂ්ට කළා.දිගින් දිගටම එහි නියැලී සිටියා.මමත් මගේ “හිරැ උදාවේ සාපය* කෘතියෙන් ඒ පිළිබඳ ජනතාව ගැඹුරින් දැනුම්වත් කළා.ඒත් ජනතාව ඒවා ග්‍රහනය කර ගන්නේ නැත්නම් එතැනින් එහාට අපි මොකද කරන්නේ ? අනික ලංකාවේ තරම් රෑපවාහිනියේ බණ කියන කිසිම රටක් නැහැ.ඒත් ඒ තරමට ලංකාවේ ජාතික සමගිය ගොඩනැගිලත් නැහැ.හැබැයි මීගමුව වගේ ප්‍රදේශවල සිංහල,දෙමළ, මුස්ලිම් මිනිසුන් එක පවුලක් වගේ ජිවත්වෙනවා.ආගමික උත්සවවලදී ඔවුන් එකාවන්ව කටයුතු කරනවා.එහෙනම් ඇයි ඒක  ආදර්ශයට ගන්න බැරි ?

ඒත් මේ මොහොතේදිත් මතුපිටින් නොපෙනුණත් නව මාධ්‍ය හරහා මුස්ලිම් අන්තවාදී පිරිස් සමාජයට අහිතකර ක්‍රියාකාරකම්වල නිරතවන බව කියැවෙනවා.මේක කොහොමද දකින්නේ ?


එතැන නම් මම අන්තවාදයක් දකින්නේ නැහැ.අපි පොදුවේ සමාජයක් වශයෙන් අහන දකින දේ අනුව තමයි මේක අන්තවාදයක් කියලා කියන්නේ.අපිට සන්නිවේදනය වෙන දේවල් අනුවයි අපි ක්‍රියා කරන්නේ.ඒත් ඒ සන්නිවේදනය වෙන දේවල් නිර්මාණය කරන්නේ බටහිර රටවල්.උදාහරණයක් විදිහට හෙට අපේ රටේ නායකයා කවුද කියලා තීරණය කරන්නේ බටහිර රටවල්.ඒ නිසා මේ සත්‍යය අපි තේරැම් ගත යුතුයි. එහෙම නැත්නම් අපිට සිද්ධවෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්නයි. අනික ඔවුන් කරන හැම දෙයක්ම අනුමත කරන්න අපි ලෑස්ති නැහැ. මොකද ලිබියාවට,ඉරාකයට වෙච්ච දේ අපි දන්නවා. හැබැයි කාලයක් තිස්සේ පැවතුණු හලාල් ප්‍රශ්නේදී මුස්ලිම් මිනිස්සුන්ගෙන් ගත යුත්තක් තිබුණා.අපි ගව මස් කන්න එපා කියනවා.ඒත් ඔවුන් ඌරැ මස් කන්නේ නැත්තේ ඇයි කියලා හොයන්නේ නැහැ.ඒත් එහි විද්‍යාත්මක පැත්තක් තිබෙනවා.ඒ නිසා මෙතැන කෙරෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරවීමට ඔවුන්ගේ මනස් වෙනත් වෙනත් දිශානතින්ට යොමු කිරීමක්.ඒත් ජනමාධ්‍යයේ දියුණුවත් සමග මිනිසුන් දැන් බුද්ධිමත් වෙලා.බුද්ධිමතුන් දේශපාලනයට යාම අඩුවෙලා තිබෙන්නේ මේ නිසයි.

ශ්‍රී ලංකාව කුඩා රටක්. ඒත් ශ්‍රී ලංකාව උතුරේ පොලිස් බලතල,ඉඩම් බලතල ගැන කෑ මොර දෙනවා. නමුත් ජාතීන් රාශියක් ජීවත් වන ඉන්දියාව ලොව දෙවැනි බලවත් ආර්ථිකය හිමි රාජ්‍යය බවට පත්වෙලා. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියානු සළකුණ යටතේ ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා ?

මීට පදනම සැකසුණේ ඉන්දියානු නිදහස් අරගලයේදි.එහිදී මිනිසුන් ලක්ෂ ගාණක් මැරැණා.ඒ නිසා ඔවුන් තුළ අපට වඩා ජාතික හැඟීමක් තියෙනවා.උදාහරණයක් විදිහට අද තමිල්නාඩුවට ගිහින් බැලුවොත් හිඟන්නෙකු අතේ පවා “හින්දු* පත්තරය තියෙනවා.ඔවුන් ඒ පත්තරේ තියාගෙන සිටින්නේ හරිම අභිමානයෙන්.ඒ නිසා ඉන්දියාවේ සෑම පුරවැසියෙකු තුළම තමන් ඉන්දියන්කාරයෙකු කියන හැඟීම නිරන්තරයෙන්ම තිබෙනවා.ඒක එහි සිටින මුස්ලිම් ජාතිකයන් පවා සිතන්නේ එහෙමයි. අනික රටට අවශ්‍ය බොහෝ දේවල් ඔවුන් තමන්ගේ රටේම නිපදවා ගන්නවා.පිටරටත් යවනවා.ඒත් අපේ රටට මොකද වෙලා තියෙන්නේ ? ලංකාවේ ටයර් සංස්ථාව පවා බිඳ වැටිලා.පොහොර සංස්ථාව කඩා වැටිලා. මේ සංස්ථා හොඳට තිබුණා නම් බස් ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩි කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපේ රටේ කර්මාන්ත ටික දියුණු කර ගැනීමයි කළ යුත්තේ. නැතුව ලංකාවට ඇවිල්ලා කර්මාන්ත ආරම්භ කරන්න කියලා විදේශිකයන්ට කියලා හරියන්නේ නැහැ. අනික අද තමිල්නාඩුව ජලය නැතුව තමන්ගේ වගා කටයුතු කරගන්න බැරැව දඟලනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ඔවුන් දැන් වැසි ජලය එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරලයි තියෙන්නේ. ඒත් ලාංකික අපට මේ සියල්ල ලැබිලත්, අපේ ආර්ථිකය කඩා වැටිලා.අපේ ජාතික හැඟීමත් එහෙමයි.අපට මහරුජින නිදහස ලබා දුන්නේ නිකම් පිනට වගෙයි.අනුකම්පා කරලා වගෙයි. අපේ ජාතික වීරයෝ සටන් කළා තමයි. ඒත් ඉන්දියාව කළ මහා සටන නිසා ලංකාවට නිදහස නොදී බැරිකමටයි අපට 

නිදහස ලැබුණේ.     

Sunday, August 18, 2013

Percy Jackson චිත්‍රපට මාලාවේ දෙවැන්න Percy Jackson: Sea of Monsters


තරුණයා -
2013.08.17

Percy Jackson චිත්‍රපට මාලාවේ දෙවැන්න

Percy Jackson: Sea of Monsters

Introduction

වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමා ශාලාවේදී ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් ලෙස Percy Jackson: Sea of Monsters, 2010 වසරේදි තිරගත වූ Percy Jackson and the Olympians: The Lightning Thief චිත්‍රපටයේ දිගුවක් ලෙස නිකුත් වේ. මේ සඳහා පාදක වී ඇත්තේ රික් රියෝඩන් මෙනමින්ම රචනා කරන ලද නවකතාවයි. සුපුරැදු පරිදි මෙවරත් මෙහි පීටර් ජැක්සන්ගේ චරිතය නිරෑපණය කරන්නේ ලෝගාන් ලර්මන්ය. ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි තිර රචනය කර ඇත්තේ මාක් ගගන්මෙයිම්ය. Percy Jackson: Sea of Monsters  අධ්‍යක්ෂණය කර ඇත්තේ තෝර් ෆ්‍රෙයුඩෙන්තල්ය.

Production

2011 වසරේ මාර්තු මස දෙවැනි පර්සි ජැක්සන් චිත්‍රපටය නිර්මාණය කිරීමට පිඹුරැපත් සැකසුණු අතර 20th Century Fox  සමාගම මේ බව එම වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා තහවුරැ කළේය. එහෙත් එකල චිත්‍රපටය තිරගත කිරිමට සැලසුම් කර තිබුණේ මාර්තු මස 15 වැනිදාය. පසුගිය වසරේ ඇමෙරිකාවේ වැන්කෝවර්හිදී මෙහි මූලික රෑගතකිරීම් සිදුවූවත්, ඇන්ඩ්‍රොමෙඩා කුමරියගේ දර්ශන සඳහා යොදා ගැනුණේ නිව්ඔර්ලන්ස් නගරයයි. ඒ අනුව ජුනි මස 20 වැනිදා සිට ජුනි මස 22 වැනිදා දක්වා දින තුනක් පුරා එම දර්ශන එහිදී කැමරා කාචයට හසුවිය.මිට අමතරව පළමු චිත්‍රපටයේදී යොදා ගැණුනු ස්ථානද මෙහි රෑගතකිරීම් සඳහා යොදා ගැනිණ. ෂෙලී ජොන්සන් සිනමා කැමරාකරණය කළ මෙම චිත්‍රපටය,පසු නිෂ්පාදන අවධියේදී අවසන් නිෂ්පාදනය තෙක් හෙළි පෙහෙළි කළේ මාක් ගෝල්ඩ්බ්ලැට්ය. සමස්ත චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකයන් වන මයිනප් බාර්නාදන් සහ කරන් රොසන්ෆෙල්ට් දැරෑ පිරිවැය ඇ.ඩො. මිලියන 90කි.

Plot

කඳවුරකදී පර්සි ජැක්සන්ට, එක කුසේ උපන් තම සොහොයුරැ ටයිසන් හමුවේ. ඔහු සයික්ලෝප්ස්වරයෙකි.එහෙත් පසුව මෙම කඳවුරට ලූක් කැස්ටෙලෑන් ප්‍රහාරයක් එල්ල කරයි.ඒ ඔහු ග්‍රීක දෙවිවරැන් වාසය කළ කඳු මුදුන විනාශ කිරිමට සැලසුම් කරනා බැවිනි.මේ අනුව සොහොයුරන්ට තමන් රුඳ සිටින කඳවුර බේරා ගැනීමට අවශ්‍ය වෙයි.පර්සිගේ උපදේශක චිරොන් මැජික් ගසක් සොයා ගන්නේ මේ අතරතුරදියි.මේ අනුව මෙම මැජික් ගස ඔවුන්ට අවශ්‍ය මොහොතේදි රුකවරණය ලබා දෙයි. එහෙත් ලුක් සැලසුම අත් නොහරියි.මේ අතර මීට තවත් අතුරැ චරිතයක් එක්වේ. ඒ සියුස් දෙවියන්ගේ දියණිය වන තාලියා ග්‍රේස්ය. එය චිත්‍රපටයේ කතාවේ සන්ධිස්ථානයක් බවට පත්වේ.  ඒ අනුව අවසානයේදී පර්සිට සිදුවන්නේ කුමක්ද ? තාලියාට සිදුවන්නේ කුමක්ද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේයි.    

Cast

පර්සි ජැක්සන්  - ලෝගාන් ලර්මන්

ග්‍රෝවර් අන්ඩර්වුඩ් - බ්‍රැන්ඩන් ටී.ජැක්සන්

 ඇනාබේත් චේස් - ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩාරියෝ

 ක්ලැරිසි ලා රැයි - ලෙවෙන් රුම්බින්

ලුක් කැස්ටැලෙන් - ජේක් ඒබෙල්

දියෝනිසියස් දෙවියන් - ස්ටැන්ලි ටුකි


චිරොන් - අන්තෝනි හෙඩ්

ටයිසන්  - ඩග්ලස් ස්මිත්

තාලියා ග්‍රේස් - පැලෝමා ක්වයිට්කෝවස්කි

Release

2013 වසරේ මාර්තු මස 21 වැනිදා මෙහි පළමු ඡායාරෑප මුදාහැරැණු අතර මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූයේ මාර්තු මස 29 වැනිදාය. එනම් The Host චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැයි මස 29 වැනිදා Percy Jackson: Sea of Monsters චිත්‍රපටයේ දෙවැනි පූර්ව ප්‍රචාරක පටය YouTube සමාජ ජාලයට එක් වූ අතර තෙවැනි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූයේ ජුනි මස 25 වැනිදාය.කෙසේ වෙතත් ජුලි මස 19 වැනිදා සිට ඇමෙරිකානු රෑපවාහිනි නාලිකා කාල(TV Spot) තුනක් යටතේ මෙහි කතාව,නළු නිළියන් පිළිබඳව ප්‍රචාරණයක් ලබා දීම ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක් වී ඇත.

Box office

අගෝස්තු මස 07 වැනිදා තිරගත කිරීම ආරම්භ කරමින් ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 5.4ක ආදායමක් උපයා ගත් Percy Jackson: Sea of Monsters, දැනට ඇමෙරිකානු චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේ පසුවේ. චිත්‍රපටය මේ වන විට උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන දහ තුන ඉක්මවයි

මාලන් විදානපතිරණ

Friday, August 16, 2013

ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්


ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්
-         
     ඉස්සරහට යන්න ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නලින් මාපිටිය

මාලන් විදානපතිරණ

“අද * පුවපත්පත හරහා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍ර කතාවක් ලෙස “කොන්දා* හැඳින්විය හැකිය.  ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙකු වන අනුර ශ්‍රීනාත්ගේ කතා සංකල්පයකට අනුව ඔහු විසින්ම සිතුවමට නැගූ මෙම චිත්‍ර කතාව මීට කලකට ඉහතදී ඔහු අතින්ම යළි ප්‍රතිනිර්මාණය විණ. ඒ ටෙලිනාට්‍යයක් උදෙසාය.

දැන් ඔහු ලියූ එම තිර පිටපත රෑපයට නැගී අවසන්ය.එනම් ඊයේ (12) සිට ජාතික රෑපවාහිනියේ විකාශය ඇරඹි මෙම ටෙලිනාට්‍යය, සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ඔබ හමුවට පැමිණීමට නියමිතය.“අද* පුවත්පතේ දින දෙසියක් පුරා පළ වූ මෙම චිත්‍රකතාව, ජාතික රෑපවාහිනියේ විකාශය වන්නේ කොටස් සියයක මාලා ටෙලිනාට්‍යයක් වශයෙනි.එහෙත් නළු නිළියන් එකසිය 150කට අධික පිරිසක් රංගනයෙන් දායක වන මෙම ටෙලිනාට්‍ය ඔබ වෙත පැමිණෙන්නේ කොන්දා නමින් නොව “ඉස්සරහ යන්න* යන නමිනි. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ  නලින් මාපිටියගේ නිර්මාණයක් වන මෙහි ප්‍රධානතම විශේෂත්වය වන්නේ මෙය ජාතික රෑපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයක් වීමයි.එබැවින් ගුණාත්මක ටෙලිනාට්‍ය සංස්කෘතියක අවශ්‍යතාවය දැඩිව දැනෙන මෙවැනි මොහොතක, “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍ය ගුණාත්මක රසවින්දනයට අවැසි කළමණා සපුරා ඇත්ද, ජාතික රෑපවාහිනී නිෂ්පාදනයක් ලෙස මෙහි ප්‍රමිතිය රුකගැනීමට හැකිවුණිද යනාදිය කතාබහ කිරිමට වඩාත්ම සුදුසු පුද්ගලයා වන්නේ මෙහි අධ්‍යක්ෂවරයායි.

“මෙහි කේන්ද්‍රගත චරිතය වන වෛද්‍ය ශිෂ්‍යයා (ජගත් චමිල), වෛද්‍ය උපාධිය පෙනී පෙනී පන්ති තහනමකට ලක්වෙනවා.ඒ අනුව කරකියා ගත නොහැකිව කල් මරමින් සිටි ඔහුට අහම්බෙන් වගේ බස් රථයක රියදුරැ සහායකවරයෙකු ලෙස සේවය කරන්න ලැබෙනවා.මෙහි සමස්ත කොටස් සියයටම පසුබිම් වෙන්නේ ඔහුට දින හතක අත්දැකීමට සිදුවන සිදුවීම් මාලාවක්.එහිදී මට චිත්‍ර කතාවේ එන චරිත සහ සිද්ධිවලට අමතරව මේ සඳහා තවත් රසකාරක භාවිතා කිරීමට සිදුවුණා. ඒත් ඒවා යොදා ගැනුණේ ප්‍රධාන කාරණාව පෝෂණය කිරීමට මිසක් වෙන දෙයකට නෙමෙයි. නැහැ.*

“ඒ අනුව සපුමල් නම් වෛද්‍ය ශිෂ්‍යයා පොදු මගී සේවාවක තිබෙන ගැටලු හඳුනා ගන්නවා.ඒවා විවේචනය කරනවා. අල්ලස, කප්පම ආදිය ඔහුගේ මාතෘකා බවට පත්වෙනවා.ඒ වගේම බස්  රථයක සිට ඔහු සමාජයේ නොයෙකුත් සමාජ තල නියෝජනය කරමින් සමාජ ව්‍යසනයන් ගැන විමර්ශනයක යෙදෙනවා.ඒ අනුව ඔහු සමාජයේ තිබෙන පිළිල ඉවත් කිරීමටයි බොහෝ විට උත්සාහ දරන්නේ. ඒ නිසා ඔහු සමාජ ශෝධකයකු විදිහටත් හඳුන්වන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා කරන්නේත් මෙවැනිම කාර්යභාර්යයක්.  මේ අනුව අපි ටෙලිනාට්‍යය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොහු, දොස්තර කෙනෙකු වේවිද එසේත් නැත්නම් කොන්දොස්තර කෙනෙකු වේවිද යන්න ප්‍රශ්නය ප්‍රේක්ෂකයා අභිමුවට ගෙන එමින්.“ නලින් මාපිටිය සිය හඬ අවදි කළේ එසේයි.

ඔබ “කොන්දා* චිත්‍රකතාව, පුංචි තිරයට පරිවර්තනය කිරීමේදී මෙහි නම වෙනස් කර තිබෙනවා. ඇයි ඒ?

බස් රථයක් තුළ යන අපට ඇසෙන ඉතා ජනප්‍රිය වචනයක් විදිහට ඉස්සරහට යන්න හඳුන්වන්න පුළුවන්. එය  බස්රථයට නගින කුඩා  ළමයාගේ සිට වයසක මනුස්සයා දක්වා පුද්ගලයන්ට රියදුරැ සහායකවරයා විසින් නිරතුරැවම භාවිතා කරන වචනයක්.ඒත් මාගේ මේ උත්සාහය මේ හරහා මෙම නිර්මාණය ජනප්‍රිය කර ගැනීමම නෙමෙයි. එවැනි පටු අරමුණවල සිට අපි නිර්මාණ කරන්නේ නැහැ.අපේ උත්සාහය වුණේ මේ ජනප්‍රිය වදන භාවිතා කරමින් සෘණාත්මක ආකල්පවලින් ගහණ සමාජයකට ඉදිරියට යාමට පාර පෙන්වීමයි.එය කොතරම් සාර්ථක වුණාද යන්න ටෙලිනාට්‍යය විකාශය වූ විට පෙනේවි.අනෙක් අතට සමඩෙයීය, දේහපාලනික සහ ආර්ථිකමය කරැණු කාරණා කතා කරන ගමන් මෙහි එන කොන්දොස්තර, කොන්දොස්තර මහතා විය යුතු බවත් ප්‍රශ්න කරනවා.   


කෙසේ නමුත් චිත්‍රකතාව සහ ටෙලිනාට්‍යය කියන්නේ එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් ද්විත්වයක්.අනෙක් අතට චිත්‍රකතාවක පාඨක පිරිස සහ ටෙලිනාට්‍යයක ප්‍රේක්ෂක පිරිසත් එකිනෙකට වෙනස්. මේ අනුව චිත්‍ර කතාව හරහා පාඨකයා තමාගේ සිත තුළ ගොඩනගාගෙන සිටි රෑපය, ටෙලිනාට්‍යය හරහා බිඳ වැටේවි නේද ?

චිත්‍රකතාකරැවාට ඉතා කෙටි කාලයක් තුළ ඉතා සුළු ඉඩ ප්‍රමාණයක වුවත් සිතැඟි අවස්ථාවක් චිත්‍රයට නගන්න පුළුවන්.ඒ වගේම මෙම මාධ්‍යය සරල සහ වේගවත් මාධ්‍යයක්. ඒ නිසා එය තුළ අපායක්, දිව්‍යලෝකයක් වුණත් මවන්න පුළුවන්.ඒත් මෙවැනි චිත්‍රකතාවක් ටෙලි නිර්මාණයක් වෙත ගෙන ඒමේදී එය ඉතා භාරදුර වගකීමක් බවට පත්වෙනවා.විශේෂයෙන්ම නළු නිළියන්ගේ සිට සෙසු අනුශාංගික ශිල්පීන් තෝරා ගැනීම, මූල්‍යමය ප්‍රතිපාදන සපයා ගැනීම මැනවින්,නිෂ්පාදන කටයුතු නිවැරදිව කළමණාකරණය කර ගැනීම ඉතා වෙහෙසකරයි.ඒ නිසා චිත්‍රකතාවේ සිටි චරිත ජීවමාන කිරිමට එතරම් ලෙහෙසි පහසු වුණේ නැහැ.ඒත් මම කාලයක් පටන් අනුර ශ්‍රීනාත්ගේ චිත්‍රකතා කියවන පාඨකයෙක්. ඒ නිසා මම “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යය ගැන සිතන කාල වකවානුව වන විට හොඳින් අනුරව කියවා තිබුණා.ඒ නිසා “කොන්දා* කියවූ පාඨකයා විඳි රසයට නොඅඩු රසයක් “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යය බලන ප්‍රේක්ෂකයාටත් විඳින්න හැකිවේවි කියලයි මා හිතන්නේ

ඔබේ ටෙලිනාට්‍යයයේ කොටස් සංඛ්‍යාව සියයක්. ඒත් මෙගා ටෙලිනාට්‍යය බලා සිටි ප්‍රේක්ෂක ප්‍රජාවට දැන් මෙම කලා මාධ්‍යය එපාවෙන තත්ත්වයට පත්වෙලා. එවන් මොහොතක ජාතික නාලිකාවක නාට්‍ය ඒකකය මගින් මෙගා ටෙලිනාට්‍යයක්  නිෂ්පාදනය කිරීම සාධාරණද ?

බොහෝ අය අද මෙගා ටෙලිනාට්‍යය සහ බඩවැල් ටෙලිනාට්‍යය යන්න පටලවාගෙනයි තියෙන්නේ.ඒ නිසා මෙගා ටෙලිනාට්‍යය පිළිබඳ අර්ථකථන මතභේදයට තුඩුදෙනවා. ඒ නිසා නැවතත් මේ ගැන සාකච්ඡා කළ යුතුයි. මොකද ටෙලිනාට්‍යයක කොටස් ගණන තීරණ වෙන්නේ ඒ සඳහා වූ අවශ්‍යතාවය අනුවයි.නිෂ්පාදන ක්‍රියාවලිය අනුවයි. නිර්මාණයයේ අන්තර්ගතය අනුවයි. “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යයත් බලපෑවේ මේ හේතුයි.අපි සෑම කොටසක් වෙනුවෙන්ම ලක්ෂ දෙකකට අධික මුදලක් වැය කළා.අවශ්‍ය සියලුම දේ සැපයූවා.ශිල්පීන්ට හොඳින් ගෙව්වා. අනික නීත්‍යනුකූල පදනමකින් ටෙලිනාට්‍යය නිර්මාණය කරන එකම ආයතනය ජාතික රෑපවාහිනි සංස්ථාව පමණයි.මේ නිසා අපට ලොකු වගකීමක් තිබෙනවා.ඒ නිසා අපි නිශ්චිත පිටපතකට අනුවයි සමස්ත කොටස් සියයේම වැඩ නිමා කළේ.අනික අපිට නිශ්චිත සැලසුමක් තිබ්බා. දින වකවානු තිබ්බා.ඒකයි නිර්මාණයක සාර්ථකත්වය.

ඒත් අද ටෙලිනාට්‍ය කලාව නිසා කලා ශිල්පීන් පවා කම්කරැවන්ගේ තත්ත්වයට ඇද වැටිලා ?

අප සමග වැඩ නරද්දී නළු නිළියන් රෑගතකිරීම් අතරතුර අදාළ නිර්මාණය සඳහා ලැබෙන මුදල පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැහැ.ඔවුන් දන්නවා ඔවුන්ගේ මහන්සියට සාධාරණ මුදලක් ලබෙනවා කියලා. ඒත් අපට බාල නිර්මාණණයක් කරන්න උවමනා නම් මේ ටෙලිනාට්‍යෙය් වැඩ කටයුතු දින එකසිය පණහක් පුරා කරන්න උවමනා නැහැ. ඒත් අපි ඒ කැපවීම කළා.නැත්නම් සාමාන්‍යෙයන් සිදුවෙන්නේ එකම ටෙලිනාට්‍යයක් නිෂ්පාදකයන්ට උවමනා පරිදි අදියරවලට බෙදී අධ්‍යක්ෂවරැන් කිහිපදෙනෙකු යටතේ නිර්මාණයක් වීමක්. අද ඒ තරම් නිෂ්පාදකයා ප්‍රබල වෙලා. ඔහුට අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට පවා බලයක් හිමිවෙලා. අනික අප දකින හරසුන් ටෙලිනාට්‍යය දර්ශන තලය, දෙබස් තීරණය වෙන්නේ එදාමයි.එදාට ටෙලිනාට්‍ය රෑගත කරනන් වෙන්නේ ගඟක් ළඟක් නම් එදා කොටෙසේ සියලුම සිදුවීම් සිදුවෙන්නේ ගඟ ආශ්‍රිතවයි.ඒ නිසා ඒවාටයි හරසුන් නිර්මාණ කියන්නේ.ඒත් ස්වයං වාරණයක් යටතේ ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්.

මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන රංගන ශිල්පි ශිල්පිනියන් මතක් කළොත් ?

ජගත් චමිල,විල්මන් සිරිමාන්න(බස් රථයේ රියදුරැ), මාලි ජයවීරගේ, ජනක් ප්‍රේමලාල්,සුලෝචනා වීරසිංහ,විමල් කුමාර ද කොස්තා, මහේන්ද්‍ර වීරරත්න,ශ්‍රීමාලි ෆොන්සේකා, ගිහාන් ප්‍රනාන්දු. මෙතැන ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ පුංචි තිරයට අලුතින් හඳුන්වාදෙන නිළියක්. ඇය තමයි පසුගිය වසරේ පැවැති ආසියානු විවාහක රෑ රුජින තරගයේ කිරැළ දිනා ගත්තේ.ඒ නිසා ඉදිරියේදී ඇය පුංචි තිරය ආලෝකමත් කරන චරිතයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.හැබැයි වසර පහළොවක කලා ක්ෂේත්‍රෙය් මෙවැනි නවක මුහුණු රාශියක් රෑපවාහිනියයට හඳුන්වා දී තිබෙනවා.
   

Saturday, August 10, 2013

X – Men චිත්‍රපට මාලාවේ හයවැන්න - The Wolverine


තරැණයා -හොලිවුඩ්
2013/08/10

X – Men චිත්‍රපට මාලාවේ හයවැන්න

The Wolverine

Introduction

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදි Les Miserable's චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වතාවට හොඳම නළුවා සම්මානයට නිර්දේශ වූ හියු ජැක්මන් මෑතකදී ජනප්‍රියත්වයට පත් සුපිරි තරැවෙකි.  එසේම එම චිත්‍රපටය වෙනුවෙන්ම ප්‍රථම වතාවට හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගත් සම්මානනීය නළුවෙකි. ඔහු ඔබ වෙත පැමිණෙන නවතම සිනමා නිර්මාණය වන්නේ The Wolverine ය. මේ දිනවල සැවෝයි ත්‍රිමාණ ශාලාවේ තිරගත වන මෙම චිත්‍රපටය X- Men චිත්‍රපට මාලාවේ හයවැන්න මෙන්ම Wolverine නමින් තිරගත වන දෙවැනි චිත්‍රපටයද වේ.1982 ප්‍රකාශයට පත්වුණු ක්‍රිස් ක්ලෙයාමොන්ට් සහ ෆ්‍රෑන්ක් මිලර් ගේ Wolverine චිත්‍රකතා මාලාව පාදක වී ඇති මෙහි ප්‍රධාන චරිතය ජනප්‍රිය මාවල් චරිතයක් වන වොල්වරින්ය. ක්‍රිස්ටෝපර් මැක්කෝරි,ස්කොට් ෆ්‍රෑන්ක් සහ මාක් බොම්බැක් තිර රචනා කළ The Wolverine අධ්‍යක්ෂණය කර ඇත්තේ ජේම්ස් මැන්ගෝල්ඩ් ය. හියු ජැක්මන් සමගින් මෙහි සම නිෂ්පාදකවරැන් ලෙස එක්වන්නේ ලෝරන් ෂූලර් ඩොනර්, හච් පාකර් සහ ජෝන් පැලේමෝය.

Background

2009 වසරේ සැප්තැම්බර් මසදී X – Men Origins: Wolverine අධ්‍යක්ෂණය කළ ගැවින් හුඩ් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ කතිකාවතක් ආරම්භ කළ අතර ලෝගාන්ගේ ඊට අදාළ යම් යම් දර්ශන පවා ජපන් දර්ශන තලයේදී රෑගත කෙරිණ.ඊට එම චිත්‍රපටයේ ලෝගාන් ලෙස හියු ජැක්මන්ද එක්ව සිටියේය.එහෙත් මීළඟ චිත්‍රපටයේදී තිර පිටපත පිළිබඳ එම මොහොතේදීම මතභේද හටගත් අතර The Wolverine චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නම් ලෝගාන්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට පිළිගත හැකි ආකාරයෙන් නැවතත් රචනා විය යුතු බව ජැක්මන් තරයේ කියා සිටියේය. ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා සිටියේ තමන් මෙම මාවල් කතා මාලාවේ ප්‍රබල රසිකයකු බැවින් මීට අසාධාරණයක් වනවාට තමන් අකමැති බවයි.ඒ අනුව දින හතරක උණුසුම් සංවාදයකින් පසුව 2009 වසරේ මැයි මස 05 වැනිදා The Wolverine චිත්‍රපටය නිපැයෙන බැව් තහවුරැ විණ.

Production

මේ අනුව 1982දී මෙනමින් ප්‍රකාශයට පත් චිත්‍රකතා මාලාව ඇසුරින් නැවතත් තිර රචනා  වන බැවින් මීට තමන් සහභාගි වන බැව් හියු ජැක්මන් දැනුම් දුන්නේය. එනම් 2010 වසරේ ඔක්තෝබර් මසදී ජැක්මන් මේ බැව් නිශ්චිත වශයෙන්ම තහවුරැ කළේය.ඒ අනුව සම නිෂ්පාදනයෙන්ද තමන් එක්වීමට කැමැති බැව් දැනුම් දුන් ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා වඩාත් ගැලපෙන්නේ ඩැරන් ආරෝනෝෆ්ස්කි බවයි. ඒ ඔහු Black Swan, The Wrestler වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කර ඇති බැවිනි.එහෙත් මතභේද මධ්‍යයේ මෙහි අධ්‍යක්ෂවරයා නිශ්චිත කර ගැනීමට නොහැකිව වසරකට ආසන්න කාලයක් අධ්‍යක්ෂවරැන් අටදෙනෙකු අතර මෙම චිත්‍රපටය දෝලනය වූ අතර ජස්ටින් ලින්,ගැවින් ඔ‘‘“කොනර්, ජේම්ස් මැන්ගෝල්ඩ්, ඇන්ටොයින් ෆුකා සහ ගැරී ෂෝ මේ අතරින් ඉදිරියෙන්ම සිටියේය.එහෙත් අවසානයේ ෆෝක්ස් චිත්‍රපට සමාගම මේ අතරින් තම නවතම චිත්‍රපටය සඳහා මැන්ගෝල්ඩ් තෝරා ගත් අතර ඒ අනුව 2011 වසරේ ජුනි මසදී මෙහි වැඩකටයුතු ආරම්භ විණ. දිය ඇල්ලක දර්ශනයක් මෙහි පළමු දර්ශනය ලෙස රෑගතවන්නේ මෙවැනි වටපිටාවක් තුළයි.එහෙත් හියු ජැක්මන්ගේ Les Miserables චිත්‍රපටය නිසා මෙහි රෑගතකිරීම් කටයුතු නැවතත් ඇණහිටි අතර ඒ අතරතුර මෙහි පළමු තිර රචනය ලියූ මැක්කෝරිගේ තිර පිටපතද අහකට විසි වූ අතර එම වසරේ සැප්තැම්බර් මස මාක් බොම්බැක් නැවතත් එහි තිර පිටපත රචනා කළේය.ඒ අනුව ඇමෙරිකානු - ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් ලෙස මෙම චිත්‍රපටයේ රෑගතකිරිම් 2012 වසරේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ කිරීමට නිෂ්පාදකවරැ තීරණය කළෝය. එහෙත් එහි රෑගතකිරීම් පසුව ජපානයේ මෙන්ම ඇමෙරිකාවේදී රෑගත විණ. ඒ වෙනුවෙන් ඔවුන් දැරෑ පිරිවැය ඇ.ඩො. මිලියන 120කි.

Plot

1945 වසරේ ලෝගාන් සිටියේ ජපානයේ නාගසිකා ආසන්නයේය. එය ඔවුන්ට ඇමෙරිකානුවන් විසින් පරමාණු බෝම්බ එල්ල කළ සමයයි. එහෙත් අද ලෝගාන් ජපානයේ යූකෝන්වල හුදෙකාලා වී ජිවත් වෙයි. ඔහු ජෝන් ග්‍රේගේ මරණයෙන් අතිශය කම්පනයට පත්ව සිටියි.මේ අතර යශිඩාගේ දුවෙකු වන මරිකෝ ලෝගාන්ට හමුවේ.මේ අනුව ලෝගාන් වෙනස්ම චරිතයක් බවට පත්වේ. (එය කෙසේද යත් ඔහු මෙම චිත්‍රපට චරිතය වෙනුවෙන් දිනකට කෑම වේල් හයක් අනුභව කර ඇති අතර ඩ්වේන් ජොන්සන්ගේ උපදෙස්ද භාවිතා කර තිබේ.) ඔහු තම කම්පනය හේතුවෙන් සියල්ල පිළිබඳ කළකිරී තමා කම්පනයට පත් කළ අයවලුන්ගෙන් පළිගැනීමට සැරසේ. මේ අනුව වොල්වරින් හෙවත් ලෝගාන්ට අවසානයේදී සිදුවන්නේ කුමක්ද ? ලෝගාන්ට තම අරමුණ කරා ළඟා වීමට හැකිවේද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේය.                                                                     

Cast

ලෝගාන්/ වොල්වරින්  - හියු ජැක්මන්
මාරිකෝ - ටාඕ ඔකමොටෝ
ෂි න්ගෙන් යෂිඩා - හිරාවුකි සනාඩා
යුකියෝ - රිලා ෆුකුෂිමා

Post Production

2012 වසරේ ඔක්තෝබර් මසදී The Wolverine චිත්‍රපටය ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස පරිවර්තනය කිරිමට නිෂ්පාදකවරැ තීරණය කළ අතර චිත්‍රපටය පැය දෙකයි මිනිත්තු 35ක් දක්වා දිග හැරිමටද ඔවුන් සැලසුම් කළේය.ඒ අනුව මෙහි දෘශ්‍ය ප්‍රයෝග සඳහා Weta Digital, Rising Sun Pictures, Iloura, and Shade VFX යන දෘශ්‍ය නිර්මාණකරණ ආයතන සහභාගි වීම කැපී පෙනේ.එසේම මෙම ත්‍රිමාණ චිත්‍රපටය Twentieth Century Fox's Marvel films ලෙසින් නිකුත් කිරීම නිෂ්පාදකවරැන්ගේ අදහස විය.

Release

The Wolverine චිත්‍රපටය මේ වසරේ ජුලි මස 24 වැනිදා ද්විමාණ සහ ත්‍රිමාණ වශයෙන් ලෝ පුරා සිනමාහල්වලට මුදාහැරැණු නමුත් එය ඕස්ට්‍රේලියාවේ තිරගත වුයේ ඉන් දිනකට පසුය.ඇමෙරිකාවේ තිරගත වුයේ ඉන් දෙදිනකට පසුවය.එසේම මෙය Wolverine: Immortal නමින් ස්පාඤ්ඤ භාෂාවට නගා මේ මොහොතේ ස්පාඤ්ඤයේ තිරගත වේ. 

Box office

අගෝස්තු මස 02 වැනිදා වන විට උතුරැ ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 95 ඉක්මවූ ආදායමක් උපයා ගත්තේය. සෙසු රටවලින් උපයා ගත් ආදායම දැනට ඇ.ඩො. මිලියන 92කට ආසන්නය. ඒ අනුව අගෝස්තු මස 02 වන විට චිත්‍රපටය උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 190කට ආසන්නයි.
මාලන් විදානපතිරණ

Friday, August 9, 2013

ත්‍රස්තවාදියා යැයි නොකියා ත්‍රස්තවාදය ගැන කතා කරන මැඩ්‍රාස් කැෆේ



ත්‍රස්තවාදියා යැයි නොකියා ත්‍රස්තවාදය ගැන කතා කරන
මැඩ්‍රාස් කැෆේ

මාලන් විදානපතිරණ

අගෝස්තු මස 23 දා සිට ලෝ වටා ප්‍රදර්ශනයට නියමිතව ඇති හින්දි චිත්‍රපටයක් වන මැඩ්‍රාස් කැෆේ, මේ වන විට ඉන්දීය විචාරකයන්ගේ දැඩි මතභේදයකට තුඩුදෙන සිනමාපටයක් වී ඇත.කොටින්ම එය මේ වන විට චෙන්නායි නගරය කළඹවනු සුළු චිත්‍රපටයක් වී ඇත. එනම් අගොස්තු මස 05 වැනිදා මෙහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක් කළ සැණින් එය මහා උද්ඝෝෂණයක් කිරිමට තරම් ප්‍රබල වී ඇත. 
කොටි ත්‍රස්තවාදීන් ඉතා ප්‍රබලව සිටි අනූව දශකයේ ශ්‍රී ලංකාවේ පැවැති තත්ත්වය,ශ්‍රී ලංකා හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති ගැටුමේ සැබෑ තත්ත්වය,ඉන්දීය සාම සාධක හමුදාවේ පැමිණීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පදනම් කර ගත් මෙහි කතා වස්තුව මීට ආසන්නතම හේතුව වී ඇත.උද්ඝෝෂකයන් පවසන්නේ මෙමගින් කොටි සංවිධානයට පහර වැදී බවත්, අසත්‍ය තොරතුරැ විකෘති ආකාරයෙන් සිනමා කෘතියට යොදාගෙන ඇති බවත්ය. විශේෂයෙන්ම ඉන්දියානු රහස් තොරතුරැ සංවිධානයේ  නියෝජිතවරයෙකු ලෙස පැමිණෙන වික්‍රම් සිං ගේ ක්‍රියාකාරිත්වය මෙන්ම ජාත්‍යන්තර වාර්තාකාරියක ලෙස ජායාගේ චරිත ස්වභාවය මෙහිදී දැඩි ලෙස විවේචනයට භාජනය වී ඇත.

මෙම චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් මෙහි වික්‍රම් සිං ගේ චරිතය නිරැපණය කරන අතර ජාත්‍යන්තර මාධ්‍යවේදිනිය වන ජායාගේ චරිතය නිරෑපණය කරන්නේ නාගිස් ෆක්රි විසිනි.ෂුජිත් සිර්කාර් අධ්‍යක්ෂණය කළ මැඩ්‍රාස් කැෆේ,නිෂ්පාදනය කර ඇත්තේ ජෝන් ඒබ්‍රහම් සමග රොනී ලහිරිය.
කෙසේ වෙතත් මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙහි නිර්මාණකරැවන් පවසන්නේ මෙම චිත්‍රපටය මගින් කොටි සංවිධානය දෙස වපරුසකින් නොබලා නැති බවත්, එය විවේචනය කර නොමැති බවත්ය.

“මම මේ විදිහේ උද්ඝෝෂණයක් කරන බව දැන ගත්තාම පුදුම වුණා.ඒ නිසා මම චෙන්නායි නගරයට ගියා.ඒත් මම ගියේ මේ උද්ඝෝෂණය ගැන කරැණු දැන ගන්න මිසක් උද්ඝෝෂණය දැකගන්න නෙමෙයි. ඒත් මේ වෙලාවේ මේක හැබැහින් දැක ගත්තම මම ඒ ගැන පුදුම වුණා.මම කල්පනා කළා ඇයි මේ තරම් මේ නගරයට ආරක්ෂාවක් කියලා.ඒත් තත්ත්වය පාලනය කළ යුතු වූ තරම් බරපතල වෙලා නිසා මට ආපහු හැරී යන්න සිදුවුණා*

“ඒත් අපි චිත්‍රපටයේදි කිසිම කෙනෙකුට ත්‍රස්තවාදියා කියලා කතා කරලා නැහැ.අනික දැන් මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සල්ලි වියදම් කළ බවට ආරංචි පැතිරෙනවා. එය රහස්‍යමය වශයෙන් සිදුවී ඇති බවත් සමහරැ කියනවා.මේ පුවත ඉන්දියාවේ NDTV මාධ්‍ය ආයතනයත් වාර්තා කළා. ඒත් ඒක මම සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා.මීට මුදල් වියදම් කළේ Viacom 18 Motion Pictures චිත්‍රපට සමාගම පමණයි.අනික අපි හුඟක් කල්පනා කරලයි මෙහි මුදල් ඇස්තමේන්තුව හැදුවේ. බොහොම අඩු වියදමින් නිෂ්පාදනය කරන්නයි අපි සැලසුම් කළේ.ඒ නිසා එම සීමාව ඉක්මවීමට අපිට අවශ්‍ය වුණේ නැහැ. අපි ප්‍රමුඛත්වය ලබා දුන්නේ කතාවක් කීමට පමණයි.*ජෝන් ඒබ්‍රහම් මෙම චිත්‍රපටය පිළිබඳව පැවසුවේ එසේයි.

 “ මේ චිත්‍රපටය අපි බොහොම ස්වාධීන ස්ථාවරයක සිට නිර්මාණය කළ කෘතියක්. ඒ නිසා මෙහි ප්‍රකාශනය අපක්ෂපාතියි.එහෙම නැතුව කාටවත් පහර ගහන්න අපේ තුන් හිතකවත් තිබුණේ නැහැ.මේ තිර කතාව පවා ඉතා විශ්වාසනීයයි. අභව්‍ය නැහැ.ඒ වගේම අපි ඉතා වගකීමෙන් සහ සංයමයක් ඇතුවයි මෙහි පෙළ ගොඩනැගුවේ.* 

දෙමළ ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය වර්ජනය කිරීම පිළිබඳව මෙහි අධ්‍යක්ෂ ෂුජිත් සර්කාර් මෙසේ අදහස් පළ කළේය.


එහෙත් දෙමළ ප්‍රේක්ෂකයන් මෙය පිළිගන්නා සේයාවක ලකුණක් තවමත් පහළ නොවන අතර නවතම ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ලබන 23 වැනිදා සිට මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයේ දෙමළ භාෂාවෙන් හඬ කවන ලද පිටපතක්ද නිකුත් කිරීමට නියමිත බවයි.

ඉන්දියාවේ දිල්ලි සහ යාපනයේ රෑගතකිරීම් සිදුවූ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට වියදම් කළ මුදල ඉන්දියානු රැපියල් මිලියන 350කි. මෙම සිනමාපටය තහනම් කරන ලෙස නාම් තමිලර් පක්ෂය තවමත් ඉල්ලා සිටින මෙහි ජැක්ලින් ෆර්නැන්ඩස්, ලීනා මාරියා, රෂි ඛන්නා සෙසු ප්‍රධාන චරිත නිරෑපණය කරති.