Saturday, April 8, 2017

පාසැල් මතක පොත අතරින් -2017/04/08

පාසැල් මතක පොත අතරින් -2017/04/08

යන්තම් අවුරුදු හතක්(1997) වෙද්දි මුලින්ම ආදර කතාවක් නරඹන්න ගෙදර අයත් එක්ක අඬදබර කර ගත්තේ “ටයිටැනික්“ චිත්‍රපටය වෙනුවෙන්.මොකද ටයිටැනික් චිත්‍රපටය ලංකාවේ තිරගත වුණත් සිනමා ශාලාවකට එක්කන් ගිහින් පෙන්වන්න අපේ අම්මයි තාත්තයි බය වුණා.ඒත් එයාලගේ අවාසනාවට පස්සේ ඒක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය කරනවා කියලා පූර්ව ප්‍රචාරක දැන්වීම් නිකුත් වුණා.ඒ හින්දා අම්මගේ බැණුම් වරුසා මැද්දේ සහ තාත්තගේ දැඩි විවේචන මැද්දේ තමයි මට අන්තිමේදී චිත්‍රපටය බලන්න වුණේ.ඒ හින්දා මම අන්තිමට නිදාගත්තේ හොඳටම අඬලයි.ඒ අම්මලගේ බැණුම් හින්දා නෙමෙයි. ටයිටැනික් චිත්‍රපටයේ ජැක් සහ රෝස් වෙන්වෙන අන්තිම රූප රාමුව ඉවසගෙන ඉන්න බැරුව.ජැක් මුහුදේ පතුලට යද්දි මගේ ඇස්වල හොඳටම කඳුළු.ඒ කඳුළු කොච්චරද කියනවා නම් පහුවෙනිදා උදේ ඉස්කෝලේ යද්දිත් මගේ ඇහැ රතුවෙලා තිබුණා.
ඒත් පන්තියට යද්දි පන්තියේ ගොඩක් අයගෙත් ඇස් රතුවෙලා.දවසේ මාතෘකාව “ටයිටැනික්“.හුඟ දෙනෙක්ගේ අම්මලට රෝස්ගේ නිරුවත් දර්ශනය වෙලාවෙදි කරකියාගන්න දෙයක් නැතිවුණු එක ගැන හැමෝම කතාවුණේ හිනාවෙමින්.සමහරුන්ගේ අම්මලා වෙන චැනල් එබුවලු ඒ වෙලාවේ.සමහරුන්ගේ අම්මලා ටීවී එක ඕෆ් කරලා. සමහරුන්ගෙ අම්මලා නම් චිත්‍රපටය බලන්න දීලම නැහැ.ඒ හින්දා දුකෙන් ඉඳලා තියෙන්නේ.ඒ අස්සේ සමහරුන්ගේ අම්මලාගේ රිමෝට් ඒ වෙලාවෙදි වැඩ කළේ නැහැලු කලබලේට.
https://www.youtube.com/watch?v=jKLONTieD28

සටහන-මාලන් විදානපතිරණ