Friday, August 16, 2013

ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්


ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්
-         
     ඉස්සරහට යන්න ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නලින් මාපිටිය

මාලන් විදානපතිරණ

“අද * පුවපත්පත හරහා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍ර කතාවක් ලෙස “කොන්දා* හැඳින්විය හැකිය.  ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙකු වන අනුර ශ්‍රීනාත්ගේ කතා සංකල්පයකට අනුව ඔහු විසින්ම සිතුවමට නැගූ මෙම චිත්‍ර කතාව මීට කලකට ඉහතදී ඔහු අතින්ම යළි ප්‍රතිනිර්මාණය විණ. ඒ ටෙලිනාට්‍යයක් උදෙසාය.

දැන් ඔහු ලියූ එම තිර පිටපත රෑපයට නැගී අවසන්ය.එනම් ඊයේ (12) සිට ජාතික රෑපවාහිනියේ විකාශය ඇරඹි මෙම ටෙලිනාට්‍යය, සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ඔබ හමුවට පැමිණීමට නියමිතය.“අද* පුවත්පතේ දින දෙසියක් පුරා පළ වූ මෙම චිත්‍රකතාව, ජාතික රෑපවාහිනියේ විකාශය වන්නේ කොටස් සියයක මාලා ටෙලිනාට්‍යයක් වශයෙනි.එහෙත් නළු නිළියන් එකසිය 150කට අධික පිරිසක් රංගනයෙන් දායක වන මෙම ටෙලිනාට්‍ය ඔබ වෙත පැමිණෙන්නේ කොන්දා නමින් නොව “ඉස්සරහ යන්න* යන නමිනි. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ  නලින් මාපිටියගේ නිර්මාණයක් වන මෙහි ප්‍රධානතම විශේෂත්වය වන්නේ මෙය ජාතික රෑපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයක් වීමයි.එබැවින් ගුණාත්මක ටෙලිනාට්‍ය සංස්කෘතියක අවශ්‍යතාවය දැඩිව දැනෙන මෙවැනි මොහොතක, “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍ය ගුණාත්මක රසවින්දනයට අවැසි කළමණා සපුරා ඇත්ද, ජාතික රෑපවාහිනී නිෂ්පාදනයක් ලෙස මෙහි ප්‍රමිතිය රුකගැනීමට හැකිවුණිද යනාදිය කතාබහ කිරිමට වඩාත්ම සුදුසු පුද්ගලයා වන්නේ මෙහි අධ්‍යක්ෂවරයායි.

“මෙහි කේන්ද්‍රගත චරිතය වන වෛද්‍ය ශිෂ්‍යයා (ජගත් චමිල), වෛද්‍ය උපාධිය පෙනී පෙනී පන්ති තහනමකට ලක්වෙනවා.ඒ අනුව කරකියා ගත නොහැකිව කල් මරමින් සිටි ඔහුට අහම්බෙන් වගේ බස් රථයක රියදුරැ සහායකවරයෙකු ලෙස සේවය කරන්න ලැබෙනවා.මෙහි සමස්ත කොටස් සියයටම පසුබිම් වෙන්නේ ඔහුට දින හතක අත්දැකීමට සිදුවන සිදුවීම් මාලාවක්.එහිදී මට චිත්‍ර කතාවේ එන චරිත සහ සිද්ධිවලට අමතරව මේ සඳහා තවත් රසකාරක භාවිතා කිරීමට සිදුවුණා. ඒත් ඒවා යොදා ගැනුණේ ප්‍රධාන කාරණාව පෝෂණය කිරීමට මිසක් වෙන දෙයකට නෙමෙයි. නැහැ.*

“ඒ අනුව සපුමල් නම් වෛද්‍ය ශිෂ්‍යයා පොදු මගී සේවාවක තිබෙන ගැටලු හඳුනා ගන්නවා.ඒවා විවේචනය කරනවා. අල්ලස, කප්පම ආදිය ඔහුගේ මාතෘකා බවට පත්වෙනවා.ඒ වගේම බස්  රථයක සිට ඔහු සමාජයේ නොයෙකුත් සමාජ තල නියෝජනය කරමින් සමාජ ව්‍යසනයන් ගැන විමර්ශනයක යෙදෙනවා.ඒ අනුව ඔහු සමාජයේ තිබෙන පිළිල ඉවත් කිරීමටයි බොහෝ විට උත්සාහ දරන්නේ. ඒ නිසා ඔහු සමාජ ශෝධකයකු විදිහටත් හඳුන්වන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා කරන්නේත් මෙවැනිම කාර්යභාර්යයක්.  මේ අනුව අපි ටෙලිනාට්‍යය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොහු, දොස්තර කෙනෙකු වේවිද එසේත් නැත්නම් කොන්දොස්තර කෙනෙකු වේවිද යන්න ප්‍රශ්නය ප්‍රේක්ෂකයා අභිමුවට ගෙන එමින්.“ නලින් මාපිටිය සිය හඬ අවදි කළේ එසේයි.

ඔබ “කොන්දා* චිත්‍රකතාව, පුංචි තිරයට පරිවර්තනය කිරීමේදී මෙහි නම වෙනස් කර තිබෙනවා. ඇයි ඒ?

බස් රථයක් තුළ යන අපට ඇසෙන ඉතා ජනප්‍රිය වචනයක් විදිහට ඉස්සරහට යන්න හඳුන්වන්න පුළුවන්. එය  බස්රථයට නගින කුඩා  ළමයාගේ සිට වයසක මනුස්සයා දක්වා පුද්ගලයන්ට රියදුරැ සහායකවරයා විසින් නිරතුරැවම භාවිතා කරන වචනයක්.ඒත් මාගේ මේ උත්සාහය මේ හරහා මෙම නිර්මාණය ජනප්‍රිය කර ගැනීමම නෙමෙයි. එවැනි පටු අරමුණවල සිට අපි නිර්මාණ කරන්නේ නැහැ.අපේ උත්සාහය වුණේ මේ ජනප්‍රිය වදන භාවිතා කරමින් සෘණාත්මක ආකල්පවලින් ගහණ සමාජයකට ඉදිරියට යාමට පාර පෙන්වීමයි.එය කොතරම් සාර්ථක වුණාද යන්න ටෙලිනාට්‍යය විකාශය වූ විට පෙනේවි.අනෙක් අතට සමඩෙයීය, දේහපාලනික සහ ආර්ථිකමය කරැණු කාරණා කතා කරන ගමන් මෙහි එන කොන්දොස්තර, කොන්දොස්තර මහතා විය යුතු බවත් ප්‍රශ්න කරනවා.   


කෙසේ නමුත් චිත්‍රකතාව සහ ටෙලිනාට්‍යය කියන්නේ එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් ද්විත්වයක්.අනෙක් අතට චිත්‍රකතාවක පාඨක පිරිස සහ ටෙලිනාට්‍යයක ප්‍රේක්ෂක පිරිසත් එකිනෙකට වෙනස්. මේ අනුව චිත්‍ර කතාව හරහා පාඨකයා තමාගේ සිත තුළ ගොඩනගාගෙන සිටි රෑපය, ටෙලිනාට්‍යය හරහා බිඳ වැටේවි නේද ?

චිත්‍රකතාකරැවාට ඉතා කෙටි කාලයක් තුළ ඉතා සුළු ඉඩ ප්‍රමාණයක වුවත් සිතැඟි අවස්ථාවක් චිත්‍රයට නගන්න පුළුවන්.ඒ වගේම මෙම මාධ්‍යය සරල සහ වේගවත් මාධ්‍යයක්. ඒ නිසා එය තුළ අපායක්, දිව්‍යලෝකයක් වුණත් මවන්න පුළුවන්.ඒත් මෙවැනි චිත්‍රකතාවක් ටෙලි නිර්මාණයක් වෙත ගෙන ඒමේදී එය ඉතා භාරදුර වගකීමක් බවට පත්වෙනවා.විශේෂයෙන්ම නළු නිළියන්ගේ සිට සෙසු අනුශාංගික ශිල්පීන් තෝරා ගැනීම, මූල්‍යමය ප්‍රතිපාදන සපයා ගැනීම මැනවින්,නිෂ්පාදන කටයුතු නිවැරදිව කළමණාකරණය කර ගැනීම ඉතා වෙහෙසකරයි.ඒ නිසා චිත්‍රකතාවේ සිටි චරිත ජීවමාන කිරිමට එතරම් ලෙහෙසි පහසු වුණේ නැහැ.ඒත් මම කාලයක් පටන් අනුර ශ්‍රීනාත්ගේ චිත්‍රකතා කියවන පාඨකයෙක්. ඒ නිසා මම “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යය ගැන සිතන කාල වකවානුව වන විට හොඳින් අනුරව කියවා තිබුණා.ඒ නිසා “කොන්දා* කියවූ පාඨකයා විඳි රසයට නොඅඩු රසයක් “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යය බලන ප්‍රේක්ෂකයාටත් විඳින්න හැකිවේවි කියලයි මා හිතන්නේ

ඔබේ ටෙලිනාට්‍යයයේ කොටස් සංඛ්‍යාව සියයක්. ඒත් මෙගා ටෙලිනාට්‍යය බලා සිටි ප්‍රේක්ෂක ප්‍රජාවට දැන් මෙම කලා මාධ්‍යය එපාවෙන තත්ත්වයට පත්වෙලා. එවන් මොහොතක ජාතික නාලිකාවක නාට්‍ය ඒකකය මගින් මෙගා ටෙලිනාට්‍යයක්  නිෂ්පාදනය කිරීම සාධාරණද ?

බොහෝ අය අද මෙගා ටෙලිනාට්‍යය සහ බඩවැල් ටෙලිනාට්‍යය යන්න පටලවාගෙනයි තියෙන්නේ.ඒ නිසා මෙගා ටෙලිනාට්‍යය පිළිබඳ අර්ථකථන මතභේදයට තුඩුදෙනවා. ඒ නිසා නැවතත් මේ ගැන සාකච්ඡා කළ යුතුයි. මොකද ටෙලිනාට්‍යයක කොටස් ගණන තීරණ වෙන්නේ ඒ සඳහා වූ අවශ්‍යතාවය අනුවයි.නිෂ්පාදන ක්‍රියාවලිය අනුවයි. නිර්මාණයයේ අන්තර්ගතය අනුවයි. “ඉස්සරහට යන්න* ටෙලිනාට්‍යයත් බලපෑවේ මේ හේතුයි.අපි සෑම කොටසක් වෙනුවෙන්ම ලක්ෂ දෙකකට අධික මුදලක් වැය කළා.අවශ්‍ය සියලුම දේ සැපයූවා.ශිල්පීන්ට හොඳින් ගෙව්වා. අනික නීත්‍යනුකූල පදනමකින් ටෙලිනාට්‍යය නිර්මාණය කරන එකම ආයතනය ජාතික රෑපවාහිනි සංස්ථාව පමණයි.මේ නිසා අපට ලොකු වගකීමක් තිබෙනවා.ඒ නිසා අපි නිශ්චිත පිටපතකට අනුවයි සමස්ත කොටස් සියයේම වැඩ නිමා කළේ.අනික අපිට නිශ්චිත සැලසුමක් තිබ්බා. දින වකවානු තිබ්බා.ඒකයි නිර්මාණයක සාර්ථකත්වය.

ඒත් අද ටෙලිනාට්‍ය කලාව නිසා කලා ශිල්පීන් පවා කම්කරැවන්ගේ තත්ත්වයට ඇද වැටිලා ?

අප සමග වැඩ නරද්දී නළු නිළියන් රෑගතකිරීම් අතරතුර අදාළ නිර්මාණය සඳහා ලැබෙන මුදල පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැහැ.ඔවුන් දන්නවා ඔවුන්ගේ මහන්සියට සාධාරණ මුදලක් ලබෙනවා කියලා. ඒත් අපට බාල නිර්මාණණයක් කරන්න උවමනා නම් මේ ටෙලිනාට්‍යෙය් වැඩ කටයුතු දින එකසිය පණහක් පුරා කරන්න උවමනා නැහැ. ඒත් අපි ඒ කැපවීම කළා.නැත්නම් සාමාන්‍යෙයන් සිදුවෙන්නේ එකම ටෙලිනාට්‍යයක් නිෂ්පාදකයන්ට උවමනා පරිදි අදියරවලට බෙදී අධ්‍යක්ෂවරැන් කිහිපදෙනෙකු යටතේ නිර්මාණයක් වීමක්. අද ඒ තරම් නිෂ්පාදකයා ප්‍රබල වෙලා. ඔහුට අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට පවා බලයක් හිමිවෙලා. අනික අප දකින හරසුන් ටෙලිනාට්‍යය දර්ශන තලය, දෙබස් තීරණය වෙන්නේ එදාමයි.එදාට ටෙලිනාට්‍ය රෑගත කරනන් වෙන්නේ ගඟක් ළඟක් නම් එදා කොටෙසේ සියලුම සිදුවීම් සිදුවෙන්නේ ගඟ ආශ්‍රිතවයි.ඒ නිසා ඒවාටයි හරසුන් නිර්මාණ කියන්නේ.ඒත් ස්වයං වාරණයක් යටතේ ප්‍රේක්ෂකයාට සදාචාරත්මක යමක් ලබාදීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්.

මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන රංගන ශිල්පි ශිල්පිනියන් මතක් කළොත් ?

ජගත් චමිල,විල්මන් සිරිමාන්න(බස් රථයේ රියදුරැ), මාලි ජයවීරගේ, ජනක් ප්‍රේමලාල්,සුලෝචනා වීරසිංහ,විමල් කුමාර ද කොස්තා, මහේන්ද්‍ර වීරරත්න,ශ්‍රීමාලි ෆොන්සේකා, ගිහාන් ප්‍රනාන්දු. මෙතැන ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ පුංචි තිරයට අලුතින් හඳුන්වාදෙන නිළියක්. ඇය තමයි පසුගිය වසරේ පැවැති ආසියානු විවාහක රෑ රුජින තරගයේ කිරැළ දිනා ගත්තේ.ඒ නිසා ඉදිරියේදී ඇය පුංචි තිරය ආලෝකමත් කරන චරිතයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.හැබැයි වසර පහළොවක කලා ක්ෂේත්‍රෙය් මෙවැනි නවක මුහුණු රාශියක් රෑපවාහිනියයට හඳුන්වා දී තිබෙනවා.
   

No comments:

Post a Comment