Thursday, July 16, 2015

අමුතු අත්දැකීමක්

අමුතු අත්දැකීමක්


මහ රෑ වෙනකම් ඇහැරිලා ඉන්න නිසාම ලේසියෙන් උදෙන්ම නැගිටින්නේ නැති මම පහුගිය දවස් ටිකේ උදෙන්ම නැගිට්ටා.ඒ කැම්පස් එකේ විභාගේ හින්දා බෝඩිමේ හිටපු හින්දා.බෝඩිමයි,කැම්පස් එකයි අතර මීටර් සීයක්වත් දුර නැහැ.පේන මානයේ.යන එන හැමෝම අපේ බෝඩිම පාස් කරන් තමයි යන්නේ.ඉතින් මම බ්‍රෂ් ඒකත් කටේ ගහගෙන පාර දිහා බලන් හිටියේ කව්ද කැම්පස් එක පැත්තට යන්නේ කියලා බලන්නයි. එදා තිබ්බේ "Asian Cinema" විෂය.මේ දවස්වල රැග් එක කන පොඩි කෙල්ලෝ අහිංසක විදිහට බිම බලාගෙන යනවා මම දැක්කා.මේ අතරේ උදේ අටට විතර අපේ කැම්පස් එකේ මියුසික් ලෙක්චරර් එනවා කන්ද නැගගෙන.එතකොටත් මං දත් මදිනවා.
“ගුඩ් මෝනින්ග් මිස්“ මම කිව්වා.
“ඔයා දැන් මෙහෙද ?“ මිස් මගෙන් ඇහුවා.
“ඔව් මිස්.විභාගේ නිසා බෝඩිමේ නැවතුණා. මේ දවස් ටිකට විතරයි“
පාසැල් ජීවිතේදී පාසැලේදී ගුඩ් මෝනින්ග් කියද්දිත් බයෙන් බයෙන් දඟලපු අපි,කැම්පස් එකට ආවාට පස්සේ බැල්කනියේ ඉඳන් පහළින් යන අපේ ලෙක්චරර්ට කිසිම බයක් හැකක් නැතුව කතා කරන එක ගැන දැන් හිතලා බැලුවම මට පුදුමත් හිතෙනවා.ඒ තරම් කුළුපග බවක් අපි අතරේ ඇතිවෙලා තියෙනවා.(එහෙම නැතුව මේ හරහා ලෙක්චරර්ට දිය යුතු ගරුත්වය හෑල්ලු කළා නෙමෙයි.)
ගුරු - සිසු සංස්කෘතියේ වෙනසක මහත!
— in Horana.

සොඳුරු පාසැල් ප්‍රේමයකට උත්සාහයක් දුටුවා

පෙරේදා කැම්පස් එකට යද්දි පාසැල් ජිවිතයේදී සිදුවන හරිම සොඳුරු සිදුවීමක් මගේ ඇස් පනාපිටම සිද්ධවුණා.

ළමයි දෙන්නම එකම ගමේ.ඉස්කෝලේ ඇරිලා හැමදාම මුණගැහෙන කතා කරන කෙල්ලක්.ඒ තියෙන යාළුකමට. ඒත් ඒ කෙල්ලගෙන් හිතේ තිබ්බ යාළුකම පාසැල් ප්‍රේමයක් කරගන්න කොල්ලට උවමනා වෙලා.කෙල්ලට ඒකට හොඳටම කේන්ති ගිහින්.ඒත් ඒ මූණේ ඇඳිලා තිබුණේ කේන්තියකට වඩා බයක්.කෙල්ලගේ අත අල්ලගෙන කොල්ලා, කෙල්ලගේ පස්සේ බස් ස්ටෑන්ඩ් එකට යනවා.කෙල්ල තමන්ගේ අත අරින්න කිය කිය ඉස්සරහට යනවා.කොල්ලත් ටිකක් බයෙන් හිටියේ. යාළුකමවත් රැකගන්න ඕනේ කියලා හිතාගෙන ඒකට හරි කෙල්ලව නම්මගන්න උවමනාවෙන් කෙල්ලගේ පස්සෙන් යනවා.අතින් අල්ලනවා.නවත්වනවා.බෑග් එකෙන් අදිනවා.ඒත් මම බස් එකට නැග්ගම ළඟ බහිනවා වුණත් වාඩිවුණේ සීට් තුනක් තියෙන ආසනයක.මගේ එහා පැත්තේ තවත් ජෝඩුවක්.කෙල්ල ඉස්කෝලේ ඇඳුමින් හිටියට.කොල්ලා හිටියේ ටී ෂර්ට් එකක් ගහගෙන.ඊට වඩා දෙයක් මම බැලුවේ නැහැ.ඒත් පාසැල් ජීවිතයේ තියෙන සොඳුරුතම වින්දනය පාසැල් ආදරය කියලයි මට හිතුණේ.