Wednesday, November 13, 2013

බැඳීම



බැඳීම


එදා අපි දෙන්නා
එකම ඉස්කෝලේ හොඳම යාළුවෝ
එකටම අපි විභාගේ ලිව්වා
එකටම අපි කැම්පස් සිලෙක්ට් වුණා
එකටම කැම්පස් ගියා
පොඩි රුග් එකක් තිබ්බත්
ඒ දවස්වල අපි හුඟක් සතුටින් හිටියා

ඒත් දවසක් දා
ඔයා කැම්පස් එක දාලා යන්න ගියා
හැමෝටම හොරෙන්
මටවත් නොකියා

දුකක් නැහැ මට
ඔයා බැන්ඳා කියලා ආරංචි වුණත්
ඒ ඔයාට මං ප්‍රේමවන්තයා වගේ
ආදරේ කළේ නැති හන්දා

ඒත් දුකයි මට
යාළුවෝ අපිට කොච්චර විහිළු කළත්
යෙහෙළියක් වගේ හිටි නුඹ මට
අද අහිමි වුණු හන්දා



හැඟීමක් නැහැ මට
කොච්චර හැඟීම්බර වෙන්න හැදුවත්
විවාහය මේ තරම්
බැඳීම් ඈත් කරනවද කියලා තේරෙන්නේ නැති හන්දා

සංකල්පනාව - මාලන් විදානපතිරණ

අපේ තාත්තා



අපේ තාත්තා

විහිළුවක් වෙලාද මං





විහිළුවක් වෙලාද මං

දැවෙන්නට හදවතක්
උණුවෙන පපු කිනිත්තක්
තියෙනවා මටත් රත්තරන්
ඉතින්
ඔයාටත් මගේ පපුව පුච්චන්නද ඕනේ

ඔයා ළඟට ඇවිත්
ආදරේ පහන දල්වන්නම් මං
කොච්චර තරහ ගියත්
ඔයාව දැකලා සතුටු වෙන්නම් මං

ඒත්
ආදරේ පහන අරගෙන
ළං වෙනකොටම මං
ඒ පහන් දැල්ලෙන්ම
දවන්නමයි හදන්නේ ඔයා
හැම තත්පරයකදිම
හැම මිනිත්තුවකදිම

ඔයාගේ ලෝකයට එන්න එපාද මං
වෙනදා වගේ කොඳුරන්න එපාද මං
හීනෙන් ඔයාව දකින්න එපාද මං
විහිළුවක් වෙලාද ඔයාට මං

(හදවත් රෝගියෙකුගේ පණිවිඩයෙකි.)

සංකල්පනාව - මාලන් විදානපතිරණ