Saturday, July 14, 2018

එකම තැනක හිටපු විදුහල්පතිවරු තිදෙනෙකු හමුවූ ඒ කම්පන සහගත මොහොත 2018/07/14



කොල්ලො වුණත් අපි හැමදාම බය පක්ෂපාතීව ඉස්කෝලේදි අධ්‍යාපනය ලැබුවා.එතනදි මට හමුවුණු සැරම සර්ලා දෙන්නෙක් තමයි දෙපැත්තේ ඉන්නේ.හිටපු විදුහල්පති එච්.යූ.ප්‍රේමතිලක කියන්නේ මගේ ජීවිතේ මට හම්බවුණු හොඳම විදුහල්පතිතුමා.අපේ ඉස්කෝලේ දියුණු කරන්න කැප වෙලා වැඩ කරපු මම දැකපු හොඳම විදුහල්පතිතුමා.දිලිප් රෝහණ සර් කියන්නේ මෙල්ල කරන්න බැරි අපේ කොල්ලොන්ව මෙල්ල කරපු සහකාර විදුහල්පතිතුමා.සිරිවර්ධන සර් කියන්නේත් එහෙම කෙනෙක්.මේ තුන් දෙනාම එකම තැනකදි හමුවෙනවා කියන්නේ ඒක ඉතාම අහඹු සිදුවීමක්.ඒත් මට ඒ වටිනා අවස්ථාව ජන කරළිය නාට්‍ය කණ්ඩායම වේදිකාගත කළ "තිත්ත කහට" වේදිකා නාට්‍යය අවසානයේදී ලැබුණා.මොකද ඔවුන් මේක බලන්න ඇවිත් හිටියා.අනික දිලිප් සර් සහ සිරිවර්ධන සර් ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරි සාමාජිකයෙක්.කොහොම වුණත් එදා තිබුණු බය අදත් එහෙමයි.ඒ නිසා තමයි මම මේ විදිහට ඇකිළිලා ඉන්නේ.ඒ ඉස්කෝලෙ පුරුද්දට.මට දැනුණේ මම ඉස්කෝලේ ඉන්නවා කියලයි.හැබැයි ඒ ගරුත්වය තමයි අද අපිව යම් තැනකට ඔසවාගෙන ඇවිත් තියෙන්නේ.



 

Friday, July 13, 2018

ලූෂන් බුලත්සිංහල හමුවූ වාසනාවන්ත මොහොත


 ලූෂන් බුලත්සිංහල හමුවූ වාසනාවන්ත මොහොත 2018/07/06

මොහොත

ජීවිතේ හරි වාසනාවන්ත විදිහට මට අවස්ථා ලබල දෙනවා.ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල හම්බවෙන්න මුලින්ම මම ගියේ මාධ්‍යකරණයට ආපු මුල්ම කාලේ.හරිම බයෙන්,චකිතයෙන් ගියා කිව්වොත් වඩා නිවැරදියි.ඒ තරම් මම එතුමාට ගරු කළා.ඒ නිසාමද කොහෙද එදා මට එතුමා එක්ක ඡායාරූපයක් පවා ගන්න බැරි වුණා.මැලි වුණා.එතුමා මොනවා කියයිද බය හිතුණා.පසුකාලීනව මට එතුමාව විවිධ වැඩ කටයුතුවලදී නිතර නිතර හමුවුණා.හැබැයි ඒ වගේම ඒ ගරුත්වය පවත්වාගෙන යන්නත් මම කවදාවත් අමතක කළේ නැහැ.වාසනාවට නැවතත් මට එතුමා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න හැකියාව ලැබුණා.ඒ තැනම.ඒ විදිහටම. හැබැයි ඒ අවුරුදු ගාණකට පස්සේ.ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම මේ පාර නම් මැලිවුණේ නැහැ.මොකද මට ඕනිවුණේ මට ලැබුණු සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.අනික එදාට වඩා දෙයක් මට එතුමගෙන් ලබාගන්න ඕනි වුණා.ඒ සුවිශේෂී මොහොත සිහිපත්වෙන්න තමයි මේ සෙල්ෆිය ගත්තේ.

ප.ලි.- දෙදෙනාගේම සන්නිවේදන දුර්වලතාවයක් හේතුවෙන් මා නිසාවෙන් යාමට තිබූ ගමනක් ප්‍රමාද වීම හෝ යාමට නොහැකි වීම ගැන අතිශයින් කණාගාටු වෙමි.