Wednesday, September 23, 2015

පසිඳු බටගොඩ පිළිබඳ පුංචි සිදුවීමක්

පාසැල් කාලේ තවත් පුංචි සිදුවීමක්

පසිඳු(පසිඳු බටගොඩ), මේ පුංචි සිද්ධිය මතක් කළා කියලා මං එක්ක අමනාප වෙන්න එපා.
ඒත් මට මතකයි දවසක් උඹ දෙක වසරේදී ඉක්කාවක් ගියාම,

“ඉක්කයි මායි ගාලු ගියා.ඉක්කව දාලා මං ආවා“ කියලා තුන් පාරක් කිව්වා.
ඒක ඇහුවම හැබැයි අපේ යාළුවෝ උඹට එදා හිනාවුණා.මොකද ඒ කාලේ ඉක්කාවක් හැදුණාම, උඹ කිව්ව විදිහට කිව්වම ඒක හරියනවා කියලා සමහරු පුංචි මතයක් හදන් හිටියා.ඒත් මට ඒක අලුත් දෙයක් වුණු නිසාම උඹ කරපු දේ දැක්කට පස්සේ අම්මගෙනුත් මේ ගැන ඇත්ත නැත්ත එදා හොයන්න මම ඉදිරිපත් වුණා.
ඒ කාලේ කොයිතරම් සුන්දරද ?


- මාලන් විදානපතිරණ

Tuesday, September 22, 2015

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

නැණ ගුණ දම්
රුව පැහැතුම්
ඇති අය නම් 
රෝස කුසුම්

Sunday, September 20, 2015

මතකද ඒ පුංචි කාලේ කියූ කවිය

මතකද ඒ පුංචි කාලේ කියූ කවිය

පුංචි ඇටේ පැළවෙනා
පුංචි පැළේ ගසවෙනා
පුංචි පුංචි දැනුමෙනා
පුංචි ළමෝ පඬිවෙනා

Saturday, September 19, 2015

පොර ටෝක්,ඉගෙනීම සහ මම 2015/09/19

පොර ටෝක්,ඉගෙනීම සහ මම

බර වදන් යොදාපු
පොර ටෝක් ගොතාපු
ඇදහුමක් පුරාලපු
ඉගෙනුමද යහපත්?

බැහැ මටත් ඉවසන්න
සොඳුරු බව මට දෙන්න
ජීවිතේ කොතරම්
පියකරුද පවසන්න

මල් වඩම් මවාපු
අකමැත්ත ඔතාපු
සතුට මට තහනම්ද
ජීවිතේ මෙතරම්

ලගන්නා කතරක
මටම වූ පැළයක
පහස ඇයි ලබනට
තහංචි වැටකොටු බැඳ

නුඹ ඔහොම ඔතැනම
තව ටිකක් හිඳිනු මැන
මගක් මම තනාගෙන
එමි හෙටම උදයෙන්ම

- මාලන් විදානපතිරණ

Thursday, September 17, 2015

Interview 0f Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17

I Interviewed with Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17
I Discussed about Acting because she wrote a new book about Acting

She respected me to my questions.because she said first time she faced like these questions.She asked how did you learn these things, who are your teachers, what is your university etc. This credit goes to my drama and theatre teacher Mr.Jayalal Rohana and My University of Colombo(Sripali Campus) Cinema Lecturers