ශ්‍රී ලංකාවත් සමග අමනාපයක්
නැහැ.ඒත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියනවට අපි කැමැති නැහැ
මාලන් විදානපතිරණ
ජෝන් ඒබ්‍රහම් සහ නාගීස් ෆක්රි
ප්‍රධාන චරිත නිරෑපණය කරන මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය මේ වන විට තිරගත කළ නොහැකි
තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ට පහර ගැසීමේ
අරමුණින් මෙම චිත්‍රපටයට නිර්මාණය කළ බවත්, මෙහි නිෂ්පාදන කටයුතු සඳහා අතිගරැ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රහසේම මුදල් ලබා දුන් බව පැවසීමත් ආදී වශයෙන්
තමිල්නාඩුවෙන් දිගින් දිගටම චෝදනා එල්ල වීම හේතුවෙනි.

එහෙත් මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයේ පැවැත්වෙන දින මේ සඳහා කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ
සහ නිෂ්පාදකවරයෙකු වන සීමන් සහ කොලිවුඩ් අධ්‍යක්ෂ ආර්.කේ
සෙල්වමානී ඇතුළුව තවත් කොලිවුඩ් නිර්මාණකරැවන් සහභාගි වීමට නියමිතය.
එහෙත් තවමත් චිත්‍රපටය
සම්පූර්ණයෙන් නරඹා ඇති ඉහත කී සීමන් නම් අධ්‍යක්ෂවරයා පවසන්නේ තමන්ට ශ්‍රී ලංකාව
සමග අමනාපයක් හෝ මේ පිළිබඳ අසුබදවාදීව නොසිතීමට උවමනාවක් නැතත්,ශ්‍රී ලාංකේය දෙමළ
ජනතාවගේ විමුක්තිය උදෙසා තම ජිවිතය පුද දුන් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු ලෙස
හැඳින්වීම තමන් අනුමත නොකරන බවත්ය.
එහෙත් මේ සඳහා නැවතත් පෙනී
සිටි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් නැවතත් කියා සිටියේ තමන්ගේ චිත්‍රපටය හරහා වැඩි
නැඹුරැවක් නොදැක්වූ බවත්, කිසිවෙකු ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූයේ නැති බවත්ය.

සිවිල් යුද්ධය හරහා ත්‍රස්තවාදීන්
පිළිබඳව නොව ත්‍රස්තවාදය ගැන කතාබහ කෙරෙන මෙම චිත්‍රපටය රෑගත කළේ ශ්‍රී ලංකාවේ සහ
ඉන්දියාවේයි. කෙසේ වෙතත් පළමුව මෙහි නම යෙදීමට සැලසුම් කර තිබුණේ “ජැෆ්නා* ලෙසිනි.ඒ මෙහි කතාව යාපනය ආශ්‍රිතව දිව යන්නකි බැවිනි.
No comments:
Post a Comment