Wednesday, October 12, 2016

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ- පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09
පාසැල් කාලයේ උදෑසන පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව අපේ ‍ශ්‍රේණියෙන් කෙනෙක් ඇවිත් කතාවක් හෝ ගීතයක් ඉදිරිපත් කළ යුතුයි.ඒ වගේ දවසක තමයි සුනෙත් ප්‍රියංකර ගැයූ "වස්තුව ඉල්ලන" ගීතය මගේ හිතේ හොඳින්ම සටහන් වුණේ. (මං හිතන්නේ හයේදි තමයි ඔහු මේ ගීතය ගායනා කළේ) ඒ කාලේදි මම ඒ ගීතය අහලා තිබුණේ නැහැ. ඒත් සුනෙත් ඒ ගීතය තමන්ගේම කරගෙන එදා මේ ගීතය ගායනා කළා. එම ගීතයේ පද මාලාවේ තිබුණු අපූර්වත්වය තුළින්ම මාව කම්පනයට පත් කළා. අනික ඔහුට ගීතයක් ගායනා කරන්න ආරාධනා කළාම ඔහු මේ ගීතය කිහිප වතාවක්ම ගායනා කරපු බවකුත් මට මගේ පාසැල් කාලේදි මතකයි. 
මේ තමයි ඒ ගීතය.
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුබ පියරජු සෙවනේ උන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවනේ උන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
සටහන - මාලන් විදානපතිරණ