Monday, June 8, 2015

ආදරණීය රොබට් නොක්ස් මැතිතුමා වෙතටයි



ආදරණීය රොබට් නොක්ස් මැතිතුමා වෙතටයි,
ඔබ එදවස එදා හෙළදිව තුළදී දුටු සිංහලයා ගැන කියමින් පළ කළ කෘතිය නිසා අද මට අභියෝගයක් ලැබී තිබෙනවා.ඉතින් මම එය භාරගන්න සිතුවා.අපි එහෙනම් කාරණාවට බහිමු.
රොබට් නොක්ස් දුටු සිංහලයා හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති.ඒක අද කාලෙට කොච්චර ගැලපෙනවාද යන්න සාපේක්ෂයි.හැබැයි අදටත් සිංහල මිනිස්සුන්ට ගුණධර්ම තියෙනවා.ඒත් සිංහල අයට විතරද ගුණධර්ම තියෙන්නේ ? අනික නාගරීකරණය වීම,විවෘත ආර්ථිකය ආදිය එක්ක මිනිස්සු මුදල් පසුපස හඹා යාම නිසා හැම සමාජයකම පිරිහීමක් තියෙනවා.
සිංහලයෝ භාග්‍ය සම්පන්න අයද කියන එක නම් ප්‍රශ්නයක්.එහෙනම් අපේ සිංහල කොල්ලො ටික නිකරුණේ යුද්ධයකට බිලිවෙන්නේ නෑනේ. ඒත් අපිට වාසනාවන්ත කාලයක් තිබුණා.සුන්දර කාලයක් තිබුණා.පන්සල් කේන්ද්‍රගත අපේ සිංහල බෞද්ධයාට එදා මධුර කතා විලාසයක් තිබුණා.මිහිරි භාෂාවක් තිබුණා. ආදරශීලි බවක් තිබුණා.පන්සල ආශ්‍රිතව හැදී වැඩුණු නිසා ගුණධර්ම අතිනුත් ඉහළ මට්ටමක සිටියා.මේක අපිට එදා සිංහලයා සහ අද සිංහලයා එක්ක සංසන්දනය තරන්න පුළුවන්.ඒකයි වැදගත්වෙන්නේ.අතීතය වඩා වටින්නේ ඒකෙන් යමක් ඉගෙනගන්න පුළුවන් හින්දයි. නැතුව පම්පෝරි ගගහ ඉන්න නෙමෙයි. ඒ නිසා ආගම්- ආගම් හෝ ජාතීන්- ජාතීන් වශයෙන් සංසන්දනය කිරීම නොකළ යුතු දෙයක්.මොකද ගුණධර්ම අතින් ඉහළ මිනිස්සු කියන්නේ සිංහල අය විතරක් නෙමෙයි.
ඒ කාලේ ඕනැම දෙයක් වටහාගත හැකි ඥාණයක් තිබුණු නිසා උදාරත්වයක් තිබිය යුතුමයි.ඒක ඕනැම පුරවැසියෙකුට ලැබෙන දෙයක්.අනික පන්සිය පනස් ජාතක පොත, තුන් සූත්‍රය ආදී ග්‍රන්ථ පරිහරණය කරපු එදා සිංහල බෞද්ධයාට එවන් ඥාණයක් ලැබීම පුදුමයක් නෙමෙයි.ඒත් අද මේවායේ නම්වත් අහලා තියෙන සිංහලයෝද ඉන්නේ ? මේවායේ එන කරුණු අනුගමනය කරන කීයෙන් කීදෙනෙක් ඉන්නවද ? බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ මුළු ලෝකෙට මිසක් සිංහල බෞද්ධයාට විතරක් නෙමෙයි.
ඒ වගේම එදා සිංහලයා මස් කෑම,මත්පැන් බීම අප්‍රිය කරපු ජාතියක්.ඒත් අද එහෙමද ? එතකොට බාර්වල ඉන්නේ වෙනත් ජාති ආගම්වල මිනිස්සුද ?
අනික එදා සිටි සිංහලයා වහා කිපෙන සුළු ජාතියක් නෙමෙයි.මොකද ඒ කාලේ පන්සල ආශ්‍රිතව අධ්‍යාපනය ලබපු ජන සමාජයේ ලොකු හාමුදුරුවන්ටත් විශාල ගෞරවයක් තිබුණා.ඒ නිසා මත්පැන්, මස් කෑම පන්සලෙන් එපා කිව්වම නොකරන ජාතියක් එදා සිංහල බෞද්ධයා සමාජයේ හිටියා. අද එහෙමද ? අනික අද හාමුදුරුවරුත් තමන්ගේ ගෞරවය කෙළෙසකගෙන.
අදත් බොහෝ සිංහල බෞද්ධයා සමගියට කැමැතියි.ඒත් එහෙනම් ජාතිවාදී ප්‍රශ්නයට සාමකාමී විසඳුමකට 1948න් පසුව සිටි සිංහල පාලකයන්ට යන්න බැරිවුණේ ඇයි ? මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ ඇයි?
ඒ වගේම සිංහලයා පමණක් නෙමෙයි ඇඳුමින් පිරිසිදු? ඇයි අනික් මිනිස්සු හඩ්ඩොද ? ඒක පුද්ගලයා මත රඳා පවතින දෙයක්. ශිෂ්ට සම්පන්න ඕනැම ජාතියකට විධිමත්ව ආහාර අනුභව කරන ක්‍රමයක් තිබුණා.ඒත් පන්සල,පල්ලිය ආශ්‍රිතව හැදී වැඩුණු සිංහලයාට යහපත් සංස්කෘතියක් පැවැති නිසා යහපත් පැවැත්මක් තිබුණා.හැබැයි වඩා වැදගත් වෙන්නේ අද දවසේදී කොච්චර දුරට ශිෂ්ට සම්පන්න විදිහට ආහාර අනුභව කරනවාද කියන එකයි.
සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතයි.ඒක තර්කානුකූලව ඇත්ත.ගමනත් සංවර ඇති අනිවාර්යයෙන්ම.ඒත් අද එහෙමද ? එහෙනම් ස්ත්‍රී දූෂණ වැඩිපුර වාර්තාවෙන්නේ කොහොමද ? ඒකට කාන්තාවගේ ඇඳුම වගකියන්න ඕනි නැද්ද ? අද සමහර ස්ත්‍රීන්ගේ ඇඟෙන් බාගයක් එළියේ.ඒක තමයිලු විලාසිතාව.ඒවා අඳින්නේ වෙනත් ජාතියේ අයද ?
හැබැයි වර්තමාන ස්ත්‍රිය අදත් සාපේක්ෂව අරපරිස්සමෙන් කටයුතු කරන්න දන්නවා.හැමෝම නෙමෙයි.බොහොමයක් දෙනා එහෙමයි.මේක සිංහලයාට විතරක් සීමා කරන්න බැහැ. වෙනත් ජාතීන්වල කාන්තාවොත් එහෙම තමයි.ඒත් ඒකත් අදාළ ස්ත්‍රිය මත රඳා පවතිනවා. අනික සිංහල කාන්තාවක් මුස්ලිම් වුණොත් එතකොට අරපරිස්සමෙන් කටයුතු කරන්නේ නැද්ද ?
එදා සිටි ස්වාමිපුරුෂයන් සිංහල ස්ත්‍රින්ව හුඟක් විශ්වාස කළාා.අපි ඒක පිළිගමුකෝ.ඒත් අද එහෙම පුළුවන්ද ? බහුතරය තාමත් විවාහය කියන බැඳීම මත අකමැත්තෙන් වුණත් ස්වාමි පුරුෂයා සමග ජීවත්වෙනවා. ඒත් එදාට වඩා ලොකු පිරිහීමක් අද තියෙනවා. හැම ජාතියක්ම ගලවා ගන්න බැරි මට්ටමටම බටහිරකරණය වෙලා. මේක හැම ජාතියකම පිරිහීමක්.ඒක රඳා පවතින්නේ අදාළ ස්ත්‍රිය මතයි.
සිංහල ස්වාමිදුවලගෙන් අද කීයෙන් කීදෙනෙකුට තමන්ගේ අතතින්ම සියලුම කටයුතු කරලා දෙන්න පුළුවන්ද ? හුඟක් අයට පුළුවන්. හැබැයි ඒකට වෙලාවක් නැහැ. පවතින ආර්ථික ක්‍රමයත් එක්ක මේක බොහෝ දෙනාගෙන් ගිලිහී යන්නක්.ඒත් තාමත් වාසනාවකට මේ ක්‍රමය සාමාන්‍ය මට්ටමින් පවතිනවා. ඒත් සමාජයෙන් සමාජයට වෙනස්වෙනවා.පිටරට සිංහල සමාජයක් ගත්තොත් මේක මෙහෙම නැහැ. අනික ලංකාවේ වුණත් දෙන්නම රැකියා කරන පවුල්වල ළමයි සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා.මේක හැම ජාතියකටම පොදු තත්ත්වයක්.අලුත් සංස්කෘතියක් අද බිහි වෙලා.අර්ථ ක්‍රමය තමයි ඒකට බලපාලා තියෙන්නේ.
ඒ කාලේ සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කළා.අදත් ග්‍රාම්‍ය මට්ටමින් හෝ මේ තත්ත්වය අපට සුළුවෙන් දකින්න පුළුවන්.ඒත් ඒවත් නාගරීකරණය වුණාම පිරිහෙන්න පුළුවන්. අනික අද කාලෙ උදේ හවස මල් පූජා කරන්න තියා පෝයටවත් පන්සලට යන්න කීදෙනෙක් ඉන්නවද ? පන්සලත් එක්ක තියෙන සබඳතාවය කොච්චර කිට්ටුද ? ඒක හොයලා බලන්න ඕනැ. තත්ත්වය එහෙම නම් නවගුණවැල් අතින් අරගෙන නිතර භාවනාවේ යෙදෙන සංයමයක් ඇති පිරිසක් අද සිංහල බෞද්ධයා අතරේ බිහිවෙලා තියෙනවද ? ඒකත් නැවත සොයා බලන්න ඕනි.මම හිතන්නේ එහෙම අය ඇත්තේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
අනික එදා හොරකම අතිශයින් පිළිකුල් කරපු සිංහලයා,අද හොරකම් කරලා හිරේ යන්නෙත් ජනතාවට අත වනාගෙන.වීරයෙක් වගේ.එතකොට ඒකට අදාළ ප්‍රඥාවන්තයි කියන සිංහලයාත් වීරයෙක්ට වගේ හොරාට සළකනවා.කොහෙද එතකොට සිංහලයාගේ ප්‍රඥාව තියෙන්නේ ?
කිසිම සිංහලයෙක් හොරකම් කරපු බවක් රොබට් නොක්ස් දන්නේ නැත්නම් ඒක එතුමාගේ වැරැද්දක්.මොකද එහෙනම් කවදාවත් රජ මාළිඟයට හොරකම් කළ බවට පැමිණිලි ලැබී, ඒවා ඔප්පු නොවෙන්න ඇති.අනික හොරකම කියන දේ අදාළ මනුෂ්‍යයා මත රඳා පවතින දෙයක් මිසක් ජාතියකට වර්ග කරන්න බැහැ.පුංචි හොරකමක්වත් නොකළ කෙනෙක් හිටියේ නැහැ කියනවා නම් ඒක හරිම බොළඳ සුරංගනා කතාවක්.
එදා සිංහලයෝ කරුණාවන්තයි. බහුතරයක් එහෙමයි.බණට දහමට ලැදි සමාජයක එහෙම උතුම් මිනිස්සු බිහිවෙන්න ඇති.ඒත් අද සිංහලයෝත් ඒ වගේම කරුණාවන්තයිද ? ඒක හිතලා බලන්න ඕනැ. මුස්ලිම්, දෙමළ අය අතර කරුණාවන්ත මිනිස්සු ඇත්තෙම නැද්ද ? මම හිතන්නේ කරුණාවන්තකම කියන දේ පුද්ගලයා මතයි රඳා පවතින්නෙත්.සිංහල,දෙමළ, මුස්ලිම් ආදී හැමෝම සමගියෙන් ඉන්න සමාජයකින් සාමකාමී මිනිස්සු බිහිවෙනවා.හැම වෙලේම අනික් ජාතිය දිහා වෛරය බලන නරක සමාජයකින් නරක මිනිස්සු බිහිවෙනවා.
එතකොට දන් දෙන්නේ සිංහලයෝ විතරමද? හැබැයි ඒ කාලේ අදට සාපේක්ෂව සිංහලයා දානමාන ආදී පින්කම්වලට නැඹුරුයි.ඒක සතුටට කරුණක්. විශේෂයෙන්ම බොරු සෝබන නැතුව අද සිටින තරුණ ප්‍රජාව(අලුත් පරම්පරාව) ඒ සඳහා ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා.
ඒත් දානය කියන දේ සිංහල අයට විතරක් කියලා වෙන් කරන්න බැහැ.සිංහලයන්ට වඩා හොඳින් අන්‍යයන්ට උදව් කරගෙන ජීවත්වෙන සමාජ ඕනැතරම් තියෙනවා.ඔක්කොම පොදි ගහගෙන ආශාව වෙළාගත්තු සිංහල සමාජ ඕනැතරම් ලංකාවේ තියෙනවා.
හැබැයි හැම සමාජයක්මත් එහෙම නැහැ.ලංකාව ගත්තොත් මුස්ලිම් සමාජය තමයි හොඳින්ම අන්‍යයන්ට උදව් කරගෙන ජීවත්වෙන්නේ.ඒත් සිංහල අපිට පුංචි සංගමයක්වත් සමහර වෙලාවට හරියට ගෙනියන්න බැහැ.එතැනත් උදව්වට වඩා තියෙන්නේ බල තණ්හාවක්.ඒත් මේක අදාළ සමාජය මත වෙනස් වෙනවා. අනික සිංහලයාගේ අතින් සිංහල ඉඩම් හුඟක් නැතිවුණේ සිංහලයාගේම දුප්පත්කම නිසා.
ආගන්තුකයන්ට සළකන්න ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි.ඒක එදා සිටි සිංහලයාට හොඳින් තිබුණා.අදත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. මේ හින්දයි අනික් රටවල් පවා තාමත් ලංකාවට ආදරේ. ඒත් සුද්දෙක් හෝ වෙනත් ජාතිකයෙක් ආවාම හොඳින් සළකන්නේ සිංහල අය විතරද ? සිංහල ඔක්කොමත් සළකනවද එහෙම? කිසිම මුස්ලිම්,දෙමළ ආදී වෙනත් ජාතියේ කෙනෙක් ළඟ මේ ගුණධර්ම නැද්ද ? ඇත්තම කිව්වොත් බොහෝ දෙනෙක් සුද්දගෙන් වුණත් වාසියක් වෙයි කියලා අවස්ථාවට ගොදුරු වුණු ස්වභාවයක් තමයි අද තියෙන්නේ.මේක අද ව්‍යාජ මවාපෑමක්.
අනික ලංකාවේ ඉපදුණු කිසිම සිංහල නොවන වෙනත් ජාතිකයෙක් ලංකාව ගැන ආඩම්බරයෙන් කතා කරනවට සිංහලයා අකමැති නම් ඒක බරපතල තත්ත්වයක්.ඒ වගේම සිංහල නොවන ලංකාවේ ඉපදුණු ඕනැම කෙනෙක් පිටරටදි ලංකාවට විරුද්ධව නැගී සිටිනවා නම් මොකක්ද සිංහලයාගේ තියෙන සාමකාමීකම ? හැබැයි ඒ සාමයට සිංහල නොවන අනික් ජාතීන්ගෙත් සහයෝගය අවශ්‍යයි. ප්‍රශ්නේ තියෙන්නේ දෙපැත්තම අනික් කෙනා දිහා බලන්නේ සැකයෙන්.ධනාත්මකව මේ දිහා බලන්නේ නෑ.
අනික එදා සිංහලයාගේ භාෂාව පොහොසත් වුණාට අද අපෙන් කීයෙන් කීදෙනෙකුට සිංහල හොඳින් හසුරුවන්න පුළුවන්ද ? සමහරු ඕනැවට වඩා ඉංග්‍රීසි කෑලි දාලා පොෂ් කියලා පෙන්නන්න තරම් පහත් මානසිකත්වයක නෙමෙයිද ඉන්නේ ? අනික එදිනෙදා භාෂාවෙදි අපි සංශුද්ධ සිංහල භාෂාවෙන් විතරමද කතා කරන්නේ ?අනිත් එක තමයි මේ ඉංග්‍රීසිකරණය අපිට විතරක් නෙමෙයි.දෙමළ,මුස්ලිම් වගේම ඉන්දියාව,පාකිස්තානය වගේ යටත් විජිතව පැවැති රටවලටත් කා වැදිලා ඉවරයි.දශක ගණනාවක් ගෙවිලා ඉවරයි.
සිංහලයෝ කතාවට දක්ෂයි.එදත් අදත් ඒක නම් ඇත්ත.අපි කයිවාරු ගහද්දී ජපානය,චීනය වගේ රටවල් ක්‍රියාවෙන් හුඟක් ඉස්සරහට ගිහින්.
ඒ කාලේ සිංහල ද්වීපයේ එකම හිඟන්නෙක්වත් නැහැලු. ඒක නම් ආයෙත් හිතන්න ඕනැ.මොකද එක පාරම හිඟන්නෝ බිහිවුණාද දන්නේ නැහැ.ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ අද සිංහලයාගෙන් කීයෙන් කීදෙනෙක් හිඟන්නෝ නොවී බේරාගන්න පුළුවන්ද කියන එකයි.සිංහලයා විතරක් නෙමෙයි, අද අපි ලංකාව ගැනම හිතන්න ඕනැ. හෙට දවසේදි ලංකාව හිඟන්නන් නැති රටක් කර ගැනීමයි වැදගත් වෙන්නේ.
එතකොට යුද්ධය ඉවර කළාට වඩා ආඩම්බරයක් අපිට ලබන්න පුළුවන්.මොකද අපිට යුද්ධය ජය ගන්න ජීවිත බිලිදෙන්න සිදුවුණා. ඒ හැම ජීවිතයකටම ජාතිවාදය ඇවිස්සූ සිංහල,දෙමළ නායකයන් වගකියන්න ඕනැ.
මේ නිසා අතීත කාමය නවත්තලා,අතීතයෙන් ගත යුතු අරගෙන ශිෂ්ට සම්පන්න සාමකාමී රටක් ගොඩනැගීමයි වඩාත් වැදගත්වෙන්නේ
මෙයට,
විශ්වාසී,
- මාලන් විදානපතිරණ

Sunday, June 7, 2015

සමිතයි, හවිත්‍රයි 2015/06/07

පාසැල් මතකයක් සමගින් නැවතත් - 2015/06/07

සමිතයි, හවිත්‍රයි


හය,හත,අට වසරවලදී අපිට සතියකට සැරයක් ඉංග්‍රීසි කාල පරිච්ජේදයේදී ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණා.එතැනදී ඉංග්‍රීසි ගීතයක්,කථාවක්,කවියක් වගේ දේවල් ඉදිරිපත් වුණා.ඒත් මේකට හැමදාම සහභාගි වුණේ එක කොටසක් විතරයි.කොහොම වුණත් අට වසරේදී සමිත සහ හවිත්‍ර හිටියේ මගේ එකම පන්තියේ.මේ දෙන්නා එකටම තමයි ඉදිරිපත් කිරිම් කළේ.හුඟක් වෙලාවට ගීතයක් තමයි ඉදිරිපත් කළේ. ඒ නිසා එදත් අපි බලන් හිටියා මොකක්ද මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා.


"Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Life is one big party when you're still young 
But who's gonna have your back when it's all done 
It's all good when you're little, you have pure fun 
Can't be a fool, son, what about the long run 
Looking back Shorty always mention 
Said me not giving her much attention 
She was there through my incarceration 
I wanna show the nation my appreciation "

දැන් අපි අපේ මූණු බලනවා.ටීචර්ගේ මූණ දිහාත් බලනවා.මට මතක විදිහට මලවිගේ ටීචර් තමයි අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ.ටීචත් ටිකක් අප්සට්.ඒත් මගදි සින්දුව නවත්තන්න අදහසක් නෑ.ඒ හින්දා අපේ එවුනුත් වැඩේ අතඇරියේ නෑ.පිටිපස්සේ එවුන් ටික සමිතටයි,හවිත්‍රටයි අත්වැල් ගායනය ලබා දුන්නා.අපි මැද පෙළේ ඉඳන් ඒවා ජොලියේ අහන් හිටියා.

හවිත්‍රයි,සමිතයි යුග ගායනයක් විදිහට දිගටම ගීතය ඉදිරියට ගෙනිච්චා.

“Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

You're a queen and so you should be treated 
Though you never get the lovin' that you needed 
Could have left, but I called and you heeded 
Begged and I pleaded, mission completed 
Mama said that I and I dissed the program 
Not the type to mess around with her emotion 
But the feeling that I have for you is so strong 
Been together so long and this could never be wrong “

මමත් හිතන්නේ උනුත් දැනන් හිටියා මේක සුදුසු නැති ගීතයක් කියලා.ඒක උන්ගේ හිනාවෙන් තේරුණා.මිස්ට බයිටක් දෙන්න වෙන්න ඇති ඕනැ කරන්න ඇත්තේ.

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Uh, uh 
Girl, in spite of my behavior, said I'm your savior 
(You must be sent from up above) 
And you appear to me so tender, say girl I surrender 
(Thanks for giving me your love) 

Girl, in spite of my behavior, well, you are my savior 
(You must be sent from up above) 
And you appear to me so tender, well, girl I surrender 
(Said thanks for giving me your love) 

Now life is one big party when you're still young 
And who's gonna have your back when it's all done 
It's all good when you're little, you have pure fun 
Can't be a fool, son, what about the long run 
Looking back Shorty always mention 
Said me not giving her much attention 
She was there through my incarceration 
I wanna show the nation my appreciation 

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady“

ගීතය ඉවර වුණා.හවිත්‍රයි,සමිතයි යන්න සූදානම් වුණා.

“සමිත,ආයෙමත් ඉදිරිපත් කිරීමක් කරද්දි ඔය වගේ ගීතයක් කියන්න එපා.ළමා ගීතයක් තෝරගන්න.“

“හරි ටීචර්“ උන් දෙන්නත් නිකම් බබාලා වගේ උත්තර දුන්නා.

මොකද මට මතක විදිහට මලවිගේ ටීචර්ගේ හොඳම ගෝලයො දෙන්නෙක් තමයි සමිතයි,හවිත්‍ර කියන්නේ.ඒ නිසා වෙන එකෙක් ඔය වගේ දෙයක් කළත් මේ දෙන්නට ටීචර් බැන්නේ නැහැ.

කොහොම වුණත් වැඩේ ගැස්සුණු හින්ද හෝ ටීචර්ගේ විශ්වාසය කඩන්න බැරි හින්දා හෝ ආයෙමත් මේ දෙන්නා මේ වගේ ගීත කිව්වේ නැහැ.

(මෙම මතකය සමිතගේ සහ හවිත්‍රගේ චරිතයට බලපෑමක් වන බවට ඔවුන් දෙදෙනාගෙන් චෝදනා ආවොත් මම මේක ඉවත් කරනවා)

- මාලන් විදානපතිරණ