Saturday, June 4, 2016

ලොකුකමකට කියනවා තමයි -2016/06/04

පොඩි කාලේ ඉඳන් බැලුවත් මාව හැමදාම ඉස්සහටම තල්ලු කළේ පිටිපස්සේ ඉඳන් මට විහිළු කරපු එවුන්.හිනාවෙච්ච එවුන්. ඒ ගැන හිතලා බලද්දි බළලුන් ලවා කොස් ඇට බාවපු එවුන් වගේම කොස් ඇට බෑවාට පස්සේ මාව අමතක කරලා කොස් ඇට කාපු එවුන්වත් මට හොඳට මතකයි.උන් එදා කොස් ඇට බාගන්න කලින් මට කිව්වේ “මාලන් උඹට ඕක කරන්න පුළුවන් “ කියලයි.මොකද කොස් ඇට බාන්න හැමදාම ගියේ මම.ඒත් අත පුච්චගන්නේ නැතුව යහතින් ආයෙත් ආවාට පස්සෙත් උන් ආයෙත් කිව්වේත් “අපි දන්නවා උඹට පුළුවන් කියලා.ඒකයි අපි උඹව යැව්වේ“ කියලයි.හැබැයි උන් අද ඉන්න තැන දිහා බලද්දි මට දැන් පුංචි ආඩම්බරයක් දැනෙනවා.මං හිතන්නේ හැමෝටම වඩා උඩින් ඉන්නේ ස්වභාවධර්මය.ඒක තමයි මගේ සිද්ධාන්තය.

(ලොකුකමක් පෙන්නනවා කියලා හිතුවට කමක් නැහැ.ඒත් මේක මං අත්විඳපු දෙයක්)

- මාලන් විදානපතිරණ