Sunday, January 31, 2016

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ 2016.02.01

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ-

ගණිත අංශයේ එවුන් පුස්තකාලයට ගිහින් ත්‍රිකෝණ මිතිය,කර්මාන්ත රසායනය වගේ විෂයට අදාළ පොත් අරන් එද්දී,මං ගිහින් “හරි පුදුම ඉස්කෝලේ“ පොත අරන් එද්දී අපේ එවුන් පුදුම වුණා. ඒත් එදා මං විෂයන් තුනම ෆේල් වෙද්දි තමයි මගේ ගමන හරියටම දැක්කේ.මොකද මං පිස්සු කෙළලා ෆේල් වුණු එකෙක් නෙමෙයි.ඒ නිසා මං අන්තිම දෙමාපිය රැස්වීමේදී කට්ටියක් ඉදිරියේ කතා කරන්න ශක්තිය ලැබුවා.අපිව ෆේල්වෙන්න හේතුව අපිම විතරක් නෙමෙයි කියලා දැනෙන්න පටන් ගත්තා. ප්‍රින්සිපල් ඇවිත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවාම මම විතරයි නැගිටලා කතා කළේ.එදා අපේ තාත්තා මුල්ම වතාවට මට හොඳට කතා කරන්න පුළුවන් කියලා දැන ගත්තා.පන්තිභාර සර්ගේ මූණ ඇඹුල් වුණා. ප්‍රින්සිපල් සර්ගේ මුණත් ඇඹුල් වුණා.සර් හිතුවේ නැතුව ඇති කවදාවත් සර්ට එරෙහිව ළමයෙක් මෙහෙම කතා කරයි කියලා. ඒත් මං හිතන්නේ එදා තමයි මගේ ජිවිතේ මුල්ම වතාවට වෙනස්වුණු තැන.

-මාලන් විදානපතිරණ
(කාගේ හිත රිදුණත් කවදා හෝ මං මේ කතාව කියන්නයි හිටියේ)

Saturday, January 23, 2016

පහන් පූජාව(පාසැල් මතක පොත අතරින්)

පාසැල් මතක පොත අතරින් -

පහන් පූජාව -

මම එක වසරේ ඉගෙන ගනිද්දී අපේ පන්තිභාර ගුරුතුමිය හුඟක් සැර කෙනෙක්.ඒ සැරටම මං බය වුණා.ඒ නිසා කොළඹ නාලන්දා විද්‍යාලයේ තිබුණු පහන් පූජාවකට පන්තියේ සියලුදෙනාම එන්න ඕනේ කියලා ඇය අණ කරලයි තිබ්බේ.ගුටිකන්න තිබුණු බය නිසා මමත් අපේ දෙමාපියන්ට චණ්ඩි පාට් දැම්මා ඒ හින්දම.ඒත් අපේ අම්මට මල්ලි හින්දා මාත්එක්ක කොහෙවත් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.ඒ නිසා අපේ තාත්තව ඇදන් යන්න මට ලොකු මෙහෙයුමක් දියත් කරන්න වුණා.මොකද අපේ තාත්තා කියන්නේ ඒ කාලේදි උදේ ගියාම මහ රෑට ගෙදර එන,රැයක් දවාලක් නොතිබුණු චරිතයක්.කොහොම නමුත් මගේ මෙහෙයුම සාර්ථක වුණා.බස් එකේ කොට කොට අපි දෙන්නා පෝය දවසේත් නාලන්දා විද්‍යාල භූමියට ඇතුළත් වුණා.මං හිතුවේ මේ වෙද්දිත් මුළු ඉස්කෝලේම ළමයි එතැන පිරිලා හිටියා කියලයි.ඒත් මගේ පන්තියේ ළමයෙක් හොයාගන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා. අඩුම ගාණේ පන්තිභාර ගුරුතුමියවත් ඇවිත් හිටියේ නැහැ.
අවසානයේදී මට කොහෙන්දෝ කටහඬක් ඇහුණා.
“ආහ් මාලන් ඔයත් ආවද ?“එහෙම කිව්වේ උජිත.උජිතත් එයාගේ තාත්තා එක්ක ඇවිත් හිටියේ.
“පෝය දවසේ බසුත් අඩුයි උජිත.මමත් හරි අමාරුවෙන් ආවේ.ඔයා දැන් කොහොමද යන්නේ“ මං කදේට වැටුණා.
“මං මේ ළඟ ඉන්නේ ?“
“ළඟ ?“ මං මවුට් මේරිය පැත්තට අත දික් කරා.
“නැහැ.නාරාහේන්පිට.“
කොහොම වුණත් මට එදා නිදාගන්නකම්ම තාත්තගේ බැණුම්වලින් නම් අඩුවක් තිබුණේ නැහැ.
හැබැයි පහුවෙනිදා ඉස්කෝලේ ගියාම පන්තිභාර ගුරුතුමී අපෙන් මෙහෙම ඇහුවා.
“ඊයේ කව්ද පහන් පූජාවට ආවේ ?“
“අපි ආවා ටීචර්.“ මං පැනලා උත්තර දුන්නා.
ඒත් මට පස්සෙයි තේරුණේ.මම කරලා තියෙන්නේ අපේ මුළු පන්තියම ආවරණය කිරීමක් කියලා.ඒක දැක්කේ අපේ යාළුවන්ගේ මූණුවල තිබුණු සතුටෙන්.ඒත් සමහරු එදා පහන් පූජාවට ඇවිත් තිබුණලු.ඉක්මනටම ගියාලු.මට ඒගොල්ලෝ පස්සේ කිව්වා.මං ඒක පිළිගත්තා.මොකද ඒකේ හරි වැරැද්ද හොයනවට වඩා මිත්‍රත්වය වැදගත් හින්දා.
(පළමු ශ්‍රේණියේදී අපේ පන්තිභාර ගුරුතුමිය වුණේ විජේරත්න මහත්මියයි.ඇය මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පමණක් නොව දිවි ගමනින්ද සමුගත් ගුරුවරුන්ගේ ලැයිස්තුවට එක් වී හමාරය.)
සටහන -මාලන් විදානපතිරණ

Sunday, January 3, 2016

විනෝද සවාරිවලදී මතුවන සිදත් සහෝදරයාගේ හඬ හැසිරවීමේ දක්ෂතාවය මතක් කරමුද -2016/01/03

විනෝද සවාරිවලදී මතුවන සිදත් සහෝදරයාගේ හඬ හැසිරවීමේ දක්ෂතාවය මතක් කරමුද


සිදත් -කමෝන් බේබි කමෝන්
කෝ සින්දුව
සංගීතේ විතරද
කැලේ මැද ගමක් තියෙනවා
එහි පප්පල රෑනක් ඉන්නවා
ගමට පප්ප ගමක් කියනවා
ඒ පප්පල ජොලි වැඩ කරනවා
මොකද බලන් ඉන්නේ
කට්ටිය එකතුවෙලා මාත් එක්ක කියමු
පප් පප් පප පපප්
පප් පප් පප පපප්
වෙද පප්ප අරිෂ්ටේ හදනවා
එහි ලොකු බලයක් හෙම තියෙනවා
ගමේ හැමෝටම පොවනවා
පව් ජිම් පප්පව මග හරිනවා
සිදත් - හරේ දෙන්න දෙන්න අරිෂ්ටෙ කවලා දෙන්න
අරිෂ්ටෙ ඉල්ලල ජරමරේ
ජිම් පප්පගෙනුත් හරි බරබරේ
ගෑණු ළමයින්ට කරදරේ
අර චූටි කූකූටයි ආදරේ
සිදත් - අයියෝ මොකද මෙයා සින්දුව ඉවරද
අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ
තව තියෙනවා
සිදත් - ඉතින් කෝ නෑනේ
ඔය තියෙන්නේ ඔය තියෙන්නේ
සිදත් -පප් පප් පප පපප්
පප් පප් පප පපප්
දැක්කම මේ වැඩ කාරයෝ
පව් දුවනවා රෝමන් වීරයෝ
කෑමට බීමට දක්ෂයෝ වගෙම
ගහගන්නත් හරි සූරයෝ
සූර පප් පප් පප් පප් පප පපා
පපප සූර පප් පප් පප පපපා
සිදත් - මොකද පප් පප් ගාන්නේ
වචන ඉවරද
ඕක මටත් පුළුවන්නේ
පප් පප් පප පපප්
පප් පප් පප පපප්//