Saturday, August 10, 2013

X – Men චිත්‍රපට මාලාවේ හයවැන්න - The Wolverine


තරැණයා -හොලිවුඩ්
2013/08/10

X – Men චිත්‍රපට මාලාවේ හයවැන්න

The Wolverine

Introduction

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදි Les Miserable's චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වතාවට හොඳම නළුවා සම්මානයට නිර්දේශ වූ හියු ජැක්මන් මෑතකදී ජනප්‍රියත්වයට පත් සුපිරි තරැවෙකි.  එසේම එම චිත්‍රපටය වෙනුවෙන්ම ප්‍රථම වතාවට හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගත් සම්මානනීය නළුවෙකි. ඔහු ඔබ වෙත පැමිණෙන නවතම සිනමා නිර්මාණය වන්නේ The Wolverine ය. මේ දිනවල සැවෝයි ත්‍රිමාණ ශාලාවේ තිරගත වන මෙම චිත්‍රපටය X- Men චිත්‍රපට මාලාවේ හයවැන්න මෙන්ම Wolverine නමින් තිරගත වන දෙවැනි චිත්‍රපටයද වේ.1982 ප්‍රකාශයට පත්වුණු ක්‍රිස් ක්ලෙයාමොන්ට් සහ ෆ්‍රෑන්ක් මිලර් ගේ Wolverine චිත්‍රකතා මාලාව පාදක වී ඇති මෙහි ප්‍රධාන චරිතය ජනප්‍රිය මාවල් චරිතයක් වන වොල්වරින්ය. ක්‍රිස්ටෝපර් මැක්කෝරි,ස්කොට් ෆ්‍රෑන්ක් සහ මාක් බොම්බැක් තිර රචනා කළ The Wolverine අධ්‍යක්ෂණය කර ඇත්තේ ජේම්ස් මැන්ගෝල්ඩ් ය. හියු ජැක්මන් සමගින් මෙහි සම නිෂ්පාදකවරැන් ලෙස එක්වන්නේ ලෝරන් ෂූලර් ඩොනර්, හච් පාකර් සහ ජෝන් පැලේමෝය.

Background

2009 වසරේ සැප්තැම්බර් මසදී X – Men Origins: Wolverine අධ්‍යක්ෂණය කළ ගැවින් හුඩ් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ කතිකාවතක් ආරම්භ කළ අතර ලෝගාන්ගේ ඊට අදාළ යම් යම් දර්ශන පවා ජපන් දර්ශන තලයේදී රෑගත කෙරිණ.ඊට එම චිත්‍රපටයේ ලෝගාන් ලෙස හියු ජැක්මන්ද එක්ව සිටියේය.එහෙත් මීළඟ චිත්‍රපටයේදී තිර පිටපත පිළිබඳ එම මොහොතේදීම මතභේද හටගත් අතර The Wolverine චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නම් ලෝගාන්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට පිළිගත හැකි ආකාරයෙන් නැවතත් රචනා විය යුතු බව ජැක්මන් තරයේ කියා සිටියේය. ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා සිටියේ තමන් මෙම මාවල් කතා මාලාවේ ප්‍රබල රසිකයකු බැවින් මීට අසාධාරණයක් වනවාට තමන් අකමැති බවයි.ඒ අනුව දින හතරක උණුසුම් සංවාදයකින් පසුව 2009 වසරේ මැයි මස 05 වැනිදා The Wolverine චිත්‍රපටය නිපැයෙන බැව් තහවුරැ විණ.

Production

මේ අනුව 1982දී මෙනමින් ප්‍රකාශයට පත් චිත්‍රකතා මාලාව ඇසුරින් නැවතත් තිර රචනා  වන බැවින් මීට තමන් සහභාගි වන බැව් හියු ජැක්මන් දැනුම් දුන්නේය. එනම් 2010 වසරේ ඔක්තෝබර් මසදී ජැක්මන් මේ බැව් නිශ්චිත වශයෙන්ම තහවුරැ කළේය.ඒ අනුව සම නිෂ්පාදනයෙන්ද තමන් එක්වීමට කැමැති බැව් දැනුම් දුන් ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා වඩාත් ගැලපෙන්නේ ඩැරන් ආරෝනෝෆ්ස්කි බවයි. ඒ ඔහු Black Swan, The Wrestler වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කර ඇති බැවිනි.එහෙත් මතභේද මධ්‍යයේ මෙහි අධ්‍යක්ෂවරයා නිශ්චිත කර ගැනීමට නොහැකිව වසරකට ආසන්න කාලයක් අධ්‍යක්ෂවරැන් අටදෙනෙකු අතර මෙම චිත්‍රපටය දෝලනය වූ අතර ජස්ටින් ලින්,ගැවින් ඔ‘‘“කොනර්, ජේම්ස් මැන්ගෝල්ඩ්, ඇන්ටොයින් ෆුකා සහ ගැරී ෂෝ මේ අතරින් ඉදිරියෙන්ම සිටියේය.එහෙත් අවසානයේ ෆෝක්ස් චිත්‍රපට සමාගම මේ අතරින් තම නවතම චිත්‍රපටය සඳහා මැන්ගෝල්ඩ් තෝරා ගත් අතර ඒ අනුව 2011 වසරේ ජුනි මසදී මෙහි වැඩකටයුතු ආරම්භ විණ. දිය ඇල්ලක දර්ශනයක් මෙහි පළමු දර්ශනය ලෙස රෑගතවන්නේ මෙවැනි වටපිටාවක් තුළයි.එහෙත් හියු ජැක්මන්ගේ Les Miserables චිත්‍රපටය නිසා මෙහි රෑගතකිරීම් කටයුතු නැවතත් ඇණහිටි අතර ඒ අතරතුර මෙහි පළමු තිර රචනය ලියූ මැක්කෝරිගේ තිර පිටපතද අහකට විසි වූ අතර එම වසරේ සැප්තැම්බර් මස මාක් බොම්බැක් නැවතත් එහි තිර පිටපත රචනා කළේය.ඒ අනුව ඇමෙරිකානු - ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් ලෙස මෙම චිත්‍රපටයේ රෑගතකිරිම් 2012 වසරේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ කිරීමට නිෂ්පාදකවරැ තීරණය කළෝය. එහෙත් එහි රෑගතකිරීම් පසුව ජපානයේ මෙන්ම ඇමෙරිකාවේදී රෑගත විණ. ඒ වෙනුවෙන් ඔවුන් දැරෑ පිරිවැය ඇ.ඩො. මිලියන 120කි.

Plot

1945 වසරේ ලෝගාන් සිටියේ ජපානයේ නාගසිකා ආසන්නයේය. එය ඔවුන්ට ඇමෙරිකානුවන් විසින් පරමාණු බෝම්බ එල්ල කළ සමයයි. එහෙත් අද ලෝගාන් ජපානයේ යූකෝන්වල හුදෙකාලා වී ජිවත් වෙයි. ඔහු ජෝන් ග්‍රේගේ මරණයෙන් අතිශය කම්පනයට පත්ව සිටියි.මේ අතර යශිඩාගේ දුවෙකු වන මරිකෝ ලෝගාන්ට හමුවේ.මේ අනුව ලෝගාන් වෙනස්ම චරිතයක් බවට පත්වේ. (එය කෙසේද යත් ඔහු මෙම චිත්‍රපට චරිතය වෙනුවෙන් දිනකට කෑම වේල් හයක් අනුභව කර ඇති අතර ඩ්වේන් ජොන්සන්ගේ උපදෙස්ද භාවිතා කර තිබේ.) ඔහු තම කම්පනය හේතුවෙන් සියල්ල පිළිබඳ කළකිරී තමා කම්පනයට පත් කළ අයවලුන්ගෙන් පළිගැනීමට සැරසේ. මේ අනුව වොල්වරින් හෙවත් ලෝගාන්ට අවසානයේදී සිදුවන්නේ කුමක්ද ? ලෝගාන්ට තම අරමුණ කරා ළඟා වීමට හැකිවේද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේය.                                                                     

Cast

ලෝගාන්/ වොල්වරින්  - හියු ජැක්මන්
මාරිකෝ - ටාඕ ඔකමොටෝ
ෂි න්ගෙන් යෂිඩා - හිරාවුකි සනාඩා
යුකියෝ - රිලා ෆුකුෂිමා

Post Production

2012 වසරේ ඔක්තෝබර් මසදී The Wolverine චිත්‍රපටය ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස පරිවර්තනය කිරිමට නිෂ්පාදකවරැ තීරණය කළ අතර චිත්‍රපටය පැය දෙකයි මිනිත්තු 35ක් දක්වා දිග හැරිමටද ඔවුන් සැලසුම් කළේය.ඒ අනුව මෙහි දෘශ්‍ය ප්‍රයෝග සඳහා Weta Digital, Rising Sun Pictures, Iloura, and Shade VFX යන දෘශ්‍ය නිර්මාණකරණ ආයතන සහභාගි වීම කැපී පෙනේ.එසේම මෙම ත්‍රිමාණ චිත්‍රපටය Twentieth Century Fox's Marvel films ලෙසින් නිකුත් කිරීම නිෂ්පාදකවරැන්ගේ අදහස විය.

Release

The Wolverine චිත්‍රපටය මේ වසරේ ජුලි මස 24 වැනිදා ද්විමාණ සහ ත්‍රිමාණ වශයෙන් ලෝ පුරා සිනමාහල්වලට මුදාහැරැණු නමුත් එය ඕස්ට්‍රේලියාවේ තිරගත වුයේ ඉන් දිනකට පසුය.ඇමෙරිකාවේ තිරගත වුයේ ඉන් දෙදිනකට පසුවය.එසේම මෙය Wolverine: Immortal නමින් ස්පාඤ්ඤ භාෂාවට නගා මේ මොහොතේ ස්පාඤ්ඤයේ තිරගත වේ. 

Box office

අගෝස්තු මස 02 වැනිදා වන විට උතුරැ ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 95 ඉක්මවූ ආදායමක් උපයා ගත්තේය. සෙසු රටවලින් උපයා ගත් ආදායම දැනට ඇ.ඩො. මිලියන 92කට ආසන්නය. ඒ අනුව අගෝස්තු මස 02 වන විට චිත්‍රපටය උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 190කට ආසන්නයි.
මාලන් විදානපතිරණ

No comments:

Post a Comment