Saturday, June 28, 2014

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි -2014.06.15




පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි



 

ජාත්‍යන්තර පියවරැන්ගේ නිමිත්තෙනි



 


මාලන් විදානපතිරණ


ප්‍රවේශයක්


අපි හැමෝම මෙලොව එළිය දකින්නේ අම්මාගෙන්.ඒ නිසා මව් පදවිය තමයි ලොව උතුම්ම පදවිය විදිහට සැළකෙන්නේ. ඒකටයි ගැහැණිය හැමදාම හීන දකින්නේත්. මොකද ඇය සමග තමයි අපි උපදින්න කලින් ඉඳන්ම සන්නිවේදනය වෙන්නේ.ඒ වගේම ඒකට තවත් හේතු බලපානවා.ඒත් ජීව විද්‍යාත්මක වශයෙන් බැලුවොත් අම්මයි තාත්තයි එකතු නොවී දරැවෙක් බිහිවෙන්නේත් නැහැ.පිරිමි හැමෝම තමන්ගේ ප්‍රතිවිරැද්ධ ලිංගිකයා සමග එක්නොවීම ප්‍රතික්ෂේප කළොත්,එහෙම නැත්නම් විවාහ වීම වර්ජනය කළොත් එදාට මුළු ලෝකයක්ම දෙදරැම් කයි.ඒ වගේ බලයක් තියෙන නිසා වෙන්න ඇති සමහර විට සමාජය තුළ පවා නොදැනුවත්වම පුරැෂාධිපත්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ.අනික අද ලංකාව ගැන සළකලා බැලුවොත් පිරිමි ජනගහණය, ගැහැණු ජනගහණයට වඩා දැඩි ලෙස අවම වෙලා තිබෙනවා. ඒත් මේ සටහන තබන්නේ අද්‍යතන යුගයේ පියවරැන් සහ මව්වරැන් ගැනයි. ඇතැම් විට මේක මව්වරැන්ට එරෙහිව ලියන ලිපියක් කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.කොහොම හිතුවත් මේක තමයි මෙවැනි ලියමනකට හොඳම අවස්ථාව.

ගෘහ මූලිකයා තාත්තාලු

අපේ සමාජයේ ගෘහ මූලිකයා තාත්තා.ඒත් ඒක හරියට අද ලංකාවේ තිබෙන අගමැති පුටුව වගේ.අනික ගෙදර වැඩිපුරම ආදරේ කාටද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් ආදරේ අම්මට.ඒත් දුවෙක් ගෙදර ඉන්න ගෙදරක මේ තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්.ඒත් අම්මා එක්ක තමයි තමන්ගේ පුද්ගලික ගනුදෙනුව කොහොමත් කෙරෙන්නේ.

“අම්මේ අද මං ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්න හදද්දි පිරිමි ළමයෙක් ඇවිත් කැමැත්ත ඇහුවා*

“ඉතින් *

“මං මුකුත් කිව්වේ නැහැ.හිනාවෙලා ආවා*

“ඔයා ඒ ළමයට කැමැතිද ?*

“අකමැත්තක් නැහැ*

මේ විදිහට සමහර වෙලාවට මුළුතැන්ගෙයට මුළුගැන්විලා තමයි මේවා සිද්ධවෙන්නේ.එහෙම නැත්නම් කාමරේට වෙලා ගෙදර දොර වහගෙන.ඉන්පස්සේ පිරිමි ළමයට දුව කැමැති නම් කරන්න ඕනැ දේවල්,රණ්ඩු සරැවල්,ආයේ වෙන්වෙන දේවල් හැම දෙයක්ම කියන්නේ අම්මාට.(මේ මුකුත් නොකියන දූවරැ නැතුවා නෙමෙයි.)
එතකොට මේක පුතාලාට සමපාත කළොත් ඒක වෙන විදිහක ගනුදෙනුවක්.

“අම්මේ අද මං ක්ලාස් එකේදි ලස්සන කෙල්ලෙක් දැක්කා.*

“ඉතින්*

“මම ඒ කෙල්ලට කැමැතියි අම්මේ*

“මම ඕවා දන්නේ නැහැ.තාත්තා දැන ගත්තොත් විසුමක් වෙන්නේ නැහැ. දැන් ඕවාද කරන්න තියෙන්නේ ? විභාගේ අත ළඟ.*

“අනේ අම්මේ !*

“හ්ම් හ්ම්*

ඉන්පස්සේ සමහර විට පිරිමි ළමයි මේ ගෑණු ළමයාගෙන් කැමැත්ත අහනවා,බැහැ කිව්වොත් ඒ දුකත් කියන්නේ අම්මට.අඬන්නේත් අම්මා ළඟ. කැමැති වුණොත් ඉන්පස්සේ වෙන දේවල් කියන්නේත් අම්මට.අනික් හැම දෙයක්ම කියන්නේත් අම්මාට.

එතකොට මේ හැම දෙයක්ම පොදුවේ ගත්තම මොකක් හරි දේකදි පුතා හෝ දුව අසරණ වුණොත් අන්න එතැනදි තමයි තාත්තාව මතක් වෙන්නේ.මොකද ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් හුඟක් අම්මලා ශක්තිවන්ත නැහැ. අනික් පැත්ත තමයි හැම දෙයක්ම සම්මත කරගෙන තාත්තාගේ අනුමැතිය උවමනා වෙද්දි තමයි තාත්තා කෙනෙක් ඉන්නවා කියලා සමහරැන්ට මතක් වෙන්නේ.

එහෙනම් ඇත්තටම මොකක්ද මෙතැන වෙලා තියෙන්නේ ?

ආසියානු පවුල් සංස්කෘතිය තුළ පවතින සම්ප්‍රදාය සැළකිල්ලට ගත්තොත් කුටුම්භය රක්ෂා කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ තාත්තාට.ඒ නිසා තාත්තාට ගෙදර රුඳෙන්න තියෙන වෙලාව හුඟක් අඩුයි.ගෙදර රුඳෙන්නේ අම්මා.තාත්තා උපයන ධනය කළමණාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ ඇයට.ඒ වගේම තාත්තා ගෙදර එනතුරැ ළමයින් රුක බලා ගැනීමේ වගකීම පැවරෙන්නේත් අම්මාට.අම්මා රුකියාවක් කළත් තාත්තාට කලින් ගෙදර එන නිසා එතැනි වාසියත් අම්මාට.
අනික කුසට ආපු වෙලේ ඉඳන් තියෙන ගනුදෙනුව නිසා ළමයි ගැන හොඳටම දන්නේත් අම්මා.බහුතරයක් එහෙමයි. හැබැයි ගෙදරින් පිටත සමාජය ගැන හොඳටම දන්නේ තාත්තා.සමාජය තුළ හොඳට තැලිලා, පොඩි වෙලා, පදම් වුණු තාත්තා, හොඳ මිනිස්සු කවුද, නරක මිනිස්සු කවුද, උගත්තු කව්ද,නූගත්තු කව්ද කියලත් හොඳටම දන්නවා.
ඒ නිසා අම්මා එක්ක මතුපිටින් කරන සාකච්ඡාව දිහා ගැඹුරින් දකින්නේ තාත්තා.ඒ නිසා ළමයි ගන්න තීරණ බොහෝ වෙලාවට වැරදෙන සම්භාවිතාවත් වැඩියි.ඒ ළමයි සහ තාත්තා අතර පවතින මත ගැටුම නිසා. ඒ හින්දා හැමදාම අන්තිමට සිදුවෙන්නේ පිය - පුතු ගැටුමක්. ඒත් මේක දූවරැන්ටත් පොදු තත්ත්වයක්.

ඒත් මේ සදාතනික සත්‍යය තේරැම්ගන්න බොහෝදෙනෙක්ට තාමත් බැහැ.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයට පවා මේ තේමාව ප්‍රස්තුත වෙන්නේ මේ නිසයි.ඔහු තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් පාදක කර ගනිමින්පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට මිදුළු තුලටම* යන බව එම නාට්‍යයේ එක තැනකදි පවසන්නේ මේ නිසයි.ඒත් සමහරැ තමන්ගේ තාත්තාට වෛර බඳිනවා.සමහරැ තාත්තාට නිග්‍රහ කරනවා.සමහරැ අපවාද නගනවා.චෝදනා කරනවා.

හැබැයි කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ම තාත්තා කියපු බොහෝ දේවල් ඇත්ත නේද කියලා තේරැම් ගන්නවා.ඒත් එතකොට ඒක තාත්තාට කියන්න තරම් වාසනාවක් නැතිවෙනවා.සමහරැන්ට ඒක කියන්න පුළුවන් වුණත් තේරැම් ගන්නකොට බැඳ ගත්තු බෙරේ ගහන්න සිද්ධ වෙලා.
ඒත් එදිනෙදා ජිවිතයේ පුරැද්දක් විදිහට දරැවන් තමන්ගේ ප්‍රශ්න අම්මා එක්ක වගේම තාත්තා එක්කත් කියනවා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.අනික කොච්චර වැඩ අධික වුණත් දරැවන් වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න මැලි නොවන තාත්තලා,තාමත් අපිට ඉන්නවා.


තාත්තලාට කුඩම්මාගේ සැළකිළි

අපි හැමෝම දන්නවා මව්වරැන්ගේ දිනයක් තියෙනවා කියලා.දිනය කවදද කියලා අමතක වුණත් අඩුම ගාණේ එහෙම එකක් තියෙනවා කියලවත් අපි දන්නවා.ඒත් පියවරැන්ගේ දිනයක් තියෙනවා කියලා කව්ද දන්නේ? කව්ද අගය කරන්නේ? දිනයක් තිබුණත් නැතත් තාත්තා ගැන කතා කරන්න ඒක බාධාවක් නෙමෙයි වුණත් අම්මලාට සමාජය ලබා දී තිබෙන තැනත්, තාත්තලාට සමාජය ලබා දී තිබෙන තැනත් අතර ලොකු වෙනසක් මෙයින් පෙන්නුම් කෙරෙනවා. ටී.එම්.ජයරත්න ගායනා කරන “අම්මා සඳකි* ගීතය තුළින් පවා කතා කරන්නේ මේ සමාජ වටිනාකම ගැන.එවැනි ගීත පවා බිහිවෙන්නේ මෙවැනි පසුබිමක් තුළ. හැබැයි ලංකාව තුළත්,විදෙස් රටවලත් කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා විවිධ සංවිධාන කටයුතු කරනවා.ඒ වගේම නිසි තැන කියමින්, එහෙම නැතම් සම තැන කියමින් විවිධ උද්ඝෝෂණ ගෙනියනවා.විප්ලව කරනවා.ඒත් අපේ තාත්තලා කවද්ද තමන්ගේ නිසි තැන ලබාදෙන්න කියලා උද්ඝෝෂණය කළේ ?

අනාගත ඛේදවාචකය

අද වෙනකොට ලංකාව පුරාව අලුත් උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතිනවා.ඒ තමයි “ඩේ කෙයා* සංස්කෘතිය.ඒ නිසා මෙවැනි සමාජයක් තුළ ඉදිරියේදි කුමක් වේවිද කියලා අපටවත් හිතාගන්න බැහැ. තාත්තට තියා අම්මට ලැබෙන ගෞරවයවත් දරැවන්ගෙන් ලැබෙයිද කියලා හිතන්න අමාරැයි.ඒත් ඒ ගැන හිතන්නවත් දෙමාපියන්ට අද වෙලාවක් නැහැ.ළමයින්ට වෙලාවකුත් නැහැ. හැමෝම ළමයව ලොකු ඉස්කෝලෙකට දාන්න මහන්සි ගන්නවා.ඉන්පස්සේ ශිෂ්‍යත්වය පස්සේ පන්නනවා.ඉන්පස්සේ සාමාන්‍ය පෙළ. ඊට පස්සේ උසස් පෙළ.ඊට පස්සේ විශ්ව විද්‍යාලයට.බැරි වුණොත් විෂය පාඨමාලා,පරිගණක පාඨමාලා,ඉංග්‍රිසි පාඨමාලා.

එතකොට ළමයා හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? දෙමාපියෝ හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? අනික නව මාධ්‍යයත් එක්ක ළමයි ගෙදර ආවත් දෙමාපියෝ එක්ක ගනුදෙනුවක් නැහැ. තමන්ගේම ලෝකයක තනිවෙනවා.එහෙම බැලුවොත් මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් පිළියමක් තවමත් අපට පෙනෙන්නටත් නැහැ.ඒ නිසා සමාජවාදීන් කියන අන්දමට මේකත් සමාජ ක්‍රමයේම ගැටලුවක් කිව්වත් අප සැම සිතිය යුතු යමක් තියෙනවා. අම්මටයි තාත්තටයි වැඳලා යන, අවුරැද්දට එකතු වුණු,නත්තලට එකතු වුණු,දීපවාලි දවසට එකතු වුණු,හජ්ජි දවසට එකතු වුණු අපේ සංස්කෘතියට 21 වැනි සියවසේදි මොකද වුණේ ?

Friday, June 27, 2014

සමාජ කලා විඥාණයේ ගැටලු -2014.06.27



සමාජ කලා විඥාණයේ ගැටලු
?


මාලන් විදානපතිරණ - SC/PA/2011/2012/88
PFA 628










හැඳින්වීම
ශ්‍රී ලාංකේය සමාජ කලා විඥාණයේ ගැටලු පිළිබදව එය නොයෙකුත් මානයන් ඔස්සේ විවරණය කළ හැකි නමුදු එය ප්‍රධාන වශයෙන් නවකතාව,කෙටිකතාව,කවිය,නාට්‍ය,ටෙලිනාට්‍ය,සිනමාව, චිත්‍ර හා මූර්ති, සංගීතය, නර්තනය, ගුවන් විදුලි නාට්‍ය සහ නව මාධ්‍ය වශයෙන් කොටස් කිහිපයකට බෙදා සාකච්ඡා කළ හැකිය.මේ අතරම මෙය සමස්තයක් වශයෙන් ගත් කල අද්‍යතන මාධ්‍ය සමග සසඳාලමින් වෙනත් කෝණයකින් විදාරණය කළ හැකි බැවින් අදාළ ප්‍රස්තුතය කොටස් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරීම මනා යැයි අපි සිතනෙමු.
මුල සොයා යෑම
ediriweera-sarachchandra.jpgපණහ, හැට, හැත්තෑව යනු ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ පුනරැදය අවධිය ලෙස සැළකෙන දශක ත්‍රිත්වයයි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නිර්මාණය කරමින් පේරාදෙණිය තුළින් වෙනමම ගුරැකුලයක් නිර්මාණය කරමින් වේදිකා නාට්‍ය කලාව ඉහළට ඔසවා තබද්දී,නවකතාව,කෙටිකතාව මෙන්ම කවියටද විශාල අවකාශයක් ලැබුණු  එකල සමාජය තුළ ඒ පිළිබඳ බුද්ධිමත් සංවාදයක් ඇති වූ අතර මිනිසා පවා ගත කළේ ඉතා සරල දිවි පෙවතකි. එසේම සරල අවශ්‍යතාවලින් සැදුම්ලත් එකල මහජනයා,එකල වැඳුම් පිදුම් කළේ මාකටින්  සම්ප්‍රදායයකට නොවේ. ඒ අනුව අදට සාපේක්ෂව මුදල් පෙරට තබා නිර්මාණ නොකළ නිර්මාණකරැවන්ගේ එකල ප්‍රශ්නය බවට පත්වූයේ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ දුරස්ථීකරණයට එරෙහිව ස්ටැනිස්ලව්ස්කිගේ රෑපණ විධි ක්‍රමයයි. එසේත් නැත්නම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව කෙරේ ඇන්ටන් චෙකෝව්ගේ චෙරි වත්ත නාට්‍යය දැඩි ලෙස බලපෑවාද නැද්ද යන්නයි.නොඑසේ නම් චෙරිවත්තේම කොපියක්ද යන්නයි.එසේත් නැත්නම් ධනවාදයේ  ආදීනවත්,සමාජවාදය ඊට හොඳම පිළිතුර වන්නේද නැද්ද යන්න බවත්ය.
mahagama sakara 1.jpgරාත්‍රියේ හෝ සවස් ජාමයේ සප්පායම් වන ඇතැම් නිර්මාණකරැවන් සංශුද්ධ සිංහල හෝඩිය වමනය කිරීම වෙනුවට නව ගීත සම්ප්‍රදායයක අවශ්‍යතා පිළිබඳව ගැඹුරැ කතාබහක යෙදුණු අතර ගීතය තුළ තිබිය යුතු කවිත්වය,ඊට සංයෝජනය වන නාද රටා සංරචනය කෙරේ දැඩි කතාබහක යෙදුණූ අතර ඇතැම් ගීතවල පද මාලා වෙනස් අයුරින් විග්‍රහ කර ඇති අන්දමත් විවාදාත්මක ස්වරයෙන් සෙස්සන් සමග විවේචනය කළේය.මහගමසේකරයන්,ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, ඩෝල්ටන් අල්විස්,පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව (ඇල්බට් පෙරේරා),ඔගස්ටස් විනයාගරත්නම්,ආචාර්ය ප්‍රේමසිරි කේමදාස,සුනිල් ශාන්ත,අරිසෙන් අහුබුදු,කරැණාරත්න අබේසේකර,යූ ඒ.ඇස්.පෙරේරා (සිරි අයියා),රත්න ශ්‍රී විජේසිංහ වැනි සංගීත ක්ෂේත්‍රය තුළ අමතක නොවන ගීත සමුච්චයක් ශේෂ කළ නිර්මාණකරැවන් බිහිවන්නේද එවන් සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙනි.සංවාදවල ප්‍රතිඵල වශයෙනි.විවාදවල ප්‍රතිඵල වශයෙනි.විචාරයන්හි ප්‍රතිඵල වශයෙනි.එසේම විවේචනවල ප්‍රතිඵල වශයෙනි.
Kumaratunga_Munidasa_(1887-1944).jpg
 ඇතැමුන් නර්තන කලාවේ පවතින නව ප්‍රවණතා මෙන්ම සංකූලතා පිළිබඳ සුළුවෙන් හෝ කතාබහක යෙදෙද්දී , මුද්‍රිත මාධ්‍ය තුළින් පවා එකල ඊට උනන්දු විය.නර්තනයේ ද්විතීයික අවස්ථාවක් ලෙස සැළකෙන මුද්‍ර නාට්‍ය කලාවේ නල - දමයන්ති සහ කරදිය වැනි නිර්මාණ අදටද කතාබහට ලක්වන්නේ එබැවිනි. පරමාදර්ශී මුද්‍රා නාට්‍ය ද්විත්වයක් තිළිණ කළ චිත්‍රසේන වජිරා කිසිදිනෙක අමතක කළ නොහැකි දෙපළක් වන්නේත් එබැවිනි.
එසේම චිත්‍ර හා මූර්ති පිළිබඳ කතාබහ කිරීමට පවා විදග්ධයන් උත්සුක වූ අතර ඊට ඉඩක්ද තිබිණ. එසේම මෑතකදි ඇස්.ගොඩගේ මහතා පුවත්පතකට සඳහන් කළ පරිදි එකල කවියට පාඨකයාගේ දැඩි උනන්දුවක් පැවැති අතර වැඩිම අලෙවියක් වාර්තා කළේ කවි පොත් බව ඔහු එම පුවත්පතට පවසා ඇත.එනම් එකල කුමාරතුංග මුනිදාස,එච්.ඇම්.කුඩලිගම,මීමන ප්‍රේමතිලක,ගුණදාස අමරසේකර,දයාසේන ගුණසිංහ,මහාචාර්ය විමල් දිසානායක,ජී.බී.සේනානායක සාගර පලන්සූරිය හෙවත් කේයස්, විමලරත්න කුමාරගම, රුපියෙල් තෙන්නකෝන්, පරාක්‍රම කොඩිතුවක්කු,මොනිකා රැවන්පතිරණ වැනි කවීන් පිළිබඳ එකල පැවතියේ අවදිමත් සමාජයකි.
user109773_pic8154_1317627790.jpgආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,තිස්ස අබේසේකර,ටෝනි රණසිංහ,සිරිල් වික්‍රමගේ,ආචාර්ය ධර්මසේන පතිරාජ,සුගතපාල සෙනරත් යාපා,ධර්මසිරි බණ්ඩාරනායක,ගාමිණි ෆොන්සේකා,ජෝ අබේවික්‍රම,අමරසිරි කලංසූරිය,වසන්ති චතුරාණි,මාලිනි ෆොන්සේකා,බූඩි කීර්තිසේන,ටයිටස් තොටවත්ත වැනි සිනමාකරැවන් බිහිවූ යුගයක් වන එකල වානිජ සිනමාව පසෙකින් වාර්තා පිට වාර්තා තැබුවද කලාත්මක චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා කෙරේ එය බල නොපැවැත්විණ.එසේම එවන් භේද භින්න වීමක් හෝ වෙන්වීමක් එකල දක්නට නොවිණ.















ස්වර්ණමය යුගය සහ තාක්ෂණයේ අතික්‍රමණය
du daruwo.JPGකෙසේ වෙතත් අසූව දශකය වන විට ජපානය විසින් රෑපවාහිනි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් විය.රඟහලට ගොස් වේදිකා නාට්‍යයක් නැරඹීමට අලස ප්‍රේක්ෂකයා,චිත්‍රපටයක් නැරඹීමට පවා සිනමා ශාලාවට යාමට මැලිකමක් දැක්වීම නිසා වේදිකා නාට්‍ය කලාව සහ සිනමා කර්මාන්තයට කණකොකා හැඬලුවේය.කෙසේ වෙතත් ටෙලිනාට්‍ය කලාවේ ප්‍රමුඛයෝ වූ බන්දුලවිතානගේ,ලූෂන් බුලත්සිංහල,ධම්ම ජාගොඩ,සෝමවීර සේනානායක ආදීන් මේ තුළ කලාත්මක යමක් කිරීමට උත්සාහ දැරෑ අතර පෞද්ගලික නාලිකා අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට පටන් ගන්නා තාක් එනම් හින්දි අර්ථශූන්‍ය මාලා නාට්‍ය ගෙන්වාලන තුරැ ටෙලිනාට්‍ය කලාව හොඳ මට්ටමක තිබිණ.
එසේම ආලින්දයේ සිට උදේ සිට රාත්‍රිය වන තෙක් කිසිදු විධිමත් ප්‍රතිපත්තියක් නැති ආකාරයේ වැඩසටහන් පෙළගැස්වීමකට සියලු නාලිකා පෙළඹෙත්ම,සියලු නාලිකා තරගකාරීත්වය පසුපස හඹා යත්ම සියලු සමාජ රටාවන් ව්‍යාකූල වූ අතර පැටලුණු නූල් බෝලයේ කොණ සොයාගත නොහැකි තත්ත්වයක් උදා විය.
එහෙත් මේ අතර ටයිටස් තොටවත්ත,ප්‍රේමකීර්ති ද අල්විස් වැනි නිර්මාණකරැවන් අනාගතය ගැන සිතා කටයුතු කළ අතර ජාතික නාලිකා තුළින් තරගකාරී නොවී උසස් රසිකත්වයක් ලබා දීමට උත්සුක විය.විශේෂයෙන්ම දොස්තර හොද හිත,ඉගුරැ පාන් මල්ලී,බෘම්,හා හා හරි හාවා,පිස්සු පූසා,වලස් මාමා වැනි ආදර්ශමත් ළමා කතා මෙන්ම ඔෂීන්,සුසුරන් වැනි ආදර්ශමත් ටෙලිනාට්‍ය මාලා තිළිණ කළ ඔවුන්, ඒ හරහා අමතක නොවන අතීතයක් එකල සිටි ළමා ප්‍රේක්ෂකයන් අතර ගොඩනැගුවේය.
Oshin.jpgඅතීතාවලෝකනයක් හෝ අතීතකාමයක් ලෙස ඇතැමුන් හැදින්වුවද දිනෙන් දිනම සෘණාත්මක කරැණු වගා වනවා මිසක ධනාත්මක කරැණු දැක ගත හැකි වන්නේ කලාතුරකිනි. අප රෑපවාහිනී මාධ්‍යය පිළිබඳ තීර්‍ව ස්වරයෙන් කතා කිරීමටද හේතුවක් තිබේ.ඒ රෑපවාහිනි මාධ්‍ය යනු දැවැන්ත සමාජ බලපෑමක් කළ හැකි මාධ්‍යයක් බව සමාජ විද්‍යාඥයන්ද පිළිගන්නා සත්‍යයකි.
එහෙත් එය කණකට නොගත් බොහෝ පාලකවරැන් තම බලය රුක ගනු වස් ක්‍රියා කළා විනා රසවින්දනය සැකසීමට නිසියාකාර ක්‍රමවේදයක් නිර්මාණ කිරීමට කිසි විටෙකත් උත්සුක නොවූ අතර විපක්ෂයට බැන වැදීමට හෝ පාලක පක්ෂය විවේචනය කිරීමට ජනමාධ්‍ය භාවිතා කළ අතර එදා වේල ටුවර්ස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් රසවින්දනය ලබා දීමට මාධ්‍ය භාවිතා කළේය. ඒ අනුව ෂේප් න්‍යාය දල්වමින් රසවින්දනයේ ගිනි සිළුව අවුලුවාලමින් අද අපට නැගී සිටීමට සිදුව ඇත්තේ අළු වී ඇති සමාජ කොටසක් සමගිනි.    
කෙසේ වතත් ජංගම දුරකතනයේ සහ පරිගණකයේ පැමිණීමත්,එහි ද්වීතියික අවස්ථාවක් ලෙස ටැබ්,ලැප්ටොප්,අන්තර්ජාලය පැමිණීමත් සමග එකී තත්ත්වය තව තවත් පරිහානියට පත් වූ අතර මුළු ලොවම අතැඹුලක් සේ ගත හැකි වුවද රසවින්දනය භාවිතාවන් අතින් සෘණාත්මක දිශානතියකට ගමන් කිරීමට පටන් ගත් අතර වේදිකා නාට්‍යයක් නොනරඹන,ටෙලිනාට්‍යයකුදු නොනරඹන, සිනමා ශාලාවකට බොක්ස් ආසනයක් අවශ්‍ය වූ විට පමණක් පැමිණෙන නව සමාජ සම්භවයක් නිර්මාණයක් විය.
Apple-iPhone-6.jpgසියලු ප්‍රශ්න දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් විසඳන,ජිවිතයේ ප්‍රශ්න,සමාජ ක්‍රමයේ ප්‍රශ්න ෆේස්බුක් වැනි නව මාධ්‍ය හරහා විසඳන එම ජනතාව, ලෝකය සමගින් නිරන්තරයෙන් ගැටෙමින් කටයුතු කරන අතර විධිමත් යාන්ත්‍රණයක් නොමැතිකමින් එහි පවතින කිරෙන් දිය වෙන්කර ගැනීමේ ක්‍රියාන්විතය තුළ අතරමං වෙමින් සිටියි.
එහෙත් ඊට තරැණ - වැඩිහිටි අතර පවත්නා පරම්පරා ඝට්ටනයද දරැණුවට බලපා ඇති අතර වැඩිහිටියන්ගේ අතීත කාමය සහ අනම්‍යශීලි බව මෙන්ම තරැණයන්ගේ අනම්‍යශීලී බව ඉතා දැඩි ලෙස බලපා තිබේ.
fb_icon_325x325.pngඑසේ කියන්නටද හේතු තිබේ.අන්තර්ජාල භාවිතා තුළින් මෙන්ම පරිගණක භාවිතාවන් තුළද  ප්‍රධාන ධාරාවෙන් පරිබාහිර නිර්මාණාත්මක භාවිතාවන් තිබේ.කවර නිර්මාණය,පිටු සැකසුම්,බ්ලොග්,වෙබ් අඩවි,ලාංජන නිර්මාණය,රෑප සංස්කරණය,සංගීත නිර්මාණය ආදී නොයෙක් මාදිලියේ සංරචකයන් ඊට උදාහරණ ලෙස දක්වාලිය හැකිය.එහෙත් ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයක් නොමැති අතර වැඩිහිටි පරම්පරාව නව මාධ්‍ය දෙස බලන්නේ වපරුසින් වීම මීට දැඩිව බලපා තිබේ.
විශේෂයෙන්ම ෆේස්බුක්,ට්විටර් වැනි මාධ්‍ය හරහා කෙරෙන නිර්මාණකරණය ඇගයීමට කිසිදු විධිමත් ක්‍රමයක් තවමත් ලෝකය තුළ පවා නිර්මාණය වී නැති අතර ඊට පෙළඹීමටද බොහෝ දෙනෙකු මැලි වෙති.එසේම රසවින්දනය,සාහිත්‍යකරණය,විචාරකරණය ආදී නොයෙක් වස්තු විෂයන් පාදක කර ගනිමින් විවිධ කණ්ඩායම් මේ තුළ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරමින් පැවතියද එයද සමාජය තුළ පිළිගැනීමකට ලක්ව නොමැති අතර කවියක් ගැන කතා කිරීමට එය පොතක් බවට පත්විය යුතුය යන මතයේ බොහෝ දෙනෙක් සිටී.නොඑසේ නම් විචාරයක් වන්නට නම් එය විචාර ග්‍රන්ථයක් විය යුතුය යන සාම්ප්‍රදායයික අදහස තවමත් වත්මන් සමාජය තුළ ගිලා බැස ඇත.එසේම කතාවක් වන්නට නම් හෝ රචකයා, ලේඛකයකු වන්නට නම් ඔහු හෝ ඇය එය මුද්‍රිත මාධ්‍ය හරහා නවකතාවක් හෝ පුවත්පතකට පළකිරීම වැනි හණමිටි අදහස්වලින් තවමත් සන්නද්ධව ඇත.
එහෙත් අප එනයින් නවකතා,කෙටිකතා,කවි,විචාර ග්‍රන්ථ ආදිය අනවශ්‍ය බව නොපවසන්නෙමු.එහෙත් පවතින තාක්ෂණය සමගින් ඉදිරියට යාමටත්,තාක්ෂණය දෙස වපරුසින් බලන්නටත් යාමත් තුළ අදාළ සාමූහිකත්වය ගොඩනොනැගෙන්නේ නම් රසවින්දනය ඉදිරියට විතැන් කිරිම ඉතා දුෂ්කරය.
එනම් අන්තර්ජාලය,පරිගණකය ආශ්‍රිතව වෙනමම පිරිසක් ගොඩනැගෙද්දී එහි අභ්‍යන්තරය තුළත්, ටෙලිවිෂන්කරණය සහ ගුවන්විදුලි මාධ්‍ය තුළත්,මුද්‍රිත මාධ්‍ය තුළත් එක හුයක් සේ බැඳෙන රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ අවශ්‍යතාවය දැන් වන විට මතුව තිබේ.
එහෙත් සාහිත්‍යය,ඉතිහාසය පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ යුගයක් පසු කළ අපට එම ගමන යාම තරමක් අසීරැ බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදුවේ.ඒ එහි ආදීනව අදටත් වැඩිහිටි පරම්පරාව තුළින් දැක ගත හැකි බැවිනි.
3idiot-31-12x9.jpgඑනම් පාලකයන්ට කලාකරැවා මැට්ටෙකු කිරීමේ අවශ්‍යතාවය අද වන විට සාර්ථක වී ඇති අතර එමගින් ජනතාව තුළින් නැගෙනා බුද්ධිමත් හඬ නිහඬ කිරීමට දේශපාලන ක්‍රමය සමත් වී ඇත.සෘජුවම කියතොත් මිනිසා කෙරේ මිනිසා පිළිබඳ තිබිය යුතු හැඟීම හෙවත් කලාත්මක සාක්ෂරතාව ශූන්‍ය තත්ත්වයකට ගෙන ඒමට සමස්ත ක්‍රමය තුළ ඉඩ ප්‍රස්ථා නිර්මාණය වී ඇති අතර ආත්මාර්ථයෙන් තොර වූ පරාර්ථයෙන් තොර වූ සමාජ පිරිසක් නිරෝත්සාහයෙන්ම බිහිකර ගැනීම දේශපාලන කණ්ඩායම් සමත්ව ඇත.
ඊට තදින්ම පාසැල් අධ්‍යාපන ක්‍රමයද බලපා ඇති අතර වානිජ සිසුවාට කලාත්මක හැඟීම් පුබුදවා ගැනීමට විෂය නිර්දේශයෙන් අවසර නොදීමත්, විද්‍යා විෂය හාදරන සිසුවාට කිසිදු ආකාරයේ කලා විෂයක් සෙසු විෂයන් සමග හැදෑරීමට ඉඩකඩ ලබා නොදීමෙන් මෙම අර්බුදයේ එක් කොණක් ලිහාගත හැකිවේ.‍
කෙසේ වෙතත් තාක්ෂණය ශ්‍රී ලංකාව පුරා කොතරම් ව්‍යාප්තව ඇත්දැයි යන්න ප්‍රශ්න කළ හැකි තර්කයකි.එනම් ජංගම දුරකතනයක් තබා විදුලියවත් නොමැති ගම් දනව් තවමත් අප රටේ පැවතීම ඛේදවාචකයකි.ඒ අනුව ඔවුන්ගේ රසවින්දනය පවතින්නේ කිනම් මට්ටමකද යන්න විවාදාත්මකය.එහෙත් බොහෝ විට ඔවුන් සංගීත සංදර්ශනයක් ඇතැයි කියතොත් රුස් කකා එය බලන්නට යයි.ඔවුන්ට ඕනෑ කරන්නේ තමන්ගේ සංකීර්ණ ප්‍රශ්න ටික මොහොතකට හෝ අමතක කළ හැකි අවකාශයකි.ඒ අනුව ඔවුන් කකුලට නැටවෙන ගීත කෙරේ වැඩි අවධානයක් යොමු කිරීමද ස්වාභාවික තත්ත්වයකි.ඒ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට හෝ දෙමාපියන්ට නොහැකි වීම නිසාවෙනි.ඒ අනුව අවිධිමත් ජීවන රටාවක කාලය ගත කරන ඔවුන් අයාලේ යාම වළක්වා ගැනීම අස්වාභාවික තත්ත්වයක් නොවේ.නමුත් බොහෝ විට අප හොට පටලවා ගන්නේද මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකිවය.
BALLOTH-EKKA-BA-01.jpgඅක්‍රමවත් අධ්‍යාපන ක්‍රමයත්,ඇති - නැති පරතරය විෂමතාවයත් තුළ බොහෝ විද්වතුන් ප්‍රශ්න කරන්නේ ජනතාවගේ රසිකත්වය, බුද්ධි මට්ටම පහත් අගයක පවතිනා බවයි.එනම් පැලැස්තර විසඳුම් සොයනා වග කිය යුතු පිරිස් අශ්වයා පැන ගිය ඉස්තාලය වැසීමට සැම විටම උත්සුක වෙයි.එහෙත් සිදුවිය යුත්තේ එයද ?
එහෙත් එය සමස්ත ක්‍රමයට හෝ පාලන ක්‍රමයට භාර දී අප ඔහේ බලා සිටිය යුතු බවක් මින් අදහස් නොවේ.අප යමක් කළ යුතුව ඇත.එහෙත් ඒ සඳහා අදාළ සමාජ කොට්ඨාසය සිටිනා සමාජ තත්ත්වය අවබෝධ කර ගැනීම පළමුව ගත යුතු ක්‍රියාමාර්ගයයි.එනම් ඔවුන්ගේ රසිකත්වය 10669.jpgසොයා, ඔවුන් සමගින් ඔවුන්ගේ මට්ටම ස්පර්ශ කරමින් ඒ තුළින් පියවරෙන් පියවර කලා විඥාණය ඉහළට ඔසවා තැබීම මැනවි.එහෙත් එය සාර්ථක කර ගැනීම උඩු ගං බලා පිහිනා යාමකි.එහෙත් ඊට වෙනත් පිළියමක්ද නොමැත.
bodu-bala-sena-1-3.jpgමන්ද ඇතැමුන්ට බත් පැකට්- අරක්කු සංස්කෘතිය ඉතා තදින් ගිලා බැස ඇත.වේදිකා නාට්‍යයක් නැරඹීමට බොහෝ අයට අවශ්‍ය නමුදු, පළමුව් ඔවුන් අසන්නේ එය කවර වර්ගයක නාට්‍යයක්ද යන්නයි.ඒ තුළින් ඔවුන් වක්‍රෝක්තියෙන් අරැත් ගන්වන්නේ බුද්ධිමය පිරිපහදුවකට දත කන නිර්මාණ කෙරේ ඔවුන් සවිඥාණක නොවන බවයි.එනම් සරල රසවින්දනයකට පැමිණි ඔවුන්, ඒ කෙරේ බැඳෙන්නේ ඉතා කෙටි කාලයකට පමණි.අනෙක් අතට කලාත්මක නාට්‍යයක් වේදිකාගත කිරිමට උත්සුක වුවද ඇතැම් විට ඊට නිසි රඟහලක්ද නොමැති අවස්ථා එමටය. චිත්‍රපටයක් ගත් කල ඊටද උදා වී ඇත්තේ මෙවන් ඛේදවාචකයකි.බොහෝ විට චිත්‍රපටයක් හෝ තිරගත කිරීමට තරම් සිනමා ශාලාවක් නොමැති ගම් දනව් එමටය.චිත්‍ර කලාව පිළිබඳවද ඇත්තේ මෙවන් අසුන්දර සවිඥාණික තත්ත්වයකි.ලෝකය සමග සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ මට්ටමක සිටිය යුතු ශ්‍රී ලාංකේය චිත්‍ර හා මූර්ති ශිල්පියාට නිසියාකාර වූ වෙළඳපොළක් හෝ තිබෙනවාද යන්න ගැටලුවකි.එසේම නිසි රාජ්‍ය ඇගයීමක් ලැබෙනවාද යන්නත්,ජනමාධ්‍ය තුළින් කෙසේ ඊට පෙළඹීවමක් ලැබෙනවාද යන්නත්,කලා භවන,ලයනල් වෙන්ඩ්ට් වැනි ස්ථාන කොපමණ තවත් ශ්‍රී ලංකාව පුරා තිබේද යන්නත් දැඩි ලෙස ගැඹුරින් සාකච්ඡා කළ යුතු තත්ත්වයකි.එසේම එම ක්ෂේත්‍රයට පිවිසීමට නිසියාකාර විධිමත් ක්‍රියා පිළිවෙතක් තිබේද යන්නත් වෙසෙසින්ම විශ්ව විද්‍යාල ක්‍රමයට ඇතුළත් වීමට නොහැකි වුවහොත් දක්ෂයාට කුමක් සිදුවේද යන්නත් ගැටලුකාරීය.එමෙන්ම අදාළ මාර්ගෝපදේශකත්වයද දක්ෂයාට ලැබෙනවාද යන්නත්,තමන්ගේ කලාව කෙරේ සවිඥාණික බවක් ඔවුන්ට එයින් ලැබේද යන්නත් සමස්ත කලාව තුළම දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගෙන යන තත්ත්වයකි.    
එසේම ක්ෂණික කොත්තු රස බලන,මිනිත්තු දෙකේ නූඩ්ල්ස් සොයනා වත්මන් සමාජය තුළ කලබලකාරී හැඟීම් විනා හොඳ නිර්මාණයක රස පහස විඳීමට තරම් සංයමයමක් තිබේද යන්නත් ගැටලුවකි.සරච්චන්ද්‍රයන්,හෙන්රි ජයසේනයන්,ලෙස්ටර් ජේම්ස් පීරීස් ශූරීන්,අමරදේවයන් මෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ සාමකාමී සමාජය අද වන විට කලබලකාරී වීමත්,ඒ තුළින් නිර්මාණකරැවන් පවා සංයමකින් නිර්මාණකරණයට තරම් පසුබිමක් සකසා ගැනීමට අපොහොසත් වීම අප මෙයින් අදහස් කරන්නෙමු.එනම් කළු ජුලියෙන් පසුව පශ්චාත් යුද සමය ජීවිතය ගෙවන අප නැවතත් ජාතිවාදයකට දොරටු විවර කරන පරිසරයක කාලීන තේමා නිර්මාණකරැවන්ගේ ඇස ගැටීම වළක්වනු බැරිය.එසේම මෙවන් පරිසරයක සංයමකින් කෙරැණු මීට අඩ සියවසකට එහා කළ නිර්මාණ නැවතත් ඉදිරියට විතැන් වීමත්,ඒවා තුළම ලැගීමත්,එම නිර්මාණ සමගින් වත්මන් නිර්මාණ සංසන්දනය කිරීමත් වළක්වාලනු බැරි තත්ත්වයකි.ඒ තුළ පවත්නා සර්වකාලීන ගුණය හේතුවෙනි.එහෙත් එයින් අද සර්වකාලීන ගුණයෙන් යුතු නිර්මාණ නොමැති බව අප අදහස් නොකරන නමුත් එවන් නිර්මාණයකට අවශ්‍ය අඩුම කුඩුම හෝ එවන් නිර්මාණයක් කළද ඊට ලැබෙන ප්‍රතිචාරයේ පවත්නා මඳ බව එවන් නිර්මාණවල හිඟ බවට මෙන්ම එවන් නිර්මාණකරැවන්ගේ හිඟ බවටද තදින්ම බලපා තිබේ. 
MusicVideo33.jpgසිනමාව,ටෙලිනාට්‍ය යන මාධ්‍යයන්ට අමතරව ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වන තවත් මාධ්‍යයක් ලෙස රෑප රචනා කලාව දක්වාලිය හැකිය. සිනමාත්මක යමක් කිරීමට උත්සාහ දරනා මෙම මාධ්‍යයේදී එය මුදල් පසුපස හඹා ගියත් එය කලාත්මක යමක් කිරීමට වෙර දරන බව අපගේ හැඟීමයි.
කෙසේ නමුත් ප්‍රධාන ප්‍රවාහයේ ගමන් නොකරන මාධ්‍යයක් බැවින්ද,තවමත් ජ්‍යෙෂ්ඨ කලාකරැවන් විසින් අනුමත කිරිමට මැලි වන මාධ්‍යයක් වන රෑප රචනා කලාව සැළකිය යුතු ඇගයුමකට ලක් විය යුතු බව අපගේ හැඟීමයි.

එහෙත් පවතින ප්‍රධාන ඝට්ටනය වන්නේ බොහෝ එක් කණ්ඩායමක් කලාවෙන් මුදල් උපයා ගැනීම නින්දිත ක්‍රියාවක් ලෙස සැළකීමත්, අනෙක් පිරිස එය එසේ නොසැළකීමත්ය.ඒ අනුව වත්මන් සමාජය තුළ මෙම ඝට්ටනයේදීද පැහැදිලි ලෙස පෙරමුණ ලබා ගන්නේ වැඩිහිටි පරපුර සහ තරැණ පරපුරයි.ඒ අනුව එයද තරැණ - වැඩිහිටි ගැටුමක් ලෙස අදටත් තීව්‍රව පැන නගින පැහැදිලි සමාජ අවිඥාණික බවක් බව අපගේ අදහසයි.එහෙත් මිනිත්තු තුන හතරක සීමිත කාල පරතරයක් තුළ විශාල යමක් කළ හැකිදැයි කෙනෙක්ට ප්‍රශ්න කළ හැකිය.එහෙත් එය එසේ නම් කෙටි චිත්‍රපට කලාව පවතින්නේ කෙසේදැයි යන්නද ප්‍රශ්න කළ යුතුය.(මෙයින් කෙටි චිත්‍රපට කලාව සහ රෑප රචනා කලාව එකම තරාදියක දෙපැත්තේ තැබිය හැකි බව අදහස් නොවේ.) එනිසා එලෙසින් ආදේශ කරන කල්හි එම තර්කය අවලංගු කාසියකි.එනම් වැදගත් වන්නේ කරනා නිර්මාණය ගුණ අගුණ බව අපගේ හැඟීමයි.
LankaBell-Jack-Tree-TVC.jpgකෙසේ නමුත් රෑප රචනා කලාව තුළින් බිහිවූ කලාත්මක තේමා සහ ස්පර්ශ නොවූ සමාජ තේමා කොතෙක් දුරට කතිකාවතට ලක් වූවාද යන්න අපට විශාල ගැටලුවකි.එසේම ඊට විචාරක පැලැන්තියක් හෝ හොඳක් නරකක් පවසාලමින් කෙබඳු ආකාරයෙන් ඇගයුමක් ලැබුණිද යන්නත්,ඒවා කෙරේ අප කොතෙක් සවිඥාණික වූවාද යන්නත් පැහැදිලිව ප්‍රශ්න කළ යුතු තත්ත්වයකි.මෙහි ප්‍රශ්නය ඇත්තේ වත්මන් ලෝකය තුළ නිර්මාණකරැවන්ට තමන්ගේ නිර්මාණකරණයට අවශ්‍ය මංපෙත් බාහුල්‍යය වුවද, ඊට අවතීර්ණ වන ඔවුන්ට ප්‍රධාන ධාරාවේ ලැගුම්ගෙන සිටින හණමිටිකරැවන්ගෙන් නිසි ඇගයුමක් නොලැබුමයි. ඊට ප්‍රේක්ෂකයා සවිඥාණික නොවීමයි.
patiroll.jpgFair-and-handsome-shah-rukh-khan.jpgවෙළඳ දැන්වීම් කලාවට සිදුව ඇත්තේද එයමයි.මනුෂ්‍යත්වය ගිලිහෙන වත්මන් සමාජය තුළ වෙළඳ අරමුණූ වෙනුවෙන් හෝ මනුෂ්‍යත්වය නැවතත් අවදි කිරීම ඇතැමුන් අරමුණු කර ගැනීමේ වරද කිම? එහෙත් එය ප්‍රධාන ධාරාව හා බැඳෙන හුයක් කර ගැනීමට බොහෝ දෙනෙකු පෙර කී ලෙසම පියවරක් පසුපසට තබයි.ඒ අනුව ඒ දෙස ඇතැමුන් වපරුසින් බැලීමට පුරැදු වේ.එහෙත් එවන් වෙළඳ දැන්වීමක් විදෙස් රටක නිර්මාණකරැවකුගෙන් ඉටු වන විට එය ඉතා ඉහළින් අගය කිරීමටද අපගේ සමාජ සවිඥාණික වේ.විශේෂයෙන්ම ඇමෙරිකාවෙන් හෝ ඉන්දියාවෙන් මෙවන් නිර්මාණයක් කෙරැණි නම් ශ්‍රී ලාංකික සමාජය ඊට ලබාදෙන්නේ පූජාසනයකි.එසේ නම් මෙහිදී අපේ දේ පිළිබඳ අපේ යන හැඟීමත්,ශ්‍රී ලාංකික යන හැඟීම නාම මාත්‍රික වීමත් ඉතා දැඩිව බලපා ඇති බව මනාව පිළිබිඹු වේ.  එසේම තමන්ගේ යන හැඟීමක් නොමැති වීමත්,ඒවා අඩු කුලේ ලා සැළකීමත්,බර අඩු තරාදියේ දැමීමත් මෙවන් කලාත්මක පරිහානියකට පොදුවේ බලපා ඇති බව මෙම නිදසුනින්ද ඔප්පු වේ.
එසේම මෙහි ගුවන් විදුලි නාට්‍ය පිළිබඳවද යමක් සටහන් කළ යුතුය.හුදු පහත් රැචිකත්වයත් උදෙසා නිර්මාණය වන වත්මන් ගුවන් විදුලි නාට්‍ය කිසිවිටෙකත් ශ්‍රාවකයාගේ බුද්ධියට ගෝචර වන්නක් නොවන අපගේ අදහසයි.ඉතා වැදගත්,ගෞරවනීය තත්ත්වයක පැවැති රසවින්දනය පෞද්ගලික නාලිකා මගින් අද වන විට දැවැන්ත ලෙස පහතට ඇද දමා ඇති අතර ශ්‍රාවකයාගේ බුද්ධියට ගරහන සුළු නාට්‍ය නිපදවන්නේ ඔවුන්ට හෝ ඵලක් නොමැති වැරදීමෙන් සහ සැඟවීමෙන් මතුවන හාස්‍ය නිග්‍රහයට පත් කරමිනි.සෘජුවම කියතොත් හුදු මාකටිං සඳහා පමණක් නිර්මාණය වූ ස්වරෑපයක් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අතර නිර්වින්දනය වූ රසවින්දනයක් ඇති ශ්‍රාවකයාද කිසිදු පෙළඹවීමක් නොමැතිව එය අනුමත කරනු දැකගත හැකි වීම ගැටලුකාරී තත්ත්වයකි.











ප්‍රධාන ධාරාවේ කලා මාධ්‍ය තුළ සමාජ කලා විඥාණයේ ගැටලු
චිත්‍ර හා මූර්ති කලාව
art_sri_lanka-e85fb.jpgඡායාරෑප තාක්ෂණය සොයා ගැනීමට චිත්‍ර ශිල්පියා යනු ලෝකයේ ඉතා ඉහළ වටිනාකමක් පැවැති ශිල්පියෙකි.එහෙත් ඉන්කිබිති ඡායාරෑප කලාව සහ සිනමාවේ ආගමනය සමග යම් මට්ටමකට පහත වැටුණු චිත්‍ර කලාව පසුව නැවතත් තටු ගසමින් පියවර දෙකක් ඉදිරියට පැමිණි නමුදු එම බලපෑම ශ්‍රී ලාංකේය චිත්‍ර කලාවට කෙතරම් බලපෑමක් කළාද යන්න සැක සහිතය.එය වත්මන් සමාජය චිත්‍ර ප්‍රදර්ශනයක් වෙනුවෙන් ලබාදෙන අවකාශය තුළින් මනාව නිරෑපණය වේ.එසේම ඊට ලැබෙන ප්‍රතිචාර ඊට සාක්ෂි දරයි.එමෙන්ම අධ්‍යාපන ක්‍රමයෙන් පසුව රාජ්‍ය මට්ටමින් දක්ෂ චිත්‍ර ශිල්පියන් රුක ගැනීමට කෙතරම් විධිමත් සාර්ථක වැඩපිළිවෙළක් සකස් කර ඇත්ද යන්නත්,මහජන නියෝජිතයන්ගේ විඥාණ මට්ටමේ ස්වභාවයත් හොඳින්ම මෙයින් කැපී පෙනේ.
එසේම වර්තමානය වන විට මූර්ති කලාව වනාහි පවතිනවාද නැද්ද යන්න පවා නොදන්නා තරමට නිද්‍රාශීලි බවක් උසුලන අතර ඒ පිළිබ හාවක් හූවක් නොමැත්තේ එය මිය ගිය කලාවන්ගේ ලැයිස්තුවට ළගදීම එක්වන ලකුණූ පහළ කරමිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මූර්ති කලාව කොයිබටද යන්න එහි සමාජ කලා විඥාණ පසුබිම අධ්‍යයනය කිරිමට සැළකිල්ලට භාජනය කළ යුතුය.එසේම මූර්තිය කියවිය හැකි බුද්ධිමත් පිරිසක් ඇති කිරීමට මූර්ති කලා ශිල්පීන් උත්සුක නොවන්නේ මන්දැයි අපට ප්‍රශ්නයක් නැගෙනා අතරම,ඇතැමුන් වෙනත් වෘත්තින් කරා මෙම වෘත්තියෙන් පිටමං වීම හරහා පෙනී යන්නේ එහි වල්බිහි වී ඇති ස්වභාවයකි.එනම් ඇතැම් විශ්ව විද්‍යාලවල පවා වෙනමම මේ පිළිබද ඉගැන්වීම් කටයුතු සිදුවුවද ඉන් බිහිවන දක්ෂයන්ට විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි යන්න සමාජමය වශයෙන් පිරික්සා බැලිය යුතු ප්‍රශ්නයකි.
hqdefault.jpgඑහෙත් මෙහි අනු විෂයක් ලෙස සැලකිය හැකි කාටූන් කලාව ඊට සාපේක්ෂව ඉදිරියට විතැන්ව ඇති බවත්, ඊට මුද්‍රිත මාධ්‍ය තුළින් දේශපාලනික වශයෙන් සහ ළමා මනස සංවර්ධනය තකා ලබා දී ඇති ඉඩකඩ තුළින්ද යම් අවකාශයක් සහ පිළිගැනීමක් ලැබී ඇති වත්මන් සමාජය ඊට දක්වන ප්‍රතිචාර තුළින් පෙනී යයි.එසේම එහි තවත් දිගුවක් ලෙසින් චිත්‍රපට කලාව හා සම්බන්ධ වන සජීවිකරණ කලාව තුළින් යමක් කිරීමට ජාතික මාධ්‍ය කටයුතු කිරීම තුළින්ද ඊට බුද්ධිමත් ප්‍රේක්ෂකයන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම තුළින්ද එහි ගුණාත්මක ප්‍රවණතාවයක් අපට පෙනී යයි.එහෙත් ඊට ගුණාත්මක ප්‍රේක්ෂකයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න අප හමුවේ පවතින ප්‍රබලතම ගැටලුවයි.එහෙත් ජාත්‍යන්තර සජීවීකරණ නිර්මාණ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් ලබාදෙන අවකාශය තුළින් අපට යමක් පැහැදිලි වේ.ඒ පෙර කී ලෙසම සරල රසවින්දනය කෙරේ ඔවුන් ප්‍රමුඛතාව ලබා දීමයි.ඔවුන්ගේම භාෂාවෙන් කියතොත් මහප්‍රාණ ඇසීමට හෝ බැලීමට ඔවුන්ට වෙලාවක් නොමැත. හාස්‍ය, විනෝදය ආදිය ලැබීම ඔවුන්ගේ ප්‍රධානතම අභිප්‍රාය වේ. එනම් ටෙස්ට් තරගවලට වැඩි රැචියක් නොදක්වන වත්මන් මහජනතාව, විස්සයි - 20 තරග නැරඹීමට ඉතා ඉහළ උද්යෝගයක් දක්වයි.ඒ අනුව ජීව ගුණය පිළිබඳ සැලකිල්ලක් ඔවුන්ගේ මොළය තුළ ඇඳී ඇති සේයාවක් අපට නොපෙනේ.එය ඔවුන්ට වැදගත් නොවේ.
වේදිකා නාට්‍ය කලාව
kuweni.jpgරෑපවාහිනියේ ආගමනයත් සමග මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,හෙන්රි ජයසේන,දයානන්ද ගුණවර්ධන,ලූෂන් බුලත්සිංහල,බන්දුල විතානගේ, සුගතපාල ද සිල්වා,නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, ගුණසේන ගලප්පත්ති,පරාක්‍රම නිරිඇල්ල,සෝමලතා සුබසිංහ,සයිමන් නවගත්තේගම, ජයලත් මනෝරත්න ආදී නාට්‍යකරැවන් ගොඩනගාගෙන ආ නාට්‍ය උප සංස්කෘතිය බිඳ වැටෙන්නට පටන් ගත් අතර සිනමාවේ බලපෑමට ඊට තදින්ම එල්ල විය.
ඒ අනුව ඉහත කී නාට්‍යකරැවන්ගේ මනමේ, සිංහබාහු,නරිබෑනා,මධුර ජවනිකා,ආනන්ද ජවනිකා,හුණුවටයේ කතාව,දිරිය මව සහ ඇගේ දරැවෝ,මකරා,තාරාවෝ ඉගිලෙති,රතු හැට්ටකාරී,වැනීසියේ වෙළෙන්ඳා,ඔතෙලෝ, තල මල පිපිලා,ගුරැ තරැව,ලෝකය තනි යායක්,විකෘති,සුබ සහ යස ආදී නාට්‍ය කිහිපයක් පමණක් ශේෂ වූ අතර ඉන් කලාත්මක නාට්‍ය නිෂ්පාදනය අවම තත්ත්වයට පත් විය.හරියටම කියතොත් 1956 පටන් ක්‍රම ක්‍රමයෙන් වැඩී ආ නාට්‍ය නිර්මාණකරණ පරම්පරාව ජයලත් මනෝරත්නයන්ගෙන් පසු නතර වී ඇති සේයාවක් අපට දක්නට ලැබේ.ඊට ලැබෙන අනුග්‍රහය මෙන්ම සමාජයේ එවැනි ගැඹුරැ තේමා සහිත වේදිකා නාට්‍යයකට ලැබෙන ප්‍රතිචාරය අවම වීම මීට බලපෑ ඇති බැව් අපගේ අදහසයි.
23.jpgඑසේම අසල්වැසි ඉන්දියාවේ පවා රාජ්‍ය නාට්‍ය පාසැලක් පවතින සමයක ශ්‍රී ලංකාව තුළ විධිමත් නාට්‍ය පාසැලක් නොමැති වීමත්, පාසැලින් හෝ විශ්ව විද්‍යාලයෙන් තම නාට්‍ය ජිවිතය අහවර කරන නාට්‍ය ශිල්පීන් නාට්‍ය කලාව තුළ රඳවා ගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීමත් මීට දැඩිව බලපෑ ඇත.ඒ අනුව පවත්නා ජාතික තරැණ සේවා සභාව සහ ටවර් හෝල් නාට්‍ය පාසැල හරහා හෝ එම ක්‍රියාවලිය මීට වඩා හොඳින් සාර්ථකව සිදුවන්නේ නම්ද, මීට වඩා හොඳින් සාර්ථක වන්නේ නම්ද,නව ප්‍රවණතා සමගින් ඉදිරියට ඇදෙන්නේ නම්ද සමාජ කලා විඥාණයේ මුල්ගල එතැනින් තබා එහි ආරම්භක සංඥාව එතැනින් නිකුත් කළ හැකි බව අපි අදහන්නෙමු.එනම් බුද්ධිමත් කතිකාවතක්,බුද්ධිමත් විද්වතුන්ගෙන් සපිරි කතිකාවතක්,නිවැරදි මාර්ගෝපදේශකත්වය තුළින් නාට්‍ය කලාව කෙරේ විශ්වාසය තැබිය හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම මගින් නැවතත් නව බුද්ධිමත් නාට්‍ය කලාවක් නිර්මාණය කරමින් විශිෂ්ට ගණයේ නිර්මාණ සමාජගත කර ගත හැකි වනු ඇත.
206712x2WebAd_listJ.jpgඑහිදී එවන් නිර්මාණ රසවිඳිය හැකි ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කර ගැනීමද ඒ අතර සිදුවිය යුතු කටයුත්තකි.එහෙත් වත්මන් නාට්‍ය කලාව තුළ තවමත් බෙහෙත් කර නොමැති උගුල්ලා දැමිය යුතු වල් පැළෑටිය වන්නේද මෙයයි.එහිදී මීට අඩ සියවසකට මෙන් නොව නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය කෙරේ සංයෝග කර ගත හැකි මාධ්‍යයන් රුසකි.අන්තර්ජාලය හරහා නිරන්තරයෙන්ම කතිකාවත් නිර්මාණය කළ හැකි වත්මන් සමාජයේ එවන් ඵලදායි යමකට උනන්දුව දක්වන්නන්ගේ ඌනතාවයක් පමණි, දැක ගත හැක්කේ.එසේම රෑපවාහිනි මාධ්‍ය හරහාද, මුද්‍රිත මාධ්‍ය හරහාද ප්‍රචාරණයක් ලබා දිය හැකි අද්‍යතන යුගයේ සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි.භාණ්ඩයේ ගුණාත්මක බව පසෙක තිබියදී, එහි ප්‍රචාරණය තකා දැවැන්ත ප්‍රචාරයක් ලබා දීමයි.ඇතැම් විට නාට්‍යය නිෂ්පාදනය සඳහා වැය වූ පිරිවැයට වඩා පිරිවැයක් ඒ සඳහා වැයවෙනු අප දැක ගත ඇත.එහෙත් එය ආඩම්බරයට කාරණයක් නොව බුද්ධි මට්ටමේ maname_1.jpgපවත්නා අඩු ලුහුඩුතාව තව දුරටත් පෙන්නුම් කරනා තවත් එක් සාධකයක් පමණෙකි.
hqdefault.jpgඑසේම වේදිකා නාට්‍ය කලාව තුළ වර්තමානය වන විට තේමා තෝරා ගැනීමේදී ස්වතන්ත්‍ර නාට්‍යයන්හි අවම බවක් පවත්නා අතර ඊට දේශපාලන නායකත්වයන් මගින් පනවා ඇති වාරණ නීති බලපා ඇති බව නාට්‍ය කලාවේ නියැලෙන විද්වතුන්ගේ මතයයි.  එනම් මිනිසාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හමුවේ ස්වතන්ත්‍ර නාට්‍යයක් කෙරේ තම පරිකල්පනය නොයොදවන වත්මන් ඇතැම් නාට්‍යකරැවන්,මෙම කලාවෙන් ඈත්ව යන ස්වරෑපයක් අද දක්නට ලැබේ.ඒ අනුව පවතින නාට්‍ය ධාරාව නියෝජනය කරන්නන් එසේ පරිකල්පනය කිරිම කෙරේ මැලිකමක් දක්වද්දී,එහි දෙවැනි පෙළ තව තවත් පසුගාමී වීමද අතිශයෝක්තියක් නොවේ.එසේම පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළින් හෝ නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශයෙන් කිසිදු ආකාරයක නිර්මාණ ශක්තියක් කෙරේ ඉඩ ප්‍රස්ථාවක් ලබාදෙන බව සිතීමද උගහටය.එමෙන්ම නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයේ පැවැති විචාර  සංස්කෘතිය අද වන විට නිද්‍රාශීලි ස්වභාවයකට පත්ව තිබීමත්,එතුළින් වේදිකා නාට්‍ය කලාව සමාජය තුළ පවතින්නේද නැද්ද යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් නොදන්නාකමත් මෙහි ඉතා දරැණු අවස්ථාවක් පෙන්නුම් කරයි.එනම් මේ වන විට බොළඳ හාස්‍යයට බර වී ඇති ඇතැම් නාට්‍යය කලින් කලට වෙනස් වන පපඩම් නාට්‍ය බවට පත්ව ඇත්තේ දේශපාලන ප්‍රහසන බව කියමිනි.එහෙත් එවැනි නාට්‍යවල හුදු වානිජමය පරමාර්ථ විනා සර්වකාලීන ගුණයක් අපට නම් දක්නට නොමැති අතර එය තවත් සාජන් නල්ලතම්බි සංස්කෘතියක් පමණක් බවත් අපි දකිනෙමු.

එසේම සිංහල රාජ්‍ය භාෂාව කරමින් හැටේ දශකයේදී ගත් තීරණාත්මක දේශපාලන තීරණය හේතුවෙන් අදටත් නාට්‍ය කලාව තුළ ද්විභාෂා උගතුන්ගේ දැවැන්ත අඩුපාඩුවක් දක්නට ලැබෙන අතර විවෘත ආර්ථිකයක් පවතිනා බව කීවද,ලෝකය අපට අතැඹුලක් සේ ගත හැකි තත්ත්වයක් නිර්මාණ වී ඇති බව කීවද ඊට ප්‍රවේශ වන මාර්ගය අවහිර වී තිබීම අද නාට්‍ය කලාවටද දැවැන්ත ලෙස බලපා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයේ නිර්මාණය වන නව නාට්‍ය පිළිබඳ කිසිවක් නොදන්නා අප, තවමත් අතපත ගානේ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ නාට්‍යයයි.එසේත් නොමැති නම් දාරියෝ ෆෝගේ නාට්‍යයයි.ඉනික්බිති කෙතරම් නාට්‍ය බිහිවුණිද ? කෙතරම් විශිෂ්ට නාට්‍යකරැවන් බිහිවුණිද ? අප ඒ පිළිබඳ දැනුවත්ද ? නාට්‍ය කලාවේ නව ප්‍රවණතා කවරේද ? ඒ පිළිබඳ අප දැනුවත්ද ? ඒ අනුව අප නාට්‍ය කලාව තුළදී සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි.එතුළින් සජීවි මාධ්‍යයක් ලෙස වේදිකා නාට්‍ය කලාව අන්ත අසරණ වී ඇත.එසේම දේශපාලුවන්ට පින්සිදුවන්නට ද්විභාෂා උගතුන් නොමැතිව මාලා ටෙලිනාට්‍යයකට සම්මාදම්ව කීයක් හෝ අතමිට මොලවා ගැනීමටත්,කුලීකරැවන් සේ කලා ක්ෂේත්‍රයේ නියැලීමටත් නාට්‍ය කලාව කෙරේ උනන්දුවක් ඇත්තවුන්ටද සිදුව ඇත.

sinhabahu-211x300.jpgඑබැවින් වේදිකා නාට්‍ය කලාව කෙරේ ජන විඥාණය පුළුල් කරලීමේ දැඩි අවශ්‍යතාවයක් අද වන විට නිර්මාණය වී තිබේ.එසේම ද්විභාෂා උගතුන්ගේද දැඩි අවශ්‍යතාවයක් ඇතිව තිබේ.එමෙන්ම පවතින තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් දැවැන්ත පාඨක සමාජයක් නිර්මාණය කිරිමටද අපට බැරි නැත.එහෙත් එය පුස්සක් නොවන්නට නම් එවැනි දේ ක්‍රියාවේ යෙදවීමට පවතින බලකා හෝ බල සේනා උනන්දු විය යුතුය.එසේම මනෝරත්නයන්ගෙන් පසු පේන මානයේ දැවැන්ත රංග පෞරැෂයක් නොමැති බැවින් වේදිකාව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න පිළියම් යෙදිය යුතු තවත් දැවෙන ගැටලුවක් බව අපගේ අදහසයි.
එහෙත් මේවා සමාජ කලා විඥාණය සමග බැඳෙන්නේද යන්න ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත.බුද්ධිමත් නාට්‍ය සංස්කෘතියක් වර්තමානයේ නොමැති වීම තුළින් කිසිවිටෙකත් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් බිහි නොවේ.එහි අදහස නම් බුද්ධිමත් නිර්මාණකරැවන් පිරිසක් සමග එම බුද්ධි මට්ටම වටහා ගත හැකි බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්ද, ඒ හා බැඳුණූ කතිකා,සංවාද,විවාද,විචාර ආදියට සංවේදී වන සමාජ කොටසක්ද වත්මන් සමාජය තුළින්ම ඉස්මතු වන තුරැ වේදිකා නාට්‍ය කලාව තුළ සවිඥාණික රසවින්දනක් නිර්මාණය නොවනු ඇත. එසේම අවිඥාණික වූ නිර්වින්දිත රසවින්දනය පහව නොයනු ඇත. 

   
   














thumb500_premasiri_03.jpgසංගීතය
වත්මන් සංගීතය තුළ ඉතා තදින්ම දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ හරවත් ගීතවල අඬු ලුහුඬුතාවයයි.එසේම සංගීතය තුළ විප්ලවීය කාර්ය භාර්යයක් ඉටු කරන රුඩිකල්වාදී සංගීතඥයන්ගේ අවශ්‍යතාවයක් සමාජයට අවශ්‍ය කර තිබේ.කොටින්ම කියතොත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වැනි හිතුවක්කාර ගාන්ධර්වරයකුගේ ආදේශකයක් සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යම කර තිබේ.යානි ශ්‍රී ලංකාවට පැමිණ කළ මොහොතේ ශ්‍රී ලංකේය රසිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි ටිකට්පත් සියල්ලම නියමිත දිනටත් පෙර අලෙවි වීමෙන් පිළිබිඹු වූ අතර සාර්ථකව නිර්මාණකරණයෙහි යෙදුණහොත් ශ්‍රී ලාංකේය සංගීත ශිල්පීන්ටද එම අභියෝගය දේශීය වශයෙන් හෝ ජය ගත හැකි වනු ඇති බව අපගේ අදහසයි.කෙසේ වෙතත් ඩබලිව්.ඩී.මකුලොළුව සංගීතවේදියාණන් කළ “දෙපානෝ* සංගීතමය සංධ්වනියෙන් පසුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් “පිරිනිවන් මංගල්‍යය* රසික ජනතාවට මුදා හළ නමුත් ඉන්පසුව එවන් වික්‍රමයක් තවමත් අපට දක්නට නොලැබීම නෙතට කඳුලකි.එහෙත් මෑතකදී නවරත්න ගමගේ සංගීතවේදියාණන් විසින් “පනාමුරේ කුංචනාද* නමින් සංධ්වනියක් නෙළුම් පොකුණ රඟහලේදී පළමු වතාවට සමාජයට මුදා හළ නමුත් තවමත් අපට එහි සාර්ථකත්වය පිළිබඳ කතා කළ නොහැක්කේ එය ජනගත වීමට යම් සාධාරණ ප්‍රසංග සංඛ්‍යාවක් සහ කාලයක් අවැසි නිසාවෙන්මය.
කෙසේ නමුත් නාලිකා මගින් හිතු මතේ මෙහෙයවන සංගීතමය වැඩසටහන් හේතුවෙන් ගීත රසාස්වාදව පිළිබඳ විෂමතා වත්මනේ හටගෙන ඇති අතර ඒ නමුත් ඊට නිසි පිළිතුරැ දීම පසෙක තිබියදී ජනතාවගේ අවධානය සුපිරි තරැ කෙරේ යොමු කිරීමත් අනවශ්‍ය ලෙස පිම්බීම හැරෙන්නට අවසානයේදී ඔවුන්ගෙන් සංගීතමය ක්ෂේත්‍රයට ලැබෙන්නේ පුස්සක් වීමත් මහජනයාට වටහා ගැනීමට හෝ මහජනයාට වටහා දීමට හෝ වටහා දුන්නද වටහා ගැනීමට නොහැකි වීම තරම් අවාසනාවක් තවත් නැත.එනම් සුපිරි තරැවක් වීමෙන් සියලු ග්‍රහ අපල දුරැ වී සියලු දෝස නිවාරණය වන ආකාරයේ සමාජ ව්‍යුහයක් සකස් කර ඇති වත්මන් සමාජය තුළ රුල්ලේ ගීත නිර්මාණය වීම හැරෙන්නට කලාත්මක ගීතයකට උත්සුක වන ගායකයන් හිඟ වීම දැඩි ප්‍රශ්නයකි.එසේම ස්වකීයව නැගී සිටීමට උත්සාහ දැරෑවද නාලිකාවල පවත්නා ඒකාධිකාරය හේතුවෙන් ඇතැම් විට ආ පයින්ම ක්ෂේත්‍රය හැර යන ස්වභාවයක් දක්නට ඇති වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළද පාසැල් අධ්‍යාපනයෙන් ඉවතට විසි වන සහ විශ්ව විද්‍යාලයෙන් පසු ඉවතට විසි වන දක්ෂ තරැණ කොටස් රුකගැනීමේ වැඩපිළිවෙළක් අවැසි බව නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.එනම් සංගීත ක්ෂේත්‍රයේ රුඳී සිටිය හැකි ආර්ථික තත්ත්වයක් ලෝකය දෙස බලා හෝ නිර්මාණය කර දීම බලධාරින්ගේ වගකීමකි.රින්ග්ටෝන් ක්‍රමය විධිමත් කරමින් එය සිදුකළ හැකි අතර අදාළ වෘත්තියමය තත්ත්වය නිර්මාණය වන්නේ එලෙසිනි.එසේ නොමැති ඒ දෙස වපරුසින් බැලීම තුළින් හෝ තරැණයන් සහ ජ්‍යෙෂ්ඨයන් අතර පරම්පරා ගැටුමක් සංගීත ක්ෂේත්‍රය තුළ ඇති කිරීමෙන් ඇති වන කිසිදු ප්‍රතිඵලයක් නොමැත.






නර්තනය
නර්තනය යනු කොටස් ගණනාවකින් යුතු විෂය පද්ධතියකි.එහෙත් මේ බව අවබෝධ කර නොගන්නා බොහෝ පිරිස් පාසැල් අධ්‍යාපනයෙන් පසු වෙනත් රුකියාවක් කරා පියමං කරයි.එසේත් නොමැති නම් ගුරැ වෘත්තිය කරා යොමු වන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි.එසේ නම් එම සමාජ ප්‍රෝඩාවද සමාජ කලා විඥාණය පිළිබද දැඩි ගැටලුකාරී තත්ත්වයකි.එනම් නිර්මාණාත්මක නර්තන අභ්‍යාස හරහා වර්තමානයේ නොමැති අවකාශයක් ඇති කර ගත හැකි නර්තන කලාව තුළ, කලාත්මක යමක් කිරීමට අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක ඇසක් පමණෙකි.ඒ අනුව නර්තනයෙන් කළ හැකි වික්‍රමය මේ යැයි කිව නොහැක.එය ලෝකයේ නර්තන කලාව දෙස බලද්දී මනාව අධ්‍යයනය කිරිම තුළින් ඔබට වටහා ගත හැකි වනු ඇත.මුද්‍රා නාට්‍ය කලාව,සම්භාව්‍ය නර්තන කලාව මෙන්ම නූතන නර්තන කලාව යන සුසංයෝගයෙන් නර්තනය තුළ වික්‍රමයන් සිදු කළ හැක. ජන විඥාණය අවදි නළ හැකි නිර්මාණාත්මක ප්‍රසංග පැවැත්විය හැක.අවශ්‍ය වන්නේ ඒ සදහා ක්‍රියාත්මක වීම සහ ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම පමණෙකි.එසේම ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ මූලික පහසුකම්ද,අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම තුළින්ද වෙනමම සංස්කෘතියක් ඇති කළ නොහැක්කේ නම් එය අරැමයකි. නොඑසේ නම් කරැමයකි. එසේම හින්දි සිනමා සංස්කෘතිය ආදර්ශයට ගනිමින් ඔවුන් තමන්ගේ නර්තන කලාව, සිනමාව කෙරේ  සුසංයෝග කරනා ආකරයත් අවධානයට ලක් කළ යුතුම තත්ත්වයකි. එනම් බොලිවුඩ් උප සංස්කෘතියක් ලෙස නර්තන කලාව බැදි පවතින්නේ එකී කලාව රුක ගැනීම උදෙසාමය.

Wednesday, June 25, 2014

ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්-2014.06.13



ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්



 

හොඳම පිය පුතු දෙපළ - රන්බීර් සහ රිෂි 



 

හොඳම පියා දුව - ෂාරැක් සහ සුහානා



 

මාලන් ගෝවින්ද

ඉන්දියාවේ ජනප්‍රියතම පියා සෙවීමට කළ පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කළ මත විමසුමකින් ඉන්දියාවේ ජනප්‍රියතම පියා බවට පත්වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් සමත් විය.ළඟ එන පියවරැන්ගේ නිමිති කර ගනිමින් පැවැති මෙම සමීක්ෂණයේදී ෂාරැක්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඉන්දියානු කාන්තාවන්ගෙනි.කෙසේ වෙතත් මීට හේතු වශයෙන් බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ෂාරැක් ඛාන් තුළ තම දරැවන් තිදෙනා කෙරෙහි තිබෙනා අසීමිත සෙනෙහස ඔහු සඳහා ඡන්දය භාවිතා කිරීමට පාදක වූ බවයි.ඒ අනුව ෂාරැක්ට මේ වෙනුවෙන් 42.5ක ප්‍රතිශතයක් ලැබෙද්දී, සුපිරි පිතිකරැ සචින් තෙන්ඩුල්කාර් මෙහි දෙවැනි ස්ථානයට පත් වීමට සමත්ව ඇති අතර ඔහුට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 36.9කි. එසේම බොලිවුඩයේ දැවැන්තයා ලෙසින් සැළකෙන අමිතාබ් බච්චන් මෙහි තෙවැන්නා බවට පත්ව ඇති අතර ඔහුට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 20.6කි.

අන්තර්ජාලය ඔස්සේ කෙරැණු මෙම සමීක්ෂණයේදී වඩා ගෞරවාන්විතව ලෙස සළක පියා ලෙසින් ඇමෙරිකානු ජනාධිපති බැරුක් ඔබාමා තේරී පත්වූයේ ලෝකයේ ජනප්‍රියතම පියා ලෙසිනි.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 40.3කි. මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු විල් ස්මිත්ය.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 31.4කි.හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බේකම් මෙහි තෙවැනි ස්ථානයට පත් ඇති අතර ඔහුට ඡන්ද 15.2ක ප්‍රතිශතයක් ලැබෙද්දී මෙහි සිව්වැනි ස්ථානයට පත්වීමට සුපිරි ටෙනිස් ශූර රොජර් ෆෙඩරර් සමත්ව ඇත.ඒ සඳහා ඔහුට ඡන්ද 13.1ක ප්‍රතිශතයක් ලැබී ඇත.

එසේම හොඳම ඉන්දියානු පියා-දුව සොයා කළ මත විමසුමේදීද ප්‍රථම ස්ථානයට පත් වීමට ෂාරැක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා සමත්ව ඇත.ඔවුන්ට ඒ සඳහා සියයට 43.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මහේෂ් භාත් - බොලිවුඩ් නිළි ආලියා භාත්ය.ඒ සඳහා ඔවුන්ට සියයට 27.3ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.ප්‍රකාශ් පදුකෝන්  සහ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙහි තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනාට මේ සඳහා සියයට 17.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.එසේම මෙහි සිව්වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ බොලිවුඩ් නළු අනිල් කපූර් සහ බොලිවුඩ් නිළි සෝනම් කපූර් වීමද කැපී පෙනේ.ඔවුන්ට මේ සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 12.3කි.

කෙසේ වෙතත් හොඳම ඉන්දියානු පිය - පුතු දෙපළ සොයා කළ සමීක්ෂණයේදී පළමු ස්ථානයට පත් වීමට කපූර් පවුල සමත්ව ඇති අතර රිෂි කපූර් සහ රන්බීර්, මේ වෙනුවෙන් දිනාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 33.4කි.බච්චන් පවුල මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ට ලැබී  ඇති ඡන්ද ප්‍රතිශතය 31.2කි.ඒ අනුව සුපිරි නළු ෂාරැක් ඛාන් - ආර්යන්ට මෙහි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇති අතර ඒ  ඔවුන්ට ඡන්ද 23.3ක ප්‍රතිශතයක් ලැබීම හේතුවෙනි. එහෙත් මෙහි සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ හිටපු සුපිරි ඉන්දීය පිතිකරැ සුනිල් ගවස්කාර් සහ රොහාන් ගවස්කාර්ය. ඔවුන්ට මේ වෙනුවෙන් ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 12.1කි.