Saturday, October 11, 2014

Ada Newspaper - Entertianment - බොලිවුඩ් නිළි බිපාෂා බාසු සාකච්ඡාව -2014/10/09



හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා

බොලිවුඩ් නිළි බිපාෂා බාසු

මාලන් ගෝවින්ද

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම බොලිවුඩ් නිළියන් අතර බිපාෂා බාසුද මේ වන විට ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.ඒ ඉන්දීය සිනමාවේ ප්‍රථම වතාවට රාක්ෂයකු නිර්මාණයක කරමින් නිපැයුණු “ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඇය රඟපෑමත් සමගමය.වික්‍රම් බට් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ඇය සමගින් ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ ඉම්රාන් අබ්බාස්ය.රාස්,ජිස්ම්,කපල් බ්‍රේකර්ස්,සීක්‍රට් ආදී චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඇය,මෙවර “අද* පුවත්පතේ අවධානය දිනාගන්නේ සජීවිකරණය කළ රාක්ෂයකු සමගින් ගෙවූ රෑගතකිරීම්වලදී ලැබූ අත්දැකීම් හේතුවෙනි.මේ සටහන ඇය “ෆිල්ම්ෆෙයාර්*සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.
“ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ සන්ධිස්ථානයක්.ලබපු අත්දැකීම් එහෙම කොහොමද ?
අපි තවත් අඩියක් ඉස්සරහට ගියා කියලායි හිතෙන්නේ.වික්‍රම් තමන්ගේම විදිහකට යන කෙනෙක්.අද්භූත චිත්‍රපටයක් වුණත් මේක වෙනස් විදිහක චිත්‍රපටයක් වෙන්නේත් ඒ නිසයි.හුඟක් දේවල් කරන්න පුළුවන්කම ලැබුණා මේ එක්ක.හුඟක් සතුටුයි.ඒත් මේ අලුත් දේ ඇතුළේ හුඟක් අමාරැ රෑගතකිරීම් තිබුණු බවත් කියන්න ඕනේ.මොකද අපිට ක්‍රියාවක් නැතුවයි ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.මේ රාක්ෂයා නිර්මාණය කළේ සී.ජී.අයි ස්ටුඩියෝ එක.අනික රාක්ෂයා සමගින් තිබුණු දර්ශනවලදි පසුතල තිබුණේත් නැහැ.අපිටමයි හිතින් හිතාගෙන ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.විශේෂයෙන්ම රාක්ෂයා ඉන්න තැන.බලන් ඉන්න තැන මේ හැමදේම අපි හිතින් හිතාගෙනයි කරන්න තිබුණේ.හරිම අමාරැම ඒ රංගනය.
ඉම්රාන් අබ්බාස් ගැන කතා කළොත් ?
ඉම්රාන් දක්ෂ නළුවෙක්. හැමදෙයක්ම ඉක්මනින් තේරැම්ගන්න වේගවත් නළුවෙක්.එයා නිකම් හරියට රොමෑන්ටික් චිත්‍රපටයක වීරයෙක් වගෙයි.මම හිතන්නේ එයා අනාගතයේදී චිත්‍රපට නළුවෙක් විදිහට ලොකු දෙයක් කරයි
ඔබත් දැන් බොලිවුඩයට ඇවිත් කාලයක් ගතවෙලා.ඒ නිසා දැන් සිනමා ජීවිතයේදී පසුකරපු විශේෂ අවස්ථාත් ඇති ?
මම හුඟක් සතුටු වෙනවා මෙතෙක් ආපු ගමන ගැන.මගේ රසිකයෝත් මට හුඟක් කැමැතියි.එදා ඉඳන් අද වෙනකම්ම ඔවුන් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.මම අදත් කැමැති ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර අහන්න.ඇගයුම් අහන්න.අනාගතයේදිත් එහෙමයි.අනික මම මගේ හැම චිත්‍රපටයකදිම හුඟක් කැපවෙලා වැඩ කළා. අනික මේ චිත්‍රපටයෙන් පස්සේ මම තවත් අද්භූත චිත්‍රපටයකට සහභාගිවෙන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකේ නම “Alone*.
මතභේදාත්මක දේවල්වලින් ඔබේ සිනමා ජිවිතයට යම් බලපෑමක් වුණේ එහෙම නැද්ද ?
නැහැ.එච්චරම නැහැ.විචාරකයෝ මට ප්‍රශ්න ඇති කරලා නැහැ.අනික මිනිස්සුමනේ අපි ගැන ඔය වගේ මතභේදාත්මක දේවල් ලියන්නේ.ඒවාට මට එච්චර සමීප නැහැ.ඉතින් මම මොකටද ඒවා ගැන වද වෙන්නේ?
ජීවිතයේ කණගාටුවට පත්වුණූ අවස්ථා එහෙම තියෙනවද ?
නැහැ.මොකද හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා.හැම මිනිත්තුවකදිම එහෙමයි.ඉතින් මොකටද කණගාටුවෙන්නේ.අනික හැමෝම වැරදි කරනවා.මොකද මේ ලෝකේ දෙවිවරැ නැහැනේ.ඉගෙනගන්නයි වැරැදි වෙන්නේ.ඒ වැරැදිවලින් තමයි අපි ඉස්සරහට යන්නේ.
ඔයා රොමෑන්ටික්ද කියලා ඇහුවොත්?
අපොයි ඔව්.හුඟක් රොමෑන්ටික්
ආදරයක් ලැබුණොත් ඒකට ස්වාමිත්වය දක්වනවද ?
කොහෙත්ම නැහැ.
ඒත් අනික් කෙනා එහෙම නම්?
ඒක හොඳ වෙයි.සමහරවිට එහෙම හොඳ නැති වෙයි.ඒත් මම කියන්නේ එහෙනම් දෙන්නම දෙන්නට කීකරැ වෙන්න ඕනේ.සමබරවෙන්න ඕනේ.එතකොටයි දෙන්නගේම හිත්වල ආදරය ජීවත්වෙන්නේ.
ඔබව ප්‍රතික්ෂේපවුණු නරකම අවස්ථාව මොකක්ද කියලා ඇහුවොත්?
එහෙම දෙයක් මට වෙලා නැහැ.
තාමත් සැබෑ නොවුණු හීන තියෙනවද ?
මට අප්‍රිකාවේ සංචාරය කරන්න ඕනේ.සත්තු බලන්න ආසයි.මට ඊළඟ අගෝස්තුවේදිවත් යන්න ලැබෙයි කියලා හිතනවා.හැබැයි මට හැම අවුරැද්දකම අගෝස්තු මාසේ එහේ යන්න ඕනේ.ඒත් එහෙම හිතුවට හැම අගෝස්තුවේම වැඩක් වැටෙනවා.ලබන අගෝස්තුවේ නම් යනවමයි.
ගෑණු ළමයින්ගෙන් ගුටිකෑවාද ?
(සිනාසෙමින්) අපොයි නැහැ.අනික ඒක හරිම නරක දෙයක්.හැබැයි ජාත්‍යන්තර වේෂ නිරෑපණ ශිල්පිනියක වන කේරි හියු මට හුඟක් ආදරෙයි.මං එක්ක ආදරයෙන් බැඳිලා.නිව්යෝර්ක්වලදි තමයි ඒක සිද්ධවුණේ. ඒ මම නිරෑපිකාවක් විදිහට වැඩ කරපු කාලේ.ඒ කාලේ එයා මට ආදරවන්තයන්ගේ දවසේ දියමන්ති පෙන්ඩන්ට් එකකුත් තෑගි කළා.