Sunday, August 18, 2013

Percy Jackson චිත්‍රපට මාලාවේ දෙවැන්න Percy Jackson: Sea of Monsters


තරුණයා -
2013.08.17

Percy Jackson චිත්‍රපට මාලාවේ දෙවැන්න

Percy Jackson: Sea of Monsters

Introduction

වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමා ශාලාවේදී ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් ලෙස Percy Jackson: Sea of Monsters, 2010 වසරේදි තිරගත වූ Percy Jackson and the Olympians: The Lightning Thief චිත්‍රපටයේ දිගුවක් ලෙස නිකුත් වේ. මේ සඳහා පාදක වී ඇත්තේ රික් රියෝඩන් මෙනමින්ම රචනා කරන ලද නවකතාවයි. සුපුරැදු පරිදි මෙවරත් මෙහි පීටර් ජැක්සන්ගේ චරිතය නිරෑපණය කරන්නේ ලෝගාන් ලර්මන්ය. ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි තිර රචනය කර ඇත්තේ මාක් ගගන්මෙයිම්ය. Percy Jackson: Sea of Monsters  අධ්‍යක්ෂණය කර ඇත්තේ තෝර් ෆ්‍රෙයුඩෙන්තල්ය.

Production

2011 වසරේ මාර්තු මස දෙවැනි පර්සි ජැක්සන් චිත්‍රපටය නිර්මාණය කිරීමට පිඹුරැපත් සැකසුණු අතර 20th Century Fox  සමාගම මේ බව එම වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා තහවුරැ කළේය. එහෙත් එකල චිත්‍රපටය තිරගත කිරිමට සැලසුම් කර තිබුණේ මාර්තු මස 15 වැනිදාය. පසුගිය වසරේ ඇමෙරිකාවේ වැන්කෝවර්හිදී මෙහි මූලික රෑගතකිරීම් සිදුවූවත්, ඇන්ඩ්‍රොමෙඩා කුමරියගේ දර්ශන සඳහා යොදා ගැනුණේ නිව්ඔර්ලන්ස් නගරයයි. ඒ අනුව ජුනි මස 20 වැනිදා සිට ජුනි මස 22 වැනිදා දක්වා දින තුනක් පුරා එම දර්ශන එහිදී කැමරා කාචයට හසුවිය.මිට අමතරව පළමු චිත්‍රපටයේදී යොදා ගැණුනු ස්ථානද මෙහි රෑගතකිරීම් සඳහා යොදා ගැනිණ. ෂෙලී ජොන්සන් සිනමා කැමරාකරණය කළ මෙම චිත්‍රපටය,පසු නිෂ්පාදන අවධියේදී අවසන් නිෂ්පාදනය තෙක් හෙළි පෙහෙළි කළේ මාක් ගෝල්ඩ්බ්ලැට්ය. සමස්ත චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකයන් වන මයිනප් බාර්නාදන් සහ කරන් රොසන්ෆෙල්ට් දැරෑ පිරිවැය ඇ.ඩො. මිලියන 90කි.

Plot

කඳවුරකදී පර්සි ජැක්සන්ට, එක කුසේ උපන් තම සොහොයුරැ ටයිසන් හමුවේ. ඔහු සයික්ලෝප්ස්වරයෙකි.එහෙත් පසුව මෙම කඳවුරට ලූක් කැස්ටෙලෑන් ප්‍රහාරයක් එල්ල කරයි.ඒ ඔහු ග්‍රීක දෙවිවරැන් වාසය කළ කඳු මුදුන විනාශ කිරිමට සැලසුම් කරනා බැවිනි.මේ අනුව සොහොයුරන්ට තමන් රුඳ සිටින කඳවුර බේරා ගැනීමට අවශ්‍ය වෙයි.පර්සිගේ උපදේශක චිරොන් මැජික් ගසක් සොයා ගන්නේ මේ අතරතුරදියි.මේ අනුව මෙම මැජික් ගස ඔවුන්ට අවශ්‍ය මොහොතේදි රුකවරණය ලබා දෙයි. එහෙත් ලුක් සැලසුම අත් නොහරියි.මේ අතර මීට තවත් අතුරැ චරිතයක් එක්වේ. ඒ සියුස් දෙවියන්ගේ දියණිය වන තාලියා ග්‍රේස්ය. එය චිත්‍රපටයේ කතාවේ සන්ධිස්ථානයක් බවට පත්වේ.  ඒ අනුව අවසානයේදී පර්සිට සිදුවන්නේ කුමක්ද ? තාලියාට සිදුවන්නේ කුමක්ද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේයි.    

Cast

පර්සි ජැක්සන්  - ලෝගාන් ලර්මන්

ග්‍රෝවර් අන්ඩර්වුඩ් - බ්‍රැන්ඩන් ටී.ජැක්සන්

 ඇනාබේත් චේස් - ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩාරියෝ

 ක්ලැරිසි ලා රැයි - ලෙවෙන් රුම්බින්

ලුක් කැස්ටැලෙන් - ජේක් ඒබෙල්

දියෝනිසියස් දෙවියන් - ස්ටැන්ලි ටුකි


චිරොන් - අන්තෝනි හෙඩ්

ටයිසන්  - ඩග්ලස් ස්මිත්

තාලියා ග්‍රේස් - පැලෝමා ක්වයිට්කෝවස්කි

Release

2013 වසරේ මාර්තු මස 21 වැනිදා මෙහි පළමු ඡායාරෑප මුදාහැරැණු අතර මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූයේ මාර්තු මස 29 වැනිදාය. එනම් The Host චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැයි මස 29 වැනිදා Percy Jackson: Sea of Monsters චිත්‍රපටයේ දෙවැනි පූර්ව ප්‍රචාරක පටය YouTube සමාජ ජාලයට එක් වූ අතර තෙවැනි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූයේ ජුනි මස 25 වැනිදාය.කෙසේ වෙතත් ජුලි මස 19 වැනිදා සිට ඇමෙරිකානු රෑපවාහිනි නාලිකා කාල(TV Spot) තුනක් යටතේ මෙහි කතාව,නළු නිළියන් පිළිබඳව ප්‍රචාරණයක් ලබා දීම ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක් වී ඇත.

Box office

අගෝස්තු මස 07 වැනිදා තිරගත කිරීම ආරම්භ කරමින් ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 5.4ක ආදායමක් උපයා ගත් Percy Jackson: Sea of Monsters, දැනට ඇමෙරිකානු චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේ පසුවේ. චිත්‍රපටය මේ වන විට උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන දහ තුන ඉක්මවයි

මාලන් විදානපතිරණ

No comments:

Post a Comment