Saturday, April 23, 2016

එකල ලංකාවේ දිගම වෙළඳ දැන්වීමට දායකත්වය දුන් විමුක්ති -2016/04/24






එකල ලංකාවේ දිගම වෙළඳ දැන්වීමට දායකත්වය දුන් විමුක්ති -

කාටවත් අමතක නොවන පාසැලේ පුංචි පුංචි රස මුසු තැන්,මගේ මතක සටහන් කවදා හෝ කොහේ හෝ ලියා තැබීම මගේ පුංචි කාලේ ඉඳලම තිබුණු ආසාවක්.විමුක්ති ඒ දවස්වල හිටපු “සෙල්ලම් ගෙදර“ ටෙලිනාට්‍ය මාලාව,කාගිල්ස් වෙළඳ දැන්වීම් ගැනත් විමුක්ති ගැනත් මොනවාහරි ලියලා තියන්න මට හිතුණේ ඒ දවස්වලමයි.ඒ මගේ හැටියක් වෙන්න ඇති.ඒත් ඒ කාලේ මේ තරම් තාක්ෂණේ දියුණු නැහැනේ.ඒත් අවුරුදු 13කට පස්සේ ඔන්න මම මගේ හිතටම දුන්නු ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා

-මාලන් විදානපතිරණ

Monday, April 11, 2016

අප ඉදිරියෙන් කොඩියක් උස්සාගෙන දිවූ සඳා මිහිරි නංගිගේ මතක සටහනක් -2016/04/10

ඉස්සර අපි ධනුජය මල්ලිලාගේ ගෙදර ළඟ ඉඳන් මුල්ගල ගාවට හවසට රේස් දුවද්දි මග පෙන්වන්නිය විදිහට කටයුතු කළ එකම කාන්තා නියෝජනය තමයි සඳා නංගී.එයා කොහේන්දෝ මන්දා හැමදාම ලොකු කොඩියකුත් උස්සගෙන අපිට ඉස්සරහින් හිටගෙන අපිට සිග්නල් එක දෙනවා.මග පෙන්වනවා. එතකොටම අපි ඔක්කොමල්ලාම වෙනුසරලාගේ ගෙදර ළඟදිම සඳා නංගිවත් පාස් කරගෙනම මුල්ගල ළඟට දුවනවා.සමහර දවස්වලට ඒ වෙලාවට අපේ මාධ්‍යවේදී නිවාස සංකීර්ණයට අයත් හවස බස් එකත් ඇවිත් ගාල් කරලා තියෙනවා.ඒකේ සහායක රියදුරු මාමා තමයි ඒ වෙලාවට අපේ රේස් එකේ විනිසුරුවරයා වෙන්නේ. ඒ අතීතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ