Saturday, January 28, 2017

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -2016

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -


ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය යටතේ පාසැලේදි ඒ කාලේදි අපිට අපේ දක්ෂතා පෙන්වන්න ඉඩකඩ ලැබුණා. ඒ කාලේ අට වසරේදී හිටියා හොඳ විද්‍යා දැනුමක් තියෙන ප්‍රමුක් කියලා යාළුවෙක්.ඔහු දවසක් ඒ කාල පර්ච්ඡේදයේදී ඇගයිය යුතු අපූරු උත්සාහයක් ගත්තා.ඒ තමයි රේඩියෝවක් නිර්මාණය කිරීම.ඒ සඳහා ඔහු තමන් සතු විද්‍යා දැනුම වගේම අහුලා ගත් තාක්ෂණික දැනුමත් භාවිතා කළා.දවසින් දවස ගත වුණා.මම ඔහු යම් ප්‍රමාණයකට තමන්ගේ ප්‍රමාණයෙන් ඒ උත්සාහය ජය ගත්තා මට හිතෙන හැටියට.මොකද මම ඒ රේඩියෝව අහන්න එදා හුඟක් ආසාවෙන් හිටපු කෙනෙක්.

ඒත් උත්සාහයට මොකද වුණේ ? ඔහුගේ මේ උත්සාහය ගැන එදා සිටි ඔහුගේ ඇතැම් යාළුවෝ බැලුවේ සමච්චල් සහගත ඇසකින්. .

ඒත් මම හිතන්නේ ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි.මොකද සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන්ම සෑම විටම උත්සාහ කළේ තමන්ට අවශ්‍ය ආකෘතික ජීවියෙක් බිහිකර ගන්නයි.නොඑසේ නම් දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය දේශපාලනය කරගෙන යන්න අසීරුයි.

ප්‍රමුක්, උඹ එදා පාසැල් සිසුවකු ලෙස ගත් උත්සාහයට අපේ ආචාරය!


සටහන - මාලන් විදානපතිරණ