Saturday, July 14, 2018

එකම තැනක හිටපු විදුහල්පතිවරු තිදෙනෙකු හමුවූ ඒ කම්පන සහගත මොහොත 2018/07/14



කොල්ලො වුණත් අපි හැමදාම බය පක්ෂපාතීව ඉස්කෝලේදි අධ්‍යාපනය ලැබුවා.එතනදි මට හමුවුණු සැරම සර්ලා දෙන්නෙක් තමයි දෙපැත්තේ ඉන්නේ.හිටපු විදුහල්පති එච්.යූ.ප්‍රේමතිලක කියන්නේ මගේ ජීවිතේ මට හම්බවුණු හොඳම විදුහල්පතිතුමා.අපේ ඉස්කෝලේ දියුණු කරන්න කැප වෙලා වැඩ කරපු මම දැකපු හොඳම විදුහල්පතිතුමා.දිලිප් රෝහණ සර් කියන්නේ මෙල්ල කරන්න බැරි අපේ කොල්ලොන්ව මෙල්ල කරපු සහකාර විදුහල්පතිතුමා.සිරිවර්ධන සර් කියන්නේත් එහෙම කෙනෙක්.මේ තුන් දෙනාම එකම තැනකදි හමුවෙනවා කියන්නේ ඒක ඉතාම අහඹු සිදුවීමක්.ඒත් මට ඒ වටිනා අවස්ථාව ජන කරළිය නාට්‍ය කණ්ඩායම වේදිකාගත කළ "තිත්ත කහට" වේදිකා නාට්‍යය අවසානයේදී ලැබුණා.මොකද ඔවුන් මේක බලන්න ඇවිත් හිටියා.අනික දිලිප් සර් සහ සිරිවර්ධන සර් ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරි සාමාජිකයෙක්.කොහොම වුණත් එදා තිබුණු බය අදත් එහෙමයි.ඒ නිසා තමයි මම මේ විදිහට ඇකිළිලා ඉන්නේ.ඒ ඉස්කෝලෙ පුරුද්දට.මට දැනුණේ මම ඉස්කෝලේ ඉන්නවා කියලයි.හැබැයි ඒ ගරුත්වය තමයි අද අපිව යම් තැනකට ඔසවාගෙන ඇවිත් තියෙන්නේ.



 

Friday, July 13, 2018

ලූෂන් බුලත්සිංහල හමුවූ වාසනාවන්ත මොහොත


 ලූෂන් බුලත්සිංහල හමුවූ වාසනාවන්ත මොහොත 2018/07/06

මොහොත

ජීවිතේ හරි වාසනාවන්ත විදිහට මට අවස්ථා ලබල දෙනවා.ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල හම්බවෙන්න මුලින්ම මම ගියේ මාධ්‍යකරණයට ආපු මුල්ම කාලේ.හරිම බයෙන්,චකිතයෙන් ගියා කිව්වොත් වඩා නිවැරදියි.ඒ තරම් මම එතුමාට ගරු කළා.ඒ නිසාමද කොහෙද එදා මට එතුමා එක්ක ඡායාරූපයක් පවා ගන්න බැරි වුණා.මැලි වුණා.එතුමා මොනවා කියයිද බය හිතුණා.පසුකාලීනව මට එතුමාව විවිධ වැඩ කටයුතුවලදී නිතර නිතර හමුවුණා.හැබැයි ඒ වගේම ඒ ගරුත්වය පවත්වාගෙන යන්නත් මම කවදාවත් අමතක කළේ නැහැ.වාසනාවට නැවතත් මට එතුමා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න හැකියාව ලැබුණා.ඒ තැනම.ඒ විදිහටම. හැබැයි ඒ අවුරුදු ගාණකට පස්සේ.ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම මේ පාර නම් මැලිවුණේ නැහැ.මොකද මට ඕනිවුණේ මට ලැබුණු සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.අනික එදාට වඩා දෙයක් මට එතුමගෙන් ලබාගන්න ඕනි වුණා.ඒ සුවිශේෂී මොහොත සිහිපත්වෙන්න තමයි මේ සෙල්ෆිය ගත්තේ.

ප.ලි.- දෙදෙනාගේම සන්නිවේදන දුර්වලතාවයක් හේතුවෙන් මා නිසාවෙන් යාමට තිබූ ගමනක් ප්‍රමාද වීම හෝ යාමට නොහැකි වීම ගැන අතිශයින් කණාගාටු වෙමි.

Saturday, April 8, 2017

පාසැල් මතක පොත අතරින් -2017/04/08

පාසැල් මතක පොත අතරින් -2017/04/08

යන්තම් අවුරුදු හතක්(1997) වෙද්දි මුලින්ම ආදර කතාවක් නරඹන්න ගෙදර අයත් එක්ක අඬදබර කර ගත්තේ “ටයිටැනික්“ චිත්‍රපටය වෙනුවෙන්.මොකද ටයිටැනික් චිත්‍රපටය ලංකාවේ තිරගත වුණත් සිනමා ශාලාවකට එක්කන් ගිහින් පෙන්වන්න අපේ අම්මයි තාත්තයි බය වුණා.ඒත් එයාලගේ අවාසනාවට පස්සේ ඒක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය කරනවා කියලා පූර්ව ප්‍රචාරක දැන්වීම් නිකුත් වුණා.ඒ හින්දා අම්මගේ බැණුම් වරුසා මැද්දේ සහ තාත්තගේ දැඩි විවේචන මැද්දේ තමයි මට අන්තිමේදී චිත්‍රපටය බලන්න වුණේ.ඒ හින්දා මම අන්තිමට නිදාගත්තේ හොඳටම අඬලයි.ඒ අම්මලගේ බැණුම් හින්දා නෙමෙයි. ටයිටැනික් චිත්‍රපටයේ ජැක් සහ රෝස් වෙන්වෙන අන්තිම රූප රාමුව ඉවසගෙන ඉන්න බැරුව.ජැක් මුහුදේ පතුලට යද්දි මගේ ඇස්වල හොඳටම කඳුළු.ඒ කඳුළු කොච්චරද කියනවා නම් පහුවෙනිදා උදේ ඉස්කෝලේ යද්දිත් මගේ ඇහැ රතුවෙලා තිබුණා.
ඒත් පන්තියට යද්දි පන්තියේ ගොඩක් අයගෙත් ඇස් රතුවෙලා.දවසේ මාතෘකාව “ටයිටැනික්“.හුඟ දෙනෙක්ගේ අම්මලට රෝස්ගේ නිරුවත් දර්ශනය වෙලාවෙදි කරකියාගන්න දෙයක් නැතිවුණු එක ගැන හැමෝම කතාවුණේ හිනාවෙමින්.සමහරුන්ගේ අම්මලා වෙන චැනල් එබුවලු ඒ වෙලාවේ.සමහරුන්ගේ අම්මලා ටීවී එක ඕෆ් කරලා. සමහරුන්ගෙ අම්මලා නම් චිත්‍රපටය බලන්න දීලම නැහැ.ඒ හින්දා දුකෙන් ඉඳලා තියෙන්නේ.ඒ අස්සේ සමහරුන්ගේ අම්මලාගේ රිමෝට් ඒ වෙලාවෙදි වැඩ කළේ නැහැලු කලබලේට.
https://www.youtube.com/watch?v=jKLONTieD28

සටහන-මාලන් විදානපතිරණ

Sunday, March 19, 2017

පාසැල් මතක පොත ඇසුරින් -2017.03.19


පාසැල් මතක පොත ඇසුරින් -2017.03.19

(මාලන් විදානපතිරණ)

මම ඒ වෙද්දි තුන වසරේ හිටියේ.හරියටම කිව්වොත් පංති භාර ටීචර් විදිහට යමුනා දමයන්ති මිස් හිටපු 3-C පන්තියේ තමයි මම හිටියේ(මට ඒ කාලේ මිස්ගෙ නමත් පැටලුණා.මොකද යමුනා මාලිනී පෙරේරා කියලා ගී පද රචිකාවියකුත් හිටපු නිසා සමහර වෙලාවට මම ඒ නම තමයි පංති භාර ටීචර්ගෙ නම විදිහට කිව්වේ). 1998 වසර වෙද්දි යුද්ධය තදින්ම රට පුරා පැතිර ගිහින් තිබුණා. බෝම්බ පිපිරීම්,වෙඩි තැබීම් ගැන සැරින් සැරේ ආරංචි වුණා.යුද්ධෙදි රණවිරුවන් කරන ජිවිත පූජාව මගේ හිතටත් තදින් දැනුණා. ඒ කාලේ ඒ නිසා මට හමුදා සෙබළෙක් වෙන්නත් ඕනි වුණා.මේකට මාව පෙළඹෙව්වේ මගේ හොඳම යාළුවෙක් වුණු එරංග රෝහණ.එරංග මං එක්ක ප්‍රාථමික ශ්‍රේණියේ ඉඳන් පන්ති කීපයක්ම මං එක්ක එකට ආපු යාළුවෙක්.ඒ නිසා අපි හුඟක් හොඳ යාළුවෝ වුණා.ඒ නිසාම තමයි එරංගගේ පෙළැඹවීම මට බලපෑවේ.අනික එරංගගේ තාත්තාත් යුද හමුදාවේ නිසා එරංගගේ ආසම සින්දුව මොකක්ද කියලා ඇහුවම එරංග ඒක ඕනැම තැනකදි හයියෙන් කියන්න සැදී පැහැදී හිටියා.

සෙබළාණනි ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුලක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ

අපි හිතුවා සින්දුව එරංග එතනින් ඉවර කරයි කියලා.ඒත් එහෙම වුණේ නෑ.මගේ දිහා හිනාවෙවී බැලුවා.

මතකයි එදා ඈත රණබිම් පුරා
සටනේ වැදීලා දෙන්නා එදා
නොසිතූ නිමේෂෙන් මරු හා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා//

ආයෙත් එරංග මං දිහා බැලුවා.

සොයුරාණනි ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙළා ඔබ පිපුණා හදේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ

ඉන්පස්සේ මම හිතුවා එරංග සින්දුව නවත්තයි කියලා.ඒත් එරංග දිගටම සින්දුව කියන්න ගත්තේ අපිව පුදුමයට පත් කරමින්.

විරුවෙක් විලාසෙන්ම වෙන් වී දැයේ
රතු මල් පිපේවි නාමෙන් ඔබේ
විඳිනා මෙවන් නේක දුක් වේඳනා
උපහාර වේ මේ ගී ගායනා//

මම දැක්කා එරංග “උපහාර වේ මේ ගී ගායනා“ කියල කියද්දි ආචාරය පුද කරනවා. ඒ තරම් එරංග ඒ මොහොතට සමවැදිලා හිටියේ. ඒ නිසා මටත් අනාගතේ හමුදා සෙබළෙක් වෙන්න ලොකු උවමනාවක් ඇති වුණා.

“අම්මේ, මමත් කවදාහරි ලොකු වෙලා හමුදාවට යනවා“ මම දවසක් අම්මට කිව්වා.

“අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව බත් ටික කනවා.“ අම්මා එතකොටම බත් ගුලියක් කටට හයියෙන් ගිල්ලලා බැන්නා.

“නැහැ. මං යනවමයි.මගේ යාළුවෝ ගොඩක් යනවලු.“

“දැන්මම ?“

“ අවුරුදු දහ අටට වැඩි අය අඩු වුණොත් අපි දැන් වුණත් යන්න ලෑස්තියි.හරිද අම්මේ.තුන වසරෙ කියලා අපිව නවත්තන්න හදන්න එපා.“

මම එහෙම කියද්දි අම්මා බය වුණා. මොකද මම දවස් කීපයක්ම මේ ගැන කිය කිය අම්මගෙ මූණ නරක් කළා.මේ හින්දා බැරිම තැන දවසක් අම්මා මේ ගැන තාත්තට කිව්වා.

“මේ ළමයට පිස්සු හැදිලද කොහෙද? අර එරංගත් ලොකුවෙලා යුද්ධෙට යනවලු. ඒ නිසා මේකටත් ලොකුවෙලා යුද්ධෙට යන්න ඕනිලු“

“ඒ ලොකුවෙලානේ“

“ලොකුවෙලා නෙමෙයි.කට්ටිය මදිවුණොත් එයාලත් ඉස්කෝලෙ අතඇරල යුද්ධෙට යනවලු.“

තාත්තට මරුවා ආවේස වුණා.මොකද මමත් එතකොට තාත්තට පේන මායිමේ හිටියේ.

“ඇයි දැන් උඹටත් ඕනි වෙලාද ඒ ගමන යුද්ධෙට යන්න? “
“ඇයි අර එරංගත් යන්නේ.ඉතිං අපි ගියාම මක් වෙනවද? එරංගගේ තාත්තත් හමුදාවේ.“
“ඉතින් දැන් උඹ කියන්නේ මටත් හමුදාවට යන්න කියලද?“
“ඒ නිසා තමයි මම ලොකුවෙලා හමුදාවට යන්න හදන්නේ“
“කටවහගෙන වැඩක් බලාගනින්.“
“ඇයි ?“
“උඹ ගිහින් හමුදාවට බිලිවෙයන්.උන්ට මොකද? අපි එපැයි දුක් උහුලන්න.උන්ට උඹ එකෙක් විතරයි.අන්න ඒක දැන ගනින්.“
“එහෙම ජිවිත පූජා කළොත් තමයි අපට රට බේරගන්න පුළුවන් වෙන්නේ.අනික් පැත්තෙනුත් ළමයි යුද්ධ කරනවා තාත්තා දැක්කෙ නැද්ද ටීවි එකේ.“
“ඉතින් බේරගනින්.මොනවද බලං ඉන්නේ.දැන්ම පලයන්.“

තාත්තයි,මායි අතර එදා මේ අඬදබරය ඉවරවුණේ අන්න එහෙම.මොකද එදා තිබුණු කලබල කාලෙත් එක්ක කවදාවත් තාත්තා කැමැතිවුණේ නැහැ අපි යුද්ධෙට යනවා.ඒක හුඟක් ආත්මාර්ථකාමි හැඟීමක් තමයි.ඒත් ඉන්පස්සේ දවසක කියපු කතාවක් එක්ක තාත්තා එදා එහෙම බැණපු එක කොයිතරම් සාධාරණද කියල මට පස්සෙ කාලෙක තේරුණා.

“ඔය ඉන්න එක මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් ගියාද ජීවිත පූජා කරන්න.ඔවුන් ඔක්කොම එවුන්ට ඕනි උඹලව බිලි පූජාවට දීලා රට නිදහස් කර ගත්ත කියල ෂෝ එක දාන්න.තොපි හරක්ට ඒක තේරෙන්නේ නැහැ. “

තාත්තා මෙහෙම කිව්වෙ යුද්ධෙ ඉවර වෙන්නත් අවුරුදු දහයකටත් කලින්.

Thursday, February 2, 2017

පාසැල් මතක ‍පො‍තේ තවත් ‍සොඳුරු මතකයක් -2017/02/02

පාසැල් මතක ‍පො‍තේ තවත් ‍සොඳුරු මතකයක් -2017/02/02

මේ තරගය පැවැත්වු‍ණේ 2006 වස‍රේ ‍පෙබරවාරි මා‍සේ 10 වැනිදා.ඒ දවස්වල තිලකරත්න ඩිල්ෂාන් සහ චාමර කපු‍ගෙදර තමයි ලංකා‍වේ මැද‍පෙළ ‍ගොඩගත්‍‍තේ.‍මේක වීබී කුසලාන තුන්‍‍කොන් එක්දින තරගාවලි‍යේ පළමු අවසන් තරගය.ඕස්‍‍ට්‍රේලියාවට එ‍රෙහිවයි තරග වැදු‍ණේ. මාවන් අතපත්තු‍ තමයි නායකත්ව‍යේ හිටි‍යේ.‍ කො‍හොම වුණත් ‍හොඳින් ලකුණු අත‍රේ හිටපු සංගක්කාරත් හතළිස් හතළිස් පස්වැනි පන්දුවාර‍යේදී දැවී යාමත් එක්ක තරගයක් දිය හැකි ලකුණු ගාණක් ගැන බලා‍පො‍රොත්තු අපි අත්ඇරලයි හිටි‍යේ. ‍

හැමදාම පරක්කු‍වෙලා ඇහැ‍රෙන මම එදා උ‍දේ පාන්දර ඇහැර‍ැණු එක ගැනත් අම්මට පුදුමයි. මම නැගිට්ට ගමන් දුවන් ගි‍යේ ටීවී එක ළඟට.හය හමාර ‍වෙනකම්ම ඉතින් මැච් එ‍කේ මුල් ටික බල බල තමයි කෑ‍වේ බිව්‍‍වේ ඇන්‍‍‍‍‍දෙත්.ඉන්පස්‍‍සේ දුවන් ගියා බස් එ‍කේ ඉස්‍‍කෝ‍ලෙට.‍මොකද අ‍පේ එවුන් ටික ‍හො‍රෙන් ‍ෆෝන් ‍ගේන නිසා මැච් එක ගැන දිගටම අප්‍‍ඩේට්ස් ලැ‍බෙනවා කියල මම දැනන් හිටියා.ඉතින් අ‍පේ ‍එවුන් ෆෝන් එක ‍ඩෙස් එක යට තියා‍ගෙන, ‍මේ‍සේ උඩ ‍පොත් තියා‍ගෙන මැච් එ‍කේ ලකුණු ගාණයි,සමගාමී සමීකරණයි විසඳනවා.

කපු‍ගෙදරයි,ඩිල්ෂානුයි ගහද්දි ඉගැන්නු‍වේ ‍කොටියා සර්.‍එ‍හෙම තමයි අ‍පේ අය සර්ව දන්‍‍නේ.‍ඒත් සර්ගේ නම “අ‍බේවික්‍රම“. මට එච්චරයි මතක.ඒත් සෙක්ෂන් ‍හෙඩ් ‍වෙච්ච ඒ සර්ට සර්ගේ නමින් කවුරුත් කතා ක‍ළේ නෑ.කතා ක‍ළෙත් ‍වෙන සර් ‍කෙ‍නෙක් ඇවිත් “කවුද ගණන් උගන්නන්‍‍නේ“ කියලා ඇහු‍වොත් විතරයි.

ඉතින් සමගාමී සමීකරණවලට උත්තර ‍හොයද්දි අ‍පේ එවුන් එක එකාට කියාගත්‍‍තේ මැච් එ‍කේ ඊළඟ ‍බෝ‍ලෙට කීයක් ගැහුවද කියන එකයි.ඒ කා‍ලේ ‍ෆෝන් එකට ඉන්ටර්නෙට් තිබ්‍‍බේ නෑ.අපි ලකුණු ගාණ අහගත්‍‍‍තෙත් ‍රේඩි‍යෝ එ‍කේ ක්‍රිකට් ක‍මෙන්ට්‍රියෙන්.

“හයයි“ අ‍පේ එ‍කෙක් ‍කොඳුරලා කිව්වා.
ඒත් ගණන් සර් ඇහු‍වේ සමගාමී සමීකරණ‍යේ උත්තරය.
“මොකක් ? “ සර්ට අ‍පේ එකා‍ගේ ‍කොඳුරිල්ල ඇහිලද ‍කො‍හෙද තරහින් ඇහුවා.
“කව්ද ගැහු‍වේ ?“ අ‍පේ එ‍කෙක් ආ‍යේ ඇහු‍වේ සර් ‍බෝඩ් එක පැත්තට හැ‍රෙද්දි.
“ඩිල්ෂාන් ගැහු‍වේ“ අ‍පේ එකා ‍හෙමින් කිව්වා.
“තව ඕවර් කීයක් ති‍යෙනවද ?“ තව එ‍කෙක් ඇහුවා.
“පහයි ය‍කෝ.‍රේට් එක මදි ඒ වුණාට.“
“ඕක පරදිනවා“ ක්‍රිකට්වලට උනන්දු නැති සක්කිලි කටක් උත්තර දුන්නා.
“‍‍නොදකින් විතරක්. තෝ ඉස්සරහ හැරිලා ගාණ හදපං වද ‍නොදී.“
“හරි හරි.“

ආ‍යේ කට්ටිය වටවුණා.ගාණ හදනවා ව‍ගේ තමයි වට වු‍ණේ.අනික මැච් එ‍කේ අප්‍‍ඩේට් ‍දෙන එකාව පීරියඩ් එ‍කෙන් පස්‍‍සේ ‍‍‍ගොඩදාන නිසා අප්‍‍ඩේට් ‍දෙන එකා බයවු‍ණේ නෑ.

“ඒ ඕවරයට එක හතරයි ය‍කෝ ගැහු‍වේ“
‍“මොන මඟුලක්ද බං.කපුවා ‍ෆෝම් එ‍කේ කියලා ‍නේද උඹල කිව්‍‍වේ?“ එත‍කොට එ‍කෙක් ඇහුවා.
“හරි ය‍කෝ ඔ‍හොම හිටපං“ අප්‍‍ඩේට් ‍දෙන එකාට මල පැන්නා.
“අයි‍යෝ. ඒ ඕවරයටත් ලකුණු හයයි.“
“තව ඕවර්ස් තුනයි ය‍කෝ ති‍යෙන්‍‍නේ.‍මෙ‍හෙම ගහල මදි“ අපි මරාගත්‍‍තේ සර්, සමීකර‍ණේ දීලා පන්ති පැත්‍‍තේ රවුමක් යද්දි.
‍“ ඒ ගමන සයිමන්ඩ්ස් බං ‍බෝල දාන්‍‍නේ.ඌ තැනට දානවා. “ ආ‍යෙත් සක්කිලි කටහඬක් ඇහුණා.
“ තැනට.? ඔන්න ‍දෙවැනි ‍බෝ‍ලෙටම කපුවා හයක් ගැහුවා..“
“එල එල.ඔ‍හොම යං.“
“පස්වැනි ‍බෝ‍ලෙටත් හයක්.“
“අ‍ඩෝ.එලකිරි එලකිරි “ අ‍පේ එවුන් ‍ෆෝන් එකට ‍බෙලි දික් කළා.
“ඒ වුණාට තාම 248යි බං.තව ලකුණු ඕනි මුන්ව පරද්දන්න. “
“බලමු‍කෝ...‍මේකටත් ලකුණු 16ක් ගැහුව‍නේ. “
“හුටා.‍බ්‍රෙට් ලී දාන‍්‍‍නේ.? “
“අප්පටසිරි.“
“හ්ම්ම්..“
“මුල් ‍බෝල හතරටම ලකුණු පහයි.“
“කව්ද බැට් කරන්‍‍නේ? “ එක පාරම ‍ෆෝම් ‍වෙච්ච බ්‍රයිට් ‍කේස් එකක් අ‍පේ පැත්තට හැරුණා.
“අම්මටසිරි මූ බලහං‍කෝ.“
“හරි හරි ඕ‍නේ නෑ.‍තොපිම මැච් එක අහපල්ලා...“
“හයයි ය‍කෝ හයයි.ඩිල්ෂාන් ගැහු‍වේ.“ එකපාරම අ‍පේ එවුන් උඩ පැන පැන කෑ ගහන්න ගත්තා.
“ලී‍ගේ ලකුණු කීයක් ගහලද? “
“13ක්“
“‍ෆුල් ස්‍‍කෝර් කාඩ් එක කීයද?“
“ 261යි විකට් පහයි“
“ඒ වුණාට ඔන්න බලපං‍කෝ අන්තිම ඕව‍රේ දාන්‍‍නේ“
“මං කිව්‍‍වේ. ඌ තමයි දාන්‍‍නේ.“
“ආ‍පෝ...?“
“අම්මටසිරි?“
“ඇයි“
“ පළ‍වෙනි ‍බෝ‍ලෙටම හයයි.ඒක ‍නෝ ‍බෝලයක්ලු.“
“එල එල ඔ‍හොම යං.අ‍පේ එවුන් ගණන් ‍පොත් පැත්තකට දාලා ‍මේ‍සේ අස්සට ළං වුණා.“
“‍මොනාද බං ‍හොයන්‍‍නේ?“ අප්‍‍ඩේට් ‍දෙන එකා හින‍ා‍වෙවී ඇහුවා.
“මැච් එක ය‍කෝ මැච් එක“
“‍මොන මඟුලක්ද බං?“
“ඇයි?“
“අවුට්.“
“කව්ද?“
“කපු‍ගෙදර“
“හුටා....කව්ද ආ‍වේ?“
“වාස්“
“අප්පටසිරි....!“
“ඌත් අවුට්“
“කව්ද ඩිල්ෂාන් ‍නෙ‍මෙයි ‍නේද ?“
“නෑ බං වාස්.“
“‍මොනව ‍වෙලාද ? “
“රනවුට්“
“දැන් කව්ද එන්‍‍නේ ?“
“‍මොකා එන්නද? මුරලි තමයි“
“ලකුණු කීයද?“
“272යි විකට් හතයි“
“අවුට්“
“කව්ද ?“
“මුරලි“
“‍මොන මඟුලක්ද බං ‍මේ“
“‍මොකක්ද බං ‍මේ කෑ ගැහිල්ල“ ඈතින් ආ‍යෙත් සක්කිලි කටක් ඇ‍හෙන්න ගත්තා.
“උඹ කට වහන් වැඩක් බලා ගනින්“ අ‍පේ එවුන් කිව්වා.
“කු‍ල‍සේකර ආ‍වේ.“
“හරි.ඒ වුණාට කව්ද බැට් කරන්‍‍නේ? ඩිල්ෂාන් ‍නෙ‍මෙයිද?“
“‍පොඩ්ඩක් හිටපං හරියට අහනකම්.“
“ඩිල්ෂාන් තමයි“
“එලකිරි එලකිරි.ඔ‍හොම යං ඩිලා“ අ‍පේ එවුන් කෑ ගහන්න ගත්තා.
“අන්තිම ‍බෝ‍ලෙට ලකුණු ‍දෙකක් දිව්වා යන්තම්. “
“හම්‍‍මෝ...“
“කීයද ෆුල් ස්‍‍කෝර් එක?“
“274යි“
“විකට්?“
“‍තොට ඉතින් විකට් තමයි ඕනි කරන්‍‍නේ.කාලකණ්ණියා.“
“විකට් අටයි ‍ඩෝ.“
“කපුවයි,ඩිල්ෂානුයි හින්ද ‍‍හොඳයි. උන් ‍දෙන්න අන්තිම ඕවර්ස් පහට හැටකට කිට්ටු‍වෙන්න ගහලා.‘ තව එ‍‍කෙක් කිව්වා.
“තමු‍සෙල ඕයි.......“ කියලා කටහඬක් අපිට එත‍කොටම ඇහුණා.
ඒ අ‍පේ ගණන් සර් එහා පැත්‍‍තේ පන්තියට බණින කටහඬ.
එත‍කොට තමයි අපිට සර් ගාණක් හදන්න දුන්නු බව මතක් වු‍ණේ.
වහපු ‍පොත් ටික ‍පෙරළ‍ගෙන සුවච කීකරු ළමයි ව‍ගේ ඔක්‍‍කොමල්ලම ගාණ හදන්න පටන් ගත්‍‍තේ එත‍කොට.
‍කො‍හොමහරි එදා තරග‍යෙන් ලකුණු 22ක විශිෂ්ට ජයක් ලබන්න ලංකාව සමත් වුණා.
කපු‍ගෙදර ‍බෝල 21ට ලකුණු 38ක් ගැහුවා.ඒකට හත‍රේ පාරවල් ‍දෙකකුයි,හ‍යේ පාරවල් තුනකුයි ඇතුළත්‍‍වෙලා තිබුණා.
ඩිල්ෂාන් ‍අන්තිම ‍වෙනකම් ‍සෙල්ලම් කර කර ලකුණු 26ක් ගැහුවා. හ‍යේ පාරවල් ‍දෙකකට විතරයි ඩිල්ෂාන් ගිහින් තිබු‍ණේ

සටහන- මාලන් විදානපතිරණ

‍සොඳුරු මතකයක් -2017/02/02

‍සොඳුරු මතකයක් -2017/02/02

VCD,DVD නැති කා‍ලෙක,කුලියට VHS චිත්‍රපට කැසට් ‍දෙන තැනකින් ‍‍ප්‍රථම වතාවට ‍කොටස් ‍දෙකක් විදිහට චිත්‍රපටයක් බැලූ ආකාරය මට තාම මතකයි. ඒ චිත්‍රපටය ‍කොතරම් දිගද කියනවා නම් ජාතික රූපවාහිනි‍යේ පවා එය විකාශනය වු‍ණේ ‍‍‍සෙනසුරාදාවල් ‍දෙකක් විදිහට.‍දෙවැනි ‍කොටස බලද්දී පළමු ‍කොටස නරඹපු නැති අය ‍වෙනු‍වෙන් නැවත කතාව මතක් කිරීමට කමල් ‍දේශප්‍රිය නි‍වේදක මහත්මයා ‍යොදවන්න පවා එදා ජාතික රූපවාහිනියට සිදුවුණා.‍මේක අපි කවුරුත් දන්න හින්දි චිත්‍රපටයක්. මම ‍පොඩි කා‍ලේ කඳුළු වැක්‍‍කෙරි වැක්‍‍කෙරි බලපු චිත්‍රපටයක්.මිනිත්තු 210ක කාලයකින් යුතු ‍මේ චිත්‍රපටය නමින් “කබි කුෂි කබි ගාම්“.
කාලය මැවු ‍වෙනසක අරු‍මේ!

-මාලන් විදානපතිරණ

Saturday, January 28, 2017

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -2016

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -


ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය යටතේ පාසැලේදි ඒ කාලේදි අපිට අපේ දක්ෂතා පෙන්වන්න ඉඩකඩ ලැබුණා. ඒ කාලේ අට වසරේදී හිටියා හොඳ විද්‍යා දැනුමක් තියෙන ප්‍රමුක් කියලා යාළුවෙක්.ඔහු දවසක් ඒ කාල පර්ච්ඡේදයේදී ඇගයිය යුතු අපූරු උත්සාහයක් ගත්තා.ඒ තමයි රේඩියෝවක් නිර්මාණය කිරීම.ඒ සඳහා ඔහු තමන් සතු විද්‍යා දැනුම වගේම අහුලා ගත් තාක්ෂණික දැනුමත් භාවිතා කළා.දවසින් දවස ගත වුණා.මම ඔහු යම් ප්‍රමාණයකට තමන්ගේ ප්‍රමාණයෙන් ඒ උත්සාහය ජය ගත්තා මට හිතෙන හැටියට.මොකද මම ඒ රේඩියෝව අහන්න එදා හුඟක් ආසාවෙන් හිටපු කෙනෙක්.

ඒත් උත්සාහයට මොකද වුණේ ? ඔහුගේ මේ උත්සාහය ගැන එදා සිටි ඔහුගේ ඇතැම් යාළුවෝ බැලුවේ සමච්චල් සහගත ඇසකින්. .

ඒත් මම හිතන්නේ ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි.මොකද සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන්ම සෑම විටම උත්සාහ කළේ තමන්ට අවශ්‍ය ආකෘතික ජීවියෙක් බිහිකර ගන්නයි.නොඑසේ නම් දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය දේශපාලනය කරගෙන යන්න අසීරුයි.

ප්‍රමුක්, උඹ එදා පාසැල් සිසුවකු ලෙස ගත් උත්සාහයට අපේ ආචාරය!


සටහන - මාලන් විදානපතිරණ

Wednesday, October 12, 2016

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ- පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09
පාසැල් කාලයේ උදෑසන පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව අපේ ‍ශ්‍රේණියෙන් කෙනෙක් ඇවිත් කතාවක් හෝ ගීතයක් ඉදිරිපත් කළ යුතුයි.ඒ වගේ දවසක තමයි සුනෙත් ප්‍රියංකර ගැයූ "වස්තුව ඉල්ලන" ගීතය මගේ හිතේ හොඳින්ම සටහන් වුණේ. (මං හිතන්නේ හයේදි තමයි ඔහු මේ ගීතය ගායනා කළේ) ඒ කාලේදි මම ඒ ගීතය අහලා තිබුණේ නැහැ. ඒත් සුනෙත් ඒ ගීතය තමන්ගේම කරගෙන එදා මේ ගීතය ගායනා කළා. එම ගීතයේ පද මාලාවේ තිබුණු අපූර්වත්වය තුළින්ම මාව කම්පනයට පත් කළා. අනික ඔහුට ගීතයක් ගායනා කරන්න ආරාධනා කළාම ඔහු මේ ගීතය කිහිප වතාවක්ම ගායනා කරපු බවකුත් මට මගේ පාසැල් කාලේදි මතකයි. 
මේ තමයි ඒ ගීතය.
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුබ පියරජු සෙවනේ උන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවනේ උන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
සටහන - මාලන් විදානපතිරණ

Sunday, July 17, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016.07.17

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/07/17

ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ විභාගේ කිට්ටුවෙනකොට අපි ඉස්කෝලේ ගියේ ඕනැකමකින් නෙමෙයි.කවුරුහරි ආවේ නැහැ කියලා වුණත් යාළුවන්ට ඒ තරම් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.අවශ්‍ය වුණොත් යාළුවාව බේරන්න ක්ෂණිකව බොරු කියන්නත් අපට හැකියාවක් තිබුණා.අනික ගුරුවරුන්ට වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.මොකද එයාලා දන්නවා අපි එන්නෙත් නැත්තේ ‍සමහරවිට ගෙදරට වෙලා පාඩම් කරන නිසා කියලා.එහෙම නැත්නම් අමතර පංතියක් නිසා කියලා.මොකද ඒගොල්ලන්ගෙනුත් සමහරු ටියුෂන් ගුරුවරු.

ඔය කාලේදි ඉතින් අපිත් හැසිරුණේ හරියට ඉස්කෝලේ අයිතිකාරයෝ වගේ.උදේ අටෙන් පස්සෙත් අපි ඉස්කෝලෙට ආපු වෙලාවල් තිබුණා .ජංගම දුරකතන සාක්කුවේ දාගෙන අරන් ආපු වෙලාවල් තිබුණා.ඉඳලා හිටලා උදේ පොඩි රවුමක් ගහන්නත් සෙට් වුණ වෙලාවල් තිබුණා.

ඒත් සමහරු නම් උදේ හතට තිබුණු විෂය මූලික වැඩමුළුවටත් අන්තිම කාලේ සහභාගි වුණා.හැබැයි මට නම් ඒ තරම් ඒකට උනන්දුවක් තිබුණේ නැහැ. එච්චර උදෙන් නැගිට්ටෙත් නැහැ. ඒ නිසා ඒ වෙලාවට නැගිටින්න අමාරු නිසා හැමදාම ඒකට යන්න වුණෙත් නැහැ.අනික සමහරු මම ඒකට එනවා දැකපුවාම මං දිහා පුදුමවෙලත් බැලුවා. මොකද මම ඒ කාලේ පංතියේ අන්තිම හරියේ (ඉගෙනගත්තු ළමයින්ගෙන් අන්තිම හරියේ) හිටපු ළමයෙක්. ඒ නිසා පොඩි ලැජ්ජාවකුත් හිතට ආවා.මොකද මම ඒ වෙද්දි දැනගෙන හිටියා මට ඉංජිනේරුවරයෙක් වෙන්න බැහැ කියලා.

ඔය අතරෙදි තමයි මට උදේට කන්නේ නැහැ කියලා ගෙදරින් කන්දොස්කිරියාවක් එන්න පටන් ගත්තේ.ඒ නිසා මම උදේට කන්න කියලා හිතාගෙන ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තා.මොකද මම ඒ කාලේ පරණ ගුරුවරයෙකුගේ දුවෙකුට හිත ගිහින් හිටියේ.එයා ගැන පොඩි හැඟීමක් තිබුණා මට.ඒ නිසා එයා බස් හෝල්ට් එකට එන වෙලාව අල්ලලා බස් හෝල්ට් එකට එන්න තමයි මම ඒ කාලේ උදේට වෙලාව හදාගත්තේ.මම ඕනැකමින්ම ගෙදරින් පරක්කුවෙලා යන්න පටන්ගත්තේ මේ නිසා.මොකද උදේ හය හමාරින් පස්සේ කොහොම වාහනේක යන්න හැදුවත් කෝට්ටේ හරිය වෙද්දි ලොකු වාහන තදබදයකට අහුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හොඳට කාලා බීලා උදේ අට හමාරට විතර පංතියට යන්න හිතුවේ මේ හින්දයි.කොහොමත් ඒ කාලේ පළමු කාල පරිච්ඡේදය හරියට කෙරුණේ නැහැ. මේ හින්දා සර් එක්ක කතා කරන මුවාවෙන් සර්ගේ දුව දිනාගන්නයි මට ඕනැ කළේ.එයාලා ගියාට පස්සේ තමයි මම බස් එකට නැග්ගේ.සමහර වෙලාවට එයාලා මට කලින් ගිය අවස්ථාත් තිබුණා.අපි දෙගොල්ලෝම එකට ගිය අවස්ථාත් තිබුණා.ඇත්තම කිව්වොත් ඒ කාලේදි මගේ පාසැල් රඟපෑම උපරිම මට්ටමක තිබුණා නේද කියලත් දැන් මට හිතෙනවා.

කොහොම වුණත් ඔය කාලේදිම තමයි මම පුංචි බොරැල්ලේ තියෙන අපූරු අවන්හලකින් උදේ කෑම ගන්න පුරුදුවුණේ. කෙටි කෑම වේලක් වුණත් ඒ අවන්හලේදි මේසේ වාඩිවෙලා හෙමින් සීරුවේ කෑම එක කන එකේ මට පොඩි විශේෂත්වයක් ඒ කාලේ දැනුණා .ඔය අතරේදි තමයි මට දවසක් ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන විජය නන්දසිරි හම්බවෙන්නේ.එදා සුපිරි වාහනයක් එළවගෙන ඇවිත් මම හිටපු අවන්හලේම නවත්තපු එක ගැන මට ඒ දවස්වල පුදුම හිතුණා.මොකද මම ඒ කාලේදි මාධ්‍ය ක්ෂේත්‍රයට තියා කලා ක්ෂේත්‍රයට එන්නවත් හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. අනික මම ඒ කාලේ අපේ තාත්තා සහ ඔහු සම්බන්ධ අත්දැකීම් හුඟක් මං එක්ක කියලා තිබුණා.ඒත් ඇත්තටම ඔහුව දැකලා තිබුණේ නැහැ.පුංචි කොලු ගැටයෙක් හැටියට මට ඒ කාලේ ඒ දැනුණු සතුට උහුලගන්න බැරිවුණා.ළඟටම ගිහිල්ලා කතා කරන්න ඕනි කියලා මට හිතුණේ මේ හින්දයි.

“විජය නන්දසිරි අන්කල්“
මට ඔහුගේ අවධානය ගන්න ඕනැවුණා.

“ඔව් පුතා කියන්න.“
විජය නන්දසිරි අන්කල් සිනාසෙමින් මගේ දිහා බැලුවා.

“අන්කල් ගැන අපේ තාත්තා හුඟක් දේවල් කියලා තියෙනවා.“
මම ඔහුට කෙලින්ම කිව්වා.

“කව්ද පුතේ තාත්තා ?“ එකපාරම පුදුමයෙන් වගේ හිනාවුණ විජය නන්දසිරි අන්කල් මං ගැන විස්තර ඇහුවා.

ඒත් මට තේරුණා විජය නන්දසිරි අන්කල් ඒ වෙලාවේ ලොකු හදිස්සියකින් ඉන්න බව. ඒ නිසා මම කරදරයක් වෙන්න ගියේ නැහැ.ඒක මගේ ඇස්වලිනුත් ඔහුට තේරුණා මං හිතන්නේ. ඒ නිසා ඔහු මගෙන් අන්තිමට මෙහෙම ඇහුවා.

“කොහෙද පුතා පුතාගේ ඉස්කෝලේ. එන්න මං ඇරලන්නම්“
“නාලන්දේ.කමක් නැහැ අන්කල්. මහ දුරක් නැහැනේ. තෑන්ක් යූ“
“එහෙනම් මම යනවා පුතා.තාත්තව මතක් කළා කියන්න. “
“ අනිවාර්යයෙන්ම“

හිත සනසන්න වගේ විජය නන්දසිරි අන්කල් එහෙම මට කිව්වට තවදුරටත් ඔහුගේ වාහනයේ ගිහින් වදයක් වෙන්න මට උවමනා වුණේ නැහැ.

හැබැයි එදා මම ඔහු තමන්ගේ වාහනයට නැගලා නොපෙනී යනකම්ම ඒ දිහා බලාගෙන හිටියා.මොකද මට ඕනැ කළේ මේක ගෙදර අයට කියන්නයි.

ඒත් තාත්තට ඒ ගැන කිව්වම මට අහන්න ලැබුණේ හොඳ බැණුම් ටිකක්.මොකද තාත්තට විශ්වාස නැතිවෙලා තිබුණේ මම ඒ අවන්හලේදී ඔහු එක්ක තාත්තා ගැන මොනවා කියෙව්වද දන්නේ නැති එක ගැනයි.අනික තාත්තට නම් නිතර කලා ක්ෂේත්‍රයේදී ඔවුන්ව හමුවෙන නිසා මගේ ඒ අනපේක්ෂිත අත්දැකීම ඒ තරම් තාත්තට ලොකු දෙයක් වුණේ නැහැ.

- මාලන් විදානපතිරණ

Saturday, July 9, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -2016/07/09

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -2016/07/09

උදේ පන්සිල් සමාදන් වූවායින් පසුව මට මතක විදිහට අපි පහ වසරේදී ඉංග්‍රීසි දිනය වෙනුවෙන් "Oh My Darling" ගීතයේ පුහුණුවීම්වල යෙදුණා.අකමැත්තෙන් වුණත් අපි ඒ දවස්වල මෙහි පුහුණුවල යෙදුණාට සමහර වචන අපේ අය වරද්දද්දී,සමහර අය බොරු වචන කියද්දි,සමහරු කට විතරක් හොලවද්දී ඒ දිහා බලන් අපි විඳපු ආස්වාදය කියලා නිම කරන්න බෑ.මොකද අපි මේ ගීතයේ පුහුණුවීමෙන් පස්සේත් පෝලිමේ පංතිවලට යද්දි සර්ලාට,මිස්ලාට දැනෙන්න පුංචි විහිළුවක් කරන්න හිතාගෙන මිස්ලා ළඟින් යද්දි පුහුණුවෙච්ච ගීතයේ අඩංගු “Oh My Darling‘ "I Kissed Her" ආදී වචන සෑම දිනකම කවුරුන් හෝ ටිකක් හයියෙන් කියූ අවස්ථා මට අද වගේ මතකයි.

Near a cavern, across from a canyon,
Excavating for a mine,
Lived a miner, forty-niner
And his daughter Clementine

Oh my Darling, Oh my Darling,
Oh my Darling Clementine.
You are lost and gone forever,
Dreadful sorry, Clementine.

Light she was and like a fairy,
And her shoes were number nine
Herring boxes without topses
Sandals were for Clementine.

CHORUS:

Drove she ducklings to the water
Every morning just at nine,
Hit her foot against a splinter
Fell into the foaming brine.

CHORUS:

Ruby lips above the water,
Blowing bubbles soft and fine,
But alas, I was no swimmer,
So I lost my Clementine.

CHORUS:

Then the miner, forty-niner,
Soon began to peak and pine,
Thought he oughter join his daughter,
Now he's with his Clementine.

CHORUS:
In the church yard in the canyon
Where the myrtle doth entwine
There grows roses and other posies
Fertilized by Clementine.

CHORUS:
How i missed her, how i missed her, how i missed my Clementine!
Til' i kissed her little sister, and forgot my Clementine.

සටහන - මාලන් විදානපතිරණ