Tuesday, December 31, 2013

අපේ ගනණ් ඇන්ටි



අපේ ගණන් ඇන්ටි

ඕලෙවල් පාස් වෙලා ගියත් ඒලෙවල්වලට
මතකයි නුඹ අපට කියා දුන් ගණන් හැම
වැඩි ගණන් ගන් නැතුව උගන්නපු හැටියට
හිතෙනවා නුඹව අපි ගණන් ගත්තාද කියා අද

ඔබේ මුවගේ රුදුණු වචන ටික අද ඇහෙනවා
ඒත් ඒවා දැන් අහිමි බව මට දැනෙනවා
ආයෙමත් ඕලෙවල් කරන්නට හිතෙනවා
ඒත් ඒ බංකුවල මල්ලිලා ඉන්නවා

ඕලෙවල් පන්තියේ ගණන්කාරයා මමයි
පන්තියේ වැඩිම ලකුණුත් ගත්තේ මමයි
ඒලෙවල් පන්තියට ගණන් තේරැවෙත් මමයි
කණු තුනක් එක්ක ජීවිතේත් පැරදුණේ මමයි

පැරදුණත් ජිවිතේ මම මුල්ම වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන මාරැ වී කලාවට
පැරදුණා ජීවිතේ යළි දෙවැනි වතාවට

පැරදුණත් ජිවිතේ මම දෙවැනි වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන හිතට සවිබල රුගෙන
දිනුවා ජීවිතේ තෙවැනි වර සරසවියේ අගුලු හැර

ඉතින් අවුරැද්දකට පසුව අද
ගියා මම කොහොමහරි ඇය හමුවන්න
වෙනදා වගේම පිරැණු ගණන් පන්තියට
කණ්ණාඩි දාන ඇස් සොයාගෙනම

හැඳින්නා ඇය සැනිණ මාව ඈතදිම
දිව ආවා සතුටින් ඉපිල යමින
සිනාසෙමින උද්යෝගයෙන
විමසමින මං ගැන යාළුවෝ ගැන
මගේ මල්ලිත් අද භාර ගනිමින
ඕලෙවල් ජිවිතයකම අදත් ජීවත් වන බව හඟිමින

සංකල්පනාව - මාලන් විදානපතිරණ