Sunday, January 31, 2016

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ 2016.02.01

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ-

ගණිත අංශයේ එවුන් පුස්තකාලයට ගිහින් ත්‍රිකෝණ මිතිය,කර්මාන්ත රසායනය වගේ විෂයට අදාළ පොත් අරන් එද්දී,මං ගිහින් “හරි පුදුම ඉස්කෝලේ“ පොත අරන් එද්දී අපේ එවුන් පුදුම වුණා. ඒත් එදා මං විෂයන් තුනම ෆේල් වෙද්දි තමයි මගේ ගමන හරියටම දැක්කේ.මොකද මං පිස්සු කෙළලා ෆේල් වුණු එකෙක් නෙමෙයි.ඒ නිසා මං අන්තිම දෙමාපිය රැස්වීමේදී කට්ටියක් ඉදිරියේ කතා කරන්න ශක්තිය ලැබුවා.අපිව ෆේල්වෙන්න හේතුව අපිම විතරක් නෙමෙයි කියලා දැනෙන්න පටන් ගත්තා. ප්‍රින්සිපල් ඇවිත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවාම මම විතරයි නැගිටලා කතා කළේ.එදා අපේ තාත්තා මුල්ම වතාවට මට හොඳට කතා කරන්න පුළුවන් කියලා දැන ගත්තා.පන්තිභාර සර්ගේ මූණ ඇඹුල් වුණා. ප්‍රින්සිපල් සර්ගේ මුණත් ඇඹුල් වුණා.සර් හිතුවේ නැතුව ඇති කවදාවත් සර්ට එරෙහිව ළමයෙක් මෙහෙම කතා කරයි කියලා. ඒත් මං හිතන්නේ එදා තමයි මගේ ජිවිතේ මුල්ම වතාවට වෙනස්වුණු තැන.

-මාලන් විදානපතිරණ
(කාගේ හිත රිදුණත් කවදා හෝ මං මේ කතාව කියන්නයි හිටියේ)

No comments:

Post a Comment