Monday, April 11, 2016

අප ඉදිරියෙන් කොඩියක් උස්සාගෙන දිවූ සඳා මිහිරි නංගිගේ මතක සටහනක් -2016/04/10

ඉස්සර අපි ධනුජය මල්ලිලාගේ ගෙදර ළඟ ඉඳන් මුල්ගල ගාවට හවසට රේස් දුවද්දි මග පෙන්වන්නිය විදිහට කටයුතු කළ එකම කාන්තා නියෝජනය තමයි සඳා නංගී.එයා කොහේන්දෝ මන්දා හැමදාම ලොකු කොඩියකුත් උස්සගෙන අපිට ඉස්සරහින් හිටගෙන අපිට සිග්නල් එක දෙනවා.මග පෙන්වනවා. එතකොටම අපි ඔක්කොමල්ලාම වෙනුසරලාගේ ගෙදර ළඟදිම සඳා නංගිවත් පාස් කරගෙනම මුල්ගල ළඟට දුවනවා.සමහර දවස්වලට ඒ වෙලාවට අපේ මාධ්‍යවේදී නිවාස සංකීර්ණයට අයත් හවස බස් එකත් ඇවිත් ගාල් කරලා තියෙනවා.ඒකේ සහායක රියදුරු මාමා තමයි ඒ වෙලාවට අපේ රේස් එකේ විනිසුරුවරයා වෙන්නේ. ඒ අතීතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ

No comments:

Post a Comment