Thursday, July 31, 2014

Hercules 3D - Tharunaya - Feature - 2014.07.31



ත්‍රාසය පිරි සතියේ ෆැන්ටසිය

Hercules 3D

Introduction

මේ දිනවල බම්බලපිටිය මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ තිරගත වන නවතම ත්‍රිමාණ චිත්‍රපටය ලෙස හර්කියුලිස් සඳහන් කළ හැකිය. The Legend of Hercules ලෙසින් නවතම නිර්මාණය නම් කර ඇති මෙම චිත්‍රපටයේ, ත්‍රිමාණ පටය නම් කර ඇත්තේ Hercules 3D ලෙසයි.ක්‍රියාදාම පිරි ෆැන්ටසි චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ රෙනී හාර්ලින් විසිනි. හාලින්  සමග ඩැනියෙල් ජියැට්, ජියුලියෝ ස්ටීව් සහ ෂෝන් හුඩ් තිර රචනය සඳහා දායකත්වය දී ඇති මෙහි හර්කියුලිස් සඳහා පණ පොවන්නේ කෙලන් ලුට්ස්ය. මෙවර වෙනස්ම ආකාරයකින් ප්‍රතිනිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ ගායියා වෙයිස්,ස්කොට් අඩ්කින්ස්,රොක්සාන් මැක්කී,ලියාම් ගැරිගන්ය.බෝආස් ඩේවිඩ්සන්,ඩැනී ලර්නර්,ලෙස් වෙල්ඩන් සහ රෙනී හාර්ලින් සම නිෂ්පාදන දායකත්වය සැපයූ මෙහි සමස්ත පිරිවැය ඇ.ඩො. මිලියන 70කි.

Plot

මීට පෙර කතාව පරිදිම ක්‍රි.පූ.1200 ග්‍රීසියෙන් පටන් ගන්නා මෙහි කතා වස්තුව ත්‍රාසය,ජුගුප්සාව,භයංකාර බව,කුතුහලය ඔස්සේ මිනිසා බලය වෙනුවෙන් දරන පරිශ්‍රමය මෙන්ම මරණයට එරෙහිව ගෙන යන සටන්කාමී ජීවිතය අරබයා සියුම්ව ගෙතුණකි.  

Production

මිලේනියම් චිත්‍රපට සමාගම නිපැයූ මෙම චිත්‍රපටය සෑම් මැක්කර්ඩි විසින් සිනමා කැමරාකරණය කළ නිර්මාණයක් වන අතර මෙහි සංස්කරණය වින්සන්ට් ටැබෙයිලොන්ගෙනි. අසීරැ නාද රටා සංරචනය ටියුඕමස් කැන්ටෙලිනන්ගෙනි.

Release

ඇමෙරිකාවේ පමණක් පසුගිය ජනවාරි මස 10 වැනිදා නිකුත් වූ මෙම චිත්‍රපටය ලෝ පුරා තිරගත වීම ඇරඹුණේ පසුගිය මස අගදීය.චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 99කි.                 

Box office

The Legend of Hercules චිත්‍රපටය පළමු සති අන්තය නිමා වෙද්දී ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන නවයකට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය එම සතියේදී තෙවැනි වූයේ  Lone Survivor සහ Frozen යන චිත්‍රපටවලට පමණි.මේ වන විට ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන 20කට ආසන්න අත්පත් කරගෙන ඇති මෙම චිත්‍රපටය සෙසු රටවලින් ඇ.ඩො. මිලියන 42කට අධික ආදායමක් උපයාගෙන ඇත. කෙසේ වෙතත් මෙය නිෂ්පාදකවරැන්ගේ පැත්තෙන් අසාර්ථක නිර්මාණයක් වන අතර අධ්‍යක්ෂවරයාගේ ඉදිරි සිනමා ජිවිතය පිළිබඳ නැවත විමසීමක් සිදුවිය හැකි බැව් ඇතැම් විචාරකයන්ගේ මතයයි.

මදාරා ගුණතිලක


No comments:

Post a Comment