Thursday, July 10, 2014

2014.07.10 සම්මුඛ සාකච්ඡාව -සෝනම් කපූර්




මම අධ්‍යක්ෂවරයා පස්සේ යන නිළියක් නෙමෙයි


-    - සෝනම් කපූර්
 



 මාලන් විදානපතිරණ

බොලිවුඩයට සුපිරි බොලිවුඩ් තරැ දෙකක් බිහි කළ චිත්‍රපටයක් ලෙස සන්ජේ ලීලා බන්සාලිගේ  “සාවරියා* සටහන් කළ හැකිය.සංජේ ලීලා බන්සාලිගේම “බ්ලැක්* ආදී චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරැන් වශයෙන් වැඩ කරමින් සිනමාව පිළිබඳ පරිචයක් ලැබූ මොවුන් වන්නේ රන්බීර් කපූර් සහ සෝනම් කපූර්ය. ඒ අනුව “සාවරියා* චිත්‍රපටයෙන් පසුව ඉන් නොනැවතුණු සෝනම්,  රන්ජානා, භාග් මිල්කා භාග් යන චිත්‍රපට හරහා කෝටි සියය ඉක්මවූ ආදායමක් ඉපයීමට තරම් සමර්ථ වූවාය. එහෙත් ඇය සෙසු බොලිවුඩ් නිළියන්ට වඩා තරමක් වෙනස් චරිතයකි.මේ ඇගේ සිනමා ජිවිතය ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ විමසුමකි.

“රන්ජානා* චිත්‍රපටය ලද සාර්ථකත්වයත් සමග ඔබ පිළිබඳ තිබූ හැඟීම වෙනස් වුණා නේද ?

ඔව්. අනික මමත් රෑපණ ශිල්පිනියක් විදිහට මගේ රංගනය ගැන හුඟක් හිතනවා. විශේෂයෙන්ම “දිල්ලි 6* සහ “සාවරියා* චිත්‍රපටයෙන් පස්සේ ඒ ගැන වැඩිපුර හිතන්න පටන් ගත්තා.ඒත් සමහර ප්‍රේක්ෂකයෝ නම් ඉන්පස්සේ මං දිහා ස්මිතා පටිල් වගේ බලන්නත් පටන් ගත්තා.සමහරැ ෂබානා අස්මි දිහා බලනවා වගේත් බැලුවා. මොකද චරිතාංග රෑපණ ශිල්පිනියක ලෙස මම හුඟක් සාර්ථකයිලු.  ඒත් මම කැමැති නම් කවුරැවත් වගේ වෙන්න.මට ඕනේ මං වෙන්න. ඒක මගේ විතරක් නෙමෙයි.හැම තරැණියකගේම සිතුවිල්ලක්.ඒත්  I Hate Luv Storys* චිත්‍රපටය මාව වෙනස්ම දිශාවකට ඔසවා තැබුවා.ඒක මගේ සිනමා ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වත් වැරුදි නැහැ.හැබැයි පිට පිට තිරගත වූ “රන්ජානා* සහ “භාග් මිල්කා භාග්* යන චිත්‍රපටවලදී මගේ රෑපණ පරාසය එක තැනකට කොටු වෙලා නැති බව ඔප්පු කළා.අනික “රන්ජානා* චිත්‍රපටයෙන් පසුව බොහෝ විචාරකයන් මම ගැන සුබවාදීව කතා කරලා තියෙනවා.ඒ පිළිබඳ මම සතුටු වෙනවා.ඒත් මම තමයි හොඳම නිළිය කියලා මම කියන්නේ නැහැ.ඒත් එහෙම තත්ත්වයකට එන්න බැහැ කියලා මම හිතන්නේත් නැහැ.

බොලිවුඩයේ මෙතෙක් බිහි වූ චිත්‍රපට චරිත අතරින් ලැබුණා නම් හොඳයි කියලා හිතුණු චරිත නැද්ද ?

මම කැමැති නැහැ එහෙම කතා කරන්න.මොකද මම කැමැති ලැබෙන චරිතය උපරිමයෙන් කරන්නයි.

“රන්ජානා* චිත්‍රපටය ස්ත්‍රිවාදී චිත්‍රපටයක්ලු.එවැනි රාමුවක්ලු.  එහි තිර කතාව තුළ තිබෙන්නේ.මේක ඇත්තක්ද ?

ඔවැනි මතයක් ගොඩනැගෙන්නේ ධනුෂ් කියන එක්තරා දෙබසක් හින්දා.ඒත් එක් තැනක තියෙන දෙබසක් තුළින් කොහොමද සමස්ත චිත්‍රපටයම ගැන අදහසක් ගන්නේ ? .ඒකට මුළු චිත්‍රපටයම කියවන්න ඕනේ.අනික එවැනි ස්ත්‍රිවාදී රාමුවක් මේ චිත්‍රපටයේ නැහැ.මොකද සෝයා කියන්නේ ඉතාම ධෛර්යසම්පන්න තරැණියක්.ඇගේ තීරණ බොහොම රළුයි.ඇය තමයි අනික මේ කතාවේ ප්‍රධාන කතා නායිකාවත්.ඒ නිසා ඒ චරිතය හරිම යථාර්ථාවාදීයි.මම පෞද්ගලිකවත් කැමැතියි ඒ චරිතයට.

බොලිවුඩයේ ඔබ කැමැතිම නිළියන් ලැයිස්තු ගත කළොත්.?

බෙබෝ (කරීනා කපූර්) තමයි මුලින්ම.මම ආදරෙයි ඇයට.ආලියා භාත් සහ විද්‍යා බාලන්ටත් එහෙමයි.ජැක්ලින් ෆර්නැන්ඩස් නම් මගේ හොඳ යාළුවෙක්.හැබැයි මම අධ්‍යක්ෂවරියක් වුණොත්,ආලියා භාත් තමයි මම අධ්‍යක්ෂණය කරන්න කැමැතිම නිළිය.ඇය තමයි මාව ඒ සඳහා හැම වෙලාවකම පොළඹවන්නේ.ඒ වගේ භාවයන් තමයි ඇගේ මුහුණේ තිබෙන්නේ.හරිම සිනමාත්මකයි.

විචාරකයන්ගේ සම්මාන උලෙළක් විදිහට සැළකෙන කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගි වෙන්නත් ඔබ භාග්‍යවන්ත වුණා ?

ඔව්.ඇත්තෙන්ම.මම හුඟක් කැමැතියි ඒකට.හරිම කැමැත්තෙන් ප්‍රංශයට ගියේ.කිසිම මානසික ආතතියක් නැති පරිසරයක් ඒක.හැබැයි මම ගියේ නම් චිත්‍රපට බලන්න නෙමෙයි.මොකද මට ලැබී තිබුණේ නිරෑපිකාවක් විදිහට එම චිත්‍රපට උලෙළ වර්ණවත් කරන්න.

“සාවරියා* චිත්‍රපටය සාර්ථක වුණත් ඉන්පස්සේ ඔබ සහ රන්බීර්ව එකම චිත්‍රපටයකදී අපි දැක්කේ නැහැ ?

ඔව්.ඒත් ඒකට හේතුව නම් හරියට මම දන්නේ නැහැ.ඒත් ප්‍රේක්ෂකයෝ මගේ අනෙක් ප්‍රධාන චරිතයට ධනුෂ්,ෆර්හාන් අක්තාර්,අභිෂේක් බච්චන් වගේ රෑපණ ශිල්පීන් අනුමත කරන බවයි මට නම් හැඟෙන්නේ.

කවදාහරි සම්මුඛ පරීක්ෂණයකින් චරිතයක් ලැබිලා නැද්ද ?

මට එහෙම මෙතෙක් ලැබිලා නැහැ.එහෙම ලැබුණත් මට ඒක ප්‍රශ්නයකුත් නෙමෙයි.මම අධ්‍යක්ෂවරයා පස්සේ යන කෙනෙක් නෙමෙයි.එයා ඉස්සරහා වැඳ වැටිලා “අනේ මේ චරිතේ මට කොහොම හරි කරන්න දෙන්න* කියන කෙනෙකුත් නෙමෙයි.මොකද අධ්‍යක්ෂවරයාට හොඳ නම්,චරිතයට තමන් ගැලපෙනවා නම් ඒකට එයාගේ පස්සෙන් යන්න ඕනේ නැහැ.මම දන්න තරමින් හියු ජැක්මන් පවා එවැනි පරීක්ෂණවලට මුහුණ දීලා තියෙනවා.

සැලසුමක් ඇතුවද වැඩ කරන්නේ ?

ඔව්.මම මගේ චිත්‍රපට සාර්ථක වුණත් නැතත් චරිතයෙන් පස්සේ යමක් හදාරනවා. මැරෙන දවස වෙනකම්ම රෑපණයේ යෙදෙන්නයි කල්පනාව.මට ඕනේ මට ලැබෙන හැම චිත්‍රපටයකදිම හොඳම රංගනය ලබාදෙන්න. කෙලින්ම කිව්වොත් චිත්‍රපටයට වැඩිම දායකත්වයක් ලබා දුන් නිර්මාණකරැවා වෙන්නයි මට ඕනේ.

රෑපණය සඳහා ගුරැවරයෙක් හෝ වැඩමුළු සංවිධානය කළොත් ඔබ එයින් තෝරාගන්නේ මොකක්ද ?

එහෙම එකක කියන්න බැහැ. අපේ තාත්තා (අනිල් කපූර්) පවා හැම දර්ශනයකටම කලින් ඒ පිළිබඳ ගුරැහරැකම් ලබා ගත්තා.මමත් ඒකම තමයි කරන්න බලාපොරොත්ත්තු වෙන්නේ.  මම රෑපණ විධි ක්‍රමය ඉගෙන ගන්න අනුපම්  මාමාගේ (අනුපම් කේර්) රංගන පාසලටත් ගියා.ඒ අනුව  දිල්ලිවලදි මම තුන් මාසයක් වගේ කාලයක් “රන්ජානා* චරිතයට පුහුණු වුණා.“කූබ්සුරත්*ගේ වැඩමුළුවලටත් යන්නයි දැන් හිතන් ඉන්නේ.මම හිතන්නේ මේක අන්තර්ජාතික රෑපණ ශිල්පියෝ පවා කරන දෙයක්.මොකද මේක කලාවක්.ප්‍රගුණ කළ යුතු කලාවක්.නිතර අභ්‍යාසයේ යෙදිය යුතු කලාවක්.


No comments:

Post a Comment