සමාජ කලා විඥාණයේ ගැටලු
?
මාලන් විදානපතිරණ - SC/PA/2011/2012/88
PFA 628
හැඳින්වීම
ශ්‍රී ලාංකේය සමාජ කලා විඥාණයේ ගැටලු පිළිබදව එය නොයෙකුත් මානයන් ඔස්සේ
විවරණය කළ හැකි නමුදු එය ප්‍රධාන වශයෙන් නවකතාව,කෙටිකතාව,කවිය,නාට්‍ය,ටෙලිනාට්‍ය,සිනමාව,
චිත්‍ර හා මූර්ති, සංගීතය, නර්තනය, ගුවන් විදුලි නාට්‍ය සහ නව මාධ්‍ය වශයෙන් කොටස්
කිහිපයකට බෙදා සාකච්ඡා කළ හැකිය.මේ අතරම මෙය සමස්තයක් වශයෙන් ගත් කල අද්‍යතන මාධ්‍ය
සමග සසඳාලමින් වෙනත් කෝණයකින් විදාරණය කළ හැකි බැවින් අදාළ ප්‍රස්තුතය කොටස්
කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරීම මනා යැයි අපි සිතනෙමු.
මුල සොයා යෑම



ඇතැමුන් නර්තන කලාවේ පවතින නව ප්‍රවණතා
මෙන්ම සංකූලතා පිළිබඳ සුළුවෙන් හෝ කතාබහක යෙදෙද්දී , මුද්‍රිත මාධ්‍ය තුළින් පවා
එකල ඊට උනන්දු විය.නර්තනයේ ද්විතීයික අවස්ථාවක් ලෙස සැළකෙන මුද්‍ර නාට්‍ය කලාවේ නල
- දමයන්ති සහ කරදිය වැනි නිර්මාණ අදටද කතාබහට ලක්වන්නේ එබැවිනි. පරමාදර්ශී මුද්‍රා
නාට්‍ය ද්විත්වයක් තිළිණ කළ චිත්‍රසේන වජිරා කිසිදිනෙක අමතක කළ නොහැකි දෙපළක්
වන්නේත් එබැවිනි.
එසේම චිත්‍ර හා මූර්ති පිළිබඳ කතාබහ කිරීමට පවා විදග්ධයන් උත්සුක වූ අතර ඊට
ඉඩක්ද තිබිණ. එසේම මෑතකදි ඇස්.ගොඩගේ මහතා පුවත්පතකට සඳහන් කළ පරිදි එකල කවියට
පාඨකයාගේ දැඩි උනන්දුවක් පැවැති අතර වැඩිම අලෙවියක් වාර්තා කළේ කවි පොත් බව ඔහු එම
පුවත්පතට පවසා ඇත.එනම් එකල කුමාරතුංග මුනිදාස,එච්.ඇම්.කුඩලිගම,මීමන ප්‍රේමතිලක,ගුණදාස
අමරසේකර,දයාසේන ගුණසිංහ,මහාචාර්ය විමල් දිසානායක,ජී.බී.සේනානායක සාගර පලන්සූරිය
හෙවත් කේයස්, විමලරත්න කුමාරගම, රුපියෙල් තෙන්නකෝන්, පරාක්‍රම කොඩිතුවක්කු,මොනිකා
රැවන්පතිරණ වැනි කවීන් පිළිබඳ එකල පැවතියේ අවදිමත් සමාජයකි.

ස්වර්ණමය යුගය සහ තාක්ෂණයේ අතික්‍රමණය

එසේම ආලින්දයේ සිට උදේ සිට රාත්‍රිය වන තෙක් කිසිදු විධිමත් ප්‍රතිපත්තියක්
නැති ආකාරයේ වැඩසටහන් පෙළගැස්වීමකට සියලු නාලිකා පෙළඹෙත්ම,සියලු නාලිකා තරගකාරීත්වය
පසුපස හඹා යත්ම සියලු සමාජ රටාවන් ව්‍යාකූල වූ අතර පැටලුණු නූල් බෝලයේ කොණ සොයාගත
නොහැකි තත්ත්වයක් උදා විය.
එහෙත් මේ අතර ටයිටස් තොටවත්ත,ප්‍රේමකීර්ති ද අල්විස් වැනි නිර්මාණකරැවන්
අනාගතය ගැන සිතා කටයුතු කළ අතර ජාතික නාලිකා තුළින් තරගකාරී නොවී උසස් රසිකත්වයක්
ලබා දීමට උත්සුක විය.විශේෂයෙන්ම දොස්තර හොද හිත,ඉගුරැ පාන් මල්ලී,බෘම්,හා හා හරි
හාවා,පිස්සු පූසා,වලස් මාමා වැනි ආදර්ශමත් ළමා කතා මෙන්ම ඔෂීන්,සුසුරන් වැනි
ආදර්ශමත් ටෙලිනාට්‍ය මාලා තිළිණ කළ ඔවුන්, ඒ හරහා අමතක නොවන අතීතයක් එකල සිටි ළමා
ප්‍රේක්ෂකයන් අතර ගොඩනැගුවේය.

එහෙත් එය කණකට නොගත් බොහෝ පාලකවරැන් තම බලය රුක ගනු වස් ක්‍රියා කළා විනා
රසවින්දනය සැකසීමට නිසියාකාර ක්‍රමවේදයක් නිර්මාණ කිරීමට කිසි විටෙකත් උත්සුක නොවූ
අතර විපක්ෂයට බැන වැදීමට හෝ පාලක පක්ෂය විවේචනය කිරීමට ජනමාධ්‍ය භාවිතා කළ අතර එදා
වේල ටුවර්ස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් රසවින්දනය ලබා දීමට මාධ්‍ය භාවිතා කළේය. ඒ
අනුව ෂේප් න්‍යාය දල්වමින් රසවින්දනයේ ගිනි සිළුව අවුලුවාලමින් අද අපට නැගී සිටීමට
සිදුව ඇත්තේ අළු වී ඇති සමාජ කොටසක් සමගිනි.
කෙසේ වතත් ජංගම දුරකතනයේ සහ පරිගණකයේ පැමිණීමත්,එහි ද්වීතියික අවස්ථාවක්
ලෙස ටැබ්,ලැප්ටොප්,අන්තර්ජාලය පැමිණීමත් සමග එකී තත්ත්වය තව තවත් පරිහානියට පත් වූ
අතර මුළු ලොවම අතැඹුලක් සේ ගත හැකි වුවද රසවින්දනය භාවිතාවන් අතින් සෘණාත්මක
දිශානතියකට ගමන් කිරීමට පටන් ගත් අතර වේදිකා නාට්‍යයක් නොනරඹන,ටෙලිනාට්‍යයකුදු
නොනරඹන, සිනමා ශාලාවකට බොක්ස් ආසනයක් අවශ්‍ය වූ විට පමණක් පැමිණෙන නව සමාජ
සම්භවයක් නිර්මාණයක් විය.

එහෙත් ඊට තරැණ - වැඩිහිටි අතර පවත්නා පරම්පරා ඝට්ටනයද දරැණුවට බලපා ඇති අතර
වැඩිහිටියන්ගේ අතීත කාමය සහ අනම්‍යශීලි බව මෙන්ම තරැණයන්ගේ අනම්‍යශීලී බව ඉතා දැඩි
ලෙස බලපා තිබේ.

විශේෂයෙන්ම ෆේස්බුක්,ට්විටර් වැනි මාධ්‍ය හරහා කෙරෙන නිර්මාණකරණය ඇගයීමට
කිසිදු විධිමත් ක්‍රමයක් තවමත් ලෝකය තුළ පවා නිර්මාණය වී නැති අතර ඊට පෙළඹීමටද
බොහෝ දෙනෙකු මැලි වෙති.එසේම රසවින්දනය,සාහිත්‍යකරණය,විචාරකරණය ආදී නොයෙක් වස්තු
විෂයන් පාදක කර ගනිමින් විවිධ කණ්ඩායම් මේ තුළ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරමින්
පැවතියද එයද සමාජය තුළ පිළිගැනීමකට ලක්ව නොමැති අතර කවියක් ගැන කතා කිරීමට එය
පොතක් බවට පත්විය යුතුය යන මතයේ බොහෝ දෙනෙක් සිටී.නොඑසේ නම් විචාරයක් වන්නට නම් එය
විචාර ග්‍රන්ථයක් විය යුතුය යන සාම්ප්‍රදායයික අදහස තවමත් වත්මන් සමාජය තුළ ගිලා
බැස ඇත.එසේම කතාවක් වන්නට නම් හෝ රචකයා, ලේඛකයකු වන්නට නම් ඔහු හෝ ඇය එය මුද්‍රිත
මාධ්‍ය හරහා නවකතාවක් හෝ පුවත්පතකට පළකිරීම වැනි හණමිටි අදහස්වලින් තවමත් සන්නද්ධව
ඇත.
එහෙත් අප එනයින් නවකතා,කෙටිකතා,කවි,විචාර ග්‍රන්ථ ආදිය අනවශ්‍ය බව
නොපවසන්නෙමු.එහෙත් පවතින තාක්ෂණය සමගින් ඉදිරියට යාමටත්,තාක්ෂණය දෙස වපරුසින්
බලන්නටත් යාමත් තුළ අදාළ සාමූහිකත්වය ගොඩනොනැගෙන්නේ නම් රසවින්දනය ඉදිරියට විතැන්
කිරිම ඉතා දුෂ්කරය.
එනම් අන්තර්ජාලය,පරිගණකය ආශ්‍රිතව වෙනමම පිරිසක් ගොඩනැගෙද්දී එහි අභ්‍යන්තරය
තුළත්, ටෙලිවිෂන්කරණය සහ ගුවන්විදුලි මාධ්‍ය තුළත්,මුද්‍රිත මාධ්‍ය තුළත් එක හුයක්
සේ බැඳෙන රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ අවශ්‍යතාවය දැන් වන විට මතුව තිබේ.
එහෙත් සාහිත්‍යය,ඉතිහාසය පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ යුගයක් පසු කළ
අපට එම ගමන යාම තරමක් අසීරැ බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදුවේ.ඒ එහි ආදීනව
අදටත් වැඩිහිටි පරම්පරාව තුළින් දැක ගත හැකි බැවිනි.

ඊට තදින්ම පාසැල් අධ්‍යාපන ක්‍රමයද බලපා ඇති අතර වානිජ සිසුවාට කලාත්මක
හැඟීම් පුබුදවා ගැනීමට විෂය නිර්දේශයෙන් අවසර නොදීමත්, විද්‍යා විෂය හාදරන සිසුවාට
කිසිදු ආකාරයේ කලා විෂයක් සෙසු විෂයන් සමග හැදෑරීමට ඉඩකඩ ලබා නොදීමෙන් මෙම
අර්බුදයේ එක් කොණක් ලිහාගත හැකිවේ.
කෙසේ වෙතත් තාක්ෂණය ශ්‍රී ලංකාව පුරා කොතරම් ව්‍යාප්තව ඇත්දැයි යන්න ප්‍රශ්න
කළ හැකි තර්කයකි.එනම් ජංගම දුරකතනයක් තබා විදුලියවත් නොමැති ගම් දනව් තවමත් අප රටේ
පැවතීම ඛේදවාචකයකි.ඒ අනුව ඔවුන්ගේ රසවින්දනය පවතින්නේ කිනම් මට්ටමකද යන්න
විවාදාත්මකය.එහෙත් බොහෝ විට ඔවුන් සංගීත සංදර්ශනයක් ඇතැයි කියතොත් රුස් කකා එය
බලන්නට යයි.ඔවුන්ට ඕනෑ කරන්නේ තමන්ගේ සංකීර්ණ ප්‍රශ්න ටික මොහොතකට හෝ අමතක කළ හැකි
අවකාශයකි.ඒ අනුව ඔවුන් කකුලට නැටවෙන ගීත කෙරේ වැඩි අවධානයක් යොමු කිරීමද ස්වාභාවික
තත්ත්වයකි.ඒ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට හෝ දෙමාපියන්ට නොහැකි වීම
නිසාවෙනි.ඒ අනුව අවිධිමත් ජීවන රටාවක කාලය ගත කරන ඔවුන් අයාලේ යාම වළක්වා ගැනීම
අස්වාභාවික තත්ත්වයක් නොවේ.නමුත් බොහෝ විට අප හොට පටලවා ගන්නේද මෙම තත්ත්වය අවබෝධ
කර ගැනීමට නොහැකිවය.

එහෙත් එය සමස්ත ක්‍රමයට හෝ පාලන ක්‍රමයට භාර දී අප ඔහේ බලා සිටිය යුතු බවක්
මින් අදහස් නොවේ.අප යමක් කළ යුතුව ඇත.එහෙත් ඒ සඳහා අදාළ සමාජ කොට්ඨාසය සිටිනා සමාජ
තත්ත්වය අවබෝධ කර ගැනීම පළමුව ගත යුතු ක්‍රියාමාර්ගයයි.එනම් ඔවුන්ගේ රසිකත්වය
සොයා, ඔවුන්
සමගින් ඔවුන්ගේ මට්ටම ස්පර්ශ කරමින් ඒ තුළින් පියවරෙන් පියවර කලා විඥාණය ඉහළට ඔසවා
තැබීම මැනවි.එහෙත් එය සාර්ථක කර ගැනීම උඩු ගං බලා පිහිනා යාමකි.එහෙත් ඊට වෙනත්
පිළියමක්ද නොමැත.


එසේම ක්ෂණික කොත්තු රස බලන,මිනිත්තු දෙකේ නූඩ්ල්ස් සොයනා වත්මන් සමාජය තුළ
කලබලකාරී හැඟීම් විනා හොඳ නිර්මාණයක රස පහස විඳීමට තරම් සංයමයමක් තිබේද යන්නත්
ගැටලුවකි.සරච්චන්ද්‍රයන්,හෙන්රි ජයසේනයන්,ලෙස්ටර් ජේම්ස් පීරීස් ශූරීන්,අමරදේවයන්
මෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ සාමකාමී සමාජය අද වන විට කලබලකාරී වීමත්,ඒ
තුළින් නිර්මාණකරැවන් පවා සංයමකින් නිර්මාණකරණයට තරම් පසුබිමක් සකසා ගැනීමට
අපොහොසත් වීම අප මෙයින් අදහස් කරන්නෙමු.එනම් කළු ජුලියෙන් පසුව පශ්චාත් යුද සමය
ජීවිතය ගෙවන අප නැවතත් ජාතිවාදයකට දොරටු විවර කරන පරිසරයක කාලීන තේමා
නිර්මාණකරැවන්ගේ ඇස ගැටීම වළක්වනු බැරිය.එසේම මෙවන් පරිසරයක සංයමකින් කෙරැණු මීට
අඩ සියවසකට එහා කළ නිර්මාණ නැවතත් ඉදිරියට විතැන් වීමත්,ඒවා තුළම ලැගීමත්,එම
නිර්මාණ සමගින් වත්මන් නිර්මාණ සංසන්දනය කිරීමත් වළක්වාලනු බැරි තත්ත්වයකි.ඒ තුළ
පවත්නා සර්වකාලීන ගුණය හේතුවෙනි.එහෙත් එයින් අද සර්වකාලීන ගුණයෙන් යුතු නිර්මාණ
නොමැති බව අප අදහස් නොකරන නමුත් එවන් නිර්මාණයකට අවශ්‍ය අඩුම කුඩුම හෝ එවන්
නිර්මාණයක් කළද ඊට ලැබෙන ප්‍රතිචාරයේ පවත්නා මඳ බව එවන් නිර්මාණවල හිඟ බවට මෙන්ම
එවන් නිර්මාණකරැවන්ගේ හිඟ බවටද තදින්ම බලපා තිබේ.

කෙසේ නමුත් ප්‍රධාන ප්‍රවාහයේ ගමන් නොකරන මාධ්‍යයක් බැවින්ද,තවමත් ජ්‍යෙෂ්ඨ
කලාකරැවන් විසින් අනුමත කිරිමට මැලි වන මාධ්‍යයක් වන රෑප රචනා කලාව සැළකිය යුතු
ඇගයුමකට ලක් විය යුතු බව අපගේ හැඟීමයි.
එහෙත් පවතින ප්‍රධාන ඝට්ටනය වන්නේ බොහෝ එක් කණ්ඩායමක් කලාවෙන් මුදල් උපයා
ගැනීම නින්දිත ක්‍රියාවක් ලෙස සැළකීමත්, අනෙක් පිරිස එය එසේ නොසැළකීමත්ය.ඒ අනුව
වත්මන් සමාජය තුළ මෙම ඝට්ටනයේදීද පැහැදිලි ලෙස පෙරමුණ ලබා ගන්නේ වැඩිහිටි පරපුර සහ
තරැණ පරපුරයි.ඒ අනුව එයද තරැණ - වැඩිහිටි ගැටුමක් ලෙස අදටත් තීව්‍රව පැන නගින
පැහැදිලි සමාජ අවිඥාණික බවක් බව අපගේ අදහසයි.එහෙත් මිනිත්තු තුන හතරක සීමිත කාල
පරතරයක් තුළ විශාල යමක් කළ හැකිදැයි කෙනෙක්ට ප්‍රශ්න කළ හැකිය.එහෙත් එය එසේ නම්
කෙටි චිත්‍රපට කලාව පවතින්නේ කෙසේදැයි යන්නද ප්‍රශ්න කළ යුතුය.(මෙයින් කෙටි චිත්‍රපට
කලාව සහ රෑප රචනා කලාව එකම තරාදියක දෙපැත්තේ තැබිය හැකි බව අදහස් නොවේ.) එනිසා එලෙසින්
ආදේශ කරන කල්හි එම තර්කය අවලංගු කාසියකි.එනම් වැදගත් වන්නේ කරනා නිර්මාණය ගුණ අගුණ
බව අපගේ හැඟීමයි.



එසේම මෙහි ගුවන් විදුලි නාට්‍ය පිළිබඳවද යමක් සටහන් කළ යුතුය.හුදු පහත්
රැචිකත්වයත් උදෙසා නිර්මාණය වන වත්මන් ගුවන් විදුලි නාට්‍ය කිසිවිටෙකත් ශ්‍රාවකයාගේ
බුද්ධියට ගෝචර වන්නක් නොවන අපගේ අදහසයි.ඉතා වැදගත්,ගෞරවනීය තත්ත්වයක පැවැති
රසවින්දනය පෞද්ගලික නාලිකා මගින් අද වන විට දැවැන්ත ලෙස පහතට ඇද දමා ඇති අතර ශ්‍රාවකයාගේ
බුද්ධියට ගරහන සුළු නාට්‍ය නිපදවන්නේ ඔවුන්ට හෝ ඵලක් නොමැති වැරදීමෙන් සහ
සැඟවීමෙන් මතුවන හාස්‍ය නිග්‍රහයට පත් කරමිනි.සෘජුවම කියතොත් හුදු මාකටිං සඳහා
පමණක් නිර්මාණය වූ ස්වරෑපයක් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අතර නිර්වින්දනය වූ
රසවින්දනයක් ඇති ශ්‍රාවකයාද කිසිදු පෙළඹවීමක් නොමැතිව එය අනුමත කරනු දැකගත හැකි
වීම ගැටලුකාරී තත්ත්වයකි.
ප්‍රධාන ධාරාවේ කලා මාධ්‍ය තුළ සමාජ කලා විඥාණයේ ගැටලු
චිත්‍ර හා මූර්ති කලාව

එසේම වර්තමානය වන විට මූර්ති කලාව වනාහි පවතිනවාද නැද්ද යන්න පවා නොදන්නා
තරමට නිද්‍රාශීලි බවක් උසුලන අතර ඒ පිළිබ හාවක් හූවක් නොමැත්තේ එය මිය ගිය
කලාවන්ගේ ලැයිස්තුවට ළගදීම එක්වන ලකුණූ පහළ කරමිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මූර්ති
කලාව කොයිබටද යන්න එහි සමාජ කලා විඥාණ පසුබිම අධ්‍යයනය කිරිමට සැළකිල්ලට භාජනය කළ
යුතුය.එසේම මූර්තිය කියවිය හැකි බුද්ධිමත් පිරිසක් ඇති කිරීමට මූර්ති කලා ශිල්පීන්
උත්සුක නොවන්නේ මන්දැයි අපට ප්‍රශ්නයක් නැගෙනා අතරම,ඇතැමුන් වෙනත් වෘත්තින් කරා
මෙම වෘත්තියෙන් පිටමං වීම හරහා පෙනී යන්නේ එහි වල්බිහි වී ඇති ස්වභාවයකි.එනම්
ඇතැම් විශ්ව විද්‍යාලවල පවා වෙනමම මේ පිළිබද ඉගැන්වීම් කටයුතු සිදුවුවද ඉන් බිහිවන
දක්ෂයන්ට විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි යන්න සමාජමය වශයෙන්
පිරික්සා බැලිය යුතු ප්‍රශ්නයකි.

වේදිකා නාට්‍ය කලාව

ඒ අනුව ඉහත කී නාට්‍යකරැවන්ගේ මනමේ, සිංහබාහු,නරිබෑනා,මධුර ජවනිකා,ආනන්ද
ජවනිකා,හුණුවටයේ කතාව,දිරිය මව සහ ඇගේ දරැවෝ,මකරා,තාරාවෝ ඉගිලෙති,රතු හැට්ටකාරී,වැනීසියේ
වෙළෙන්ඳා,ඔතෙලෝ, තල මල පිපිලා,ගුරැ තරැව,ලෝකය තනි යායක්,විකෘති,සුබ සහ යස ආදී නාට්‍ය
කිහිපයක් පමණක් ශේෂ වූ අතර ඉන් කලාත්මක නාට්‍ය නිෂ්පාදනය අවම තත්ත්වයට පත්
විය.හරියටම කියතොත් 1956 පටන් ක්‍රම ක්‍රමයෙන් වැඩී ආ නාට්‍ය නිර්මාණකරණ පරම්පරාව
ජයලත් මනෝරත්නයන්ගෙන් පසු නතර වී ඇති සේයාවක් අපට දක්නට ලැබේ.ඊට ලැබෙන අනුග්‍රහය
මෙන්ම සමාජයේ එවැනි ගැඹුරැ තේමා සහිත වේදිකා නාට්‍යයකට ලැබෙන ප්‍රතිචාරය අවම වීම
මීට බලපෑ ඇති බැව් අපගේ අදහසයි.




එසේම සිංහල රාජ්‍ය භාෂාව කරමින් හැටේ දශකයේදී ගත් තීරණාත්මක දේශපාලන තීරණය
හේතුවෙන් අදටත් නාට්‍ය කලාව තුළ ද්විභාෂා උගතුන්ගේ දැවැන්ත අඩුපාඩුවක් දක්නට ලැබෙන
අතර විවෘත ආර්ථිකයක් පවතිනා බව කීවද,ලෝකය අපට අතැඹුලක් සේ ගත හැකි තත්ත්වයක්
නිර්මාණ වී ඇති බව කීවද ඊට ප්‍රවේශ වන මාර්ගය අවහිර වී තිබීම අද නාට්‍ය කලාවටද
දැවැන්ත ලෙස බලපා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයේ නිර්මාණය වන නව නාට්‍ය පිළිබඳ කිසිවක්
නොදන්නා අප, තවමත් අතපත ගානේ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ
නාට්‍යයයි.එසේත් නොමැති නම් දාරියෝ ෆෝගේ නාට්‍යයයි.ඉනික්බිති කෙතරම් නාට්‍ය
බිහිවුණිද ? කෙතරම් විශිෂ්ට නාට්‍යකරැවන් බිහිවුණිද ? අප ඒ පිළිබඳ දැනුවත්ද ? නාට්‍ය
කලාවේ නව ප්‍රවණතා කවරේද ? ඒ පිළිබඳ අප දැනුවත්ද ? ඒ අනුව අප නාට්‍ය කලාව තුළදී
සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි.එතුළින් සජීවි මාධ්‍යයක් ලෙස වේදිකා නාට්‍ය කලාව
අන්ත අසරණ වී ඇත.එසේම දේශපාලුවන්ට පින්සිදුවන්නට ද්විභාෂා උගතුන් නොමැතිව මාලා
ටෙලිනාට්‍යයකට සම්මාදම්ව කීයක් හෝ අතමිට මොලවා ගැනීමටත්,කුලීකරැවන් සේ කලා ක්ෂේත්‍රයේ
නියැලීමටත් නාට්‍ය කලාව කෙරේ උනන්දුවක් ඇත්තවුන්ටද සිදුව ඇත.

එහෙත් මේවා සමාජ කලා විඥාණය සමග බැඳෙන්නේද යන්න ඔබට ප්‍රශ්නයක් මතුවනු
ඇත.බුද්ධිමත් නාට්‍ය සංස්කෘතියක් වර්තමානයේ නොමැති වීම තුළින් කිසිවිටෙකත්
බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් බිහි නොවේ.එහි අදහස නම් බුද්ධිමත් නිර්මාණකරැවන්
පිරිසක් සමග එම බුද්ධි මට්ටම වටහා ගත හැකි බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්ද, ඒ හා
බැඳුණූ කතිකා,සංවාද,විවාද,විචාර ආදියට සංවේදී වන සමාජ කොටසක්ද වත්මන් සමාජය
තුළින්ම ඉස්මතු වන තුරැ වේදිකා නාට්‍ය කලාව තුළ සවිඥාණික රසවින්දනක් නිර්මාණය
නොවනු ඇත. එසේම අවිඥාණික වූ නිර්වින්දිත රසවින්දනය පහව නොයනු ඇත.

වත්මන් සංගීතය තුළ ඉතා තදින්ම දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ හරවත් ගීතවල අඬු
ලුහුඬුතාවයයි.එසේම සංගීතය තුළ විප්ලවීය කාර්ය භාර්යයක් ඉටු කරන රුඩිකල්වාදී
සංගීතඥයන්ගේ අවශ්‍යතාවයක් සමාජයට අවශ්‍ය කර තිබේ.කොටින්ම කියතොත් ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් වැනි හිතුවක්කාර ගාන්ධර්වරයකුගේ ආදේශකයක් සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යම කර
තිබේ.යානි ශ්‍රී ලංකාවට පැමිණ කළ මොහොතේ ශ්‍රී ලංකේය රසිකත්වය ඉතා ඉහළ මට්ටමක
පවතින බව එහි ටිකට්පත් සියල්ලම නියමිත දිනටත් පෙර අලෙවි වීමෙන් පිළිබිඹු වූ අතර
සාර්ථකව නිර්මාණකරණයෙහි යෙදුණහොත් ශ්‍රී ලාංකේය සංගීත ශිල්පීන්ටද එම අභියෝගය දේශීය
වශයෙන් හෝ ජය ගත හැකි වනු ඇති බව අපගේ අදහසයි.කෙසේ වෙතත් ඩබලිව්.ඩී.මකුලොළුව
සංගීතවේදියාණන් කළ “දෙපානෝ* සංගීතමය සංධ්වනියෙන් පසුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්
“පිරිනිවන් මංගල්‍යය* රසික ජනතාවට මුදා හළ නමුත් ඉන්පසුව එවන් වික්‍රමයක් තවමත්
අපට දක්නට නොලැබීම නෙතට කඳුලකි.එහෙත් මෑතකදී නවරත්න ගමගේ සංගීතවේදියාණන් විසින්
“පනාමුරේ කුංචනාද* නමින් සංධ්වනියක් නෙළුම් පොකුණ රඟහලේදී පළමු වතාවට සමාජයට මුදා
හළ නමුත් තවමත් අපට එහි සාර්ථකත්වය පිළිබඳ කතා කළ නොහැක්කේ එය ජනගත වීමට යම්
සාධාරණ ප්‍රසංග සංඛ්‍යාවක් සහ කාලයක් අවැසි නිසාවෙන්මය.
කෙසේ නමුත් නාලිකා මගින් හිතු මතේ මෙහෙයවන සංගීතමය වැඩසටහන් හේතුවෙන් ගීත
රසාස්වාදව පිළිබඳ විෂමතා වත්මනේ හටගෙන ඇති අතර ඒ නමුත් ඊට නිසි පිළිතුරැ දීම පසෙක
තිබියදී ජනතාවගේ අවධානය සුපිරි තරැ කෙරේ යොමු කිරීමත් අනවශ්‍ය ලෙස පිම්බීම
හැරෙන්නට අවසානයේදී ඔවුන්ගෙන් සංගීතමය ක්ෂේත්‍රයට ලැබෙන්නේ පුස්සක් වීමත් මහජනයාට
වටහා ගැනීමට හෝ මහජනයාට වටහා දීමට හෝ වටහා දුන්නද වටහා ගැනීමට නොහැකි වීම තරම්
අවාසනාවක් තවත් නැත.එනම් සුපිරි තරැවක් වීමෙන් සියලු ග්‍රහ අපල දුරැ වී සියලු දෝස
නිවාරණය වන ආකාරයේ සමාජ ව්‍යුහයක් සකස් කර ඇති වත්මන් සමාජය තුළ රුල්ලේ ගීත
නිර්මාණය වීම හැරෙන්නට කලාත්මක ගීතයකට උත්සුක වන ගායකයන් හිඟ වීම දැඩි ප්‍රශ්නයකි.එසේම
ස්වකීයව නැගී සිටීමට උත්සාහ දැරෑවද නාලිකාවල පවත්නා ඒකාධිකාරය හේතුවෙන් ඇතැම් විට
ආ පයින්ම ක්ෂේත්‍රය හැර යන ස්වභාවයක් දක්නට ඇති වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළද
පාසැල් අධ්‍යාපනයෙන් ඉවතට විසි වන සහ විශ්ව විද්‍යාලයෙන් පසු ඉවතට විසි වන දක්ෂ
තරැණ කොටස් රුකගැනීමේ වැඩපිළිවෙළක් අවැසි බව නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.එනම්
සංගීත ක්ෂේත්‍රයේ රුඳී සිටිය හැකි ආර්ථික තත්ත්වයක් ලෝකය දෙස බලා හෝ නිර්මාණය කර
දීම බලධාරින්ගේ වගකීමකි.රින්ග්ටෝන් ක්‍රමය විධිමත් කරමින් එය සිදුකළ හැකි අතර අදාළ
වෘත්තියමය තත්ත්වය නිර්මාණය වන්නේ එලෙසිනි.එසේ නොමැති ඒ දෙස වපරුසින් බැලීම තුළින්
හෝ තරැණයන් සහ ජ්‍යෙෂ්ඨයන් අතර පරම්පරා ගැටුමක් සංගීත ක්ෂේත්‍රය තුළ ඇති කිරීමෙන්
ඇති වන කිසිදු ප්‍රතිඵලයක් නොමැත.
නර්තනය
නර්තනය යනු කොටස් ගණනාවකින් යුතු විෂය පද්ධතියකි.එහෙත් මේ බව අවබෝධ කර
නොගන්නා බොහෝ පිරිස් පාසැල් අධ්‍යාපනයෙන් පසු වෙනත් රුකියාවක් කරා පියමං
කරයි.එසේත් නොමැති නම් ගුරැ වෘත්තිය කරා යොමු වන්නේ වෙනත් විකල්පයක් නොමැති
බැවිනි.එසේ නම් එම සමාජ ප්‍රෝඩාවද සමාජ කලා විඥාණය පිළිබද දැඩි ගැටලුකාරී
තත්ත්වයකි.එනම් නිර්මාණාත්මක නර්තන අභ්‍යාස හරහා වර්තමානයේ නොමැති අවකාශයක් ඇති කර
ගත හැකි නර්තන කලාව තුළ, කලාත්මක යමක් කිරීමට අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක ඇසක්
පමණෙකි.ඒ අනුව නර්තනයෙන් කළ හැකි වික්‍රමය මේ යැයි කිව නොහැක.එය ලෝකයේ නර්තන කලාව
දෙස බලද්දී මනාව අධ්‍යයනය කිරිම තුළින් ඔබට වටහා ගත හැකි වනු ඇත.මුද්‍රා නාට්‍ය
කලාව,සම්භාව්‍ය නර්තන කලාව මෙන්ම නූතන නර්තන කලාව යන සුසංයෝගයෙන් නර්තනය තුළ වික්‍රමයන්
සිදු කළ හැක. ජන විඥාණය අවදි නළ හැකි නිර්මාණාත්මක ප්‍රසංග පැවැත්විය හැක.අවශ්‍ය
වන්නේ ඒ සදහා ක්‍රියාත්මක වීම සහ ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම පමණෙකි.එසේම ඊට අවශ්‍ය
රාජ්‍ය අනුග්‍රහය සහ මූලික පහසුකම්ද,අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම තුළින්ද වෙනමම
සංස්කෘතියක් ඇති කළ නොහැක්කේ නම් එය අරැමයකි. නොඑසේ නම් කරැමයකි. එසේම හින්දි
සිනමා සංස්කෘතිය ආදර්ශයට ගනිමින් ඔවුන් තමන්ගේ නර්තන කලාව, සිනමාව කෙරේ සුසංයෝග කරනා ආකරයත් අවධානයට ලක් කළ යුතුම
තත්ත්වයකි. එනම් බොලිවුඩ් උප සංස්කෘතියක් ලෙස නර්තන කලාව බැදි පවතින්නේ එකී කලාව
රුක ගැනීම උදෙසාමය.
No comments:
Post a Comment