Wednesday, June 25, 2014

ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්-2014.06.13



ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්



 

හොඳම පිය පුතු දෙපළ - රන්බීර් සහ රිෂි 



 

හොඳම පියා දුව - ෂාරැක් සහ සුහානා



 

මාලන් ගෝවින්ද

ඉන්දියාවේ ජනප්‍රියතම පියා සෙවීමට කළ පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කළ මත විමසුමකින් ඉන්දියාවේ ජනප්‍රියතම පියා බවට පත්වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් සමත් විය.ළඟ එන පියවරැන්ගේ නිමිති කර ගනිමින් පැවැති මෙම සමීක්ෂණයේදී ෂාරැක්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඉන්දියානු කාන්තාවන්ගෙනි.කෙසේ වෙතත් මීට හේතු වශයෙන් බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ෂාරැක් ඛාන් තුළ තම දරැවන් තිදෙනා කෙරෙහි තිබෙනා අසීමිත සෙනෙහස ඔහු සඳහා ඡන්දය භාවිතා කිරීමට පාදක වූ බවයි.ඒ අනුව ෂාරැක්ට මේ වෙනුවෙන් 42.5ක ප්‍රතිශතයක් ලැබෙද්දී, සුපිරි පිතිකරැ සචින් තෙන්ඩුල්කාර් මෙහි දෙවැනි ස්ථානයට පත් වීමට සමත්ව ඇති අතර ඔහුට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 36.9කි. එසේම බොලිවුඩයේ දැවැන්තයා ලෙසින් සැළකෙන අමිතාබ් බච්චන් මෙහි තෙවැන්නා බවට පත්ව ඇති අතර ඔහුට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 20.6කි.

අන්තර්ජාලය ඔස්සේ කෙරැණු මෙම සමීක්ෂණයේදී වඩා ගෞරවාන්විතව ලෙස සළක පියා ලෙසින් ඇමෙරිකානු ජනාධිපති බැරුක් ඔබාමා තේරී පත්වූයේ ලෝකයේ ජනප්‍රියතම පියා ලෙසිනි.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 40.3කි. මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු විල් ස්මිත්ය.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 31.4කි.හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බේකම් මෙහි තෙවැනි ස්ථානයට පත් ඇති අතර ඔහුට ඡන්ද 15.2ක ප්‍රතිශතයක් ලැබෙද්දී මෙහි සිව්වැනි ස්ථානයට පත්වීමට සුපිරි ටෙනිස් ශූර රොජර් ෆෙඩරර් සමත්ව ඇත.ඒ සඳහා ඔහුට ඡන්ද 13.1ක ප්‍රතිශතයක් ලැබී ඇත.

එසේම හොඳම ඉන්දියානු පියා-දුව සොයා කළ මත විමසුමේදීද ප්‍රථම ස්ථානයට පත් වීමට ෂාරැක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා සමත්ව ඇත.ඔවුන්ට ඒ සඳහා සියයට 43.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මහේෂ් භාත් - බොලිවුඩ් නිළි ආලියා භාත්ය.ඒ සඳහා ඔවුන්ට සියයට 27.3ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.ප්‍රකාශ් පදුකෝන්  සහ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙහි තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනාට මේ සඳහා සියයට 17.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.එසේම මෙහි සිව්වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ බොලිවුඩ් නළු අනිල් කපූර් සහ බොලිවුඩ් නිළි සෝනම් කපූර් වීමද කැපී පෙනේ.ඔවුන්ට මේ සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 12.3කි.

කෙසේ වෙතත් හොඳම ඉන්දියානු පිය - පුතු දෙපළ සොයා කළ සමීක්ෂණයේදී පළමු ස්ථානයට පත් වීමට කපූර් පවුල සමත්ව ඇති අතර රිෂි කපූර් සහ රන්බීර්, මේ වෙනුවෙන් දිනාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 33.4කි.බච්චන් පවුල මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ට ලැබී  ඇති ඡන්ද ප්‍රතිශතය 31.2කි.ඒ අනුව සුපිරි නළු ෂාරැක් ඛාන් - ආර්යන්ට මෙහි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇති අතර ඒ  ඔවුන්ට ඡන්ද 23.3ක ප්‍රතිශතයක් ලැබීම හේතුවෙනි. එහෙත් මෙහි සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ හිටපු සුපිරි ඉන්දීය පිතිකරැ සුනිල් ගවස්කාර් සහ රොහාන් ගවස්කාර්ය. ඔවුන්ට මේ වෙනුවෙන් ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 12.1කි.


No comments:

Post a Comment