Wednesday, June 25, 2014

61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ -2014.05.07



61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ


හොඳම චිත්‍රපටය - Ship of Theseus



 

හොඳම හින්දි චිත්‍රපටය ජොලී එල්.එල්.බී.



 

ජනප්‍රියතම හින්දි චිත්‍රපටය - භාග් මිල්කා භාග්


මාලන් විදානපතිරණ

61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ පසුගිය 03 වැනි ඉන්දියාවේදී නිමාවට පත්විණ.කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදෙන මෙම චිත්‍රපට උලෙළේදී හොඳම හින්දි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ ජොලී එල්.එල්.බී. චිත්‍රපටයයි. ප්‍රනාබ් මුඛර්ජි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් පැමිණි මෙම චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයකටම එක් වතාවක් පිදෙන ගෞරව සම්මානය දිනා ගත්තේ හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය පෑන් තුඩින් ගීත මැවූ ගුල්සාර්ය.

ඉන්දු ජනාධිපතිවරයාට අමතරව විශිෂ්ට නිළියක මෙන්ම ගායිකාවකද වන රාජේෂ්වරී සැච්දේව් සහ ව්ශිෂ්ට මාධ්‍යවේදිනියකද වන රයිනි සිමන් ඛන්නා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් සහභාගී වූ, මෙවර උලෙළේදී සමස්ත චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ Ship of Theseus ය.මෙම චිත්‍රපටයට මෙම සම්මානය ලබාදීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉතා සංකීර්ණ වූ නමුත් දාර්ශනික ගුණයෙන් පිරි චිත්‍රපටයක් වීමත් එහි භාවිතා කර ඇති අවභාවිත සිනමා කැමරාකරණයයි.
හොඳම අධ්‍යක්ෂරයාට හිමි සම්මානය හන්සල් මෙහ්තා විසින් ෂහීඩ් චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත් මෙම චිත්‍රපට උලෙළේ වෘත්තාන්ත නොවන චිත්‍රපට වර්ගය යටතේ සම්මාන 41ක් පිරිනැමුණු අතර වෘත්තාන්ත චිත්‍රපට යටතේ චිත්‍රපට සම්මාන 40ක් පිරිනැමුණි.

රාජ් කුමාර් (ෂහීඩ් හින්දි චිත්‍රපටය) සහ සුරජ් වෙන්ජාරාමූදු (පෙරාරියාදවර් මලයාලම් චිත්‍රපටය) අතරේ හොඳම නළුවා සම්මානය බෙදී ගිය මෙහිදී, හොඳම සහාය නළුවා ලෙසින් ජොලී එල්.එල්.බී. චිත්‍රපටය වෙනුවෙන් සව්රව් ශුක්ලාද සම්මානයට පාත්‍ර විය.

ලියාස් ඩයිස් හින්දි චිත්‍රපටයේ රඟපෑ ගීතාංජලී තාපා මෙහිදී හොඳම නිළිය සම්මානය දිනා ගත් අතර සහාය නිළිය සම්මානය දිනා ගත්තේ අම්රැතා සුභාෂ් (අස්ති) සහ ඊජිප්තියානු නිළි ආයිදා එල් කෂිෆ්ය (Ship of Theseus)ය.එහෙත් මෙහිදී ඊජිප්තියානු නිළිය මීට  නොපැමීණම නිසා මෙම සම්මානය ලබා ගත්තේ අම්රැතාය.

වෘත්තාන්තමය නොවන අංශයෙන් රන්ග්භූමී චිත්‍රපටය සම්මාන හිමිකර ගත් මෙහිදී සමාජයීය වශයෙන් වටිනා චිත්‍රපටයට පිදෙන සම්මානය දිනා ගත්තේ ගුලාබි ගැන්ග් චිත්‍රපටයයි.

අංජලී පටිල් චිත්‍රපටය වෙනුවෙන් විශේෂ ජූරියේ අවධානය දිනා ගැනීමට ළමා නළු චන්දන රෝයි සමත් වූ අතර හොඳම ඉංග්‍රීසි චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට  The Coffinmaker චිත්‍රපටය සමත් විය. බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් එහි මියුරැ සංගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය දිනා ගත් මෙහිදී චිත්‍රපට නර්තන වින්‍යාසයට හිමි සම්මානය දිනා ගත්තේ ගනේෂ් ආචාර්යාය. ඒ භාග් මිල්කා භාග් චිත්‍රපටයේ මැස්ටෝ කා ජුන්ඩ් ගීතය වෙනුවෙනි.Yellow and Miss Lovely විශේෂ ජූරියේ සම්මානය දිනා ගත් මෙහිදී ජෝන් ඒබ්‍රහම් රඟපෑ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය හොඳම ශබ්ද සංකලනයට හිමි සම්මානය දිනා ගත්තේය. හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේ රෑපන්කර්ය. ඒ බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් වෙනුවෙනි.

මෙහිදී භාග් මිල්කා භාග් චිත්‍රපටය ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත් අතර නැගී එන අධ්‍යක්ෂවරයා සම්මානය දිනා ගත්තේ නාග්රාජ් මන්ජුලේය. ඒ ෆැන්ඩ්‍රි චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම ළමා චිත්‍රපටය ලෙසින් කපාල් සිනමා නිර්මාණයද,හොඳම බෙංගාලි චිත්‍රපටය ලෙස බකිතා බ්යාක්තිගතෝද සම්මානයට පාත්‍ර වූ මෙහිදී හොඳම කන්නාඩා චිත්‍රපටය ලෙස  December 1 ද,හොඳම මලයාලම් චිත්‍රපටය ලෙස North 24 Kaadhamද,හොඳම දෙමළ චිත්‍රපටය ලෙස තංගා මීන්ගල්ද, හොඳම තෙලිඟු චිත්‍රපටය ලෙස නෑ බැංගාරැ තල්ලි  චිත්‍රපටයද සම්මානයට පාත්‍ර විය.


No comments:

Post a Comment