Wednesday, November 13, 2013

රෝහිත් තමයි “ක්‍රිෂ් 3* චිත්‍රපටයේ සුපිරි වීරයා බොලිවුඩ් නළු රිතික් රෝෂන්



රෝහිත් තමයි “ක්‍රිෂ් 3* චිත්‍රපටයේ සුපිරි වීරයා

බොලිවුඩ් නළු රිතික් රෝෂන්

මාලන් ගෝවින්ද

මේ දිනවල බොක්ස් ඔෆිස් තබමින් දිවයින පුරා සිනමාහල්වල තිරගත වන හින්දි චිත්‍රපටය “ක්‍රිෂ් 3* වේ.සුපිරි නළු ෂාරැක් ඛාන්ගේ චෙන්නායි එක්ස්ප්‍රෙස් චිත්‍රපටය තැබූ ඇතැම් වාර්තා පවා දැනටමත් බිඳ හෙළීමට සමත් වී ඇති මෙම චිත්‍රපටය ඉදිරියේදී බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයකටම හිමිකම් කියනු ඇතැයි වාර්තා වේ.ඒ අනුව රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරෑපණය කරන මෙම චිත්‍රපටය පිළිබඳ ඔහුගේ අදහස් කවරේදැයි සොයා බැලීමට අපට සිත්විය.මේ ඔහු ඒ පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.   

මීට පෙර චිත්‍රපට කොටස්වලට සාපේක්ෂව මේ චිත්‍රපටයේ චරිතය කොහොමද වෙනස් වෙන්නේ ?

රෝහිත් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය.ඒ වගේම මෙහි වැදගත්ම චරිතය වෙන්නේත් රෝහිත්. ඒත් මීට කලින් වුණේ ක්‍රිෂ්ණා ප්‍රධාන චරිතය බවට පත්වීමයි.ඒ අනුව මම මෙහි රෝහිත් විදිහට චිත්‍රපටයෙන් කොටස් දෙකහමාරකට වඩා රඟපානවා. රෝහිත් තමයි ක්‍රිෂ් 3 චිත්‍රපටයේ සුපිරි වීරයා.හැබැයි ඔහු හරිම හැඟුම්බර චරිතයක්. ඔහු ආදරෙන් මුසපත් වෙන චරිතයක්.ඒ වගේම හරිම සුහදයි.ඒ නිසා මම පවා මේ චරිතයට හරිම ආදරෙයි.මට ලැබුණු ලස්සන චරිතයක් මේක.

ඒත් චිත්‍රපටයේ රෑගතකිරීම් අතරතුර විවිධ අනතුරැවලට ලක්වුණා නේද ?

ඔව්.ඒත් සාමාන්‍යයෙන් ඕනැම නළුවකුට මේ වගේ දේවල්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා.අනික ලේසියෙන් අපිට කිසිදෙයක් ලබාගන්න බැහැ.හැබැයි මේ අනතුර නම් ටිකක් දරැණු වුණා.ඒත්මම ඒක අභියෝගයක් විදිහට භාරගත්තා.ඒ නිසා මම ඒ තුළින්ම අලුත් පණක් ලැබුවා.අලුත් අභියෝග, අලුත් අවදානම් දරන්න එයින් මට අලුත් පෙරහුරැවක් ලැබුණා.ඒ හින්දා මොන අනතුරක්,අවදානමක් ආවාත් ඒවාට අපි මානසිකව සටන් කරන විදිහයි වඩා වැදගත් වෙන්නේ.

ඒත් ඔබ තාමත් ඒ වේදනාවෙන් දුක් විඳිනවා ?

වේදනාව නියත දෙයක්. අනිවාර්යයෙන්ම අපි වේදනාවට පුරැදු වෙන්න ඕනේ.ඒත් මේ වේදනාව විඳිනවාද විඳවනවා කියන එක තමන්ගේ තීරණයක්.අපි වේදනාව විඳින්න පුරැදු වුණත් එයත් අපේ ජීවිතේ යාළුවෙක් වෙනවා.ඒ නිසා ඉදිරියට යාමේදී, යමක් නිර්මාණ කිරීමේදී අපිට වේදනාව අවශ්‍යයයි.අනික ලෝකයේ හැම නිර්මාණයකටම පාදක වෙලා තියෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම්.ඒ නිසා වේදනාව කියන්නේ නරක දෙයක් නෙමෙයි.

මේ චිත්‍රපටයෙන් ක්‍රිෂ් චිත්‍රපට මාලාව අවසන් වෙනවද ?

කිසිසේත්ම නැහැ.මේක ආරම්භයක් පමණයි.දැන් තමයි සුපිරි වීරයා තිරයට ආවේ.මුල් කොටසේදි අපි කළේ ඔවුන්ගේ පවුලේ මිනිස්සු පිළිබඳව,චිත්‍රපටයයේ කතාවට පසුබිම පිළිබඳව ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දීමයි.දැන් අලුත් චිත්‍රපටයේදි අලුත්ම සතුරන් නිර්මාණය වෙනවා.අමුතු ප්‍රතිවාදියෙක්.ඒත් සුපිරි දුෂ්ටයෙක්. සුපිරි ප්‍රතිවාදියෙක්.ඒ නිසා විස්තර කරන්නත් ආසා විදිහටයි මේ කතාව නිර්මාණය වෙන්නේ. අනික අපි හඳුන්වා දුන් මේ සතුරැ කොට්ඨාසය ගැන ප්‍රේක්ෂකයාට මීට පෙර කිසිම අත්දැකීමක් නැහැ.රයිනෝ මිනිස්සු,කූඹි මිනිස්සු,ගෙඹි මිනිස්සු,ගෝනුසු කාන්තාවන්, චීටා කාන්තාවන් මේ චිත්‍රපටයේදි තමයි තිරයට පැමිණෙන්නේ.

ක්‍රිෂ් 3 චිත්‍රපටය ගැන ඔබේ දැක්ම මොන වගේද ?

අපි මේ චිත්‍රපටයේදි හිතුවේ නැති අභියෝග හුඟකට මුහුණ පෑවා.සමහර රෑප රාමුවලදී ස්පයිඩර්මෑන් චිත්‍රපටයක වියදම මීට යට වුණා.ඒත් දැන් හොලිවුඩ් චිත්‍රපටයක් වුණත් විශාල පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන්නේ නැහැ.ඔවුන් පවා තමන්ගේ ඇස්තමේන්තුගත වියදම අඩු කර ගන්නයි දැන් උත්සාහ කරන්නේ.කොහොම වුණත් සමස්තයක් විදිහට අපි මේ චිත්‍රපටයේදී විශාල මුල්‍යමය අර්බුදයකට මුහුණ පෑවේ නැහැ. ඒක මේ චිත්‍රපටයට වාසනාව ගෙන ආවා.

ඔබ මේ චිත්‍රපටය තිරගත වීමත් සමග එංගලන්ත ප්‍රේක්ෂකයන් හමුවෙන්න 
සිනේවර්ල්ඩ් ෆෙල්ට්හැම් වෙත ගියා.කොහොමද ප්‍රතිචාර ?

මට හිතාගන්න බැහැ.උණුසුම් පිළිගැනීමක් අපිට ලැබුණා.මම මීට කලින් වතාවේ එහේ ගිය වෙලාවේ දැක්ක මූණූ කීපයකුත් එතැනදි දැක්කා.ඒ නිසා ඒ මොහොත හරියට නැවතත් අපි එකතු වුණා වගේ මොහොතක්.ඒ වගේම චිත්‍රපටයෙන් පස්සේ මට තේරැණා අපේ චිත්‍රපටය ඔවුන් හොඳින් රසවිඳපු බව.ඔවුන් චිත්‍රපටය අවසානයේ මාව හිතපු නැති විදිහට අගය කළේ ඒ නිසා වෙන්න ඇති.

No comments:

Post a Comment