Wednesday, November 13, 2013

විහිළුවක් වෙලාද මං





විහිළුවක් වෙලාද මං

දැවෙන්නට හදවතක්
උණුවෙන පපු කිනිත්තක්
තියෙනවා මටත් රත්තරන්
ඉතින්
ඔයාටත් මගේ පපුව පුච්චන්නද ඕනේ

ඔයා ළඟට ඇවිත්
ආදරේ පහන දල්වන්නම් මං
කොච්චර තරහ ගියත්
ඔයාව දැකලා සතුටු වෙන්නම් මං

ඒත්
ආදරේ පහන අරගෙන
ළං වෙනකොටම මං
ඒ පහන් දැල්ලෙන්ම
දවන්නමයි හදන්නේ ඔයා
හැම තත්පරයකදිම
හැම මිනිත්තුවකදිම

ඔයාගේ ලෝකයට එන්න එපාද මං
වෙනදා වගේ කොඳුරන්න එපාද මං
හීනෙන් ඔයාව දකින්න එපාද මං
විහිළුවක් වෙලාද ඔයාට මං

(හදවත් රෝගියෙකුගේ පණිවිඩයෙකි.)

සංකල්පනාව - මාලන් විදානපතිරණ
 

No comments:

Post a Comment