Sunday, November 3, 2013

පාඩුවේ ඉන්න පුළුවන් අපිට





පාඩුවේ ඉන්න පුළුවන් අපිට 

 
මං පහුගිය ටිකේම හිටියේ පිටරට
ඒ හින්දා ගෙවල් පැත්තේ සෙල්ලම් කරපු
සැරෙන් සැරේ කෑ කෝ ගහපු
කොල්ලෝ කුරැට්ටෝ දැක්කේත් නැහැ

ඒත් අද,
කාලෙකට පස්සේ මං ගෙදර ආවා
ඒත් අර කොල්ලෝ කුරැට්ටෝ ටික පේන්නවත් නැහැ
කෑ කෝ ගහන සද්දයක්වත් නැහැ

ඒ නිසා
බැස්සා මං එළියට
මොකක්ද මේ වෙනස කියලා හොයලා බලන්න
හම්බවුණා එතකොට
වෙනදට සෙල්ලම් කරන පොඩි කොල්ලෙක්
මම ඇහුවා ඒ ගැන එයාගෙන්

“මල්ලි, මොකද මල්ලි සෙල්ලං කරන්නේ නැද්ද ?*  මම ඇහුවා
“නැහැ අයියේ * මල්ලි කිව්වා
“ ඇයි ඒ ? * මං ආයෙත් ඇහුවා
“ අම්මා කිව්වා එපා කියලා *
“ ඒ මොකද ? *
“ තමන්ගේ මිනිස්සුත් එක්ක විතරක් සෙල්ලං කරන්න කියලා අම්මා කිව්වා *
“ ඉතින් අපේ නෙමෙයිද ඒගොල්ලෝ ?*
“ අපේ වුණත් කිසිම වැදගැම්මකට නැතිලු අයියේ.*


දැන්,
එකම පන්තියේ හුන් ඔවුන් කතා කරන්නේද නැත
එකම පන්තියේ හුන් ඔවුන් සෙල්ලම් කරන්නේද නැත
එකම පන්තියේ හුන් ඔවුන් සිනාසෙන්නේද නැත
එකම පන්තියේ හුන් ඔවුන් කෑ කෝ ගහන්නේද නැත

මාලන් විදානපතිරණ     

No comments:

Post a Comment