Wednesday, October 23, 2013

සියල්ලෝම නොදැවී පන්දුවට පහර දෙති බලහත්කාරකමකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැනයි



සියල්ලෝම නොදැවී පන්දුවට පහර දෙති
බලහත්කාරකමකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැනයි

මාලන් විදානපතිරණ

GO Magazine
 2013 ඔක්තෝබර් කලාපය

ඔබ මෙම සඟරාව මිලදී ගන්නා විට චැම්පියන්ස් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වී තිබිය හැකිය. එසේම කඳුරට මෙරෑන්ස් කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වී තිබිය හැකිය. එසේ නැතහොත් තරගාවලියේ ශූරතාවය දිනාගෙන ඇතුවා විය හැක.එහෙත් මේ සටහන තැබෙන්නේ ඒ පිළිබඳව නොවේ. ඊට පෙර කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්නය පිළිබඳවද නොවේ. එනම් කාලාන්තරයක් පුරා සිටි දූෂිත ක්‍රිකට් පරිපාලකයන් හමුවේ කුමාර් සංගක්කාර නිකුත් කළ රතු එළිය ගැනයි.වෙනත් විදිහකින් කියතොත් මේ ලියැවෙන්නේ, සංගා අනාගත ක්‍රිකට් ක්‍රීඩකයාට ඉදිරියේදී මුහුණුදීමට සිදුවන අභියෝග පිළිබඳ කළ අනතුරැ හැඟවීම ගැනයි. 

සියලු දේට මිලක් නියම වන සමාජයක ක්‍රිකට්වලට මිලක් නියම නොවන්නේ යැයි කීම අතිශයෝක්තියකි.එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භ වූයේ මහත්වරැන්ගේ ක්‍රීඩාවක් ලෙස හුදු විනෝදාංශයක් ලෙසය. මෙම ක්‍රීඩාව පසුව රට රටවල් අතර ක්‍රීඩාවක් බවට පත්විය. ඒ අනුව විසි එක් වන ශත වර්ෂය තෙක් රටවල් දෙකක් අතර අභිමානය, ජාත්‍යාලය වැනි අරමුණු මෙන්ම ජාතික සමගිය වෙනුවෙන් ක්‍රිකට් පාවිච්චි විණ.දේශපාලන අරමුණූ වෙනුවෙන්ද පාවිච්චි විණ. ලෝක කුසලානයක් දිනා ගැනීමට උර දුන් අර්ජුන රණතුංග වැනි ක්‍රිකට් නායකයන්ට දේශපාලනයට එන්නට තරම් ප්‍රේක්ෂකයා බලපෑවේ මෙවන් හේතූන් මතය.

එහෙත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණය කළේය. මේ සමග මෙම තත්ත්වය වෙනස් විණ. සුපිරි නළු ෂාරැක් ඛාන්, රිතික් රෝෂන්,ප්‍රීති සින්ටා,අමීර් ඛාන් වැනි නළු නිළියෝ, ක්‍රිකට් ක්‍රීඩාව වෙනත් ආකාරයට අර්ථ ගැන්වූහ. ක්‍රිකට් චිත්‍රපට රෑගත කිරිමක් තරමට ජනප්‍රිය වූයේ ද වෙනස් වූයේ ද මෙවන් වටපිටාවක් තුළය.

ඒ අනුව වත්මන් අයි.පී.එල්, බී.පී.එල් වැනි තරගාවලි, චිත්‍රපටයක්ද එසේත් නැත්නම් ක්‍රීඩාවක්ද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ඒත් විස්සයි - 20 ක්‍රීඩාව දණ ගාණ සමයේ ක්‍රිකට් විනාශ වන්නේ විස්සයි - 20 නිසා යැයි පාකිස්තාන හිටපු නායක වසීම් අක්‍රම් පවා අද ෂාරැක් ඛාන්ගේ මුදලට සහ ජනප්‍රියත්වයට යට වී ඇත.(ඔහු කලක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරැවාව සිටියේය.)

ඒ අනුව මෙවන් පසුබිමක තම රට වෙනුවෙන් කුමාර් සංගක්කාර, කඳුරට මෙරෑන්ස් කණ්ඩායමට එක්වීමට ගත් තීරණය උඩුගං බලා පිහිනීමක් ලෙස බොහෝ දෙනෙක් සළකති.සංගා වීරයෙකු වී ඇත්තේ මේ අනුවයි. ඔහුගේ තීරණය ගැන ඔල්වරසන් හඬින් කතා කරන්නේද එබැවිනි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව හරිහැටි නොදැනය.මෙහි සැබෑ තතු මෙසේය

අනූ හයේ ලෝක කුසලානය දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විශාල මුදල් කන්දරාවක් ගලා එන්නට විය. එසේම රුකියා උත්පාදනය ආයතනයක් බවට පත් මෙම ආයතනය, එතැන් පටන් දියාරැ වන්නට පටන් ගත් අතර ක්‍රිකට්වලට ආදරය කළ නිලධාරීන්ගෙන් හිස් වන්නට විණ. එහෙත් එවන් වටපිටාවක දේශපාලන රුකවරණය මධ්‍යෙය් සියලු තනතුරැ වෙනස් වෙද්දී  එක් ප්‍රධාන තනතුරක් පමණක් වෙනස් නොවිණ. මේ අරබයා එහි පුපුරා යෑම් කිහිපයක් සිදුවුවද දූෂිතයන් ඒවා මග හරවා ගැනීමට සමත් වූ අතර ඊට අවශ්‍ය දේශපාලන රුකවරණය ද මනාව ලැබිණ. 

ඒත් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාඩු ලබන ආයතනයක් බවට සැඟවිය නොහැකි තත්ත්වයක් උද්ගත විණ. එහෙත් පාඩුවට පත් නිලධාරීන්ට ලැබුණු දඬුවමක්ද නැත. හරෑන් ලෝගාට් දුන් වාර්තාවද යටගොස් ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වූයේ ක්‍රීඩකයන් හා නිලධාරීන් අතර සිදුවිය හැකි මෙම දැඩි ගැටුම සමනය කරනු වස්ය.එය කල්තියා දැන ගැනීමට දේශපාලන නායකත්වයන් සමත් විය. ඒ ජයසූරිය යනු ඉතා මෑතකදී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස විශ්‍රාම ගිය බැවින් ජ්‍යේෂ්ඨයන් පිළිබඳ හොඳාකාරවම දන්නා ක්‍රීඩකයා ඔහු වීම නිසාය.ඒ අනුව අවාසනාවන්ත ලෙස ‍දේශපාලනය, ඔහුව මෙහි ඉත්තෙකු බවට පත් කළේය.
 
ඒ අනුව වක්‍රාකාරයෙන් රට, ජාතිය වැනි දේශපාලන ගුණ්ඩුවලට යටවෙමින් තම අනාගත ආයෝජනය කැපකිරීමට සංගක්කාරට සිදුවිය.එසේම පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පවතින විශ්වාසය තව දුරටත් කඩතොළු විණ.

මීට කදිම උදාහරණය නම් හාස්‍යයට කාරණාව වන්නේ අවසන් වරට පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් තලයට ආ දා පටන් (2003 වසරේ) පටන් කිසිදු මුදලක් ක්‍රිකට් ආයතනයෙන් ලබා නොගත් බව පැවසීමයි.එසේම ඔහු දේශීය තරග බිමේදී ලත් වැටුපට ද එහි ක්‍රීඩකයන් අතරේ සහ සේවකයන් අතර බෙදා දුන් බව නිල නොලත් ආරංචි මගින් දැනගන්නට ලැබීමයි. එසේ නම් තම දහඩිය මහන්සියෙන් ක්‍රීඩකයන් උපයා දුන් මුදල්වලට සිදුවූයේ කුමක්ද ? 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාව අමතක වෙලාවත්ද ? ප්‍රශ්නය ඇත්තේ මෙතැනයි.එසේම චැම්පියන්ස් ලීග් ශූරතාවයේදී කෝටි දෙකක් ප්‍රතික්ෂේප කරමින් සංගක්කාරට ලැබෙන්නේ ලක්ෂ පණහ බව දැන දැනම එම මුදල පාලක මණ්ඩලය වෙහෙසෙන්නේ ඇයි ? එසේ වුවහොත් පාලක මණ්ඩලයට කෝටි දෙකක් ලැබුණූ බව ක්‍රීඩකයන් දැන ගනු ඇත. එසේම අයි.සී.තරගාවලි සඳහා සහභාගි වීමේදී ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් අවසන් වරට පැන නැගුණු ප්‍රශ්නයේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එල්ල කළ පීඩනය තව තවත් වැඩි වනු ඇත.ක්‍රීඩකයන් තුළ පැවැති සැකය තවදුරටත් වැඩිවනු ඇත.ඒ අනුව සංගාට පරිපාලනයෙන් මුදල් ලැබෙනා විට, සෙසු ක්‍රීඩකයන්ද හිඟ වැටුප් ඉල්ලා සිටිනු ඇත. 
එහෙත් දැන් චැම්පියන්ස් ලීග් තරගාවලිය අවසන්ය. තත්ත්වය දැන් තාවකාලිකව සමනය වී ඇත.සියල්ලන්ටම සියල්ල අමතකය. එහි අරැත නම් කුමාර සංගක්කාර පන්දුවට පහර දුන්නේය.ඔහු මුදල් නමැති පන්දුව නිදැල්ලේ හැරියේය.ඒ සංගා තව වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නොසිටින නිසාය.(මේ තත්ත්වයේද් සෙසු ජ්‍යෙෂ්ඨයන් වුවද කරන්නේ සංගා අනුකරණය කිරීමයි.) 

මේ අනුව උපනායක දිනේෂ් චන්දිමාල් වෙත පන්දුව යොමු වෙයි.ඒ ඔහු කඩුලු රකින්නා බැවිනි. ඔහු පන්දුව පළමු ස්ලිප්හි සිටින නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාස් කරයි

දැන් මැතිව්ස් පන්දුව පාස් කිරීමට නොහැකිව ළතවෙයි.එනම් ඔහු බලා සිටින්නේ මීළඟ නායකයා පැමිණෙන තුරැය.පැමිණි සැණින් මැතිව්ස් පන්දුව ඔහු වෙත භාර දෙන්නේ එක්කෝ රට, එක්කෝ මුදල් යන අපූරැ සටන් පාඨය යොදා ගනිමිනි.එය උගැන්වූයේ ක්‍රිකට් පරිපාලකයන් විසිනි.මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීමට ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොමැති වනු ඇත. ඒ ආදර්ශය ලබාදුන්නේ සංගක්කාර නිසාවෙනි.මේ අනුව දිගින් දිගටම එකම ක්‍රිකට් පරිපාලකයන් කඩුල්ලේ රුඳී සිටිනු ඇත.ෆුල්ටොස් පන්දු යවමින් පරිපාලකයන්ට හයේ පහරවල් එල්ල කිරිමට ඉඩදීමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇත. 

එසේම එවන් පරිපාලකයන් දෙස කඩුලු දවා නොගෙන බලා සිටීමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.රට වෙනුවෙන් සොච්චම් වැටුපකට ක්‍රීඩා කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත.තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ ගන්නා රුඩිකල් ක්‍රීඩකයකු යෝකර් පන්දුවක් එවූ විට පන්දුව මැනවින් සංගක්කාර වෙත ස්ථානගත කිරිමට මෙයින් භාග්‍ය උදාවනු ඇත.සියල්ලෝ නොදැවී පන්දුවට පහර දෙනු ඇත.
       

No comments:

Post a Comment