Saturday, August 3, 2013

සුපිරි නළු ජොනී ඩෙප් රඟන නවතම චිත්‍රපටය - The Lone Ranger



2013/08/03
තරැණයා - හොලිවුඩ්

සුපිරි නළු ජොනී ඩෙප් රඟන නවතම චිත්‍රපටය
The Lone Ranger 

Introduction

සම්මානනීය සුපිරි හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔබ වෙත පැමිණෙන නවතම සිනමා නිර්මාණය වන The Lone Ranger මේ දිනවල මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ තිරගත වේ.ඩෙප් මේ වසරේ රඟන පළමු සහ එකම සිනමා නිර්මාණය වන The Lone Ranger චිත්‍රපටය සඳහා පාදක වන්නේ මෙනමින්ම විකාශය වුණු ගුවන් විදුලි කතා මාලාවකි. ඩෙප්ගේ විධායක නිෂ්පාදනය යටතේ ජස්ටින් හේදේ, ටෙඩ් එලියට් සහ ටෙරී රෝසියෝ තිර රචනා කළ The Lone Ranger අධ්‍යක්ෂණය කර ඇත්තේ ගෝ වර්බින්ස්කිය. ඔහු මෙහි සම නිෂ්පාදකවරයෙකුද වන්නේය.

Production

2007 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වාම මෙහි බුද්ධිමය දේපළ යටතේ චිත්‍රපටයක් කිරීමට අවසර ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවිය.ඒ අනුව අවසන වෝල්ට් ඩිස්නි සමාගම එය ලබා ගනිමින් චිත්‍රපටය පිළිබඳ සියලු සැක සංකා දුරැ කර ගත් අතර එම චිත්‍රපට සමාගමේ විධායක ඩික් කුක්ගේ නායකත්වය යටතේ නිෂ්පාදන කටයුතු ඇරඹිණ.(කෙසේ වෙතත් මේ සඳහා වෝල්ට් ඩිස්නි ඇතුළුව තවත් චිත්‍රාගාර හතරක් භාවිතා විණ) ඒ අනුව Pirates of the Carribbean චිත්‍රපට මාලාව රචනා කළ ටෙඩ් එලියට් සහ ටෙරී රොසියෝ මෙහි තිර පිටපත රචනා කිරීමට තෝරා ගැනුණු අතර 2008 වසරේ මාර්තු මස වන විට ඔවුන්ගේ රචනා කිරිමේ කටයුතු අහවර විය. එහෙත් එය අති ස්වාභාවික බැව් චිත්‍රපට නිෂ්පාදක ජෙරී බෘක්හෙයිමර්ගේ අදහස් වූ බැවින් නැවතත් එය සංශෝධනය කිරීමට සිදුවූ අතර එය සිදුකළේ ජස්ටින් හේදේ විසිනි.2009 වසරේ මැයි මසදී මෙහි අධ්‍යක්ෂණ කාර්යය සඳහා Prince of Persia: The Sands of Time චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මයික් නෙවෙල් තෝරා ගැනුණද ඔහු ඒ වන විට Prince of Persia චිත්‍රපටයට ප්‍රමුඛත්වය ලබාදෙමින් වැඩකටයුතු කරමින් සිටි බැවින් ඔහුව මෙම චිත්‍රපටයෙන් ඉවත් කෙරිණ. ඒ අනුව අධ්‍යක්ෂවරයෙකුව නොමැතිව සහ ජොනී ඩෙප්ගේ Pirates of the Caribbean: On Stranger Tides චිත්‍රපටයේ රෑගතකිරිම් අවසන් වන තුරැ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2010 වසරේ මැද භාගය දක්වා කල්ගිය අතර ගෝරේ වර්බින්ස්කි එම වසරේ සැප්තැම්බර් මස මිට තේරීපත්වන්නේ මෙබඳු වටපිටාවක් තුළයි. Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේද ඔහුය.
කෙසේ  වෙතත් මුදල් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් 2011 අගෝස්තු මස දක්වා නැවතත් මෙහි නිෂ්පාදන කටයුතු කල් ගිය අතර රෑගතකිරීම් 2012 වසරේ පෙබරවාරි මස 06 දක්වා කල්ගියේද මෙවැනි පසුබිමක් තුළයි.එහෙත් එයද සිදුවූයේ මාර්තු මස 08 වැනිදාය. එනම් මෙහි ප්‍රධාන නළු දෙපළ වන ඩෙප් සහ    

Plot

1933 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිටි පුරාවෘත්තයක් සේ සැළකෙන ටොන්ටෝ නම් තරැණයකු සහ ලෝන් රේන්ජර් නමින් හඳුන්වන ජෝන් රෙයිඩ් කේන්ද්‍ර කරගත් ක්‍රියාදාම සිදුවීම් මාලාවක් වටා ගෙතෙන මෙහි කතා පුවත වරෙක 19 වන සියවසේ අග භාගය දක්වා විහිදී යයි.ක්‍රියාදාම වුවද මෙහි ලක්ෂණ චරිතාපදාන චිත්‍රපටවල ලක්ෂණ කරා සමීප වෙයි. ඒ අනුව ජෝන් රෙයිඩ්ට අවසානයේදී සිදුවන්නේ කුමක්ද ? ටොන්ටෝට සිදුවන්නේ කුමක්ද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේය.         

 Cast

ටොන්ටෝ                                  - ජොනී ඩෙප්
ජෝන් රෙයිඩ්                              - ආමි හැමර්
බුච් කැවෙන්ඩිෂ්                         - විලියම් ෆික්ට්නර්
ලේදම්                                       - ටොම් විල්කින්සන්
රෙබෙකා රෙයිඩ්                         - රැත් විල්සන්

Release

චිත්‍රපටය පසුගිය මැයි මස 31 වැනිදා තිරගත වීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතු මත එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ අතර  ජුනි මස 22දා මෙහි ආරාධිත දර්ශනයක් හොලිවුඩයේ හයිපීරියන් රඟහලේදී තිරගත කළ අතර ලෝ වටා ප්‍රදර්ශනය ආරම්භ කෙරැණේ පසුගිය ජුලි මස 03 වැනිදාය.

Box office

ඇ.ඩො. මිලියන 225ක් වැය කරමින් නිෂ්පාදිත මෙම සිනමාපටය පසුගිය ජුලි මස 28 වැනිදා කැනඩාවේ සහ ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 85 ඉක්මවූ ආදායමක් උපයා ගත්තේය. සෙසු රටවලින් උපයා ගත් ආදායම දැනට ඇ.ඩො. මිලියන 80කට ආසන්නය. ඒ අනුව  චිත්‍රපටය උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 164කට ආසන්නයි.

මාලන් විදානපතිරණ

No comments:

Post a Comment