Tuesday, July 23, 2013

අඳුරු යුගයක පෑයූ දීප්තිමත් තෙරනම

මාලන් විදානපතිරණ
2012/07/22 (අද)


    ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් බවට පත්වූයේ අදක ඊයෙක නොවේ. ඊට විශාල ඉතිහාසයක් පවතී. එවන් දිගු ඉතිහාසයකට නෑකම් කියන්නේ බුදුදදහම සිරිලකෙහි පවත්වාලීමට හා එය සුරැකීමට උරදුන් උදාර පුරවැසියන් හේතුකරගෙනය. ඒ අතර යතිවරයෝ මූලික වෙති. ශී‍්‍ර ලංකාවට උපසම්පදාව ගෙන ඒමට මූලිකත්වය දුන්නේ කවුරුන්ද යන්න ඔබෙන් ඇසුවොත් ඔබ සියලූ දෙනාම පාහේ ඒ වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් බව පවසනු ඇත. එහෙත් බුදුදහමට උරදුන්නේ උන්වහන්සේ පමණද ?

    වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගෝලයෙකි, වැලිතර අඹගහපිටියේ ඤාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ. වැලිවිට සංඝරාජ හිමියන් ඇතිකළ ඒ බෞද්ධ පුනරුදය තව තවත් ඉදිරියටම ගෙන යෑම උදෙසා උන්වහන්සේ විශාල සේවාවක් ඉටු කළේය. මේ ඒ ඤානවිමලතිස්ස හිමියන් පිළිබඳ කෙටි සටහනකි.

    වැලිතර මහකරාව නම් ගමේ උපත ලද උන්වහන්සේ කරෝලිස් ද සිල්වා වෙදමහතාගේ පුතෙකි. පැවිදි වීම සඳහා වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ මාතර බෝවල ධම්මානන්ද හිමියන් හා මහනුවරට ගිය ඤානවිමලතිස්ස හිමියෝ එහිදී වැලිවිට සරණංංකර හිමියන් පැවිදි දිවියට පත්වූහ. පැවිදි වීමෙන් අනතුරුව සරණංකර හිමියන්ගෙන් පාලි භාෂාවේ හා ධර්ම විනයේ මුලකුරු මනාව ඉගෙන ගත් උන්වහන්සේ සත් වසකට පසුව යළි උපන් ගමට වැඩම කොට අමගහපිටිය විහාරස්ථෘනයේ (මෙය අද වැලිතර අම්බරුක්ඛාරාම මූල මහා විහාරය නමින් හැඳීන්වේ.* සිට බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් වූ මෙහෙයක් ඉටු කළහ. ඒ අතරින් වර්තමානයේ සිරිලක ඇතිරී පැතිරී ඇති අමරපුර නිකාය නම් භික්ෂු සංවිධානය පිහිටුවීම උන්වහන්සේ අතින් සිදුවු වටිනාම යුග මෙහෙවරකි.

    තිස් වැනි වියේදී සිතේ පැල පදියම්ව තිබූ සියම (අද තායිලන්තයයි*ට වැඩම කර උපසම්පදාව ලබා ගැනීමට ඇති බලවත් කැමැත්ත හේතුවෙන් සරණංකර හිමියන් හා බෝවල ධම්මානන්ද මාහිමියන්ගෙන් අවසර ගෙන සියම බලා සාමණේරයන් වහනසේ පස්නමක් හා කැපකරු දායකයන් තිදෙනෙක් කැටුව පිටත් වූ නමුදු අතරමගදී පැමිණි බාධක නිසා බුරුම රටට (අද මියන්මාරයයි* වැඩම කළහ.එහිදී උපසම්පදාව ලත් උන්වහන්සේ ඇතුළු සය නම හේතුවෙන් මෙලක බුරුමයට හා සබැඳී භික්ෂු පරපුරක් ආරම්භ විය.එකල එය හඳුන්වන ලද්දේ අමරපුර සමාගම යනුවෙනි.එකල බුරුමයේ අගනුවර ද අමරපුරයි. බුරුම සංඝරාජයන් අතින් මහාධම්ම රාජාධිගුරු යන ගෞරව නාමයෙන් පුද ලද උන්වහන්සේ අමරපුර සමාගමේ ප‍්‍රධානියා බවට ද පත් වූහ.

    අමරපුර නිකාය ශික්ෂාගාමී භික්ෂූන් වහන්සේ ගෙන් යුක්ත වූ සංවිධානයක් කිරීමට වෙහෙසුණු ඤාණවිමල හිමියන්ට සහාය වූ තවත් ස්වාමීන් වහන්සේලා සිව් නමක් වූහ. උන්වහන්සේලා කපුගම ධම්මක්ඛන්ධ, බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ  ධම්මරක්ඛිත, කතළුවේ ගුණරත්න වෙති. සිරිලක සම්බුද්ධ ශාසනය චිරස්ථීතිය උදෙසා මුන්වහන්සේලා සියල්ලෝම දිවිහිමියෙන් කටයුතු කළ බව මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා විජය ශී‍්‍ර වර්ධන මැතිතුමා සිය ශී‍්‍ර ලංකා අමරපුර වඞශය කෘතියේ සඳහන් කර ඇත.
                          
                                        මාලන් විදානපතිරණ

No comments:

Post a Comment