“සත්‍යග්‍රහ* අන්නා හසාරේගේ දේශපාලන ජිවිතයට සම්බන්ධ නැහැ
- සත්‍යග්‍රහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රකාශ් ජ්හා
මාලන් විදානපතිරණ

“ මගේ සත්‍යග්‍රහ චිත්‍රපටය
අන්නා හසාරේ හෝ අර්වින්ද් කෙජ්රිවල්ගේ උද්ඝෝෂණයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. උද්ඝෝෂණය
කරන දර්ශන හුඟක් ඒ චිත්‍රපටයේ තියෙනවා තමයි. ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැ, මේක අන්නා
හසාරේගේ දේශපාලන ජිවිතයට සම්බන්ධයි කියලා.අනික ඉන්දියාවේ විතරද උද්ඝෝෂණය සිදුවීම්
වෙන්නේ.ලෝකේ මෙහෙම දේවල් වෙන්නේම නැද්ද ? ඒ නිසා මම චිත්‍රපට හදන්නේ ඉන්දියාව දිහා
බලාගෙනම නෙමෙයි කියලයි මට කියන්න තියෙන්නේ. මම වැඩකරන්නේ ලෝකෙත් සමගයි.මගේ චිත්‍රපටයේ
ප්‍රධාන කතා තේමාවෙන් කියැවෙන්නේත් පුතෙකුගේ මානසික අසහනය ගැනයි.පුතා හරිම කෑදරයි.
ඒක හොඳ දෙයක් කියලයි පුතා හිතන් ඉන්නේ. ඒත් ඔහුගේ තාත්තා මේක නරක දෙයක් කියලා
පැහැදිලි කරන්න උත්සාහ දරනවා.ඒක තමයි චිත්‍රපටය පුරාම ගලා යන්නේ.ඒත් මේක පිළිගන්න
අන්නා හසාරේගේ පාක්ෂිකයන් කැමැති නැත්නම්, මම කැමැතියි මෙහි විශේෂ දර්ශනයක් ඔවුන්ට
පෙන්නන්න.ඒකට අපි ඕනැ වෙලාවක සූදානම්* ඔහු
ජාත්‍යන්තර මාධ්‍යයක් තුළින් කෙරැණු සම්මුඛ සාකච්ඡාවකදී එසේ පැවසුවේය.
“ මගේ චිත්‍රපටවලින් කෙරෙන්නේ සත්‍ය පිටින්
ගෙඩිය පිටින් චිත්‍රපටයට නැගීම නෙමෙයි. මම උත්සාහ කරන්නේ සත්‍ය සිදුවීම් සහ සත්‍ය
මනුෂ්‍ය චරිත තුළින් සිනමාත්මක යමක් තියෙනවා නම් එය පමණක් ලබාගැනීම පමණයි.ඒ නිසා
මගේ චිත්‍රපට හුඟක් හැඟීම්බරයි.ඒ නිසා ඒ තුළ ඇත්ත චරිත නැහැ.ඇත්ත සිදුවීම්
නැහැ.සියලු දේ නිර්මාණාත්මකයි.ඒ නිසා මගේ චිත්‍රපට කතාවලින් මිනිස්සුන්ගේ හැඟීම්
උද්දීපනය වෙන්නේ නැත්නම්, මම සාර්ථක නැහැ.ඒකයි ඇත්ත තත්ත්වය.* ඔහු තවදුරටත් මේ
පිළිබඳ පැහැදිලි කළේය.
එහෙත් දැනට හැට එක්
හැවිරිදි වියේ පසුවන ජ්හාගේ චිත්‍රපට විශ්ලේෂණය කරන කල්හි මේවා දේශපාලන
මුහුණුවරකින් ඉදිරිපත් කර ඇති බැව් පෙනෙන අතර විශේෂයෙන්ම “ගංගාජාල්* චිත්‍රපටයට
භගල්පූර්හිදී සිදුවූ සත්‍ය සිදුවීමක්ද,“අපහරන්* චිත්‍රපටයට බිහාර්හිදී සිදුවූ සත්‍ය
ඉතා ජනප්‍රිය පැහැර ගැනීමක්ද,චක්‍රවියු චිත්‍රපටයට නක්සල්වාදයද පාදක වී තිබීම කැපී
පෙනේ.
සත්‍යග්‍රහ චිත්‍රපටයේ රැට්වික් ඕසා,අන්ජුම් රාජාබාලි සහ ප්‍රකාශ් ජ්හා තිර
පිටපත රචනා කර ඇති අතර චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ UTV Motion Pictures නිෂ්පාදන ආයතනය මගිනි.මෙහි ප්‍රධාන චරිත නිරෑපණය කරන්නේ අමිතාබ්
බච්චන්, අර්ජුන් රම්පාල්,කරීනා කපූර්,අජේ දේව්ග් සහ මනෝජ් බජ්පායිය.
No comments:
Post a Comment