Sunday, October 6, 2013

Interview with Dramatist E.M.D Upali about Cherry Ochard - 2013.09.16



සටහන - මාලන් විදානපතිරණ

පසුගිය අගෝස්තු මස 18 සහ 19 යන දිනයන්හිදි කොළඹ ලුම්බිණි රඟහලේදී සහ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී මංගල දර්ශනය පැවැති “ ඉඩමේදී විකිණේ* වේදිකා නාට්‍යය කලකට පසු ප්‍රවීණ නාට්‍යවේදී ඊ.එම්.ඩී. උපාලි නිර්මාණය කළ නවතම කෘතියයි. ඇන්ටන් චෙකොව්ගේ Cherry Orchard (චෙරි වත්ත)  ඇසුරින් කළ නාට්‍ය නිර්මාණයක් වන මෙම නිර්මාණය අද (16) සවස 6.00ට රැසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී නැවතත් රංගගත වීමට නියමිතය. එබැවින් මෙම නාට්‍යය පිළිබඳව සාකච්ඡා කළ යුතු සුදුසුම ශිල්පියා එහි නිර්මාපකයා වන නීතිඥ ඊ.එම්.ඩී. උපාලියි. (ඔහු අවසන් වතාවට ප්‍රේක්ෂකයාගේ හද රුඳුණේ නෝර්වීජියානු ජාතික හෙන්රික් ඉබ්සන්ගේ The Wild Duck කෘතිය ඇසුරින් කළ වන තාරාවී(2006) නාට්‍යය හරහාය.)  කෙසේ වෙතත් ඔහු මෙවර තම ප්‍රස්තුතයට යොදා ගත් නාට්‍යය මීට පෙර ද ලාංකේය  නාට්‍ය ඉතිහාසයේ චෙරි උයන නමින් පරිවර්තනය වූ එසේම මහගෙදර නමින් අනුවර්තනය වූ ද නාට්‍යයකි.

ඇන්ටන් චෙකොව්ගේ චෙරි වත්ත නිර්මාණය, මීට කලින් දෙවතාවක් පමණ ලංකාවේ නිෂ්පාදනය වූ නාට්‍යයක්. ඔබත් ඔබේ නව නාට්‍යයට තෝරාගෙන තිබෙනවා.මෙම නාට්‍ය නම් කර තිබෙන්නේ “ඉඩමේදී විකිණේ* ලෙසයි ?

රැසියාවේ පමණක් මෙම නාට්‍යය නාට්‍ය නිෂ්පාදකවරැන් 50ක් පමණ නිෂ්පාදනය කර තිබෙනවා (නාට්‍ය කලාවේ නිෂ්පාදකයා යනු එහි අධ්‍යක්ෂවරයාය.).එංගලන්තයේ “හැම්ලට්* නාට්‍යය ගත්තත් එහෙමයි.ඒ වගේම ශේක්ස්පියර්ගේ “හැම්ලට්* නාට්‍යම රැසියාවේ පමණක් පහළොස් වතාවකට වඩා නිෂ්පාදනය වෙලා තිබෙනවා.පරිවර්තනත් බොහෝයි.ඒත් දූපත් මානසිකත්වයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකයාට නම් එකම නාට්‍යයක් කිහිපාකාරයෙන් නිෂ්පාදනය වීම අරැමයක් තමයි.ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ මේ රැසියානු නාට්‍යය ලංකාවේ තුන්වරක් පමණක් වේදිකාගත වීමයි.ඒත් ප්‍රේක්ෂකයාගේ රසඥතාවය තියුණු වන්නේ මේ නාට්‍යය බොහෝ වතාවක් නිෂ්පාදනය වීම හරහායි.සිදුවිය යුත්තේ යුගයෙන් යුගය මෙම නාට්‍යය විවිධ අර්ථකථන ඔස්සේ අලුත් වීමයි. එහෙම නැතුව වරක් දෙවරක් වේදිකාගත වූවා යැයි කියා ඉඳුල් කෘති ලෙස බැහැර කිරීම නෙමෙයි.ඒත් සමාජ පරිණාමය පිළිබඳ සර්වකාලීන තේමාවක් රුගත් මේ නාට්‍යය මට අභියෝගයක් තමයි.ඒත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට පෙර රදළයන්ගේ අණසකට යටත් වූ වැඩවසම් ක්‍රමයක් පැවැති ලංකාවට මෙම නාට්‍යය ඉතා වැදගත්.අනික වැඩවසම් ක්‍රමය පරයා නැගී සිටින නව ධනපති පන්තිය ගැනයි මෙයින් කියැවෙන්නේ.ඒ නිසා වසර සියයක් පැරුණි වුණත් මෙහි දේශපාලනික සන්දර්භය ලාංකේය ජන සමාජයෙන් උගුල්ලන්න බැහැ.ඒ නිසයි මම අපේ උපහැරණ,පිරැළු මෙහි පරිවර්තිත පිටපතට පවා යොදා ගත්තේ.ඒත් අවාසනාවට වගේ මීට පෙර මෙහි නිෂ්පාදන අසාර්ථක වුණා. ඒත් මා මෙය සුසාදිත නාට්‍යයක් වශයෙන් වසර දහතුනකට කලින් රචනා කළා. ඒ පිටපත ඔස්සේ  තමයි මිලියන එක හමාරකට අධික මුදලක් වැය කරමින් මෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණේ.

ඒත් ඇන්ටන් චෙකොව්ගේ චෙරිවත්ත නාට්‍ය කෘතිය උඩුපෙළට වඩා යටිපෙළ අතින් ඉතා සවිමත් කෘතියක්. ඒත් ඔබ නාට්‍යය පරිවර්තනය කර ඇත්තේ ඉංග්‍රීසි පරිවර්තනය ඔස්සේයි.අනික ඔබ මේ සඳහා ගීතත් භාවිතා කර තිබෙනවා. ඒත්  මුල් කෘතියෙහි එවැන්නක් නැහැ. මේ අනුව චෙකොව්ගේ ප්‍රකාශනය කියවීමට ප්‍රේක්ෂකයාට මෙහි භාෂාව හුයක් වෙයිද ?

මම රැසියානු භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ඔබ කියන දේ හරි. ඒත් පරිවර්තන සාහිත්‍යය ගත්තොත්, මව් භාෂාව හරහා කෙලින්ම පරිවර්තනය වූ නාට්‍යය තිබෙන්නේ අතළොස්සක් පමණයි. අනික අපිට සියයට සියයක් මීට සාධාරණය ඉෂ්ට කරන්න බැහැ.ඒත් මමත් මගේ පරිවර්තනය නාට්‍යය සඳහා තවත් ඉංග්‍රිසි පරිවර්තන කෘති කිහිපයක් ඇසුරැ කළා.ඒ වගේම රැසියානු ජන සමාජය, සංස්කෘතිය ආදියත් අධ්‍යයනය කළා. ඒ නිසා මම මීට හැකි උපරිමය සාධාරණය ඉෂ්ට කරලයි තියෙන්නේ. ඒ කොහොම වුණත් ගීත භාවිතා කළත්, පෙරහන් කඩ දෙකකින් පෙරැණායින් කියාවත්, නාට්‍යයේ මූලික සන්දර්භය වෙනස් වේවිය කියා මම හිතන්නේ නැහැ. එහෙම මම කියන්නේ නාට්‍ය කියන්නේ විශ්ව භාෂාවක් නිසයි.

වත්මන් වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ඔබේ ආකල්පය මොනවගේද ?

අපේ වේදිකාව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වගේම දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත,බක්මහ දීගේ වැනි නාට්‍ය වගේම සුගතපාල ද සිල්වාගේ මරාසාද් වැනි නාට්‍යවලින් පෝෂණය වූවක්.ඒත් අද එතැන් පටන් එම රඟහල හරියට හෙවිල්ලන්න නාට්‍යකරැවන් අසමත් වෙලා. විශ්ව සාහිත්‍යය කෘතින් වේදිකාවට එන ප්‍රමාණය අවම වෙලා.ඒ නිසා මගේ උත්සාහයත් එක උළුකැටයකින් ඒ අඩුව පුරවන්නයි.අඳුරට සාප කරමින් සිටින්නේ නැතුව එක ඉටිපන්දමක් හරි දල්වන්න අනෙක් නාට්‍යකරැවන්ටත් මම ආරාධනා කරන්නේ ඒ නිසයි.ඒත් වත්මන් වේදිකා නාට්‍ය කලාවේ බරපතලම ඛේදවාචකය තමයි වේදිකාවටම අනන්‍ය වූ ශිල්පීන් සමූහයක් ගොඩ නැගී නොතිබීමයි.අනික අපේ අතිදක්ෂ රංගන ශිල්පීන්ගේ දක්ෂතා පවා හෑල්ලු වෙලා. ඔවුන්ගේ දක්ෂතාවයට සුදුසු චරිත නෙමෙයි ඔවුන්ට ලැබෙන්නේත්.

ඔබ විශ්ව සාහිත්‍යය කෘතින් ලාංකීය නාට්‍ය සාහිත්‍යයට ඇතුළත් කිරිමක් ගැන කතා කරනවා.ඒත් වත්මන් රඟහල හෙවිල්ලන්න ප්‍රමාණවත් ස්වතන්ත්‍ර නාට්‍යවල දැඩි අර්බුදයක් තිබෙනවා නේද ?

ස්වතන්ත්‍ර නාට්‍යය මොන විදිහකින් ආවාත්, පළමුව මා ඊට ගරැ කරනවා.ඒත් ඔබ කියූ ප්‍රේක්ෂකයාගේ අභිලාෂය ඉටු කරනා නිර්මාණ නැති බව මමත් පිළිගන්නවා. ඒත් මෙහි අප නොදන්නා පැත්තක් තිබෙනවා. වත්මන් ජන සමාජය කියැවිය හැකි, වත්මන් දේශපාලනය පිළිබඳ පුරෝකථනය කළ හැකි අවකාශයක් අද තිබෙනවාද ? විශේෂයෙන්ම ජන හද ගැහෙන, අපේ වේදනා, අපේ අභියෝග, ලංකාව අද සිටින ස්ථාවරය ගැන අද නාට්‍යකරැවන්ට කතා කරන්න පුළුවන් ද? නාට්‍යකරැවන්ට අවශ්‍ය යටිතල පහසුකම් තිබෙනවාද ? නිසි අනුග්‍රහයක් ලැබෙනවාද ? ඒවා පවත්වාගෙන යා හැකිද ? අන්න එතැනයි අපි ප්‍රශ්න කළ යුත්තේ. ඒ නිසා සියලු මග ඇහිරීම් ඔස්සේ නාට්‍යකරැවා යම් අර්බුදයක සිටින බව අප පිළිගත යුතුයි. ඒත් තරැණ නාට්‍යකරැවා කෙටි නාට්‍ය ඔස්සේ යම් වෙනසක් කිරීමට උත්සාහ නොකරනවා නෙමෙයි.ඒ අනුව කෙටි නාට්‍ය නරඹන අලුත් ප්‍රේක්ෂාගාරයක් නිර්මාණයක් වන හැඩයකුත් අපට පෙනෙනවා.ඊට පවතින කාර්යබහුලත්වයත් බලපානවා.කොහොම වුණත් ජාතික තරැණ සේවා සභාව කෙටි නාට්‍යකරැවන්ට ලබාදෙන අවස්ථාව අපි අගය කළ යුතුයි. ඒත් ඔවුන්ට දිගුවක් කරා යන්න මම කියූ හේතූ හරස් වෙනවා. ඒ නිසයි තරැණයන්ට විශිෂ්ට ගණයේ ස්වතන්ත්‍ර (දිගු) නාට්‍ය නිර්මාණය කරන්න බැරි.

ඇන්ටන් චෙකොව්ගේ රංග රීතිය යථාර්ථවාදි වුණත් ඔබේ නිෂ්පාදනයේදී මෙහි යම් පරස්පරයක් තිබෙනවා. ?

ඔබ හරි.මම මෙහිදී පසුතලය යථාර්ථවාදයට සමීප නැහැ.ඒ නිසා මට ඒ වෙනුවෙන්
පමණක් ලක්ෂ දෙකකට අධික මුදලක් වැය වුණා. ඒ වගේම මෙහිදී වේදිකාව කරකවනවා.ඒත් අපි එහිදී ඒ ලක්ෂණ සියල්ලම නාට්‍යය විසින් ඉල්ලා සිටින හැඩයකට නිර්මාණය කළා. සංගීතයය පවා නාට්‍යයෙන් ගැලවිය නොහැක්කේ මේ නිසයි.ඒත් ඒ සංගීතය රැසියානු ජන නාද රටා සංගීතයට සමීප කරන්න අපි උත්සුක වුණා.ඇඳුම් නිර්මාණය පවා එහෙමයි. ඒ නිසා “ඉඩමේදී විකිණේ* කියන්නේ පරම්පරා හතරක ශිල්පීන් සමග අවුරැද්දක් පුරා පුහුණුවීම් කළ මෙම සාමූහික නාට්‍යයක්. ඒ නිසා නාට්‍යයකදී එවැනි සාමූහිකත්වයක් ගොඩනැගීමෙන් තමයි නාට්‍ය කලාවේ ප්‍රගමනයක් ඇතිවෙන්නේ. නව පරම්පරාවට ප්‍රවීණයන්ගේ දැනුම අවශෝෂණය වන්නේත් මෙවැනි ක්‍රමයක් තුළයි.

 

No comments:

Post a Comment