ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කෙරැණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන Taken 2, ලබන නොවැම්බරයේ ලෝ පුරා තිරගත වීමට නියමිතය.2008 වසරේ තිරගත කෙරැණු ප්‍රංශ
චිත්‍රපටයක් වන Taken චිත්‍රපටය ලද සාර්ථකත්වය හේතුවෙන්
මේ වසර මුලදී නිෂ්පාදනය අරඹන ලද Taken 2 චිත්‍රපටය, ඔලිවර්
මෙගාටන්ගේ අධ්‍යක්ෂණයකි.
සුපුරැදු පරිදි ලියාම් නීසන් විසින් මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රයන්
මිල්ස්ගේ චරිතයට පණ පොවන අතර මැගී ග්‍රේස් විසින් කිම් මිල්ස්ගේ චරිතයට දායක වෙයි.බ්‍රයන්
විශ්‍රාමලත් දක්ෂ වෙඩික්කාරයකු වන අතර මැගී ඔහුගේ දියණියයි.
ඇල්බේනියානු මාෆියා සංවිධානයක් විසින් තම දියණිය වන කිම් ඝාතනය කිරීම නිසා බ්‍රයන්
පැරීසියේ සිට යළි තම උපන් ගම වන ට්රෝපෝයි නගරයට පැමිණෙයි. එහෙත් ඒ වන විට බ්‍රයන්
තම බිරිඳ වන ලිනෝර් සමග විරසකව සිටි නිසා බ්‍රයන්ගේ සිත අතිශයින් ව්‍යාකූල වේ.ඒ තම
බිරිඳ විසින් දියණිය පිළිබඳ එතරම් අවධානය යොමු නොකළ බවත් වෙනත් පෙම්වෙතකු සමග
පෙමින් වෙළී සිටින බව දැන ගැනීමත් සමගයි.මේ නිසා තනිවම දියණියගේ ඝාතකයා සොයමින් යන
බ්‍රයන්ට ඉදිරියේදී කුමක් සිදුවේවිද ? ඔහුට
තම දියණියගේ ඝාතකයන් හමුවේවිද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ එලෙසයි.
ෆැම්කේ ජැන්සන්,රේඩ් සර්බිජා,ලීලන්ඩ් ඕර්සර් සහ ජෝන් ග්රයිස් විසින් සෙසු
ප්‍රධාන චරිත නිරෑපණය කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ලුක් බෙසන්
විසිනි.මෙහි තිර රචනය ද බෙසන් සහ රොබට් මාක් කමෙන්ගෙන්මය.
ග්‍රීසියේ සහ ප්‍රංශයේ ප්‍රධාන රෑගත කිරීම් සිදුවූ Taken 2 චිත්‍රපටයේ සිනමා කැමරාකරණය රොමේන් ලාකෝබාස්ගෙනි. නාද රටා නේදනියල්
මෙකාලිගෙනි.ඇ.ඩො. මිලියන 45ක නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කරන ලද Taken 2 චිත්‍රපටය, පළමු වතාවට ප්‍රදර්ශනය කෙරැණේ පසුගිය සැප්තැම්බර් මස 07
වැනිදාය.ඒ ඩියුවිලේ ඇමෙරිකානු චිත්‍රපට උළෙලේදීය.ඔක්තෝබර් 03 වැනිදා ප්‍රංශයේ ද, ඔක්තෝබර්
පස්වැනිදා වන විට ජාත්‍යන්තර වශයෙන් රටවල් 25ක තිරගත කෙරැණු මෙම සිනමාපටය,Box
office ඔක්තෝබර් මස 18 වැනිදා වන විට උතුරැ ඇමෙරිකාවෙන් පමණක්
ඉපයූ ආදායම ඇ.ඩො. මිලියන 93කට ආසන්නයි.සෙසු රටවල්වලින් උපයා ගත් ආදායම ඇ.ඩො.
මිලියන 135කට ආසන්නයි. කෙසේ වෙතත් පළමු දින තුළදී ඇමෙරිකාව සහ කැනඩාව යන රටවල
වැඩිම ආදායමක් ඉපයූ සිනමාපටය බවට පත් Taken 2,එදින ඇ.ඩො.
මිලියන 19කට ආසන්න ආදායමක් උපයා ගත්තේය. එමෙන්ම එදින රාත්‍රි දර්ශන වාරය තුළදී
පමණක් ඉපයූ ආදායම ඇ.ඩො. මිලියන දෙකකට ආසන්නයි.ආරම්භක සතියේදී උතුරැ ඇමෙරිකානු
සිනමාහල්වලින් පමණක් ඇ.ඩො. මිලියන 50කට ආසන්නයි.ඒ අනුව මෙය උතුරැ ඇමෙරිකාවේ නව
වාර්තාවක් තැබීමට පවා සමත් වූයේ ඔක්තෝබර් මසකදී ආරම්භක සතියේදී වැඩිම ආදායමක් උපයා
ගත් චිත්‍රපටය බවට පත්වෙමිනි. මෙය ආරම්භක සතියේදී සෙසු රටවලින් ද ඇ.ඩො. මිලියන 55ක
ආදායමක් උපයා ගැනීමට සමත් වූයේය.එමෙන්ම මෙම චිත්‍රපටය දෙවැනි සතියේදී ද ඇ.ඩො. මිලියන 22කට ආසන්න ආදායමක් උපයා ගනිමින්
උතුරැ ඇමෙරිකාවේ වැඩිම ආදායමක් උපයා ගත් චිත්‍රපට අතර පළමු ස්ථානය දිනා ගැනීම කැපී
පෙනේ. කෙසේ වෙතත් Taken 2 අත්පත් කරගෙන ඇති සමස්ත ආදායම
ඇ.ඩො. මිලියන 230 ඉක්මවයි.
මෙම සාර්ථකත්වය මත 20th Century Fox චිත්‍රපට සමාගම මෙහි
තෙවැනි කොටසක්ද නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන මුත් ඒ පිළිබඳ නිශ්චිත
යමක් කිව නොහැක්කේ ලියාම් නීසන් මීට සම්බන්ධ වීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර
නොමැති හෙයිනි.එහෙත් මෙහි Taken 3 චිත්‍රපටයේ තිර රචනය
ලිවීම මේ වන විටත් ආරම්භ වී ඇති අතර එම
චිත්‍රපටයේ ද තිර රචකයන් බෙසන් සහ කමෙන් පවසන්නේ තමන් මෙහි තෙවැන්නක් කරා අවධානය
යොමුකර ඇති මුත් මෙහි නළු නිළියන් සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කොට නොමැති
බවයි.එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ මෙය නව අධ්යක්ෂවරයකු යටතේ
නිෂ්පාදනය කිරීම තම අරමුණ බවයි.
No comments:
Post a Comment