විධිමත් රාජ්‍ය නාට්‍ය පාසලක් බිහිවිය යුතුයි
සෝමලතා සුබසිංහ
මාලන් විදානපතිරණ
දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ
රුඳී සිටින සෝමලතා සුබසිංහ, එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය වේදිකාවෙන් බිහිවූ ප්‍රවීණ
නාට්‍යවේදිනියකි. විශේෂයෙන්ම ළමා නාට්‍ය සංස්කෘතියක් ඇති කිරීමෙහිලා වැඩි බරක් කර
ගැසූ ඇය තොප්පි වෙළෙන්ඳා, සොරැ ඇවිල්ලා, පුංචි අපිට
දැන් තේරෙයි, දෙව්ලොව ගිය ගමන, විකෘති ආදී නාට්‍ය නිර්මාණ රාශියක් නිර්මාණය කර
ඇත.ඇගේ තවත් ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වන හිම කුමරිය අද(05) දින සවස 3.30 සහ
6.45ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රගහලේදී වේදිකාගතවීමට නියමිතය.ඒ Colombo
Theatre Festival නාට්‍ය උත්සවයේ පළමු නාට්‍ය වශයෙනි. මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍රයන් තම ගුරැ දේවයන් කර ගනිමින් ඔහුගේ එලොව ගිහින් මෙලොව
ආවා,රත්තරන් මෙන්ම ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු,දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා,
හෙන්රි ජයසේනගේ දිරිය මව සහ ඇගේ දරැවෝ,ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු,රන්ජිත්
ධර්මකීර්තිගේ චෙරි උයන,හිරැ නැති ලොව ආදී වේදිකා නාට්‍ය ගණනාවකට දායක වූ ඇය
සිනමාවේ ද එක සේ ප්‍රතිභාව පෙන්වූ රංගන ශිල්පිනියකි.
හිම කුමරිය වේදිකා නාට්‍ය පිළිබඳව
කතා කළොත් ?
හිම
කුමරිය කියන්නේ සුරංගනා කතාවක්.ඒත් සුරංගනා කතාවේ හැටියට නම් හිම කුමරිය කියන්නේ මැජික්
පෙන්නන හාස්කම් ඇති තැනැත්තියක්.ඒත් මම
හිම කුමරිය චරිතය ඒ විදිහට සැකසුවේ නැහැ. ඒ නිසා මම හිම කුමරිය වේදිකා නාට්‍යයකට
නැගුවේ වෙනස් මුහුණුවරකින්. මේ නිසා මීට පාදක වෙන්නේ හිම කුමරියගේ
අහිංසකකකම, කාරැණිකකම, මෘදු මොළොක් ගුණයයි.ඒත් ඇගේ කුඩම්මා ඇයට කෙණෙහිලිකම් කරනවා.
ඇයව කුස්සියයේ වැඩට දානවා. ඒත් කුමරිය එතැනත් සතුටින් වැඩ කරනවා. ඒ නිසා කුඩම්මාගේ
තරහව තව තවත් උග්‍ර වෙනවා. ඒ නිසා තමයි හිම කුමරියව කැලේක අතරමං කරලා එන්නේ.
එතැනදී ඇයට දඩයක්කාරයෙක් හමුවෙනවා.ඔහු කුමරියව අරගෙන යනවා.ඒත් දඩයක්කාරයටත් ඇයව
රුක බලා ගන්න බැරි නිසා ඔහුත් කුමරියව පිටිසර ගමක අතහර දමා යනවා.ඒ නිසා ඇයට කිසිම
පිළිසරණක් නොමැතිව යනවා. ඒත් මෙතැනදි ස්වභාවධර්මය ඇය වෙනුවෙන් නැගී සිටිනවා. මෙය
තමයි කතාවේ මූලික තේමාව.
ඔබ
කාලයක් තිස්සේ ළමා නාට්‍ය නිෂ්පාදනය කළ නාට්‍ය නිෂ්පාදිකාවක්. ළමා නාට්‍ය ගැන කතා
කළොත් ?
ළමා
නාට්‍ය නිර්මාණය කළ යුත්තේ ළමයාගේ මනසේ යහපත් ගතිගුණ ලියලන අයුරින්.මනස සෞම්‍ය කරන
අයුරින්. මෘදු කරන අයුරින්. ඒ නිසා ළමා නාට්‍යයක් නිර්මාණය කරනවා යන්න බැරෑරැම්
මානසික ව්‍යයාමයක්. ඒ නිසා අප තමාට අවශ්‍ය ප්‍රකාශනය හෝ ජීවන අත්දැකීම රළු
ආකාරයෙන් දෙන්න නරකයි. විධාන ආකරයෙන් දෙන්න නරකයි.මොකද ළමයා ඉතා අවංක පුද්ගලයෙක්.
ඒ නිසා ඔවුන් යමක් තේරැම් ගන්නේ තර්කානුකූලව වටහා දුන්නොත් පමණයි. ඒ නිසා නාට්‍යකරැවා
තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීමේදී එය ඉතා සෙනෙහසින් තිළිණ කිරීමට ප්‍රවේසම් විය
යුතුයි.ඒත් අද ඇතැම් ළමා නාට්‍යකරැවන් මෙය හඳුනාගෙන නැහැ.අනික රාජ්‍ය ළමා නාට්‍ය
උළෙලින් ප්‍රතිඵලයක් තිබෙනවාද යන්නත් විශාල සැකයක්. මොකද අද එයින් බිහිවන විශිෂ්ට
නාට්‍ය ඉදිරියට ගෙනියන්න කවුරැවත් නැහැ. ප්‍රතිපාදන වෙන් කරලත් නැහැ. අනුග්‍රහයකුත්
නැහැ.මේවා ගැන අපි අධ්‍යාපන අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
නිලධාරීන්ට ඒත්තු ගැන්වුවත්, ඔවුන් කියන්නේ පස්සේ බලමු කියලයි.ඒත් ළමා නාට්‍ය
කියන්නේ අධ්‍යාපනය හා සමගාමීව යන නිර්මාණ කටයුත්තක්.ඒ නිසා මේ සඳහා වහාම අධ්‍යාපනික
වැඩපිළිවෙළක් අවශ්‍යයි. නැතුව නමට විතරක් ලොක්කෝ ඉඳලා වැඩක් නැහැ.
මෙවැනි
වටපිටාවක් තුළදී, රාජ්‍ය නාට්‍ය පාසලක අවශ්‍යතාවය අපට තදින් දැනෙනවා නේද ?
ඔව්.අද
නාට්‍ය හා රංග කලාව විශ්ව විද්‍යාල මට්ටමින් උපාධිය දක්වා හැදෑරීමට පහසුකම්
තිබෙනවා. ඒත් උපාධිය තිබ්බ පමණින් නාට්‍ය හදන්න බැහැ. ඒ සඳහා හොඳ පරිකල්පන
ශක්තියක් තිබිය යුතුයි.විශේෂයෙන්ම නාට්‍ය කලාව ගැන කැක්කුමක් තිබෙන, උණක් තිබෙන
ශිල්පීන් වෙනුවෙන් ඇකඩමියක් බිහි කරන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා.මොකද අපි
හුදෙකලාවේ තැන් තැන්වල වේදිකා නාට්‍ය නිර්මාණ කරනවාට වඩා ගොනු වී වේදිකා නාට්‍ය
කිරිමෙන් නාට්‍ය කලාව වඩාත් පෝෂණය වෙනවා.අනික අද ඇතැම් වේදිකා නාට්‍ය තුළ අපේ අනන්‍යතාවය
නැහැ. ජනශ්‍රැති,ජන සංගීතය, අපේ සුවඳ නැහැ.ඒත් අපිට මේකට ඔවුන්ට දොස් කියන්නත්
බැහැ. මොකද අපේ පාලකයන් තමයි, සාහිත්‍ය පාඩම පන්ති කාමරයෙන් ඉවත් කළේ.ඉතිහාසය ඉවත්
කළේ.ඒවායේ ආදීනව තමයි මේවා.අනික අද සාහිත්‍ය කියලා උගන්වන්නේ කවි කෑලි, නවකතා
කෑලි, සංදේශ කෑලි.ඉතින් කොහොමද ළමයාට හොඳ සාහිත්‍ය දැනුමක් ලැබෙන්නේ. කොහොම වුණත්
ප්‍රවීණයන් සහ තරැණයන් එකට මුණගැසෙන නාට්‍ය පාසලක් බිහිකළ හැකි නම් ඒක ඉතා වටිනවා.
මොකද එතකොට තමයි යම් ප්‍රමිතියක් ඇතුව වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නේ. ශාස්ත්‍රීය
මට්ටමේ පර්යේෂණ සිදුවෙන්නේ.අත්හදා බැලීම් සිදුවෙන්නේ. ශාස්ත්‍රීය මට්ටමේ සංවාද
ඇතිවෙන්නේ.
අද
ළමයාට වේදිකාව කෙසේ වෙතත් රෑපවාහිනි මාධ්‍ය(කාටූන්), නව මාධ්‍ය (අන්තර්ජාලය,
පරිගණක ක්‍රීඩා) තිබෙනවා. ඒ නිසා ද ළමා නාට්‍ය සංස්කෘතියක් බිහි නොවන්නේ ?
තාක්ෂණය
කියන්නේ වෙනමම දෙයක්.ඒවා මනුස්සකම් හඳුන්නන්නේ නැහැ. ඒ නිසා අප ළමයාට තාක්ෂණයට
වහල්වෙන්න ඉඩදෙන්න නරකයි. මොකද අප ළමයාට අපේ සංස්කෘතිය,අනන්‍යතාවය, ඉතිහාසය කියා
දිය යුතුයි. මේකටයි වේදිකා නාට්‍ය වැනි මාධ්‍ය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.අනික මම
පසුගිය දවසක හාස්‍යජනක කතාවක් ඇහුවා. එක්තරා ප්‍රවීණයෙක් අහනවා,අද නරියෝ ගැන, හාවෝ
ගැන නාට්‍ය හදලා මොකටද කියලා.ඒත් එතුමා දන්නේ නැහැ අදත් ඉස්සර වගේම සිතන පතන නරියෝ
ඉන්නවා කියලා. හාවෝ ඉන්නවා කියලා. කාලගෝල වගේ චරිත සිටිනවා කියලා. මේ නිසා අපිට
වේදිකා නාට්‍ය මතුපිටින් කියවල බැහැර කරන්න බැහැ.මොකද වේදිකා නාට්‍ය කියන්නේ
විෂයානුබද්ධ කරැණු කියාදෙන මාධ්‍යයක් විතරක් නෙමෙයි.ඒ මගින් ගැඹුරැ සමාජ කරැණු
කියා දෙනවා.මනුස්සකම කියා දෙනවා.මමත් එහෙමයි. මම මගේ අවුරැදු 30ක වෘත්තිය ජීවිතය
කැප කරලයි ළමා නාට්‍ය කලාවට ප්‍රවේශ වුණේ. ඒ නිසා මම වේදිකා නිර්මාණ බොහොමයක් කැප
කළා. සිනමා නිර්මාණ කැප කළා. ටෙලිනාට්‍ය කැප කළා.මොකද මම ළමා නාට්‍ය කරන කාලේ ළමා
නාට්‍ය කියලා වෙනමම සංස්කෘතියක් තිබුණේ නැහැ.
වර්තමාන වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ?
අද ඉතා නිර්මාණශීලී, විශිෂ්ට ගණයේ නාට්‍ය තිබෙනවා.තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්
තිබෙන බැවින් ඔවුන් තමන්ගේ ප්‍රකාශනය වාරණයක් ඇතුව හෝ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත්
කරනවා. පවතින ක්‍රමය විවේචනය කරනවා. ඒත් සමහර නිර්මාණ වානිජ අරමුණ ඇතුවයි ඉදිරිපත්
කරන්නේ. ඒත් පවතින වටපිටාව තුළ එවැනි නිර්මාණත් අවශ්‍යයි. මම නම් හිතන්නේ එහෙමයි.කෙසේ
වෙතත් වර්තමාන නාට්‍යකරැවා මුහුණදෙන දැවැන්තම ප්‍රශ්නය තමයි ප්‍රතිපාදන ගැටලුව.අද
වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ලක්ෂ අටක් පමණ වැය වෙනවා. ඒක හරියට ගණන් බලන කෙනෙකුට
පෙනෙනවා.ඒත් සමහරැ නම් මේවා විශ්වාස කරන්නේත් නැහැ.
ඒත් අද තිබෙන අලුත් වේදිකා නාට්‍ය දිහා බැලුවම ස්වතන්ත්‍ර නාට්‍ය දැක්කම
ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන්ගේ අඩුවක් තිබෙනවා නේද ?
නැහැ. මම එය පිළිගන්නේ
නැහැ.උදාහරණයක් වශයෙන් ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු ගත්තොත් ඒකට පසුබිම් වුණේ
ගාර්සියා ලෝකාගේ යෙර්මා නම් ස්පාඤ්ඤ නාට්‍යය. ඒත් මූදු පුත්තු බලන අපිට, එම නාට්‍යය
වෙනත් රටක නාට්‍යයක් කියලා මොනම වෙලාවකදිවත් දැනෙන්නේ නැහැ. මොකද එම නාට්‍ය
නිර්මාණය කරල තිබෙන්නේ අපේ සුවඳ හමන අයුරින් . ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු වේදිකා නාට්‍යයත්
එහෙමමයි.මොකද ඒවා විශ්ව සාධාරණ නාට්‍ය.ඒත් අදත් අපට ඒ වගේ තරැණයන් පිරිසක්
සිටිනවා. ඔවුන් අති දක්ෂයි.ඒත් ඔවුන්ට මෙම කලාව විධිමත්ව හදාරන්නයි අවස්ථාව
නැත්තේ.මුදල් ප්‍රශ්නය තමයි ඔවුන්ට තිබෙන්නේ.මොකද සමහරැ අම්මගේ කණකර බඩු උකස්
තියලයි වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි තරැණ නාට්‍යකරැවන්ගේ නිර්මාණ
ඇගයිය යුතුයි.ධෛර්යමත් කර යුතුයි. නැතුව නිකරැණේ චෝදනා කරන්න නරකයි.
අනික අපි ඒ දවස්වල නාට්‍ය කළේ රුකියාවල නිරත වෙමින්. ඒ නිසා අපට ප්‍රවාහන
ප්‍රශ්න,මුදල් ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒත් අද එහෙම නැහැ.අද නාට්‍යකරැවන්ට වියදම්
වැඩියි. මේක අපි තේරැම් ගත යුතුයි.අනික කිසිම හව් හරණක් නැහැ.ඒත් අද එහෙම තිබිලත්
නාට්‍යකරැවන් පුදුම කැපවීමකින් කටයුතු කරනවා.ඒ නිසා නාට්‍ය ගැන කැක්කුමක් අපේ තරැණ
කොල්ලෝ කෙල්ලන්ව අසරණ කරන්න එපා.අධෛර්ය කරන්න එපා.මොකද ඔවුන් තමයි ඉදිරියේදි නාට්‍ය
කලාව ඉදිරියට ගෙන යන්නේ.
No comments:
Post a Comment