ලංකාවේ පොලිසියකට ගියොත්
පිළිමයක් වුණත් කතා කරයි
- තරැණ නීතීඥවරැන්ගේ සංගමයේ ප්‍රධාන විධායක සභික අචල චින්තන කුමාරසිරි
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ
ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ
දෝෂාභියෝගය තම සංවිධානය ඉතා පිළිකුළෙන් යුතුව හෙළා දකින බව පසුගිය සතියේ පැවැති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී තරැණ නීතිඥවරැන්ගේ සංගමය අවධාරණයෙන් කියා සිටියේය. එහිදී මේ රට ගමන්
කරන්නේ ඒකාධිපති වියරැවක් තුළ බැව් පැවසූ ඔවුන් අධිකරණයේ උත්තරීතර ස්ථානය වන ශ්‍රේෂ්ඨාධිකරණයට
එල්ල වන මෙම මරැ පහරට එරෙහිව තමන් ඇතුළු නීතිඥයන් ගණනාවකින් සැදුම්ලත් පෙත්සමක්
අත්සන් කිරීමට නියමිත බවද පවසා සිටියේය. (එය ජාත්‍යන්තර නීතිඥවරැන්ගේ සංගමයට,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥවරැන්ගේ සංගමයට මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය
නීතිඥවරැන්ගේ සංගමයට ඉදිරිපත් කිරීමට නියමිතය.) වත්මන් අධීකරණ ක්‍රියාවලිය
සම්බන්ධයෙන් වැඩිදුරටත් කතාබහ කිරීමට තරැණ නීතීඥවරැන්ගේ සංගමයේ ප්‍රධාන විධායක සභික නීතීඥ අචල
චින්තන කුමාරසිරි මහතා අප හා එක්වූයේ මෙවැනි පසුබිමක් තුළය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ නීතිය ඉදිරිපිටදී සියල්ලෝම සමානයි
කියලායි.මේක පසුගිය සතියේ ජනාධිපතිතුමත් පැවසුවා. ඒත් ශ්‍රී ලංකාවේ එහෙම දෙයක්
නැහැ.එනිසා අද වන විට සාමාන්‍ය ජනතාවට සහ ජනතා නියෝජිතයන්ට නීතිය
ක්‍රියාත්මක වෙන්නේ දෙවිදිහකටයි. ඒ නිසා තමයි අද වරෙන්තුකරැවන් පවා ප්‍රසිද්ධ
ජනමාධ්‍ය ඔස්සේ නිදහසේ පෙනී සිටින්නේ.මේ නිසා අද ලංකාවේ පොලිසියකට ගියොත් පිළිමයක්
වුණත් කතා කරයි."
කෙසේ වෙතත් අගවිනිසුරැවරියට එරෙහිව
ගෙන එන මෙම දෝෂාභියෝගයට බලපා තිබෙන්නේ අගවිනිසුරැවරියගේ විෂමාචාර බව ආණ්ඩු පක්ෂය
පවසනවා ?
මේක විශාල ප්‍රශ්නයක්. මොකද දෝෂාභියෝගයක් ගෙන ඒමට බලපාන්නේ දීර්ඝ කාලීනව
සිදුකෙරෙන විෂමාචාරයි. ඒත් අගවිනිසුරැතුමිය අවුරැදු 14ක් පුරා මේ සේවයේ ධූර දරනවා.
ඒත් අගවිනිසුරැතුමියට එරෙහිව එක්වරම
දෝෂාභියෝගයක් ගෙන එන එනවා. ඒ වගේම ආණ්ඩුවට ඒ විෂමාචාර මොනවාද යන්න තවමත් හෙළිදරව්
කිරීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා මෙයින් අපට පෙනෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට
අධිකරණය හසුරැවා ගැනීමට නොහැකි වූ තැන අග විනිසුරැවරියට මෙවන් විෂමාචාර චෝදනාවක්
එල්ල කරනවා කියලයි.මොකද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන එනකොට එතුමිය
හොඳයි. ඒ වගේම නායකත්ව පුහුණු වැඩමුළුව සම්මත කරවා ගැනීමේදිත් එතුමිය හොඳයි. ඒ
වගේම ලංකාවේ ප්‍රථම වතාවට යුධ අධිකරණය, සාමාන්‍ය අධිකරණ පද්ධතියේ කොටසක් බවට පත් කරන
විටත් එතුමිය හොඳයි. ඒත් තවදුරටත් මෙවැනි ව්‍යවස්ථානුකූල නොවන නඩු තීන්දු ලබා
නොදෙන විට, ඇයට එරෙහිව රජය දෝෂාභියෝග ගෙන එනවා. ඇගේ විෂමාචාර ගැන සඳහන් කරනවා. එතකොට
ආණ්ඩුවට දැන් තමයි විෂමාචාර මතක් වී තිබෙන්නේ.
අනික විෂමාචාර ගැන කතා කරන ආණ්ඩුව, තමන්ගේ විෂමාචාරවලට උත්තර දෙන්නේ නැහැ.
ඒ වෙනුවට කරන්නේ විපක්ෂයේ විෂමාචාර ගැන කතා කරන එකයි. එහෙම නැත්නම් මාධ්‍යෙව්දීන්ගේ
විෂමාචාර ගැන කතා කරන එකයි.මේ නිසා අද අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට අපි
පැමිණිල්ලක් දැම්මොත් වැරදිකරැවා වෙන්නේ පැමිණිලිකරැවායි.එහෙම තත්ත්වයක් තමයි අද
තියෙන්නේ.ඒ වගේම කෝප් කමිටු වාර්තාවට අද වෙච්චි දෙයක් නැහැ. මාධ්‍ය ආයතනවලට පහර
දුන් සිදුවීම්වල වාර්තාවලට වෙච්චි දෙයක් නැහැ. ඒ වගේම මංජුල තිලකරත්න මහතාට පහර
දුන් සිද්ධිය අද ඕපදූපයක් වෙලා.ඒ නිසා ඔහු සමහර විට ඉදිරියේදී කියයි, මම තමන්ටම
ගහගත්තා කියලා. එහෙම නැත්නම් ගහපු කෙනා
කව්ද කියලා මතක නැහැ කියයි.එක්තරා මන්ත්‍රිවරයෙකුගේ පුතෙක් කළ පහර දීමට සිදුවුණෙත්
ඒකයි. වීඩියෝ සාක්ෂි තිබියදී පහර කෑ පුද්ගලයා කිව්වා ගහපු අය කවුද කියලා තමන්ට මතක
නැහැ කියලා. ඒත් ආණ්ඩුවේ මෙවැනි විෂමාචාර ගැන කවුරැත් කතා කරන්නේ නැහැ.“
ඒත් ඔබ කියූ දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සම්මත
වූ පනතක් නේද ?
නැහැ.කොහෙත්ම නැහැ.මේවා ජනතාව ඉල්ලූ දේවල් නෙමෙයි. ඒත් ආණ්ඩුව කියන්නේ
ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් වශයෙන් මේ පනත ගෙන ආ බවක්. ඒත් ජනතාවට මෙයින්
සැලසෙන සෙතක් නැහැ.මේවා නෙමෙයි ජනතාව ඉල්ලන්නේ. ජනතාවට අද ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න
තිබෙනවා. ඒ නිසා අපි මෙම දකින්නේ ආණ්ඩුව විවිධ පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු
කර ගැනීමට ගෙන ආ පනතක් හැටියටයි.අසූව දශකයේදී මෙවැනිම පාලන ක්‍රමයක් ජනාධිපති
ජේ.ආර් ජයවර්ධනත් ගෙන ගියා.මොකද ඔහුටත් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබ්බා. මේ
නිසා ඔහුත් හිතුවා තමන්ට හැමදාම රජ කරන්න පුළුවන් වෙයි කියලා.ඒත් ඔහුටත් අන්තිමට
යන්න වුණා.ඒත් වත්මන් ආණ්ඩුව හිතන්නේත් තමන්ට හැමදාම රජ කරන්න පුළුවන් කියලයි.එහෙමයි
ඔවුන් කටයුතු කරන්නේ
කෙසේ වෙතත් අගවිනිසුරැවරියට මෙවැනි දෝෂාභියෝගයක් ගෙන ඒමට අධිකරණයේ පවතින
අර්බුදයත් වක්‍රව බලපානවා නේද ?
මේක ඇතැම් ජනමාධ්‍ය විසින් නිතර නිතර ප්‍රචාරය කළ වැරදි අර්ථ දැක්වීමක්. ඒත්
අධීකරණයේ පවතින අර්බුදයක් නැහැ.ඒ නිසා පවතින ක්‍රමයේයි අර්බුදය පවතින්නේ.මොකද අද
අපිට දකින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය හරහා අධිකරණය තුළ අර්බුදයක් ඇති
කළ ස්වභාවයක්. අනික අධිකරණයට නිලධාරි පත්වෙන්නේ ඡන්දයකින් නෙමෙයි. මේ නිසා
අධිකරණයට පත්විය යුත්තේ කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හෝ ආණ්ඩුවට පක්ෂපාතී
පුද්ගලයින් ද යන්න අප නැවත සිතිය යුතුයි. නැත්නම් මේක හරියට ගෙදරක තමන්ට අවශ්‍ය දේ
කරගන්න බැරි වුණාම ගෙදර මිනිස්සුන්ට මූණට දමලා ගහනවා වගේ වැඩක්. ඒත් මේවා වෙනුවෙන්
කතා කළ යුතු පිරිස් අද මුනිවත රකිනවා. විශේෂයෙන් බුද්ධිමතුන්ගේ පවතින දැඩි
නිහැඬියාව මීට තදින්ම බලපානවා.විශේෂයෙන්ම දේශප්‍රේමී සංවිධාන අද පෙනෙන්නවත් නැහැ.
සංවේදී කලාකරැවන් හඬවල් අහන්නවත් නැහැ.මේ නිසා අද අපි මේ වෙනුවෙන්
පැහැදිලි හඬක් නැගිය යුතුයි. මොකද අද මෙය විපක්ෂය හරහා හරිහැටි ඉටුවෙන්නේත් නැහැ.නීතිඥ
සංගමයත් බොහොම නිද්‍රාශීලියි.මේ නිසා අපට ඒ සඳහා ඔබගේ සහයෝගයත් අත්‍යවශ්‍යයි. ඒත්
මේ විරෝධතාවය ආණ්ඩු පෙරළීම හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වැනි පටු අරමුණුවලට ලඝු කරන්න
එපා.
පොලිස් අත්අඩංගුවට ගෙන සිර භාරයේ තබාගත හැකි කාල සීමාව පැය 48 දක්වා දීර්ඝ
කළා .ඒත් ඔබගේ සංගමය මේ යෝජනාවට එරෙහි වෙනවා ?
මෙම පනත් කෙටුම්පත ගෙන එන්න හදන්නේ ජනතාවට තිබෙන ආදරේ තිබෙන නිසා නෙමෙයි.
අනික එම නීතිය අතීතයට බලපාන විදිහට අවුරැදු දෙකක් වලංගු වන ආකාරයටයි ගේන්න හදන්නේ.
ඒ නිසා මේ පනත ගෙන ඒමෙන් මහජනයාට සාධාරණයක් ඉෂ්ට වෙයිද යන්න සැකයක්. මොකද අපි මෙය
දකින්නේ තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගන්න ගෙන ආ පනතක් විදිහටයි. තමන්ගේ
දේශපාලන පක්ෂයේ වුවමනා එපාකම් ඉටු කරගන්න සහ බලය තහවුරැ කර ගැනීමට ගෙන ආ පනතක් විදිහටයි.
ඒ නිසයි අපි මීට විරැද්ධ වෙන්නේ.
No comments:
Post a Comment