SLPL සාර්ථක වූවාද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ප්‍රීමියර්
ලීග් හෙවත් SLPL
තරගාවලිය පසුගිය සතියේ නිමාව දුටුවේය. ශ්‍රී ලංකා ප්‍රීමියර්
ලීග් වුව ද ඉන්දීය මුහුණුවරක් ගත් මෙම තරගාවලියෙන් මුළු ලොවම හඳුනාගත් නවක ක්‍රීඩා
තරැ කිහිපයකි. ඒ අතරින් අකිල ධනංජය,ඩිල්ෂාන් මුණවීර, චතුරංග කුමාර යන ක්‍රීඩකයන්
කැපී පෙනේ. එනිසාවෙන් මෙවන් ක්‍රීඩකයන් බිහිකරලීම උදෙසා කළ මෙම මහඟු ආයෝජනය පළමුව
අගය කොට සළකමු. එහෙත් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සහ ඉන්දීය ප්‍රීමියර් ලීග්
තරගාවලිය සංසන්දනාත්මකව බැලීමේදී මෙහි ඉතා ප්‍රබල අඩුපාඩුවක් අපි දුටුවෙමු.එනම්
මෙහි ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිළිබඳව දැඩි චෝදනාවක් එල්ල කිරීමට අපට සිදුවේ.
එනම් මෙහි ක්‍රීඩා කළ කණ්ඩායම් සඳහා ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩකයන් කෙතරම්
සංඛ්‍යාවක් සහභාගි කර ගත්තේ ද යන්න විශාල ගැටලුවකි.විශ්ව ගම්මානයක ජීවත්වන අප
සිතිය යුත්තේ අපගේ ප්‍රාදේශීය ක්‍රීඩකයන් දිරිමත් කරන්නේ කෙසේද යන්නය.ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගේ
නායකත්වය යටතේ ඈත ගම් දනව්වල ජිවත් වන දක්ෂ ක්‍රිකට් තරැ සොයා යාමේ දිගු කාලීන
වැඩපිළිවෙළක පළමු පියවරක් ලෙස පවත්වන්නට තිබුණු මෙම තරගාවලිය මගින් එම අරමුණූ සාක්ෂාත්
කර ගත්තේද යන්න ප්‍රශ්නාර්ථයක් බව අප පවසන්නේ එනිසාවෙනි.උදාහරණයක් වශයෙන් ශ්‍රී
ලංකා ප්‍රීමියර් ලීග් ශූරතාවය දිනා ගත් ඌව කණ්ඩායම සඳහා ඌව පළාතෙන් කෙතරම් ක්‍රීඩකයන්
සහභාගි කරගත්තේ ද යන්න අපි නැවත නැවතත් ප්‍රශ්න කරන්නෙමු. වයඹ කණ්ඩායම තුළින්
කෙතරම් වයඹ ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවකට ධෛර්යයක් ලැබුණේද යන්න ද අපි ප්‍රශ්න
කරන්නෙමු.එමෙන්ම දිනා ගත් සාමය රුක ගැනීම සඳහා උතුරැ සහ නැගෙනහිර කණ්ඩායම් සඳහා
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරා නොගත්තේ මන්දැයි යන්නද අප සෘජුවම ප්‍රශ්න කරන්නෙමු.
මේ අනුව බලන කල අපට පෙනී යන්නේ ගිය වසරේ පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය මේ
වසරේදී කෙසේ හෝ පැවැත්වීමේ තිර අදිටනින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පැවැත්වූවා
විනා මෙයින් සාක්ෂාත් කරගත යුතු අරමුණූ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට
කිසිදු ඉදිරි දැක්මක් නොතිබූ බවයි.එහෙත් මෙයින් දක්ෂ ක්‍රීඩා තරැ බිහි වූ බවට
ඇතැමුන් තර්ක කරන්නට පිළිවිණ.එහෙත් උදාහරණයක් වශයෙන් අකිල ධනංජය නම් දහ අට
හැවිරිදි පාසැල් සිසුවා වයඹ කණ්ඩායමට නම් වන්නේ නායක මහේල ජයවර්ධන නිසාවෙනි. එනම්
ඔහුගේ දස්කම් දුටු මහේල වයඹ කණ්ඩායමට තෝරාගෙන ඇත. එය අකිලගේ වාසනාවය.
කෙසේ නමුත්
මේ සඳහා යම් දිගු කාලීන වැඩපිළිවෙළක් තිබුණේ නම් තවත් එවන් දක්ෂ පන්දු යවන්නන්
ගණනාවක් සොයා ගැනීමට හැකියාව තිබිණ.ඇතැම් විට මීටත් වඩා දක්ෂ පන්දු යවන්නෙකු සොයා
ගැනීමට හැකියාව තිබිණ. මෙවන් තරගාවලිවලදී ක්‍රිකට්වලට
හිතකර ඉදිරි දැක්මක් අවශ්‍ය බව අප දිගින් දිටම පවසන්නේ එනිසාවෙනි.එසේ වී නම් අපට
මුරලිදරන්,සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් තව තවත් සොයා ගත හැකිවනු ඇත. එමෙන්ම රටේ
ජනතාවගෙන් වැඩි ප්‍රතිශතකයක් ලේවල තිබෙනා ක්‍රිකට් හරහා ශ්‍රී ලංකාවේ සාමය රුක ගත
හැකි වනු ඇත. එනිසා අපගේ විශ්වාසය නම් ලබන වසරේ පවත්වන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග්
තරගාවලියේදී හෝ මේ අරමුණූ පිළිබඳ අවධානය යොමු කර අඩුපාඩු සකස් කර ගනු ඇත කියාය.
මාලන් ගෝවින්ද
ප්‍රතිචාර - marlongovinda@yahoo.com
No comments:
Post a Comment