අද වේදිකා නාට්‍ය රචකයන්ට නිසි තැන ලැබෙන්නේ නැහැ
කළුමාලි වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ රැවන්ති ඩි චිකේරා
සටහන - මාලන් විදානපතිරණ
ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි නාට්‍ය කලාව තුළ නම් දැරෑ නාට්‍යවේදිනියක වන
රැවන්ති ඩි චිකේරා, ශ්‍රී ලාංකීය සිංහල වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ ඉතා
මෑතකදියි. ඒ කළුමාලි වේදිකා නාට්‍ය හරහාය. කෙසේ වෙතත් වසර තුනක් පුරා දරන ලද
සාමූහික පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස බිහිවුණු කළුමාලි, ශ්‍රී ලාංකීය වේදිකාව තුළ
නව පරිච්ඡේදයක් පෙරළන්නේ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම වේදිකාගත
කරමිනි. එසේම මෙය එකම අධ්‍යක්ෂවරියක යටතේ නිර්මාණය වීම ද සුවිශේෂී සන්ධිස්ථානයකි.
මේ හේතුවෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සාර්ථක ගමනක නිරත වන කළුමාලි වේදිකා නාට්‍යය
අදත් (07) කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස 3.30 සහ 7.00ට වේදිකාගත වෙයි. මේ ඒ
නිමිත්තෙන් රැවන්ති සමග කළ කෙටි පිළිසඳරකි.
මේ වන විට කළුමාලී වේදිකා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
හුඟාක් හොඳ මට්ටමකට තිබෙනවා.මොකද බොහෝ අය කියන්නේ මගේ ප්‍රකාශනය ඉතා අවංකයි
කියලයි.ඒත් මේකට අකමැති අයත් මට ප්‍රතිචාර දැක්වුවා.ඒක හොඳ දෙයක්. කොහොම වුණත්
කළුමාලි වේදිකා නාට්‍යයේ ගුණ වර්ණනා කළ අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන්.ඒ නිසා කළුමාලි
කාන්තාවන් අතරේ වැඩි ජනප්‍රියත්වයකට හේතුවී ඇති බවයි මට දැනුණේ.සමහර විට ඒකට අපේ
නිර්මාණ ආකෘතියත් බලපාන්න ඇති. මොකද මෙහි වැඩි නිර්මාණ දායකත්වයක් ලබාදුන්නේ
කාන්තා පාර්ශ්වයයි.අනික අපි අත් පිටපත නිර්මාණය කිරිමේදීත් අපේ ප්‍රකාශනය අවංකව
සමාජගත කරන්නයි උත්සාහ දැරැවේ. විශේෂයෙන්ම මෙහිදී මට නදී කම්මැල්ලවීර විශාල සහයෝගයක්
ලබා දුන්නා. ඇයයි, මමයි තමයි මෙහි නාට්‍ය පිටපත රචනා කළේ. ඒත් පසුගිය කාලයේ දහතුන්
දෙනෙකු සමග කළ සාකච්ඡාත් මීට බලපෑවා.ඒත් නාට්‍ය පිටපතට මූලික වුණේ කළුමාලි සුරංගනා
කතාව.ඒ නිසා අපි නාට්‍ය පිටපත රචනා කිරිමේදී මිනිසුන්ට මේක අදාළද නැද්ද යන්න
මුලින්ම විමසා බැලුවා.ඒ අනුවයි නාට්‍යය නිෂ්පාදනය වුණේ.
ඉංග්‍රීසි නාට්‍ය කලාවෙන් සිංහල වේදිකාවට අවතීර්ණ වූ ඔබේ නාට්‍ය ජීවිතය ගැන
ඇසුවොත් ?
මම අද ඉංග්‍රීසි නාට්‍ය කලාවේ සිටිනවා නම් එහි වැඩි ගෞරවයක් හිමිවෙන්නේ
ජෙරොම් ද සිල්වා සර්ටයි. මොකද මට ජෙරෝම් සර් නිසා වයස අවුරැදු 16දි තරම් කුඩා
අවදියේදිම වේදිකාවට පිවිසෙන්න හැකියාව ලැබුණා. ඒ නිසා පාසැල් සමයේදිම මට ශාන්ත පීතර
විද්‍යාලයේ තිබුණූ වැඩමුළුව හරහා නාට්‍ය කලාවට හොඳ පන්නරයක් ලැබුණා. ඒ නිසා තමයි
මට වයස අවුරැදු 19දී නාට්‍ය පිටපතක් රචනා කිරීමට හැකියාව ලැබුණේ.ඒ නිසා තමයි මට එම
නාට්‍යය(Middle
of Silent) වෙනුවෙන් එංගලන්තයේ පැවැති නාට්‍ය උත්සවයකදි සම්මානයක්
පවා දිනා ගන්න ලැබුණේ.ඒ නිසා තමයි නාට්‍ය කලාව කෙරේ මා තුළ තිබූ ඇල්ම තවත්
වැඩිවුණේ.මේ නිසා මම රංගනය පසෙක තිබියදි අධ්‍යක්ෂණය සහ රචනයට යොමුවුණා. ඒ අනුව විවිධ
නාට්‍ය කරමින් මම ඉංග්‍රීසි වේදිකාවේ රුඳී සිටියා. ඒ අනුව මම ඉංග්‍රීසි නාට්‍ය
කලාවට පැමිණ දැනට වසර 15ක් පමණ වෙනවා.මේ අතරින් මගේ “check point“,“last bus එක“, වේදිකා
නාට්‍ය සන්ධිස්ථාන විදිහට සළකන්න පුළුවන්.
අධ්‍යක්ෂවරියක් වශයෙන් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම වේදිකා
නාට්‍යයක් නිෂ්පාදනය කිරීම පහසු නැහැ ?
ඔව්. ඒත් මට මෙහිදී මගේ ප්‍රකාශනය සිංහල සහ ඉංග්‍රීසි යන ප්‍රේක්ෂක කොට්ඨාස
දෙකටම පෙන්නන්න අවශ්‍ය වුණා.මොකද මේක මගේ හීනයක්. මම අවුරැදු ගාණක් තිස්සේ දුටු
හීනයක්.ඒත් සම්පත් හිඟය, කාලය මදිකම ආදී හේතු නිසා මට ඒ හීනය සැබෑ කරගන්න නොහැකි
වුණා.ඒත් දැන් ඒ හීනය සැබෑ වෙලා
තියෙනවා.විශේෂයෙන්ම මට මේ හරහා උවමනා වුණේ නාට්‍යයට භාෂාව බාධකයක් නොවන බව
හැඟවීම.ඒ වගේම කළුමාලී වේදිකා නාට්‍ය ජාත්‍යන්තරයට ගෙන යාම. මම හිතනවා මට ඒක කරන්න
පුළුවන් වෙයි කියලා. මේ නිසා මම මගේ නාට්‍යය දෙමළ භාෂාවෙනුත් නිෂ්පාදනය කරන්න
බලාපොරොත්තුවෙන් සිටිනවා.අනික මම නම් කියන්නේ හැම සිංහල නාට්‍යයක්ම වගේ ඉංග්‍රීසි
භාෂාවෙනුත් නිෂ්පාදනය කරන්න කියලයි. එතකොටයි අපිට ජාත්‍යන්තරය ජයගත හැක්කේ.
ඒත් අද ඉංග්‍රීසි නාට්‍ය කලාව පවා කොළඹට සීමා වූ, එක්තරා කොටසකට පමණක් අයත්
වූ කලාවක් කීවොත් ?
නැහැ. දැන් දැන් සිංහල නාට්‍ය බලන ප්‍රේක්ෂකයන් ඉංග්‍රීසි නාට්‍ය බලන්නත්
පැමිනෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්.ඒත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ඉංග්‍රීසි නාට්‍ය
වේදිකාගත වන්නේ ස්ථාන කිහිපයක් පමණක් වීමයි.අනික ඉංග්‍රීසි නාට්‍යවල තිබෙන්නේ
වෙනස්ම වූ ප්‍රචාරණ ජාලයක්.ඔවුන් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරන්නේ නැහැ.ඒ වගේම
ඉංග්‍රීසි නාට්‍ය බලන්න පැමිණෙන ප්‍රේක්ෂකයා නාට්‍යය පෙන්වන රඟහලින් ඉහළ පහසුකම්
බලාපොරොත්තු වෙනවා.මේ නිසයි ඔවැනි මතයක් ගොඩනැගෙන්නේ. අනික ඉංග්‍රීසි නාට්‍ය කලාවේ
වෘත්තීය නාට්‍යකරැවන් ඉතා අඩුයි.මොකද ඔවුන් රුකියාවල නියුක්ත වන්නන්. මේ නිසා ඉංග්‍රීසි
වේදිකා නාට්‍යයක වැඩි දර්ශන වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේත් නැහැ.ඒ නිසා
ඔවුන්ට තමන්ගේ නාට්‍යය ගම් දනව්වල වේදිකාගත කිරීමට වෙලාවක් නැහැ.ඒත් ඔවුන්ටත් මේ
සඳහා විශාල උනන්දුවක් තිබෙනවා. අවශ්‍යතාවයක් තිබෙනවා.ඒ නිසා අපි මෙම තත්ත්වය
අසීරැවෙන් හෝ සැකසිය යුතුයි.අනික ඔවුන් අවුරැද්දකට එක් වේදිකා නාට්‍යයක් වගේ තමයි
නිෂ්පාදනය කරන්නේ.කොහොම වුණත් අද ෆෙරෝස් කමාදීන් වගේ නාට්‍යකරැවන් සරල තේමාවලින්
ඔබ්බට ගොස් අද වන විට සංකීර්ණ කතා තේමාත් ඉංග්‍රීසි වේදිකාවට හඳුන්වා දී තිබෙනවා.මේක
හොඳ ප්‍රවණතාවයක්. මේ නිසා සියලුම ඉංග්‍රීසි නාට්‍ය ලංකාව වටා ගෙන යා හැකි
තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව මමත් පිළිගන්නවා.
කළුමාලී කතා සන්දර්භය මධ්‍යම පාන්තික ප්‍රේක්ෂකයන්ට පමණක් සීමා වූවක් කීවොත්
?
ඔව්. ඔවැනි අදහස් මට මීට පෙරත් ඇතැමුන් කියා තිබෙනවා.ඒත් නාට්‍යකරැවාට
තමාගේ අවශ්‍ය සීමාව හඳුනාගෙන වැඩ කළ හැකි විය යුතුයි.ඒක නාට්‍යකරැවාගේ
කැමැත්ත.කොහොම වුණත් මෙහි එන බොහෝ චරිත මධ්‍යම පාන්තික චරිත බව මම පිළිගන්නවා.
මොකද මෙහි කතා වස්තුව නිර්මාණය දායක වුණෙත් මධ්‍යම පාන්තික කොටස්. මේ නිසා ඔවුන්ට
බලපාන ගැටලු තමයි, මේ හරහා සාකච්ඡාවට බඳුන් වන්නේ. ප්‍රකාශනයට නැගුණේ.අනික එක්
වේදිකා නාට්‍යයක් හරහා රටේ සියලුම ප්‍රශ්න කතා කරන්න බැහැ.
තරැණ නාට්‍යකරැවන් මොකද හිතන්නේ ?
අපිට ඉතා දක්ෂ තරැණ තරැණියන් පිරිසක් අද සිටිනවා.මම ඒක දැක්කා.විශේෂයෙන්ම
ජාතික තරැණ සේවා සභාවේ පැවැති ජාතික යොවුන් නාට්‍ය උළෙලේදී මම විශිෂ්ට ගණයේ නාට්‍ය
දැක්කා. මම එහි විනිශ්චය මණ්ඩලයෙත් හිටියා.කොහොම වුණත් අද වේදිකා නාට්‍ය රචකයන්ට
නම් නිසි තැනක් ලැබෙන්නේම නැහැ.ඔවුන්ට නිසි ගෙවීමකුත් නැහැ.ඒ නිසා ඔවුන්ට ලිවීම
පැත්තක තියෙද්දි අද ආර්ථික ප්‍රශ්න එක්ක පොරබදන්න සිදුවෙලා.ඒ නිසයි ඔවුන්ට හොඳ
නිර්මාණයක් රචනා කිරීමට වෙලා නැත්තේ.මේක චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලටත් පොදු
ඛේදවාචකයක්.ඒත් එංගලන්තය වගේ රටවල වේදිකා නාට්‍ය කලාව ගත්තොත් නාට්‍ය රචකයා
වෘත්තිය මට්ටමේ ශිල්පියෙක්.ඔහුට විශාල ගෙවීමක් කරනවා. ඔහුට නිදහසේ ලිවීමට අවශ්‍ය
කාලය ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය වේතනයකුත් ගෙවනු ලබනවා.අනික වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය
කළායින් පස්සේ නාට්‍යකරැවා නාට්‍ය පස්සේ යන්නේත් නැහැ. ඒත් අපේ රටේ එවැනි
තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.
ඒත් අද කෙටි නාට්‍ය ඉතා හොඳ මට්ටමක තිබෙනවා නේද ?
ඔව්. තරැණයන් කෙටි නාට්‍ය කලාව තුළ නිර්භීතව තම ප්‍රකාශනය සමාජගත කරන බව
අපට පෙනෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්.දක්ෂ නාට්‍යකරැවන් බිහිවෙන්නේත් කෙටි නාට්‍ය හරහායි.මේ නිසා අද
කෙටි නාට්‍ය කෙරේ තරැණයන්ගේ විශාල නැඹුරැවක් තිබෙනවා.
පොදුවේ නාට්‍ය විචාර කලාව ගැන කතා කළොත් ?
සිංහල වේදිකාවේ වගේම ඉංග්‍රීසි වේදිකාවේත් නාට්‍ය විචාර අංශය ඉතා පහළ
මට්ටමකයි පවතින්නේ.ඒත් මීට පෙර නාට්‍ය විචාරකයන් ලෙස බැබළුණු චරිත සිටියා.ඒත් අද
සිංහල වේදිකාව ගත්තත්, ඉංග්‍රීසි වේදිකාව ගත්තත්, එහෙම චරිත බිහිවෙලා නැහැ. මේක
ඉතා නරක තත්ත්වයක්.මොකද දියුණු නාට්‍ය උප සංස්කෘතියක් ගොඩනැගීමට නම් දියුණු විචාර
කලාවක් තිබිය යුතුයි.
No comments:
Post a Comment