Friday, July 5, 2013

ප්‍රවීණ නාට්‍යවේදී සෝමලතා සුබසිංහ සමග කතාබහක් (ලංකාදීප) - 2011/10/08

සෝමලතා සුබසිංහ
   
    හෝමාගමදී  මෙම 23 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා ජනරළිය ජංගම රඟහල මගින් නාට්‍ය උළෙලක් පැවැත්වේග මෙහි විශේෂත්වය වන්නේ ජන කරළියේ නාට්‍ය මෙන්ම සෝමලතා සුබසිංහ, ආචාර්ය හෙන්රි ජයසේන, ඉන්දික ෆර්ඩිනෑන්ඩු ආදී නාට්‍යකරුවන්ගේ නාට්‍ය ද රඟදැක්විමය. පසුගියදා එහි සමාරම්භක දිනය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් විවෘත වූයේය. එදින ශී‍්‍ර ලාංකීය නාට්‍ය ක්ෂේත‍්‍රයට නව පරපුරක් හඳුන්වා දුන් ළමා හා යොවුන් නාට්‍ය කලාව වෙනුවෙන් තම ශ‍්‍රමය හා කාලය කැප කළ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය අගයමින් විශේෂ ගෞරවයක් පුද කිරීම විශේෂ සිදුවීමකි. එය ද නිමිතිකර ගනිමින්  එම නාට්‍යවේදිනිය පිළිබඳ කළ කතාබහක සටහනකි මේ.

    තොප්පි වෙළෙන්දාල සොරු ඇවිල්ලාල පුංචි අපිට දැන් තේරේයි, දෙව්ලොව ගිය ගමන. විකෘති ආදී නිර්මාණ කළ ඇය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ යුගයේ පටන් දශක 4කට අධික කාලයක් පුරා නාට්‍ය ක්ෂේත‍්‍රයේ රැඳී සිටින්නීය. ඇය රංගනයෙන් දායක වූ නාට්‍ය අතර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවාල රත්තරන් සහ ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා, හෙන්රි ජයසේනගේ  දිරිය මව සහ ඇගේ දරුවෝ ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, රන්ජිත් ධර්මකීර්තිගේ චෙරි උයන හිරු නැති ලොව මෙන් ම  නැට්ටුක්කාරි, ලියතඹරා, සිරිත් විරිත් (චූලා කාරියවසම්), සඳ ළඟ මරණය ( කෞශල්‍යා ප‍්‍රනාන්දු) ආදී නාට්‍ය කැපී පෙනේ. එමෙන්ම ඇය සිනමාවේ ද සිය ප‍්‍රතිභාව පෙන්වූ රංගන ශිල්පිනියකි

‘‘ ළමා නාට්‍යයක් කියලා කියන්නේ ජනකතාවක් ආශ‍්‍රයෙන් නිර්මාණය කරන ළමයා වින්දනයකට පත්කරන එක්තරා විදිහක නිර්මාණයක්. මේ මගින් උත්සාහ කරන්නේ පොඩි කාලේ ඉඳලම ළමයාගේ පෞරුෂත්වය ගොඩනගන්න. ඇත්තටම කිව්වොත් ඩෙන්මාර්කය වගේ රටවල පාසල් විෂයක් වශයෙන් ම අදාළ විෂයන්ට අනුව නාට්‍ය නැරඹීමට ඉඩ පහසුකම් සලසා තිබෙනවා. ’’ ඇය කතාව අරඹමින් පැවසුවාය.

‘‘ මම ළමා නාට්‍ය නිර්මාණය ආරම්භ කරන කාලේ ළමා නාට්‍ය කියලා දෙයක් තිබුණේ නෑ. ඒ කාලේ හිටියේ යටත් විජිතවාදී මානසිකත්වයේ ළමයින්. ඒ ළමයින් සිංහල ගීත දැනන් හිටියේ නෑ. බොහෝ ගීත පරිවර්තන ගීත. මට මතකයි බොම්බෙ මිරිහායි, බා බා බැටලුපැටියා මෙහාට එන්න,හිකරි ඩිකරි ඩොක් වගේ ගීත තමයි ළමයින්ට ගීතයක් ගායනා කරන්න කිව්වම කිව්වේ. ඒ කාලේ මම මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති වගේ නාට්‍යකරුවොත් සමග නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වෙලා හිටපු කාලේ. මේ නිසා අපි ළමා නාට්‍යයක් නිර්මාණය කරලා ඒක සවස 3.00 පෙන්නුවා. ඉන්පස්සේ සුපුරුදු විදිහට වැඩිහිටි නාට්‍ය පෙන්නුවා.’’

‘‘ මේ කාලේ ළමා නාට්‍ය පිළිබඳ විශාල උනන්දුවක් ඇතිවෙලා තිබ්බ යුගයක්. ඒ වෙලාවෙ තමයි නාට්‍ය කලා මණ්ඩලයේ ලේකම් වෙලා හිටිය ඩබ්ලිව්.බී. රත්නායක,ගාමිණී විජේසූරිය,බන්දුල ජයවර්ධන,නිමල් දියසේන යන මහත්වරුන් ළමා නාට්‍ය පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කළේය. ඒ සඳහා නැගෙනහිර ජර්මනියෙන් නාට්‍ය ශිල්පීන් ආවා. මේ මගින් අපට ළමා නාට්‍ය නිර්මාණය කිරීමට හොඳ පන්නරයක් ලැබුණා කිව්වොත් නිවැරදියි.’’

ළමා නාට්‍ය අපට අවශ්‍ය වෙන්නේ ඇයි ?

ඔව් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අද වන විට ප‍්‍රසිද්ධ වේදිකාව තුළ ර`ගදැක්වීමට හැකි ළමා නාට්‍ය අහේනියක් මතුවෙලා තියෙනවා. මම ඒ කාලේ ප‍්‍රංශයේ පැවැති ළමානාට්‍ය පිළිබඳ සම්මන්ත‍්‍රණයකට සහභාගී වුණා.  එහි සිටි විවිධ රටවල ළමා නාට්‍යකරුවන්ගෙන් එම රට රටවල් බලාපොරොත්තු වී තිබෙන්නේ විවිධ අවශ්‍යතා බව මට එහිදී පසක් වුණා. ඒ අනුව නාට්‍ය කොටස් කිහිපයකට බෙදෙනවා. ළමා නාට්‍ය සමාජ අවශ්‍යතා අනුවත් වර්ග වෙනවා. ඒ වගේ ම රටේ පවතින අර්බුදකාරී අවස්ථා අනුවත් වර්ග වෙනවා. ඒ වගේ ම ළමයින් විසින් ර`ගපාන ළමා නාට්‍ය හා වැඩිහිටියන් විසින් ර`ගපාන ළමා නාට්‍ය වශයෙනුත් වර්ග වෙනවා. මගේ ළමා නාට්‍ය බොහොමයක් බොහෝ විට වැඩිහිටියන් විසින් ර`ගපාන ළමා නාට්‍ය වශයෙනුයි සැලකෙන්නේ. මේ නාට්‍ය ස්වරූපයේදී පේ‍්‍රක්ෂකයාට කරුණු අවබෝධ කර දෙන ආකාරයනුයි නාට්‍ය නිර්මාණය වෙන්නේ. නිදර්ශනයක් විදිහට ගමරාළ දිව්‍යලෝකේ ගිය හැටි පෙන්වන නාට්‍යයක් නම් ගමරාළගේ ස්වරූපය, සමාජ සංස්කෘතිය පෙන්වමින් යථාර්ථය පෙන්වන ආකාරයෙන් සියුම් රංගන විධි ක‍්‍රම භාවිතා කරමින් නාට්‍ය ඉදිරිපත් කිරිමටයි මම උත්සාහ දරන්නේ. ඒ මගින් අපි උත්සාහ කරන්නේ ළමයා වෙත සන්තෝෂය, දුක, හාස්‍යය ආදී හැ`ගීම් දනවමින් ළමයා ඉතා සංවේදි පුද්ගලයෙකු බවට පත්කිරීමටයි. ඒ වගේම හොඳ පෞරුෂයකින් හෙබි ළමයෙකු බවට පත් කිරීමයි.

බොහෝ විට ළමා නාට්‍ය කතන්දරවලටම සීමා වෙන්නේ නෑ. ළමයාට ඉගෙනිමේදී මතුවන ප‍්‍රශ්න, විවිධ විෂයන්ට අදාළ විෂය කොටස් නාට්‍යයෙන් ඉදිරිපත් කිරීම තුළින් ළමයාට එය ඉතා හොඳින් ධාරණය කරගන්න පුළුවන් වෙනවා. මේ නිසයි ළමා නාට්‍ය අපට අවශ්‍ය වෙන්නේ. එහිදී ඒ ඒ වයස් කාණ්ඩවලට ඒ ඒ විෂය කොටස් අවබෝධ කරදෙන නාට්‍ය විධි ක‍්‍රම වෙනස් වෙනවා. මෙය අධ්‍යාපන කටයුත්තක් වුණත් ශී‍්‍ර ලංකාවේ එහෙම නැතෙයි කිව්වේ ඒ නිසයි. මේ සම්න්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වග කියන්න  ඕනෑ. අද රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙන් හොඳම නාට්‍යය විදිහට පත්වෙන නාට්‍යය අපට ප‍්‍රසිද්ධ වේදිකාවේ පෙන්වන්න බැරි ඇයි ?

අද ළමයා හා එදා ළමයා අතර ඔබ වෙනසක් දකිනවාද?

අපොයි ඔව්. අද ළමයා සහ ගිරවා අතර වැඩි වෙනසක් නෑ. අද ළමයාට නාට්‍යයක් බැලීමට තියා ඒ ගැන හිතන්නවත් වෙලාවක් නෑ. නාට්‍ය නැරඹීම ළමයාගේ අයිතිවාසිකමක්. ඒකත් අදාළ අධ්‍යාපන බලධාරීන් අද නැති කරලයි තියෙන්නේ. අද ළමයාට කිසිම විනෝදයක් නෑ. ඔවුන්ට ගෙදර ගහක් කොළක්වත් තියෙනවාද කියලා බලන්න වෙලාවක් නෑ. ආහාර, නින්ද, කී‍්‍රඩාව මේ මුකුත් නෑ. ඉස්කෝලේ යනවා. ඉස්කොලේ ඇරුණම ටියුෂන් යනවා. ඒක ඉවර වුණාම තව එකකට යනවා. ගෙදර ඇවිත් නිදා ගන්නවා.  ඕකයි අද ළමයාගේ ජිවිතේ. ළමයාට යමක් ධාරණය කරගන්න වෙලාවක් තියෙන්න  ඕනෑ. හැමදේම දරුවන්ගේ මාර්ගයෙන් කරගන්න බෑ. අද ආදරය,සෙනෙහස ලබන්න ඔවුන්ට කාලයක් නෑ. එය දෙන්න තරම් වෙලාවක් දෙමාපියන්ටත් නෑ. කොහොම වුණත් පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළින් කිසිවිටෙකත් හොඳ පෞරුෂයක් තිබෙන, චරිතවත් එක ළමයෙක්වත් බිහිවෙයිද කියන එකත් සැකයක්. ඒ වගේම අනාගත ලංකාව තුළින් වෛද්‍යවරු කෙසේ වෙතත් ලෙඞ්ඩු බිහිවෙන බවට නම් කිසිම සැකයක් නෑ. මේක තමයි අධ්‍යාපඥයන්ගේ විශේෂඥ දැනුම නමින් හඳුන්වන්නේ.

තරුණ නාට්‍යකරුවන් පිළිබඳ කතා කළොත් ?

අද තරුණ නාට්‍ය කලාවවත් පවතින්නේ තරුණයන් නිසා. ඒ ඔවුන් කෙසේ හෝ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නා පිරිසක් නිසා. අද යෞවනයන් බොහොම උගත්. ඒකෙන් මම අදහස් කරන්නේ ගෝලීයකරණයත් සමගම ඔවුන් දේශපාලනමය,සමාජිය වශයෙන් බොහොම උගත් කියන එකයි. ඒ වගේ ම නිර්භීතයි. ඔවුන් තමන්ගේ කණකර උගස් කරලා හරි නාට්‍ය පෙන්නනවා.මේ නිසා වේදිකා නාට්‍ය කලාවේ ඉදිරිය සුබයි.



ඇත්තම කිව්වොත් අද සමාජය හරිම කුහකයි. දක්ෂයාට ඉදිරියට එන්න අවස්ථාව දෙන්නෙම නෑ. අද ඉතා දක්ෂ නළු නිළියන් අපට ඉන්නවා. ඒත් ඔවුන්ට පැළවෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔවුන්ට පරිශීලනය වෙන්න දෙන්නෙ නෑ. අත්දැකීම් ලබන්න දෙන්නේ නෑ. අපිට නිර්මාණ ශක්තිය තියෙනවා. අපි නිර්මාණ ඇසුරින් නිර්මාණ කළයුතු නෑ.


තරුණ නාට්‍යකරුවන් ළමා නාට්‍ය කරා පෙළඹෙන්නේ නැත්තේ ඇයි ?

ළමා නාට්‍යයක් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේග ළමා නාට්‍ය කරන්න නම් නාට්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබිය යුතුයිග ඒ වගේම ළමා නාට්‍යයක් ළමයාට ඉදිරිපත් කරන ආකාරයත් වෙනමම අධ්‍යාපන කටයුත්තක්ග ඒත් මේ දැනුම ලබා දෙන කිසිම ආයතනයක් අද ලංකාවේ නැහැග ළමා නාට්‍යය කියන එක ඉතා ගැඹුරු දෙයක්ග සත්ත්ව සම්බන්ධතාල මනුෂ්‍ය සම්බන්ධතාල පරිසරයල හැඩතලල නැටුම් මේ නාට්‍ය තුළින් සියුම් ලෙස ළමයාට කියා දෙනවාග නාට්‍යයක් කරන්න තරමක් තලතුනා වෙන්න  ඕනෑග ඒකෙන් මං අදහස් කරන්නේ නෑ ළමා නාට්‍යයක් කරන්න නාකි වෙනකං ඉන්න  ඕනෑ කියලාග අද තරුණ තරුණියන් මහන්සි වෙලා පාසැල් කාලයේදී ඉගෙන ගන්නවාග ඉන්පස්සේ තියෙන්නේ විවාහ වෙන්නග ඒත් අද විවාහ වීමේ නිදහසවත් මේ තරුණයාට නැහැග තමන්ව හැ¥ වැඩූ දෙමාපියන්ට සලකන්න තරම්වත් ශක්තියක් නැහැග ජිවත් වෙන්න වහලක් හදාගන්න විදිහක් නෑග අද කන්න බත් පි`ගානක් තියෙනවද ? මේක පවතින සමාජ ක‍්‍රමයේ වැරැුද්දග තරුණයන්ට නාට්‍ය නිර්මාණය කිරිමේ උවමනාව තියෙනවාග ඒත් කරන්න අවකාශයක් නැහැග මේක තනිකරම දේශපාලන ප‍්‍රශ්නයක්ග අද තරුණයා මුහුණදෙන මේ කටුක යථාර්ථය නිසා තමයි නාට්‍ය කලාවට මෙවැනි ඉරණමක් අත්වෙලා තියෙන්නේග


අද තරුණ නාට්‍යකරුවා අතින් සාහිත්‍යමය වශයෙන් වටිනා නාට්‍ය නිර්මාණ බිහිවෙනවා අඩු නේද?

අද තරුණයාට සාහිත්‍යය පරිශීලන කිරිමට වෙලාවක් නෑග මෙය සම්පූර්ණයෙන්ම අධාපන ක‍්‍රමයේ වැරැුද්දග අපේ සිංහල පද්‍ය කලාවේ තාල වර්ග කොච්චර තියෙනවද? ඒවායින් අපි කීයෙන් කීයද භාවිතා කරන්නේ ? මම වරක් නාට්‍ය පාඨමාලාවක් ආරම්භ කළාග එහිදී මම මුලින්ම කළේ තරුණ නාට්‍යකරුවා සාහිත්‍යමය වශයෙන් දියුුණු කිරීමයිග බුදුගුණ අලංකාරයල සද්ධර්මරත්නාවලියල ගුත්තිල කාව්‍යය වගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳ අපි එහිදී සාකච්ජා කළාග අවසානයේදී අපි බුදුගුණඅලංකාරයේ අවස්ථාවක් ඇසුරින් නාට්‍යයකුත් නිර්මාණය කළාග අපෙන් නාට්‍යයක් නිර්මාණය වෙනකොට කවි සින්දු නැටුම් ආදිය ද එයට එකතු වන්නේ නිතැතින්ග එදා සාහිත්‍යය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමත් මේකට ප‍්‍රධාන හේතුවක්ග අද එය ආයේ ඇතුල් කළා කිව්වට අද ළමයාට එයින් සෙතක් වෙනවද කියන එක ටිකක් සොයා බැලිය යුතුයිග

අද තරුණ නාට්‍යකරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවද ?

අද තරුණ නාට්‍යකරුවන්ට ලැබෙන ඇගයීම සෑහෙන්න මදි. මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන්ල ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන වගේ නාට්‍යකරුවන් විශිෂ්ට නාට්‍යකරුවන් බව ඇත්තයි ඒත් අපිට ඒ නාට්‍ය විතරද  ඕනේ ? අපට නව තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍යයත් අවශ්‍යයි. නැත්නම් කොහොමද නාට්‍ය කලාව ඉදිරියට යන්නේ ? මේ නිසා තරුණයන්ට මීට වඩා සහයෝගයක් ලැබිය යුතුමයි ජ්‍යෙෂ්ඨයන්ගේ ගුරුහරුකම්ල යෝජනා චෝදනාල ආශිර්වාද මේ සැමදේම තරුණ නාට්‍යකරුවාට ලැබිය යුතුයි. ඒ වගේම අපක්ෂපාතී විචාර කලාවක් ද අවශ්‍යයමයි.


    තවත් ළමා නාට්‍යයක් නිර්මාණයක් මෙන්ම මැක්බත් සහ ඇන්ටිගනී යන නාට්‍ය නිර්මාණය කිරිමට බලාපොරොත්තු වන බව ඇය අවසන අප හා පැවසූවාය

           
සටහන හා ජායාරූප-  මාලන් විදානපතිරණ

No comments:

Post a Comment