මාලන් විදානපතිරණ
මේ වසරේදී පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී,බංග්ලාදේශ ප්‍රීමියර්
ලීග් තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කරළියට
ආ මාතෘකාවක් ලෙස මුදලට තරග පාවාදීම හඳුන්වාදිය හැකිය.ජාත්‍යන්තර තලයේදී
පාකිස්තානු ක්‍රීඩකයන් වූ මොහොමඩ් අමීර්,මොහොමඩ් අසීෆ් සහ හිටපු නායක සල්මන් බට්
තරග තහනමකට පවා පසුගිය කාලයේ මුහුණ දුන් මෙම ප්‍රශ්නයෙන් ක්‍රීඩකයන් ගලවා ගැනීමේ
වැඩපිළිවෙළකක් මේ වන විට අත්‍යවශ්‍යව තිබේ. මෙය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර
වශයෙන් ද පොදු වූ වැඩපිළිවෙළක් විය යුතු තත්ත්වයකට වර්ධනය වී ඇති
අතර සමස්ත ක්‍රීඩාවටම පොදු වූ දූෂණ හා වංචා විමර්ශන ඒකකයක් අවශ්‍ය වන්නේ මෙවන්
පසුබිමක් තුළයි.
ජනප්‍රියත්වය සහ අසීමිත අනුග්‍රාහකත්වය හේතුවෙන් දූෂණ හා වංචා සඳහා
තෝතැන්නක් බවට පත්වන වත්මන් ක්‍රීඩාව තුළ ක්‍රීඩකයන් පවා අතරමං වන්නේ ඒ හා බැඳුණු උප
සංස්කෘතීන් පිළිබඳ ඔවුන් තුළ පවත්නා අනවබෝධයයි. විශේෂයෙන් ම ආසියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව
වන ක්‍රිකට් සඳහා මෙම ගැටලුව දැඩි ලෙස බලපෑවේ, ඊට වානිජත්වය හා විනෝදාස්වාදය මුසු
වීමත් සමගය. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියරේදී ඉන්දීය තරැණ ක්‍රීඩකයන්
පස්දෙනෙකුම තරග තහනමකට ලක්වූයේ ද මේ නිසාවෙනි. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග්
තරගාවලිය ඇරඹීමට මත්තෙන් ඉන්දීය බුකිකරැවකු විසින් ඌව නෙක්ස්ට් කණ්ඩායමේ හිමිකරැට
තරග පාවාදීම සම්බන්ධ යෝජනාවක් ගෙන ආවේ ද මේ නිසාවෙනි. කෙසේ වෙතත් මෙය අපට හෙළිවූයේ
ද අදාළ හිමිකරැවා මේ පිළිබඳ මාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම හේතුවෙනි. නමුත්
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කළ ඉන්දීය පාලක මණ්ඩලය විසින් මේ සඳහා
වංචා හා දූෂණ විමර්ශන ඒකකයක් පත් කළ අතර ඉහත කී ක්‍රීඩකයන් පිළීබඳ තොරතුරැ
හෙළිවූයේ ද එබැවිනි. එනිසා නිමා වූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ද ඉහත
කී සිදුවීම හැර තවත් මෙවැනි සිදුවීම සිදුවූවා ද යන්න සැක සහිතය. මන්ද මෙහි
සංවිධායකවරැන් විසින් මීට වංචා හා දූෂණ ඒකකයක් ස්ථාපිත නොකළ බැවිනි.
මේ හේතුවෙන් අපගේ මතයට අනුව වංචා හා දූෂණ කොමිෂන් සභාව, ක්‍රීඩාවේ කොටසක්
බවට පත්විය යුතු අතර වංචා හා දූෂණ කොමිෂන් සභාව විසින් සෑම තරගයක්ම හෝ තරගාවලියක්
සම්බන්ධයෙන්ම සිදුවන වංචා හා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවක් සැපයිය යුතුමය.
එනිසා ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම
පාපන්දු,රග්බි,වොලිබෝල් ආදී සෑම ක්‍රීඩාවක් සඳහාම වංචා හා දූෂණ විමර්ශන ඒකකයක්
ස්ථාපිත කිරීම අනිවාර්ය කළ යුතු බවත්, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව පනතක්
හෝ සම්මත කර ගත යුතු බවත් අපගේ අදහසයි.ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන්නේ එලෙසයි. ක්‍රීඩාවට
අයත් සාරධර්ම පද්ධතිය රුකගත හැක්කේ එවිටයි. බටහිර රටවල් මේ සඳහා සැරසෙන තෙක් බලා
නොසිට ශ්‍රී ලංකාව හෝ මීට කඩිනම් පියවරක් ගෙන ආදර්ශමත් ක්‍රීඩාවක් සඳහා
මාර්ගෝපදේශකත්වයක් සැපයිය යුත්තේ එලෙසයි. සෑම ජාතික හෝ ජාත්‍යන්තර තරගයකදීම වංචා හා දූෂණ
කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගනිමින් යහපත් ක්‍රීඩාවක් සඳහා අඩිතාලම සකසා ගත්තේ
එලෙසයි.
උදාහරණයක් ලෙස පාසැලෙන් අනතුරැව ක්‍රීඩාව සඳහා නැඹුරැ වන ක්‍රීඩකයන්ට/ක්‍රීඩිකාවට,
තම ක්‍රීඩා දක්ෂතා තුළින් ඉදිරියට යාම සඳහා විනිවිදභාවයකින් යුතු ක්‍රියා පාටියක්
වෙත් නම් ඔහුගේ/ඇයගේ අනාගතය සුරක්ෂිත වන අතර කිසිදු වංචාවකට හෝ දූෂණයකට ඉඩක්
නොලැබෙනු ඇත. කෙළින්ම කියතොත් වත්මන් ක්‍රීඩාවට අවශ්‍යවන්නේ අනුග්‍රාහකත්වයකින්
යුත් ක්‍රීඩා උප සංස්කෘතියකි. රටේ මහඟු ක්‍රීඩා සම්පත් අපට සුරක්ෂිතව රුක ගත
හැක්කේ ද එවිටයි.කෙසේ ද යත් ඈත ගම් දනව්වල සිටිනා ක්‍රීඩකයන්ගේ මෙන්ම නාගරික ජීවිත
ගත කරන ක්‍රීඩකයන් වුව එක තැනකට ගොනු කළ හැකි, එකම ධාරාවක් ඔස්සේ ගමන් කරන ප්‍රතිපත්තියක්
අපට සකස් කර ගත හැකි නම් එය අපට තවත්
ඔලිම්පික් පදක්කම පළමු පියවර තබනු ඇත.එමෙන්ම තවත් ලෝක කුසලානයක රස පහස උදාකර දෙනු
ඇත.එමෙන්ම කිසිදු වංචාවකින් තොර,කිසිදු රහසකින් තොර ජයග්‍රහණයන් කරා අප ගෙන යනු
ඇත.එය කොතරම් ආස්වාදයක් වනු ඇත්ද ? එය අපට කෙතරම් සතුටක් වනු ඇත්ද ? එය අපට කෙතරම්
ප්‍රියජනක වනු ඇත්ද?
“ඉස්සර අපි සෙල්ලම් කරන කාලේ පිටස්තර කාටවත් ක්‍රීඩාගාරයට යන්න දුන්නේ නැහැ.තරග
අතරතුර කා එක්කවත් කතා කරන්න දුන්නේ නැහැ.අවශ්‍ය, අනවශ්‍ය හැම පාටියකටම සම්බන්ධ
වුණේ නැහැ. ඒවායේ නැටුවේ නැහැ.ඒ නිසා අපේ කාලේ වෙනමම ක්‍රිකට් සංස්කෘතියක්
ගොඩනැගිලා තිබුණා. ඒ නිසා තමයි මේ ක්‍රීඩාව රුකුණේ. මෑතක් වෙනකං ශ්‍රී ලංකාවේ
කිසිදු ක්‍රීඩකයෙක් වංචා හෝ දූෂණ චෝදනාවකට වැරුදිකරැ වුණේ නැත්තේ ඒ නිසයි.ඒත් අද
මේ වංචාකාර බුකිකරැවන්ට ක්‍රීඩකයන්ගේ මොබයිල් නම්බර්ස් ගන්න තරම් හයියක් ඇවිල්ල
තිබෙනවා.ඒ නිසා ඔවුන්ට ක්‍රීඩකයන්ට දුරකතනයෙනුත් බලපෑම් කරන්න පුළුවන්. ඔවුන්ට ඕනෑ
විදිහට තරග මෙහෙයවන්න පුළුවන්.ඒත් අපේ කාලේ අපි ඒවාට ඉඩ තිබ්බේ නැහැ.“ ආදී වශයේ ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ද පැවසුවේ එබැවිනි.
මේ අනුව අද වන විට වඩා විනිවිදභාවයකින් යුතු ක්‍රමවත් ක්‍රීඩා වැඩපිළිවෙළක
අවශ්‍යතාවය සමස්ත ක්‍රීඩාවටම අවශ්‍ය වී තිබේ. එහෙත් එය දීර්ඝකාලීන වැඩපිළීවෙළක්
විය යුතු අතර ජාතික වැඩපිළීවෙළක් සේ ඉදිරියට ගෙන යා හැකි නම් වඩා වටින්නේ එයයි. එනම්
මෙය ඇමැතිවරැන්ට අනුව වෙනස් වන වැඩපිළිවෙළක් නොවිය යුතුමය. මන්ද නැතහොත් සිදුවන්නේ
හරියට තුවාලයට බෙහෙත් නොදමා පැලැස්තර දැමීමක් වැන්නක් බැවිනි.අනෙක් අතට ගැහැණියක
පිරිමියෙකු කිරීමේ හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමේ පනතක් වුව ද සම්මත කළ හැකි තරම්
බහුතරයක් සිටිනා වත්මන් රජයට මෙවැනි පනතක් සම්මත කර ගැනීම සුළු දෙයකි. ආසියාවේ ආශ්චර්ය
කරා අපට ළඟා විය හැක්කේ ද මෙලෙසයි.
No comments:
Post a Comment