මාලන් විදානපතිරණ
ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලිය පසුගිය මස කොළඹ සුගතදාස පිටියේදී නිමාව
දුටුවේ ශ්‍රී ලංකාව එහි අනුශූරියන් බවට පත්කරලමිනි. කෙසේ නමුත් අපරාජිත කණ්ඩායමක්
ලෙස අවසන් තරගය තෙක්ම පැමිණි ශ්‍රී ලංකා
කණ්ඩායම ඉතා තියුණු සටනක් ලබා දෙමින් තරගය නිමකළේ
ලකුණු 48 – 47 ක් වශයෙනි. මීට පෙර විදේශ රටකදී වුව හොඳින් ක්‍රීඩා කරමින්
මෙහි ශූරියන් බවට පත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවූයේ කුමක්ද ? එවන් ජයග්‍රහණයක්
කරා ගෙන ගිය දක්ෂ පුහුණුකාරිනියක වන තිලකා ජිනදාස මහත්මිය ඉවත් කළේ මන්ද ? තිලකා
ජිනදාස මහත්මිය විදේශ පුහුණුකාරිනියක් ලෙස පත්වන විට ඇයව නවතා ගැනීමට නොහැකි තරම්
ශ්‍රී ලංකාව අවාසනාවන්ත වූයේ මන්ද ? ඇතැම් විට ඊට ඔබට මේ වන විටත් පිළිතුරැ ලැබී
ඇත.කෙසේ වෙතත් මෙවර අපගේ ප්‍රස්තුතය වන්නේ නම් එය නොවේ.මන්ද මේ වන විටත් මේ පිළිබඳ
වගකියන්නන් එයට නොයෙකුත් උත්තර බැඳ හමාර බැවිනි. එමෙන්ම මේ පිළිබඳ මත පළ කරන ක්‍රීඩා
විස්තර විචාරකයන් ද මෙය නොයෙක් ආකාරයෙන් පතුරැ ගසා හමාර බැවිනි.එසේ නම් මෙවර අපගේ
මාතෘකාව වන්නේ කුමක්ද ?
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ ක්‍රිකට්ය. ඒ ගැන ආයේ වාදයක්
නැත.මන්ද ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ඡන්ද ප්‍රතිඵල බැලීමටත් වඩා ප්‍රිය කරන්නේ
ක්‍රිකට් තරගයක උණුසුම ආස්වාදය කිරීමට බැවිනි.එමෙන්ම 2011 ලෝක කුසලානය සඳහා
කාලාන්තරයක් පුරා සූදානම් වූ ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහි
අවසන් මහා තරගයට පැමිණී කල්හි රටේ තත්ත්වය පසෙක තිබියදී අවසන් මහා තරගයට පෙළ
සැදුණේ ක්‍රිකට් කෙරෙහි තමන් තුළ වූ උනන්දුව ප්‍රදර්ශනය
කරමිනි.එහෙත් අපි එහි වරදක් නොදකිමු.
“අපි තමයි යකෝ ශ්‍රී ලංකාව ෆයිනල් එන වෙලාවේ ශ්‍රී ලංකා ටීම් එකට බොක්කෙන්ම
සපෝර්ට් එක දුන්න එවුන්.උඹලා දන්නේ නැහැ අපි දාපු වැඩ කිඩ. අම්මටසිරි. අපි ලංකා
ටීම් එක සෙමී ෆයිනල් ආපු මැච් එක බැලුවේ ප්‍රොජෙක්ටර් දාලා.එදා කොල්ලෝ හැට
හුටාමාරක් විතර සෙට් වුණා ඒකට“ ආදී වශයෙන් අපි ලෝක කුසලානය පිළිබඳ තවමත් පම්පෝරි
ගසන්නේ එබැවිනි.
මන්ද එය ශ්‍රී ලංකාවේ ආගමක් තරමටම අපට සමීප බැවිනි.අපි එම තරගාවලියේදී
දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරැ තිලකරත්න ඩිල්ෂාන්
සහ ආරම්භක පන්දු යවන ලසිත් මාලිංග පිළිබඳ අද ද කතා කරන්නේ එබැවිනි.ඩිල්ෂාන්ගේ
ඩිල්ස්කුප් පහර පිළිබඳව අද ද කතා කරන්නේ එබැවිනි.
එහෙත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ගියවර ලොව ප්‍රබල කණ්ඩායම් රාශියක්
පරාජයට පත්කරමින් ආසියානු ශූරියන් වන විට, ප්‍රේක්ෂකයන් වන අප සිටියේ කොතැනද ? අප
ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරම් ගෞරවයක් ලබා දුන්නේද? අප කෙතරම්දුරට
ඔවුන් සමග සිටියාද ? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනූ විට තරම් අප
ඔවුන්ගේ සතුට සමග එක්වුණා නම් යැයි ඔබට නොසිතෙන්නට ඇත. එනිසා ක්‍රීඩාවේ මෙවැනි
පැතිකඩ පිළිබඳව අප අවධානය යොමු කළාදැයි අප අපගෙන් ප්‍රශ්න කළ යුතුය. එමෙන්ම ශ්‍රී
ලංකාවේ පැවැති සමස්ත තරගාවලියේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිරි ගැන්වීම
කෙතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් සැදී පැහැදී සිටියාදැයි යන්න පිළිබඳව ද අප අපගෙන්ම ප්‍රශ්න
කළ යුත්තේ ද මෙබැවිනි.මන්ද 2011 ලෝක කුසලානයේ අනුශූරයන් ලෙස පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමට අනුශූරයන් ලෙස දුන් ගෞරවය තරම් ගෞරවයක් අප මෙම ක්‍රීඩිකාවන්ට නොදුන්
බැවිනි.
එමෙන්ම වත්මන් ක්‍රීඩාව දෙස සාපේක්ෂව බලද්දී දැල්පන්දු ක්‍රීඩාව සඳහා
ලැබෙනා අනුග්‍රහය පවා ඉතා අව ප්‍රමාණයක පවතින අතර නව ක්‍රීඩා තරැ බිහිකිරීමේ
අටියෙන් ඇරඹෙන ප්‍රීමියර් ලීග් තරගවලට පවා මාධ්‍ය ආයතන විසින් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්
ලබාදෙන මෙවැනි මොහොතක ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියකට ඔවුන් කෙසේ නම් ප්‍රතිචාර
දක්වන්නේදැයි යන්න අපි කෙසේ විශ්වාස කරමුද?
එමෙන්ම වරින් වර ක්‍රීඩා තරැ(සනත් ජයසූරිය,මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා
ජයසිංහ ආදීන්) බිහිකළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක් වන
තර්ජනී වෙනුවෙන් අප කෙතරම් සහයෝගයක් ලබා දුන්නේ ද යන්න අප යළි යළිත් විමසා බැලිය යුතුය. මන්ද ලොව
උසම ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු වන ඇය,දකුණු ආසියාවේ උසම ක්‍රීඩිකාවයි. එනිසා ප්‍රේක්ෂකයන්
ලෙස අප ඇයට ලබා දුන් ස්ථානය කුමක්ද ආදිය පිළිබඳ අප යළි යළිත් සළකා බැලිය යුතුය.
එනිසා අවසන අපි මෙසේ සටහනක් තබනට කැමැත්තෙමු.
“කොල්ලෝ විදිහට අපි කෙල්ලොන්ට දෙන සපෝර්ට් එක නං මදි මචං. ඒක නිසා අපි ආතල්
එකට වගේ එක නෙට්බෝල් මැච් එකකට හරි සෙට් වෙමු ද? “
No comments:
Post a Comment