Friday, July 5, 2013

ඇඩිල් ගැන 2013/09/09



මෑත කාලයේදී අතිශයින් ජනප්‍රියත්වයට පත් පොප් ගායිකාවක ලෙස ඇඩිලි(Adele) හඳුන්වාදිය හැකිය. මේ වසරේ පැවැති සම්මාන උළෙල ගණනාවකදීම සම්මාන පිට සම්මාන දිනා ගත් ඇය, තම ගීත තුනක් තුළින් බිල්බෝර්ඩ් 200 ලැයිස්තුවේ අංක එකට ගෙන ආ ප්‍රථම ගායිකාවක ලෙස වාර්තා පොත් අතරට එක් වූ ගායිකාවකි. ගායිකාවක, ගී පද රචිකාවියක,සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සංගීතය සංයෝජනය කරන්නියක වන ඇඩිලි පිළිබඳ තබනා කෙටි සටහනකි මේ.

1988 වසරේ මැයි මස 05 වැනිදා එංගලන්තයේ උතුරැ ලන්ඩනයේ ටොට්න්හම්හිදි උපත ලද ඇඩිලි ලෝරි බ්ලූ ඇඩ්කින්ස්ගේ දෙමාපියන් වන්නේ එංගලන්ත ජාතික පෙනී ඇඩ්කින්ස් සහ වේල්ස ජාතික මාක් එවන්ස්ය.ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ස්පයිස් ගර්ල්ස්හි ගායිකාවන් සඳහා ඇලුම් කළ ඇඩිලි,හය හතර දන්නා කාලයේ පටන් ස්පයිසි ගර්ල්ස් කණ්ඩායමේ ගීත ගායනා කරමින් ඔවුන්ගේ ශෛලිය අනුගමනය කරන්නට වූවාය. ඇය කෙසේ ඔවුන් අනුගමනය කළේ ද යත් ඇය පසුකාලීනව පැවසුවේ ස්පයිසි ගර්ල්ස් කණ්ඩායම ගීත නොගයන්නට ඇඩිලි නමින් ගායිකාවක බිහිනොවන බවයි.

එහෙත් ඇඩිලිගේ ජීවිතය වෙනස් කළේ ඇගේ සමකාලීනයෛකු වන පින්ක්ය(ඇලෙසියා බෙත් මුවර්).එය 2002 වර්ෂයේදී බ්‍රික්සන් ඇකඩමිහි පැවැති පින්ක් විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංගයකි.

“මං හිතන්නේ පින්ක්ගේ සංගීත ප්‍රසංගය දකින කොට මට අවුරැදු දහතුනක් නැත්නම් දහ හතරක් වෙන්න ඇති.මම ඒ වගේ සජීවි සංගීත ප්‍රසංගයක් කවදාවත් දැකලා නැහැ. විශේෂයෙන්ම ඇගේ සජීවි කටහඬ මාව කුල්මත් කළා.එය තමයි මාව සංගීත ක්ෂේත්‍රයට කැඳවූයේ.” ඇය මේ පිළිබඳ සිහිගැන්වූයේ එසේයි.

2006 වසරේ මැයි මසදී BRIT දෘශ්‍ය හා කලා පීඨයෙන් උපාධිධාරිනියක ලෙස පිට වූ පසු ඇඩිලි සිය සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ ද එසේයි.ඒ අනුව මාස හතරකට පසු ඇඩිලි තම ප්‍රථම ගීත ද්විත්වය ප්‍රකාශයට පත් කළ අතර ඒ සඳහා ඉදිරිපත්වූයේ PlatformsMagazine වෙඩ් අඩවියයි.ඉන්පසුව ඇය එම ගීත ද්විත්වය ඇතුළුව ගීත තුනක් පටිගත කිරීම සඳහා ඇගේ යහළුවකු සමග වර්ජින් රෙකෝඩ් ආයතනයට ගිය අතර MySpace හරහා පිටවූ එම ගීත ත්‍රිත්වයම අතිශයින් සාර්ථක වූයේ ඇගේ සංගීත දිවිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකරලමිනි. ඇය තම මිතුරියක මාර්ගයෙන් ජනප්‍රිය රොක් ගායකයෙකු වන ‍ජැමී ටී වෙත පැමිණීයේ ඉන්පසුවයි. ඒ අනුව ඇඩිලිගේ සංගීත දිවිය ආරම්භ කිරීම සඳහා නික් හගට්ගේ XL සමාගම ඉදිරිපත් වූ අතර ඇඩිලි සහ XL අතර ගිවිසුමක් අත්සන් තැබිණ.ඒ 2006 වසරේ සැප්තැම්බර් මසදීය. මේ අනුව ඇඩිලි තම නිල කුළුඳුල් ගීතය ලෙස යුග ගායනයක් සඳහා එක් වූ අතර ඇගේ ගායකයා බවට පත්වූයේ ජනප්‍රිය පොප් සහ රොක් ගායකයකු වන ජැක් පෙනාටේයි.ඇගේ කටහඬ එක් වූ කුළුඳුල් සංගීත ඇල්බමය බවට පත්වුයේ My Yvonne ය.ඇගේ නමින් නිකුත් වූ කුළුඳුල් සංගීත ඇල්බමය නිකුත් වූයේ 19 නමිනි. ඒ 2007 වසරේදීය.ඇඩිලි යන නාමය ලොවට ගෙන ගිය ගීතය වන Hometown Glory ගීතය ඇතුළත් වූයේ ද එම ඇල්බමයේයි. මෙහිදී 19 යන නමින් මෙම ඇල්බමය හඳුන්වාලීමට ද විශේෂ හේතුවක් විණ. එනම් එය නිර්මාණය වූයේ ඇයට වයස අවුරැදු දහනවයක් වූ මොහොතේදී වීමයි.ඇය ඒ වෙනුවෙන් 2010 වසරේ පැවැති ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳ පොප් ගායිකාවට හිමි සම්මානය සඳහා ද නිර්දේශ වූවාය. ඉන්පසුව අතිසාර්ථක ඒක පුද්ගල ගීත ප්‍රසංග මාලාවක් ආරම්භ කළ ඇඩිලිට තම ප්‍රථම සම්මානයට ළඟා වීමට වැඩි කාලයක් ගත වුයේ නැත.එනම් ඇය 2008 වසරේ පැවැති BRIT සම්මාන ප්‍රදානෝත්සවයේදී අංක එකේ නැගී එන ගායිකාවට හිමි රසික විචාර සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර මර්කරි සම්මානය සඳහා ද Q සම්මාන උළෙල සඳහා ද නිර්දේශ වූ අතර උර්බාන් සම්මාන උළෙලේදී Best Jazz Act ගීතය වෙනුවෙන් ය.   
2010 වසරේ අප්‍රේල් මස ඇය විසින් ගැයූ My Same ගීතය ජර්මන් ගීත දර්ශකයට ද ඇතුළත් වීමට තරම් භාග්‍යවත් වූ අතර සැප්තැම්බර් මස ඇය නිකුත් කළ The X Factor ගීතයේ ඇඩිලිගේ අනුවාදය ද අතිශයින් ජනප්‍රිය විය.(මෙය බොබ් ඩයිලන්ගේ ගීතයකි).  එම කාලයේදී ම ඇය නිකුත් කළ Make You Feel My Love ගීතය ද ඒ වාගේම ජනප්‍රියත්වය පත් අතර එය කෙටි කලකින්ම එංගලන්ත ගීත දර්ශකයේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් විය.ඇය 2010 වසර අගදී වසරේ සුවිශේෂි කලාකාරිනියට හිමි CMT සම්මානය දිනා ගත්තේ ද එබැවිනි. මෙම සම්මානය සඳහා ආසන්නතම හේතුව බවට පත්වූයේ ඩාරියස් රකර් සමග ගායනා කළ Lady Antebellum ගේ "Need You Now" යුග ගීතයයි.

කෙසේ වෙතත් 2011 වසර මුලදී එනම් ජනවාරියේදී ඇඩිලි තම දෙවැනි සංගීත ඇල්බමය වශයෙන් 21 නිකුත් කළ අතර එහි වූ ප්‍රධානතම සුවිශේෂිත්වයන් අතර පොප්,රොක් ශෛලියේ ගීත,ශාස්ත්‍රීය ශෛලියේ ගීත මෙන්ම ජන ගීත ද ඊට ඇතුළත් ව තිබීම කැපී පෙනේ. ඇඩිලි නාමය ලොව තුළ තවදුරටත් සනාථ කිරීමට සමත් වූ මෙම ඇල්බමය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් එය රටවල් 26ක අංක එකේ සංගීත ඇල්බමය බවට පත් වූ අතර එය උපයා ගත් දළ ආදායම දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක් වශයෙනි.මෙය එංගලන්ත වාර්තාවක් වන අතර විසි එක්වන සියවසේදී එංගලන්ත ගායකයෙකු/ගායිකාවක විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන තුන ඉක්මවූ ප්‍රථම ඇල්බමය ලෙස වාර්තා අතරට එක් වේ. කෙසේ නමුත් එහි ඇතුළත්ව තිබූ Someone Like You  ඒ අතරින් රසිකයාගේ භාවාතීශ අවුසන සුළු ගීතය බවට පත්වූයේ ඇය එම ගීතය ඉදිරිපත්කළ අති විශිෂ්ට ආකාරය හේතුවෙනි. 

කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මස නිවේදනයක් නිකුත් කරමින් ඇඩිලි පවසා සිටියේ තම තෙවැනි සංගීත ඇල්බමය නිකුත් කිරීමට සැළකිය යුතු කාලයක් ගත විය හැකි බවත්, එය ඇතැම් විට වසර තුනක් හෝ හතරක් විය හැකි බවත්ය.
මීට වසර කිහිපයකට උඩදී ඇඩිලි හා පෙමින් බැඳුණු සීමන් කොනකි ඇගේ පෙම්වවතා වන අතර ඇඩිලි දැනට ගැබිණියක වන නමුත් මේ යුවළ තවමත් විවාහ වී නොසිටීම රසිකයන්ගේ අවධානයට ලක් වී ඇත.

මාලන් විදානපතිරණ
marlonwidanapathirana@gmail.com

No comments:

Post a Comment