දෙවියන් වහන්සේ මට හුඟක් ඉවසීම පුරැදු කරලා තියෙනවා
-
බොලිවුඩ් නළු
ශර්මන් ජෝශි
මාලන් ගෝවින්ද
(ෆිල්ම්ෆෙයාර් සඟරාව
ඇසුරිනි)
ඔබට 3 Idiots චිත්‍රපටයේ රාජු මතකද ? ඒ
චිත්‍රපටයේ මිථ්‍යා විශ්වාසවල එල්ලීගෙන හිටියේ මෙයා තමයි. තමන්ව ඉංජිනේරැ පාසැලෙන්
ඉවත් කිරීම දරා ගැනීමට බැරිව විදුහල්පතිගේ කාමරයෙන් පහළට පැන්නේත් රාජු තමයි.දැන්
නම් ඔයගොල්ලන්ට මතක ඇති. ඒත් පස්සේ මේ රාජු රස්තෝගි දක්ෂ ඉංජිනේරැවරයෙක් බවට
පත්වුණා.ඒ රුන්චෝදාස් (අමීර් ඛාන්) නිසයි. කොහොම වුණත් ඒ රුන්චෝදාස්ව ඊට කලිනුත්
රාජුට හම්බවුණා. ඒ රන්ග් දේ බසන්ති චිත්‍රපටයේදි. ඒ සුකි චරිතය රඟපානකොට. හැබැයි
එදා ඒ සුකි එක්ක රඟපෑවේ ඩල්ජීට්(අමීර් ඛාන්).ඒත් මේ පුද්ගලයා මුලින්ම සිනමාවට
පැමිණෙන්නේ “‘Style* චිත්‍රපටයෙන්. ඒක තමයි ඔහුගේ සිනමා ජිවිතයේ හතරමං හන්දිය. ඉන්පස්සේ
තමයි ඔය Metro,3 Idiots,රන් දේ බසන්ති වගේ චිත්‍රපටවලින් හිට් වුණේ. ඒත් ඔහු ප්‍රධාන චරිතය
නිරෑපණය කළ චිත්‍රපටයක් හිට් වුණේ පසුගිය සතියේ. ඒ තමයි ෆෙරාරි කි සවාරි චිත්‍රපටය.
මේක විදූ විනෝද් චොප්රාගේ නිෂ්පාදනයක්.රාජේස් මපුස්කාර් කියලා අලුත් අධ්‍යක්ෂවරයෙක්
තමයි මේක අධ්‍යක්ෂණයෙ කරලා තියෙන්නේ.හැබැයි දැනටමත් මේක ඉන්දීය රැපියල් කෝටි 45කට
ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒත් මේක ප්‍රදර්ශනය ආරම්භ කළේත් පහුගිය 15 වැනිදා. මේකේ
ප්‍රධාන චරිතය නිරෑපණය කරන මේ නළුවා වෙන කවුරැවත් නෙමෙයි. රාජු රස්තෝගි හෙවත් සුකී
හෙවත් ෂර්මන් ජෝශි. අද අපි සමග කතාබහට එක්වන්නේ ඔහුයි.

ඕක මට නිතර ඇහෙන
කතාවක්. මමත් දන්නවා මිනිස්සු මොනවද කතා කරන්නේ කියලා. ඔවුන් හිතන්නේ දැන් මම ළමයි
තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා ඒ වගකීම් එක්ක බොලිවුඩයේ දක්ෂ නළුවෙක් බැහැයි
කියලයි.මොකද දැන් මට අවුරැදු 34ක්. හැබැයි රාජ් කුමාර් හිරානි,විදූ විනෝද් චොප්රායි වගේ විචාරකයෝ නම් කියන්නේ තාම මගේ හොඳ කාලේ ආවේ
නැහැ කියලයි.ඒත් මට නම් මම වැඩ කරන කාලේ තමයි හොඳම.මොකද මම වැඩ කරන්නේ මගේ ක්‍රමයකට
මගේ සැලසුමකට අනුව.ඒ නිසා මට තාමචත් සාර්ථක වෙන්න තරම් කාලයක් තියෙනවා.එහෙමයි මම
හිතන්නේ. ඒ නිසා කාගෙවත් කතා මට වැඩක් නැහැ. මම මගේ පාඩුවේ මගේ වැඩේ
කරනවා.උපරිමයෙන්ම කරනවා. කිසිදෙයක් අපිට නිකම් ලේසියෙන් ලැබෙන්නේ නැහැ.ඒ නිසා මම
නම් මගේ වෘත්තිය සිනමා ජිවිතය ගැන තෘප්තිමත්.
ඒත් මෙතෙක් ඔබට කතා බහ කිරීමට තරම් සුදුසු චරිතයක් ලැබිලා නැහැ. ඒ ගැන
දුකක් නැද්ද ?
කොහොමත්ම නැහැ. මම චිත්‍රපටයක
රඟපානකොට හිතන්නේ මගේ චරිතයට මම කොච්චර සාධාරණයක් ඉෂ්ට කළාද කියලයි.ඒ නිසා චිත්‍රපටය
වෙනුවෙන් මගේ දායකත්වය කොච්චරද කියන එකයි මට වැදගත් වෙන්නේ.ඒ නිසා මට මේ ආපු ගමන
හරිම දුෂ්කර ගමනක් වුණා.අනික මම තෝරා ගත්තේත් මට හොඳයි කියලා හිතෙන චිත්‍රපට
කීපයක් පමණයි. ඒ නිසා මට මේ ගමන අනික් අයට වඩා ටිකක් හෙමින් යන්න වෙන බවත් මම
දැනගෙන හිටියා.ඒ නිසා “ආ මග කෙටියි. යා යුතු මග දුරයි * කියලා තමයි මට කියන්න
තියෙන්නේ
වාසනාවට මට එහෙම
තත්ත්වයක් නැහැ.මම ඉතා සරලව තමයි මගේ පවුල ගැන හිතන්නේ. ඒත් ඒකෙන් කියන්නේ නැහැ,
මම වගකීමක් නැතුව වැඩ කරනවා කියලා.ඒත් මම පවුලේ රඟපාන චරිතය සහ චිත්‍රපටයේ රඟපාන
චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්. අනික මගේ සාර්ථක බව ගැන මගේ පවුලේ අය ප්‍රශ්න කරන්න
එන්නේ නැහැ. ඒක ලොකු දෙයක්.අනික මගේ පවුල හරිම සාමකාමී පවුලක්.සතුටුදායක පවුලක්.
ගෙදර ගියාම මූණු ඇඹුල් කර ගත්තු අය දකින්න ලැබෙන්නේ නැත්තේත් ඒ නිසයි.අනික දෙවියන්
වහන්සේ මට හුඟක් ඉවසීම පුරැදු කරලා තියෙනවා.ඒ නිසා දෙවියන් වහන්සේ ලබා දුන් ඒ
තෑග්ග සහ මගේ බිරිඳ ප්‍රෙර්නා උදව්ව නිසා මට මගේ ගමන යන්න ලේසි වෙලා තියෙනවා.
ඔබේ පවුලේ විස්තර
පොඩ්ඩක් මතක් කළොත් ?
ප්‍රීර්නායි මමයි අතර
තියෙන්නේ වසර ගණනාවක මිත්‍රත්වයක්.ඒ නිසා අපි බඳින්න කලින් ඉඳන්ම හොඳට ඇසුරැ කළා.
එකිනෙකා තේරැම් ගත්තා. ඒ නිසා මට එයාත් එක්ක වැඩ කරන එක හරිම ලේසියි. අපිට දැන්
ඉන්නවා නිවුන් දරැවෝ දෙන්නෙක්. එක්කෙනෙක් රෙහාන්. අනිත් එක්කෙනා වර්යන්. දුවගේ නම
ඛයානා. ඒත් දරැවෝ හින්දවත් අපි දෙන්නාගේ ආදරේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ.අපි
අදටත් ජිවත්වෙන්නේ සැමියයි බිරිඳයි වගේ නෙමෙයි. යාළුවෝ වගෙයි.ඒ නිසා යාළුවෝ වගේ
හිටියම කවදාවත් අපේ ආදරේ නැති කරන්න බැහැ කියලයි අපි විශ්වාස කරන්නේ.
ඔබේ අලුත්ම චිත්‍රපටය
වන ෆෙරාරි කේ සවාරි චිත්‍රපටය ගැන කතා කළොත් ?
මේ චිත්‍රපටයේ
රෑපගතකිරීම්වලට කලින් විනෝද් මට මේ ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඒ නිසා ඒ අතින්
මට වැඩ කරන්න ලැබුණු චිත්‍රපට අධ්‍යක්ෂවරැන් මට හරිම කරැණාවන්ත වුණා. ඒ ගැන මට
හරිම සතුටුයි. ඒ නිසා මම හෙමින් සීරැවේ මේකේ තිර පිටපත අධ්‍යයනය කළා.මොකද මම ඒ
වෙනකොටත් මේකට වචනයක් දීලා තිබ්බේ නැහැ. ඒත් මේක කියවගෙන යනකොට මෙහි එන රැසීගේ
චරිතය මටම නිර්මාණය කරපු චරිතයක් බව මට තේරැණා. අනික මේක වානිජමය චිත්‍රපටයක්.ඒ
නිසා ප්‍රධාන චරිතයක් හරහා ජනප්‍රිය වෙන්න හොඳම අවස්ථාව මේක කියලා මට පිටපත කියවලා
ඉවර වෙනකොටම මට දැනුණා.හැබැයි මමත් කැමැති නැහැ හැමදාමත් එකම විදිහේ චිත්‍රපටවල රඟපාන්න.මොකද
නළුවෙක් වුණාම ඕනැම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ.ඒ හින්දා සුපර්මෑන් කරන්න
කිව්වත් අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ.
ඒත් ඔබට දිගින් දිගටම
ලැබුණේ වානිජ චිත්‍රපට නේද ?
ඔව්. ඒක ඇත්ත. ඒත්
ගොල්මාල් වගේ චිත්‍රපට නොලැබුණාම නෙමෙයි.ඒත් ඒ වගේ චිත්‍රපට වැඩිය ලැබුණේ නැහැ. කොහොම
වුණත් මමත් කැමැති වානිජ සහ කලාත්මක චිත්‍රපට යන වර්ග දෙකේම රඟපාන්නයි. එතකොටයි
අපේ රංගන පරාසය පුළුල් වෙන්නේ.හැබැයි කලාත්මක චිත්‍රපට ගැන නම් මම කිව යුතු දෙයක්
තියෙනවා. කලාත්මක චිත්‍රපටයකට කෝටි 20ක මුදලක් යට කරලා කෝටි 40ක් වත් හොයාගන්න
බැරි නම් ඒ නිර්මාණයෙන් ඇති වැඩක් නැහැ.මොකද සිනමාව කියන්නේ කර්මාන්තයක්. ඒ නිසා
දුවන්න පුළුවන් චිත්‍රපට තමයි හැමවෙලේම හදන්න උත්සාහ කරන්නේ ඕනේ.
No comments:
Post a Comment