ආශ්චර්යයකින් එක පාරම හැමදේම බිහිවෙන්නේ නැහැ
-
ජගත් චමිල
සටහන හා ඡායාරෑප -
මාලන් විදානපතිරණ
මෑතකදී ශ්‍රී ලංකාවේ
තිරගත වීමට නියමිත “සැමීගේ කතාව* චිත්‍රපටය දැනටමත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී
ඇත.ඒ එහි ප්‍රධාන නළු ජගත් චමිල ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි සිනමා උලෙළේ හොඳම
නළුවන් අතරට නිර්දේශ වී සිටීම නිසාය. එනම් පුරහඳ කළුවර චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
ජෝ අබේවික්‍රම ආසියාවේ හොඳම නළුවා වූවාට පසුව මෙවැනි චිත්‍රපටයක් හරහා ජාත්‍යන්තර
තලයට ගියේ ජගත් චමිලය.වේදිකාව,ටෙලිනාට්‍යය මෙන්ම මේ වන විට සිනමාවද අතික්‍රමණය
කිරීමට සමත්ව ඇති ජගත්,ලබන මස 13 වැනිදා මෙම සිනමා උලෙළ වෙනුවෙන් නිව්යෝර්ක් බලා
පිටත්ව යාමටද නියමිතය.
“සැමීගේ කතාව කියන්නේ මීට
වසර කිහිපයකට පෙර ප්‍රියංකර විතානාරච්චි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.මීට පාදක වුණේ
කැප්ටන් එල්මෝ ජයවර්ධනගේ Sam's Story නම් ඉංග්‍රීසි නවකතාවක්.මීට
ග්‍රේෂන් සම්මානය පවා හිමි වුණා. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ”සැමී”
නැමැති
සැබෑ චරිතයක්. ඔහු ජීවත්වූණෙත් එල්මෝ
ජයවර්ධනගේ නිවසේමයි.ඔහු තවමත් ජීවතුන් අතර සිටින චරිතයක්. ඒ නිසා මම මේ චරිතය
සූදානම් කරගන්න පෙර ඇත්තම සැමී හමුවුණා.එල්මෝ ජයවර්ධන මහතාගේ අවසරය පිට ඔහු එක්ක
කතා කළා.“ ජගත් සිය හඬ අවදි කළේය.
ඇත්තටම සැමීගේ චරිතය කොයි වගේද ?
සැමී කියන්නේ සාමාන්‍ය
ජීවිතයේදී සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් චරිතයක්. ඔහුට සාමාන්‍ය මිනිසුන් එදිනෙදා
කරන දේවල් කරන්න බැහැ.වැඩක් කිව්වත් ඔහුට ඒක හරියට තේරැම් ගන්න බැහැ.අනික ඔහු
එච්චර හොඳ අධ්‍යාපනයක් ලැබූ කෙනෙකුත් නෙමෙයි.ඒ නිසා සංවේදීතාව බොහොම දුර්වල මට්ටමක
පවතින කෙනෙක් විදිහටයි සැමී හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි සැමී සහ මව අතර ඉතා
හොඳ සන්නිවේදනයක් තිබෙනවා.ඔහු මවට හුඟක් ආදරෙයි.හුඟක් සමීපයි.ඒ නිසා අම්මා විඳින
දුක ඔහුට වාවන්නේ නැතුව යනවා. ඔහු රුකියාවක් සොයා එන්නේ. ඒ නිසයි. ඒ අනුව ඔහු
සාමාන්‍ය සමාජයක අසාමාන්‍ය පුද්ගලයකු විදිහට නැගී සිටින්න වෙර දරනවා. ඒක තමයි චිත්‍රපටයේ
ප්‍රධාන කතා තේමාව. ඒත් “සැමීගේ කතාව* චිත්‍රපටයේ රඟන සැමී සහ සැබෑ සැමී අතර
සමානකම් වගේම අසමානකම් තිබෙනවා. මොකද රංගන ශිල්පියෙකු කියන්නේ නිර්මාණශීලි
පුද්ගලයෙක්ටයි. මේ නිසා ඔහුට පුළුවන් වෙන්න ඕනේ, ප්‍රාසාංගිකව චරිතයක් ඉදිරිපත්
කරන්න.ඒ වගේම නිර්මාණශීලී චරිත නිරෑපණයක යෙදෙන්න. ඒ නිසා අපි අධ්‍යක්ෂවරයා,වේෂ
නිරෑපණ ශිල්පියා ආදී ශිල්පීන් සමග මෙම චිත්‍රපටය ගැන කතා කළා.ඒ අනුව මෙම සිනමා
නිර්මාණය වත්මන් සිනමා ගලා යන ක්‍රමයට සම්පූර්ණයෙන්ම වෙනස් වූ චිත්‍රපටයක්.
ඔබ මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට නිර්දේශ වීම අපිට ලොකු සතුටක්. ඒත් මේ වන
විට බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ ඔබ ලොව හොඳම නළුවන් අතරට එක්වුණා කියලයි. ඒක
ඇත්තක්ද ?
ඒක වරදවා වටහා
ගැනීමක්.මමත් දැක්කා සමහර වෙබ් අඩවිවල එවැනි සිරස්තල යොදා තිබෙනවා. ඒත් මම නිර්දේශ
වුණේ ඇමෙරිකාවේ පවත්නා එක් සිනමා සම්මාන උලෙළක එක් අංශයක හොඳම නළුවා සම්මානයට
පමණයි. ඒ නිසා මට ලොව හොඳම නළුවා සම්මානය ලබා ගැනීමට නම් හුඟක් කැපවීම් කළ යුතුයි.ඒත්
මගේ රංගනය හොලිවුඩය නියෝජනය කිරීමට තරම් පොහොසත් මට්ටමක පැවතීම ගැන නම් මම
අතිශයින් සතුටට පත්වෙනවා.
ලාංකීය සිනමාවේ වෘත්තිය නළු නිළියන් නැහැ. ඒ නිසා ඔබත් තුන් ඉරියව්වෙන්ම
කැපී පෙනෙන රංගන ශිල්පියෙක් බවට පත් වෙලා. මෙවැනි වාතාවරණයක් යටතේ සැමී වැනි
චරිතයක් ගොඩනගන්නේ කොහොමද ?
මම සැමීගේ චරිතය
ගොඩනගන්න මට අවශ්‍ය උපරිම කාලය ලබා ගත්තා. පෙර වැඩ කළා. වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍යවල
රඟපෑවත් ඒවා නිසි ලෙස කළමණාකරණය කරගත්තා.අනික අපිට හැමදාම තිබෙන්නේ සීමිත සම්පත්. ඒ
වගේම සීමිත කාලයක්.එවැනි ක්‍රමයකින් තමයි අපි සාර්ථකත්වය කරා ගියේ. නැතුව සියලු දේ
අංග සම්පූර්ණ වුණු තැනක ජයග්‍රහණයක් ගැන මම නම් අහලා නැහැ. දැකලාත් නැහැ.
ඒත් ඔබ චිත්‍රපටයක රැපගත කිරීමක් ඇතුළත වෙනත් ටෙලිනාට්‍යයක් හෝ වේදිකා නාට්‍යයක
දර්ශනයක් සඳහා ගියොත් චිත්‍රපටයේ චරිතයට සිදුකරන්නේ අසාධාරණයක් නේද ?
මටත් වෘත්තිය සිනමා
නළුවෙක් වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒත් එවැනි තත්ත්වයක් අපේ රටේ නැහැ. ඒක
අපි හැමෝම දන්නවා.ඒ වගේම සියලුම දෙයින් පරිපූර්ණ චිත්‍රපට කර්මාන්තයක්
ආශ්චර්යයකින් එක පාරම බිහිවෙන්නේ නැහැ. ඒකත් අපි දැන ගත යුතුයි. මොකද ඒකට විශාල
කාලයක් ඕනේ.ඒකට අපිට කොච්චර කාලයක් ගත වේවිද කියලා කියන්නත් බැහැ. ඒ නිසා අපි කළ
යුත්තේ කාටවත් ඇඟිල්ල දික් කරන එක නෙමෙයි.ගලා යන ක්‍රමයට අනුව හැඩ ගැසීමයි.ඊට
අනුකූලව ජයග්‍රහණයකට මාර්ගය සලසා ගැනීමයි.ඒකයි වැදගත් වෙන්නේ.හැබැයි රඟපෑම කියන්නේ
පොදු දෙයක්.අනික මම ආරම්භයේ සිටම වේදිකාවේ සිටි කෙනෙක්. ඒ හින්දා මම වේදිකාව තුළම
විවිධ හැදෑරීම් කළා. විවිධ පර්යේෂණ කළා.ගවේෂණය කළා. දැනුම ඇති අයත් සමග රංගනය ගැන
කතා කළා. අලුත් දැනුම සමගින් යාවත්කාලීන වුණා.දැනටත් එහෙමයි. ඒ නිසා මම වෘත්තියමය
නළුවෙකු විදිහිට හැම වෙලාවකම ඊට සාධාරණයක් ඉෂ්ට කළ කරනවා.වගකීමෙන් ක්‍රියා කරනවා.
අද බොහෝ දෙනෙක් පවතින සමාජ ක්‍රමය පිළිබඳව කතා කරනවා.ඔබත් එහෙමයි.සමහරැ ඊට
දොස් පවරනවා. ඒත් කිසිවෙක් මේවාට පිළියම් යෙදීමක් ගැන කතා කරන්නේ නැහැ ?
සමාජ ක්‍රමය කියන්නේ
එක්කෙනෙක් නෙමෙයි. ඒකට සමස්ත සමාජයම අයත්.අනික මේ ක්‍රමය වෙනස් කරන්න නම්
විප්ලවයක් කළ යුතුයිලු. එහෙමත් සමහරැ කියනවා.ඒත් භෞතික විප්ලවයකින් මේ ප්‍රශ්න
විසඳෙන්නේ නැහැ. ඒ නිසා සිදුකරනවා නම් කළ යුත්තේ අධ්‍යාත්මික (ආකල්පමය) විප්ලවයක්.
ඒකයි මගේ අදහස.මොකද අද සෑම වෘත්තියක් තුළම වාරණයක් ඇති වෙලා. සෘජුව අදහස් පළ කිරීමේ
නිදහස නැතිවෙලා.එහෙම සෘජුව අදහස් පළ කළොත් හෙට දවස අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. ඒත්
මෙවැනි මොහොතක නිර්මාණකරැවාට විශාල කාර්යභාර්යයක් තියෙනවා. ඔහු/ඇය දන්නවා තමාවත්
රුකගෙන අවශ්‍ය කරණම ගහන්න.එතැනයි සැබෑ ජයග්‍රහණය තිබෙන්නේ.එතැනයි චමත්කාරය
තිබෙන්නේ. නැතුව පවතින ක්‍රමය වෙනස් වන තුරැ හෝ පවතින ක්‍රමය වෙනස් කරන තුරැ බලා
සිටීමේ තේරැමක් නැහැ. ඒකයි මම තමන්ට අවශ්‍ය දේ පවතින සමාජ ක්‍රමයෙන්ම දිනා ගත
යුතුයි කියලා කිව්වේ.මොකද ඒක හීන ලෝකවල අතරමං වෙනවාට වඩා ප්‍රයෝජනයි.
No comments:
Post a Comment