Saturday, July 6, 2013

බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග සේද කතන්දරේ එළිදැක්වීමේ උත්සවය ගැන කතාබහක් - 2012/0/15 (GO Magazine)



සටහන - මාලන් විදානපතිරණ

ඡායාරෑප - ඉසුරැ පෙරේරා

පාරිභෝගිකයන්ට ලක්ස් බොඩිවොෂ් හඳුන්වාදීමේ අරමුණින් නිර්මාණය කෙරැණු සංගීතමය රෑප රචනය (Music Video) වන සේද කතන්දරේ එළිදැක්වීමේ උත්සවය පසුගිය 12 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. ලක්ස් බොඩිවොෂ්හි ප්‍රධාන අලෙවි ප්‍රවර්ධකවරියක ලෙස මෙන්ම ප්‍රධාන නිර්මාණ දායකත්වය ලබාදුන් මිස් ශ්‍රී ලංකා කිරැළු පළන් ජැකලින් ෆර්නැන්ඩස් (ප්‍රධාන නිරෑපිකාව), සංඛ දිනෙත් (ගායනය) සහ  යුනිලිවර් සමාගම නියෝජනය කරමින් නුවන් විද්‍යාපති ,ශර්මිලා බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී මූලික වශයෙන් කතාබහ කෙරැණේ අදාළ සංගීතමය රෑප රචනය සම්බන්ධවයි.
මේ සඳහා අප හා පළමුව එක්වූයේ යුනිලිවර් සමාගමේ නුවන් විද්‍යාපති මහතාය.

“ලක්ස් වෙළඳ නාමය යටතේ හිටි හැටියේ මේ වගේ මියුසික් වීඩියෝ එකක් කිරීම ගැන පාරිභෝගිකයන්ටත් ප්‍රශ්නයක් ඇති.ඒත් මීට හේතුවුණේ මේ වෙළඳ නාමය සඳහා ලොව පුරා පවතින අධික ඉල්ලුමයි.ඒත් මෙවැනි දෙයක් කිරීමට මූලිකවම හේතුවුණේ ලක්ස් බොඩිවොෂ් යන්න වඩා නිර්මාණාත්මකව පාරිභෝකයා වෙත ගෙන යාමයි.මෙය තරැණ තරැණියන් ඉලක්ක කර ගත් නිෂ්පාදනයක්.ඒ නිසා ඔවුන් අතරට මෙය ගෙන යා හැකි හොඳම මාධ්‍ය ලෙස මියුසික් වීඩියෝ කලාව හඳුන්වා දෙන්න පුළුවන්.“

“ ඒත් මෙය නිර්මාණය කිරීමේදී අප අන්තර්ජාතික සහයෝගිතාවය වර්ධනය කර ගැනීමටත් බලාපොරොත්තු වූණා. ඒ නිසා තමයි අප මේ සඳහා ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් යොදා ගත්තේ.ඒ නිසා තමයි මෙහි නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ මුම්බායි නුවර චිත්‍රපට රෑගත කිරීම් සිදුකරන ස්ථානයන්(Film City) යොදා ගත්තේ. මෙහි ප්‍රධාන රෑප රචකයාත් ඉන්දියානු ජාතිකයෙක් (සුමිත් දත්).ඔහු තමයි සල්මාන් ඛාන්ගේ බොහෝ චිත්‍රපටවල ගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම මෙහි සංගීත නිර්මාණ කටයුතු සිදුකළේ ප්‍රවීණ සංගීතවේදී රංග දසනායක විසින්.මොකද රංග දසනායක කියන්නේ ජාත්‍යන්තරව පවා සම්මාන දිනූ සංගීතඥයෙක්.මෙහි ගී පද නිහාල් චාමිකගෙන්. ඒ වගේම අපි සේද කතන්දරේ නිර්මාණය කිරීම සඳහා රැපියල් ලක්ෂ 300කට ආසන්න මුදලක් වැය කළා. මං හිතන්නේ මීට කලින් මියුසික් වීඩියෝ එකක් වෙනුවෙන් මේ තරම් මුදලක් වැය කරලා නැහැ. ඒ වගේම රෑගත කිරීම් සඳහා Film City යොදා ගත්තේත් පළමු වතාවටයි.කොහොම වුණත් අපි මේ සඳහා භාවිතා කළේ ඩිජිටල් තාක්ෂණය. ඒ වගේම මෙහි සම්පූර්ණ රෑගත කිරීම් සඳහා අපට වැය වුණේ දින තුනක් පමණයි. මේ නිසා අපි පසුගිය ඉරිදා මෙය අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව ඔබට දැන් මෙය “යූ ටියුබ්“ සහ “ෆේස්බුක් “ හරහා නරඹන්න පුළුවන්.“

එහෙත් මෙවැනි අධික මුදලක් වැය කරමින් මෙවැනි නිර්මාණ කටයුතු ඉන්දීය සමාගමකට පැවරැවේ ඇයිද යන්න ගැටලු සහගතය. ඒ කෙසේ ද යත් ශ්‍රී ලාංකිකයන් සතුව දක්ෂ නිර්මාණ ශිල්පීන් නොමැති බව මෙමගින් හැඟෙන බැවිනි.

“අපිට ලංකාවේ දක්ෂයන් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒත් ප්‍රශ්නය වෙන්නේ ‍මෙවැනි  ඉහළ තත්ත්වයේ නිර්මාණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් තිබෙනවා ද යන්නයි. මොකද ලංකාවේ සිටින අතිදක්ෂයන්ට මෙවැනි ඉහළ මට්ටමේ වීඩියෝවක් කරනවා නම් අපිත් කැමතියි, එය ලංකාවේ නිර්මාණකරැවන්ට ලබාදෙන්න.අනික ජාත්‍යන්තර වශයෙන් පවා සම්මාන දිනූ අධ්‍යක්ෂවරැන් ලංකාවේත් සිටිනවා.ඒත් සමස්තයක් වශයෙන් අපට අවශ්‍ය ප්‍රතිඵලයට යා හැකි නිෂ්පාදන සමාගමක් ලංකාවේ නැහැ.ඒ නිසයි අපි පොදුවේ සමස්ත නිර්මාණයම ඉන්දියාවට භාර කළේ.“ඒ විද්‍යාපති මහතා ඊට දුන් පිළිතුරයි.


බොලිවුඩයේ ශ්‍රී ලාංකීය නියෝජනය වන ජැක්ලින් ෆර්නැන්ඩස් අප හා එක් වූයේ ඉන්පසුවයි.අපි ඇය සමගත් සුහද කතාබහක නිරත වූවෙමු.

කාලෙකට පස්සේ නේද ලංකාවේ වැඩකට සම්බන්ධ වෙන්නේ ? විශේෂයෙන්ම මියුසික් වීඩියෝවකට ?

ඔව්. කාලයක් තිස්සේ බොලිවුඩ් චිත්‍රපටවල රඟපාපු මට,මේ වගේ නිර්මාණයකට සහභාගී වෙන්න ලැබීම ලොකු සතුටක්. ඒ නිසා මම මේ කාර්යය ලැබුණාට පස්සේ මේක මොකක්ද කියන එක පැහැදිලි කර ගන්න හුඟාක් මහන්සි ගත්තා. විශේෂයෙන්ම මියුසික් වීඩියෝවක්, චිත්‍රපටයකින් වෙන්වෙන්නේ කොහොමද කියන එක ගැන අපි සෑහෙන්න සාකච්ඡා කළා.“
දැන් ඉතින් මියුසික් වීඩියෝවකටත් සම්බන්ධ වෙච්ච එකේ,කැමැති නැද්ද ලංකාවේ ෆිල්ම් එකක රඟපාන්න ?

“ මොකද නැත්තේ. මං එහෙම ආරාධනාවක් කළොත්, අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.හැබැයි ඉතින් මට චිත්‍රපටය ගැන පැහැදිලි විස්තරයක් ඕනේ. ඒ වගේම මගේ අවශ්‍යතාවය ගැනත් පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ නිසා ඒ කොන්දේසිය පිට මම ඕනෑම ශ්‍රී ලාංකික චිත්‍රපටයක රඟපෑමට ඉතා ආසාවෙන් බලා සිටිනවා.“

ඔයා ෆිල්ම්වලට සම්බන්ධවෙන්නේ ඇලඩින් චිත්‍රපටයෙන්. ඉන්පස්සේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් එක්ක කරට කර තරග කළා. ඒත් ශ්‍රී ලාංකික නිළියක ලෙස හින්දි භාෂාව උගෙනීමත්, එහි වදන්වල හැඟීම් ප්‍රේක්ෂකයන්ට එලෙසින්ම දැනවීමත් හරිම අමාරැයිනේ. මේක ඔයාට චැලේන්ජ් එකක් නෙමෙයිද ?

“ මට මිස් ශ්‍රී ලංකා සම්මානය ලැබුණායින් පස්සේ මුහුණ දෙන්න වුණු පළමු අභියෝගය තමයි හින්දි භාෂාව උගෙනීම. ඒත් මට දැන් හිතෙනවා මම ඒ අභියෝගය ජයගෙන තියෙනවා කියලා.ඒ මගේ උත්සාහය නිසායි.කැපවීම නිසායි. මොකද මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට බොලිවුඩයේ නමක් දිනා ගැනීම සඳහා හුඟාක් මහන්සි වුණා. ඒ වගේම මම මෙහිදී තව දෙයක් කිව යුතුයි. ඒ තමයි මේ සාර්ථකත්වය සඳහා මට බොලිවුඩ් නළු නිළියන් හුඟාක් උදව් උපකාර කළ බව. ඔවුන් හරිම කරැණාවන්තයි. ඒ නිසා ඔවුන් හැමවෙලාවකම මා සමග සිටියා.මගේ වැරුදි අඩුපාඩු පෙන්නලා දුන්නා.“

අඩුපාඩු කොහොම වෙතත් දැන් එහෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හොයාගෙන කියලායි අපිට නම් ආරංචි වුණේ ?

කව්ද කිව්වේ ? අපොයි නැහැ.ඒත් මේවා කොහෙන් හොයාගන්නවද මන්දා.(ඇය සිනාසුණාය.) කොහොම වුණත් මම තාම තනිකඩයි. ඒ නිසා මගෙන් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන අහන එකේ තේරැමක් නැහැ.(ඇය යළිත් වරක් මහ හඬින් සිනාසුණාය.)
ජැක්ලින් ඔයා ඇක්ට් කරන්න පටන් ගන්නකොට කාව හරි අනුගමනය කළා ද?
ඔව්. හැබැයි මම අනුගමනය කළේ නැහැ.ඔවුන්ගේ ආභාසය ලැබුවා විතරයි.ඒත් මට ඒ කව්ද කියලා එක්කෙනෙක් නම් කරන්න අමාරැයි. ඒත් මම වැඩියෙන්ම ආදරේ කරන නළුවා කව්ද කියලා ඇහුවොත් නම් ඒකට මට හොඳ උත්තරයක් දෙන්න තිබ්බා.

ඒ මොකක්ද ?

අමිතාබ් බච්චන් .ඔහු තමයි මගේ වීරයා. ඔහු තමයි මගේ කැමැතිම නළුවා.මොකද බච්චන් කියන්නේ ඉන්දියාවෙන් පහළ වූ සුපිරි ගණයේ නළුවෙක්. ඒ නිසා ඒ වගේ නළුවෙක් එක්ක එකට වැඩ කරන්න ලැබීමම මට ලොකු වාසනාවක්.“

ඒ නිසාද අමිතාබ් බච්චන් ඉන්න ෆිල්ම්වලම රඟපාන්නේ ?

එහෙම එකක් නැහැ.ඒ ඔයගොල්ලන්ට පෙනෙන හැටි. ඒත් මෙතෙක් රඟපෑ චිත්‍රපටවලින් හුඟාක් ෆිල්ම්වල බච්චන් එක්ක රඟපාන්න ලැබුණා.ඒක මගේ හීනයක් සැබෑ වීමක්.  
මේ අතර සේද කතන්දරේ නිර්මාණය කිරීම සඳහා දායක වූ ගායන ශිල්පී සංඛ දිනෙත් ද මේ කතාබහට එක්වූයේය. මේ ඔහු මෙම රෑප රචනය දැක්වූ ආකල්පයයි.

“කෙළින්ම කිව්වොත් මේ ගීතය මට ඉතා අභියෝගාත්මක වුණා. ඒ නිසා මට මෙහි තිබෙන ඇතැම් කොටස් පිළිබඳව රංගත් එක්ක හුඟාක් වෙලා සාකච්ඡා කරන්න සිදුවුණා. 
 විශේෂයෙන් ම ස්වර උස් පහත් කිරීම් කළ යුතු තැන් පිළිබඳ අපි දීර්ඝව සාකච්ඡා කළා.ඒ නිසා සමහර තැන් අපිට වෙනස් කරන්නත් සිදුවුණා. ඉන්පසුවයි මේ ගීතය නිර්මාණය වුණේ.ඒත් මගේ ගීතයකට ජැක්ලීන් වගේ කෙනෙක් සහභාගී වීම ගැන මම ඊටත් වඩා සතුටු වෙනවා.“
  

No comments:

Post a Comment