පාසැල් අධ්‍යාපනයේදී ප්‍රමුඛතාවය
ලබාදිය යුත්තේ ප්‍රායෝගික අධ්‍යාපනය සඳහායි.
සටහන - මාලන් විදානපතිරණ
ඡායාරෑප - ඉසුරැ පෙරේරා
ගුරැවරියකට තම වසර තිස් හතක් වූ ගුරැ ජීවිතය පුරා එකම පාසැලක ඉගැන්වීමට
හැකි වේ නම් එය කෙතරම් භාග්‍යයක්ද ? විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලකදී
එවන් හපන්කමක් කිරීමට හැකි වේ එම ගුරැවරිය පින්වන්තියකි. චින්තා ආරියසේන මහත්මිය
එවන් ගුරැවරියකි. පසුගිය අගෝස්තුවේදී සිය ගුරැ ජීවිතයට සමුදුන් ඇය, 2004 වසරේ සිට
කොළඹ නාලන්දා විද්‍යාලයේ සහකාර විදුහල්පතිනියක (විද්‍යා අංශය) ලෙස ද කටයුතු කළ
ආචාර්යවරියකි.විදුහල්පතිවරැන් ගණනාවක් යටතේ සිසුන් ගණනාවකගේ නැණ පහන් දැල්වූ
එතුමිය, තම විෂය පථය ලෙස තෝරා ගත්තේ ජීව විද්‍යාවයි. එනිසා ඇය ශ්‍රී ලාංකීය වෛද්‍ය
ක්ෂේත්‍රය වෙනුවෙන් වෛද්‍යවරැන් ගණනාවක් දායාද කළ ගුරැ මවක් සේ හැඳින්වූව ද වරදක්
නොමැත. එනිසා එතුමියට උපහාරයක් වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (20) කොළඹ නාලන්දා
විද්‍යාලයේදී උපහාර උළෙලක් ද පැවැත්විණ. මේ ඒ නිමිත්තෙන් එතුමිය සමග කළ සොඳුරැ
කතාබහක සටහනකි.
මෙතරම් සාර්ථක ගුරැ මවක්
වූ ඔබගේ අතීතය පිළිබඳ සිහිපත් කළොත් ?
මම උසස් පෙළ දක්වා මගේ මූලික අධ්‍යාපන හැදෑරෑවේ කොළඹ විශාකා විද්‍යාලයෙන්.
උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන්.ඒ වගේම මගේ
උපාධිය අවසන් කළේ 1975 මාර්තුවල.ඒ කාලේ ගුරැ පත්වීමක් ලබන්න, උපාධිය සමත් වීම
අනිවාර්ය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මට උපාධිය හදාරන කාලයේදීම ගුරැ පත්වීම
ලැබුණා.හැබැයි ඒක ලැබිලා තිබුණේ හලාවත ප්‍රදේශයේ පාසැලක් සඳහායි.ඒ නිසා මට
සිදුවුණේ ගෙදර නවතින්න. මොකද හලාවත යන්න අපේ දෙමාපියන් මට ඉඩ දුන්නේ නැහැ. මේ
අතරෙදී තමයි මට නාලන්දා විද්‍යාලයෙන් තාවකාලික ගුරැ පත්වීමක් ලැබෙන්නේ. එය රසවත්
කතාවක්. මොකද ඒ කාලේ මගේ මල්ලී (නීතිඥ රංජිත් සුවඳරත්න) නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.
ඒ වගේම එකල නාලන්දා විද්‍යාලයේ විදුහල්පති සුගතදාස අතුකෝරාළ මහත්මයා අපේ පවුලේ
සමීපතමයෙක්. මොකද අපේ සහෝදරයන් හතරදෙනෙකුම ඉගෙන ගත්තේ නාලන්දා විද්‍යාලයෙන්. ඒ
නිසා දවසක් එතුමා මල්ලිගෙන් අහලා තියෙනවා, අක්කා දැන් මොකද කරන්නේ කියලා. ඒ අනුව තමයි
එතුමා මට සුළු වැටුපක් එක්ක නාලන්දා විද්‍යාලයේ උගන්වන්න එන්න කියා ආරාධනා කළේ.
එදා මට වැටුප් ගෙව්වේ පාසැල් සංවර්ධන කමිටුව හරහායි.කොහොම වුණත් මට වැඩි දවසක්
තාවකාලික ගුරැවරියක ලෙස සේවය කරන්න ලැබුණේ නැහැ. මොකද අතුකෝරාළ මහතා නිසා ඒ වසරේ
සැප්තැම්බර් මාසයේදීම මගේ රුකියාව ස්ථිර වුණා. එදා තමයි මම මගේ ගුරැ ජීවිතයට
අත්පොත් තැබුවේ.
ඔබ වසර ගණනාවක් තිස්සේ
නොයෙකුත් ආකාරයේ සිසුන් සමග ගනුදෙනු කළ ගුරැ මවක්.එනිසා මුල්කාලීන සිසුවා හා
සංසන්දනාත්මකව බැලීමේදී වත්මන් සිසුවාගේ
ජීවිතය වඩා සංකීර්ණ ස්වභාවයක් ගෙන ඇති බව ඔබ දුටුවේ නැද්ද ?
නැහැ.ළමයා ඒ දවස්වලත් දඟයි අදත් දඟයි. ඒත් ඒ දඟකාරකම තුළ තිබුණේ හරිම
අහිංසක දඟකාරකමක්. ඒ නිසා මම හැම ළමයෙකුට සැළකුවේ මගේම පුතෙකුට වගේයි.මම ඔවුන්ගේ
ප්‍රශ්න ගැන සොයා බැලුවෙත් ඒ ආකාරයෙන්. අනික මටත් ඉන්නේ පුත්තු දෙන්නෙක් නිසා
ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ මට සෑහෙන්න වැටහීමක් තිබුණා.ඒ නිසා ඔවුන් උසස් පෙළට
පැමිණෙනකොට හැසිරෙන ආකාරය කොයි වගේද යන්න පිළිබඳ මට දළ අදහසක් තිබුණා. එනිසා මම
මවක් වශයෙන් උත්සාහ කළේ,මගේ දරැවකුට මෙවන් ප්‍රශ්නයක් ආවොත් මම කරන්නේ මොකක්ද යන
ආකල්පයෙන් දරැවා දෙස බැලීමටයි.එනිසා මම හැම තිස්සෙම උත්සාහ කළේ ළමයා බේරා
ගැනීමටයි.ළමයා සාධාරණිකරණය කිරීමටයි.එනිසා මට සමහර වෙලාවට දොස් අහන්නත් සිදුවුණා.
ඒත් ළමයා සාධාරණ නම්, මම හැම තිස්සේම ළමයා සමග සිටියා. කොහොම වුණත් අද ළමයා එදාටත්
වඩා ප්‍රශ්න තිබෙන බව නම් ඇත්ත.ඒත් ඊට මූලිකව හේතුවෙලා
තිබෙන්නේ බාහිර පන්තියි.
ඒත් පාසැල් සිසුවා හා
කේන්ද්‍රගත වූ බාහිර පන්ති සංස්කෘතියක් ගොඩනැගෙන්නේ ඉතා මෑත කාලයකිදියි. අනික මෙසේ
උප සංස්කෘතියක් ගොඩනැගෙන්නට හේතු වී තිබෙන්නේ, පාසැල තුළ නිසි පරිදි ඉගැන්වීම්
කටයුතු සිදුනොවීම බවයි අපට පෙනෙන්නේ ?
නැහැ. මම එය පිළිගන්නේ නැහැ.මොකද නාලන්දාව තුළ එය ඉටුවන බව මම හොඳාකාරවම දන්නවා.මොකද අපි උදෑසන පවා අතිරේක පන්ති ක්‍රියාත්මක කරමින් දරැවන්ට උගැන්වීම් කටයුතු සිදුකළා. ඒ නිසා මම හිතන විදිහට දිගටම පාසැල් පැමිණී සිසුවා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒත් මෙතැන ප්‍රශ්නේ තිබෙන්නේ උසස් පෙළ පවතින දැඩි තරගකාරිත්වයයි.ඒ නිසා තමයි මෙවැනි සංස්කෘති නිර්මාණය වෙන්නේ.අද මෙය දරැණු ලෙස වර්ධනය වෙලා තිබෙනවා.ඒත් මම ඉගැන්වූ මුල් භාගයේදී මෙවැනි ප්‍රවණතාවයක් දක්නට ලැබුණේ නැහැ. ඒ නිසා මගෙන් ඉගෙන ගත්, උපකාරක පන්ති නොගිය විශේෂඥ වෛද්‍යවරැන් ගණනාවක්ම (සුගත් ගුණසේකර, උදය රණවක ආදීන්) අද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල සිටිනවා.ඒත් මම එයින් කියන්නේ නැහැ බාහිර පන්ති යන්න එපාය කියලා. මොකද මම කියන්නේ මේ දෙකම අවශ්‍යයි කියලායි. ඒ නිසා මෙවැනි ප්‍රශ්න මතුවන්නේ, ගුරැවරයා විසින් දරැවාගේ විශ්වාසය ගොඩනගා නොගැනීම නිසා බවයි මගේ නම් අදහස.
වත්මන් අධ්‍යාපනය තුළ
උසස්පෙළින් සමත් වන සියලුම දරැවන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා
උසස්පෙළ හදාරන ළමයා, ගිරවෙකු නොව යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කළ යුතුයි නේද ?
පැහැදිලිවම ඔව්. මම ජීව විද්‍යාව වැනි සංකීර්ණ විෂයක් ඉගැන්නුවත්,ඒ තුළින්
පවා උත්සාහ කරන්නේ ගුණ දහමින් පිරි පුරවැසියෙකු නිර්මාණය කිරීමටයි. ඒ සඳහා තමයි
අපි ළමයින් සමග සුහදත්වයෙන් කටයුතු කරන්නේ. ම හිතන්නේ එය තමයි අපේ වගකීම. ඒ වගේම
ළමයාට බිය සැක හැර ගුරැවරයා සමග කතා කිරීමට හැකි වාතාවරණයක් ගුරැවරයා විසින්ම
ඇතිකර ගත යුතුයි. නැතුව විෂය කරැණු පමණක් උගන්වන කෙනෙකු අපට,ගුරැවරයකු ලෙස
හඳුන්වන්න බැහැ. ඒ නිසා ගුරැවරයාගේ යුතුකම වෙන්නේ දක්ෂ ළමයාව ගොඩගැනීම
නෙමෙයි.දුර්වල ළමයාව දක්ෂයකු කිරීමයි.මේ නිසා ගුරැවරයා මනින එක් ප්‍රධාන මිණුම්
දණ්ඩක් විදිහටත් මෙය හඳුන්වාදෙන්න පුළුවන්. පළමුකොට අපි දරැවාට සුබවාදි
බලාපොරොත්තු ඇතිකළ යුත්තේත් මේ නිසායි. පළමුකොට අපි දරැවාගේ මනස සකස් කළ යුත්තේත්
මේ නිසයි.අපි මීට අවුරැදු හතරකට පහකට පෙර දුර්වලම පන්තියක් සකස් කළේත් ඒ නිසාමයි.
ඒ පන්තියේ ජීව විද්‍යාව ඉගැන්වීම මම භාර ගත්තේත් ඒ නිසාමයි.ඒ ගැන අද මම අතිශයින්
සතුටට පත්වෙනවා.මොකද ඒ පන්තියේ කවුරැවත් අසමත් නොවෙන්න වග බලා ගන්න අපට පුළුවන්
වුණා. ඒ නිසාම අද ඔවුන්ගෙන් සමහරැ ඉහළ තැන්වලත් සිටිනවා.
ඒත් වත්මන් අධ්‍යාපනය තුළ
උගන්වන දේ හැරෙන්නට ඒ පිළිබඳව තාර්කිකව සිතන, නිර්මාණශීලීව සිතන දරැවන් දැක ගන්නට
නැහැ. ඔවුන්ට එසේ සිතන්නට කාලයකුත් නැහැ. ?
ඔව්. ඒක ඇත්ත. මොකදඅද පවතින තරගකාරී අධ්‍යාපන
රටාව නිසා ළමයාට නිදහසේ සිතන්න පතන්න තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරී ගොස් තිබෙනවා. මේ
නිසා තමයි මම නාලන්දා විද්‍යලයෙන් ඊට සුදුසම ක්‍රමවේදයක් අනුගමනය කළේ. උසස් පෙළට
පැමිණෙන සෑම ළමයෙකුම, තමන්ගේ පළමුවැනි අවුරැද්දෙදි සෞන්දර්ය,සාහිත්‍යය, සංගම්, ක්‍රීඩා
ආදියට යොමුවිය යුතු බවට මම උපදෙස් දුන්නේත් ඒ නිසයි. ඒ වගේම මාසෙකට සැරයක් ළමයින්ගේ
සෞන්දර්යාත්මක හැකියාවන්, සාහිත්‍යමය හැකියාවන්,පෞරැෂය වර්ධනය කරන වැඩපිළිවෙළකුත්
අපි ආරම්භ කළේ ඒ නිසයි. මම හිතනවා
ඒවා සාර්ථක වුණා කියලා. මොකද අපේ අරමුණ වෙන්නේත් සමබර පුද්ගලයකු නිර්මාණය කිරීමයි.
ඒවා සාර්ථක වුණා කියලා. මොකද අපේ අරමුණ වෙන්නේත් සමබර පුද්ගලයකු නිර්මාණය කිරීමයි.
කෙසේ වෙතත් ජීවිතය යනු
විභාග පමණක්ය කියලා මතයක් ගොඩනැගී තිබෙනවා. ඒත් ජපානයේ සෑම පුද්ගලයකුම උපාධියක්
ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රිය
අධ්‍යාපනයක්.ඒත් ශ්‍රී ලංකාව තුළ මෙවැනි වාතාවරණයක් සකස් වී නැහැ ?
නැහැ.එහෙමම කියන්න බැහැ.මොකද වර්තමාන අධ්‍යාපනය දැන් දැන් ශිෂ්‍ය කේන්ද්‍රියක්
අධ්‍යාපනයක් බවට පත් කරමින් පවතිනවා. ඒත් මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ එය ප්‍රායෝගිකව
හරිහැටි ඉටු නොවීමයි.මීට අපේ රට සතු සම්පත්වල අඩු බව ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ
නිසා විධිමත් ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් සකස් කිරීම සඳහා අපට යම් කාලයක් ගත
වේවි. උදාහරණයක් විදිහට 2000 වසරේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය ආරම්භ කෙරැණේ
ශිෂ්‍ය කේන්ද්‍රීය ආකාරයටයි. ඒත් ළමයින්ට විෂය පිළිබඳ සටහන් නොමැති වීම නිසා පසුව
මේ ගැන මහාචාර්යවරැන් දොස් කිව්වා. මොකද ඔවුන් කිව්වේ මේ නිසා පැය තුනක ප්‍රශ්න
පත්‍රයක් සඳහා වාඩිවන දරැවාට මේ හරහා අවශ්‍ය දැනුම නොලැබෙන බවයි.ඒත් විදේශ විභාග
ක්‍රම ගැන සළකා බැලුවොත් ඒවායේ ප්‍රමුඛතාවය ලබාදෙන්නේ ප්‍රායෝගික අධ්‍යාපනය
සඳහායි.
එසේ නම් වත්මන් අධ්‍යාපනය
සකස් විය යුත්තේත් ප්‍රායෝගික භාවිතයන්ට මුල්තැන දෙන ආකාරයෙන් නේද ?
සහතික ඇත්ත. මොකද අද පවතින විෂය නිර්දේෂවල අනවශ්‍ය කොටස් හුඟාක් වැඩියි.ඒ
නිසා ළමයා වගේම ගුරැවරයාත් විශාල පීඩනයකට පත්වෙලා තිබෙනවා.ඒ නිසා උසස් පෙළ හදාරන
සිසුවාට සිද්ධාන්තමය කරැණුවලට වඩා ප්‍රායෝගික කරැණු ඉගෙනීමට වැඩි අවස්ථාවක්
ලබාදෙනවා නම් එය ඉතා වටිනවා. විශේෂයෙන්ම ඒ කාලේ තිබුණ වගේ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමවේදය
අපට යළිත් ආරම්භ කරන්න පුළුවන් නම් එය ඉතා වැදගත්. එවිටයි උසස් පෙළ අධ්‍යාපනය
ඵලදායි වෙන්නේ. එවිටයි උසස් පෙළින් ලබාගන්නා දැනුම ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ.
No comments:
Post a Comment