පිස්සු
දර්ශන අංක 01
හිස් පසුතලයකි ඇස් බැ`ද ඇති තරුණියක් කෑ ගසමින් වේදිකාවට එයිx ඇය ව ඇදගෙන එන්නේ පාතාලේ මිනිසුන්යx
සමන්මලී - මාව අතඇරපල්ලාxxxxxxxxxxxxxxxxxxxකවුරුත් නැද්දෝxxxxxxxx අනේ බේරගනියෝxxxxxxxxxxxxxxxxxxxxxx
පාතාල 1 - කෑ ගහන්න එපා යෝදියේx අපි උඹව මරන්නේ නෑ
සමන්මලී - එහෙනං?
පාතාල 2 අපිට මංතී‍්‍රතුමා කිව්වා උඹට හො`දට සළකන්නෙයි කියලාx
සමන්මලී එහෙනං මරන්නේ නැද්ද ? ( බලාපොරොත්තු සුන් වී මෙන් *
පාතාල 2 නෑ
සමන්මලී එතකොට මරන්නේ නෑ ? (පේ්රක්ෂකාගාරය දෙසට හැරී* අපරාදේ කෑ ගැහුවේ
පාතාල 1 කිව්වනේ සැරයක් මරන්නේ නැහැ කියලා හැබැයි වැඩිය දැ`ගලූවොත් නං උඹ ව මෙතන ම මරලා කෑලි කපලාxxxxxxxxxxxxxxxxxxxx (කියන්නට ඉඩ නොදී*
සමන්මලී අන්න ආයේ කිව්වා මරනවා කියලාx අනේ බේරගනියෝ මෙන්න මරනවෝ අනේ බේරගනියෝ
පාතාල 3 (කට වසයි* උඹ දන්නවද අපි කව්ද කියලා ?
සමන්මලී දැන ගන්නේ කොහොමද ඇස් දෙක වහලා තිබ්බමx (අත ගායි* හැබැයි අත් දෙකක් තියෙනවා නහයක් තියෙනවා කටක් තියෙනවා කකුල් දෙකක් තියෙනවා පේන විදිහට නම් මිනිස්සු
පාතාල 1 අපි මංත්‍රීතුමාගේ බොඩිගාඞ්ලා දැන ගනින්
සමන්මලී අර අපේ පොට් එක කිට්ටුව ඉන්නේ ඔයගොල්ලෝද ? අනේ ඔයගොල්ලෝ මාව බලන්න ආවද ? කොච්චර හො`දද අනේ ඉතින් ඉතින් දැන් මොකද කරන්නේ (අත අතගායිx* මාව ලිහුවොත් බඞ්ඩක් දෙනවාx ලිප්ස්ටික් ගාණ දුන්නම ඇති.
පාතාල 1 (කට ලෙව කමින් ළං වී* මොනවාද ? දෙනවකෝ
( ඇගේ මුහුණ ට මුහුණ ළං කරයිx එවිට ම අනෙක් පාතාල සාමාජිකයා ඔහු ව අදියිx*
පාතාල 2 මේකිට නං ඔල්මාදෙද කොහෙදx ඔන්න ඔහෙ ලිහපං බං
සමන්මලී නෑ
පාතාල 1
(ලිහමින්* මොනවද නැත්තේ ? (පේ්රක්ෂකගාරය දෙස බලමින්* නෑලූ ? (ලිහයිx ඇය ක්ෂණයෙන් පැන යන්නට උත්සාහ කරයිx එහෙත් ඊට අනෙකුන් ඉඩ නොදෙයිx ඇයව අල්ලාගෙන ම තරුණිය දැක* පිස්සු හැදෙන ස`ද කිව්වලූx ඒ මේ බලපංකෝ අපි මෙච්චර වෙලා කතා කර කර ඉ`දලා තියෙන්නේ සුරංගනාවියක් එක්කනේx හිතුවක්කාරිx බලපංකෝ මේකිගේ ලස්සන ආව් අප්පාx උඹ අර අපේ මැඩම්ගේ කෙල්ලෙක් නේද? (තරුණියගේ සිරුර අත පත ගායි* සො`දුරිය දෙන්න පි‍්‍රයේ දෑතට ඔය දෑතxxxxxxxxxxxx(ගීතය ගායනා කරයි*
සමන්මලී යනවා ඕයි යන්නx මෙතන මෙච්චර වෙලා අල්ලන් ඉ`දලා ඉ`දලා දැන් ආයේ දෑතක් ඉල්ලනවා (යළිත් පැන යන්නට උත්සාහ කරයිx*
පාතාල 1 මාර කෑල්ලක්නේ බං මේකි
සමන්මලී මාව අත ඇරපල්ලාකෝx මට යන්න දීපල්ලා
පාතාල 2 හිටපං මං කියන්න මැඩම්ට උඹ අපේ මංතී්රතුමාගේ ඇගේ එල්ලෙන්න හැදුවා කියලා
සමන්මලී අනේ කියන තැනකට ව`දින්නං බුදු අයියේ මැඩම්ට නං කියන්න එපාx බුදු අම්මෝxxxxxx
පාතාල 1 එහෙනං කියපං එල්ලෙන්න ආවේ ඇයි කියලා ?
සමන්මලී - මං එල්ලෙන්න ආව එකක් නෑx එයානේ හැමදාම මාව හොයාගෙන එන්නේx ඇයි අපිට එහෙම එල්ලෙන්න බැරිද? (අනෙකුන් ඇගේ බෙල්ලෙන් අල්ලයි*
පාතාල 2 මොකක්ද යකෝ උඹ කිව්වේ ?
සමන්මලී අපි ඔයිට වඩා සල්ලිකාරයොන්ව ආශ්‍රය කරලා තියෙනවාx වැඩක් නෑ එකම ග`ද තමයිx
පාතාල 1 මොකක්ද මංතී්රතුමාගෙන් එන ග`දx මංතී‍්‍රතුමා හැමදාම සෙන්ට් නාලානේ කාරෙකට නගින්නේx යන්නේ ඒ සී එකෙන්x එතුමා යන යන තැන මොකක් හරි සත් ක්‍රියාවක් කරලා තමයි යන්නේx
සමන්මලී (පේ්රක්ෂකාගාරය දෙසට හැරී රහසින්* ඒක නම් ඇත්ත
පතාල 2 මොනවද උඹ රහසින් කියන්නේ ? කියනවා නම් කියපං හයියෙන් ඇයි එදා මංත්‍රීතුමාගේ ඇෙ`ග් එල්ලෙන්න හැදුවේ
සමන්මලී හයියෙන් ද කියන්න ඕනේ ?
පාතාල 1 ඔව් හයියෙන්
සමන්මලී හයියෙන් ?
පාතාල 2 ඔව් දැන් කිව්වනේ එක සැරයක්
සමන්මලී මංත්‍රීතුමා ටxxxxx
පාතාල 1 ඉතින් ? ( ළං වී*
සමන්මලී ඊයේ ?
පාතාල 2 කියපංකෝ ඉතින් තටමන්නේ නැතුව
සමන්මලී (ඉතා වේගයෙන්* මංත්‍රිතුමා ?
පාතාල 1 - ඉතින්
සමන්මලි - ඊයේ අපේ දිහා එයාගේ යට ඇඳුම දාලා ගිහිල්ලා (මහ හ`ඩින් සිනාසෙයි*
පාතාල 1
පරට්ටි. උඹ මොකෙක් ද යකෝ ඒ වගේ උත්තමයෙකුට අපහාස කරන්නx හරිහමන් ගෑණියෙක් විදිහට ද උඹ ඔය හැසිරෙන්නේ ? උඹ කරන්න පුළුවන් හැම වනචර වැඩක් ම කරලා ඉවරයිx උඹට මොකක්ද තියෙන අයිතිය එහෙම කතා කරන්න ? උඹලා තමයි යකෝ අපේ රට නින්දාවට පත් කරන්නේx
සමන්මලී
ඔව් ගෑණු එක අබ ඇටේක වැරැුද්දක් කළත් උඹලාට ඒක මහමෙරක්x ඒත් උඹලා ? මංතිරියගේ කටු ලෙව කකා
පාතාල 1 මොකක්ද යකෝ කිව්වේ ? මේකිට මට මැරෙන්න ගහන්න හිතයි (ගහන්න සැරසෙයිx එහෙත් අනෙකුන් ඔහුව නවතයිx*
සමන්මලී
උඹලා කා වෙනුවෙන් ද මාව කුදලගෙන යන්න හදන්නේ ? උඹලා හිතං ඉන්නේ උඹල මහ ලොකු ලොක්කෝ කියලා ද ? උඹලගේ ලොක්කන්ට පුළුවන් හාල්මැස්සෝ අල්ලන්න විතරයිx උඹලට පේන්නෙත් හාල්මැස්සෝ විතරමයිx තල්මහෙක් දැක්ක ම උඹලගේ ඇස් පොට්ට වෙනවා ඒ උඹලට හැටි
පාතාල 2
මේකි කොහෙද යන පිස්සියක් ද කොහෙද බංx මේකිට මොනවා හරි වුණොත් අපේ රස්සාවයි ගහලා යන්නේx පොඞ්ඩක් හිටපංx පොඞ්ඩක් හිටපන්
පාතාල 1 උඹේ නම මොකක්ද
සමන්මලී - පොඩිකාලේ සමන්මලී දැන් ෂෝට් කරලා තියෙන්නේ සමනලී කියලා
පාතාල 1 සමන්මලී ?
පාතාල 2 සමනලී ?
පාතාල 3 හරි ලස්සන නමක්නේග කව්ද බං උඹට ඔය නම දැම්මේ ?
සමන්මලී - අපේ අම්මා ඇයි මොකද ?
පාතාල 1 - අම්මා සිල් ගන්නෙහෙම නැද්ද ?
සමන්මලී - හැම පෝයට ම සිල් ගන්නවා
පාතාල 1 පුහ් මේකිගෙ අම්මා ගමේ සිල් ගන්නවාලූx බලපංකෝ මේකි කරන දේවල් ?
සමන්මලී
තමුසෙලාට ඒකෙන් වැඩක් නෑනේx උඹලට මං කොහොම සල්ලි හම්බ කළාම මොකද ? නැතුව උඹලද මගේ නංගිටයි මල්ලිටයි උගන්නන්නේ ? (නැගිටින්නට සැරසෙයි*
පාතාල 1
කව්ද දැන් උඹට නැගිටින්න කිව්වේ ? දණ ගහපිය (මවා ගත් කෝපයකින් * තොගේ අම්මා පන්සලට යන්නේ දේවාල ව`දින්න ද යකෝ ?
සමන්මලී
අපේ අම්මා එහා ගෙදර නැන්දත් එක්ක ගිහින් හැම පෝයකටම සිල් ගන්නවා. නිදි කිරා වැටි වැටී හරි බණ ටික නොවැරදීම අහනවා. අනේ මනුස්සයාගේ සිල්. ඒ මනුස්සයා හරියට බත් වේලක් කන්නේ එදාට විතරයි
පාතාල 2 ඉතින් අම්මා ඇවිල්ලා උඹට බණ කියන්නේ නැද්ද ?
සමන්මලී
බණ ? අපෝ නෑ හැමදාම ඉතින් එකම බණනේ කොහොමත්x ඔය කිව්ව හැටියට මෙලහකටත් අපේ එවුන් තුන් හතර වතාවක් නිවන් දකින්න ඕනෑ
පාතාල 1
නිවන් දකින්න හරි උඹත් අම්මත් එක්ක බණ ඇහුවා නං ඉවරයිනේ. එහෙනං අද උඹ අපිට අහුවෙන්නේත් නෑනේ. අනේ උඹ වගේ පිස්සියක්. බලපංකෝ ඒකට අපේ මංතී‍්‍රතුමා. කොච්චර හො`ද ද ? හැම පෝයටම පන්සල් එනවා
සමන්මලී - කව්ද ?
පාතාල 1 - අපේ මංතී්රතුමානේ
සමන්මලී - ඔව් ඉතින් නැතුව බෑනේ
පාතාල 1 - මොකක්ද නැතුව බැරි ?
සමන්මලී – (පේ‍්‍රක්ෂකාගාරයට හැරී * පන්සලට ආවේ නැත්නං ඡුන්ද ටික කැඩෙනවනේ
පාතාල 1 - මරණ ගෙයක් වුණා ම උඹල ව බලන්න මුලින් ම එන්නේ කව් ද?
සමන්මලී - මළ ගෙදරට නං........... කලින් ම එන්නෙ මල් ශාලාකාරයා (නැගිටිමින්* දැන් මං අයියගෙන් ප්‍රශ්නයක් අහන්නද ? අපේ පාර කැඩිල කිව්වහම කලින් ම එන්නේ කව්ද ?
(පාතාල සාමාජිකයන් සිය මුහුණට මුහුණ බලයි*
පාතාල 2 - කව්ද ?
සමන්මලී - ආපෝ ඒකවත් දන්නේ නැහැ. මුලින්ම එන්නේ කොන්ත්රාත්කාරයා.
පාතාල 2 - ඒ මොකටද ?
සමන්මලී - පාරෙන් කීයක් ගහගන්න පුළුවන් ද බලන්නනේ
පාතාල 1 - ගහනවා දැන ගනින් මේකෙන්ම මැරෙන්න
සමන්මලී - මගේ බුදු සුදු අයියේ දැන්වත් මං නැගිටින්න ද?
පාතාල 1 - මේකිට ඔල්මාදෙ ද කොහෙද බං
සමන්මලී - ඕකම තමයි මාත් මේ කල්පනා කළේ
පාතාල 1 මොකක්?
සමන්මලී –
ඔල්මාදෙද කියලා ? (ශෝකී මුහුණුවරින් පේ්රක්ෂකාගරය දෙස බලමින්* එක පිරිමියෙක් හරි ඉන්නවා නං මට මෙහෙම ගහයි ඈ
පාතාල 1 (පයින් පහරක් ගසමින්* මූ නම් අමු පිස්සියක් ම තමයි බං ? මංතී‍්‍රතුමා කිව්ව කතාව හරි. මේකිට මොළේ පරීක්ෂාවක් කරන්න වෙයි. ඒක මංතී‍්‍රතුමා කරපු තැනින් ම කරන්න කියමුx මේකිව අරන් යමු
සමන්මලී
අනේ මට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ අයියේ. බොරුනං අපේ අම්මාගෙන් අහන්න. අනේ මාව දැන්වත් අතඅරින්නකෝ අතඅරිනවකෝ මට කොහෙවත් යන්න ඕනේ නෑ
පාතාල 2
පලයං මෙතනින් මගේ දෑහට නොපෙනී. ( පිරිස ඇය ව ඇදගෙන යයි* මේකිව තව ටිකක් වෙලා තියං හිටියොත් අපිටත් පිස්සු හැදෙනවා. අපි මංතී්රතුමාට කියමු මේකි පිස්සියක් කියලා ඒකයි ඇෙ`ග් එල්ලෙන්න හැදුවේ කියලා.
පාතාල 1
ඔව් අපි අද නෙමේ හෙට අපි මේකිව කුදලගෙන පිස්සං කොටුවට ගෙනියමු. මන්ත්‍රීතුමා කිව්ව කිව්වම මැඩම් මේකිව දෙයි. (දෙපසට විසිරී යයිx ඒ යන ගමන්*
පාතාල 2 අඩෝ කුමාර උඹ අර කුඩු පැකට් ටික පැටෙව්වද ලොරියට?
පාතාල 1 ඔව් සර්
පාතාල 2 - කොහොමද පැටේවවේ ?
පාතාල 1 තේ පැකට් විදිහට ඔතලා සර්
පාතාල 2 - එතකොට අරක්කු ටික ?
පාතාල 1 බෝතල් පහක් ලොරියේ වෙනම තිබ්බා සර්x
පාතාල 2 - ඒ මොකටද?
පාතාල 1 පොලිස්කාරයන් ව ෂේප් කරගන්නත් එපායැ සර් ?
පාතාල 2
වැඬේගාණට කරපං හොඳේ නැත්නම් මටයි මස්තබාල්දි පෙරළෙන්නේx දන්නවනේ ඇමතිතුමාගේ හැටි
දර්ශන අංක 02
එළිමහනේ බංකුවක් තිබේ එහි සිටින එක් අයෙක් හිස් පර්ස් එකක් හොරෙන් හොරෙන් අදියි. එහි විශාල සල්ලි ගොඩක් ඇතැයි සිතා එකින් එක අදියි. තවත් අයෙක් කෝං පිට්ටු හදයි. තව තැනැත්තියක් තනිවම කියවයි. ඇය සිය පෙම්වතාට ළ`ග හිදින පරිද්දෙන් ආදර බස් දොඩයි.
ඒ අතර සෙල්ලම් කෝච්චියක් ද යයි
පකිස්තානය,උස්බෙසික්තානය, බලූකිස්තානය, කිරිකිස්තානය, ශී‍්‍ර ලංකාව ශී‍්‍ර ලංකාව ශී‍්‍ර ලංකාව. ඔය පස්සේ දොරෙන් ඉස්සරහට එන්නකෝ ඔතන හිර කරන් ඉන්නේ නැතුව. ලංකාවේ මිනිස්සු නගින්නේ කොහොමද තේරෙන්නේ නැද්ද ඔයාට ?
(එය දුටු බංකුවේ අය කොක් හඬලා සිනාසෙයි.*
බංකුවේ සිටින 1 - පිස්සු
බංකුවේ සිටින 2 - පිස්සු
බංකුවේ සිටින 3 - පිස්සු
සමන්මලී - මාව අතඇරපල්ලා. මට යන්න දීපල්ලා. (සමන්මලීගේ ඇස් බැ`ද ඇත.* අනේ කොහෙද මේ මාව එක්කන් ආවේ. අයියෝ
(ඇස් ලිහා පාතාල පිරිස නික්ම යයිx සමන්මලී ව දකින පිරිස යළිත් මහ හයියෙන් සිනාසෙයි.*
මොකද උඹලා මට හිනා වෙන්නේ ?
බංකුවේ සිටින අය - පිස්සියක්
පිස්සියක්
පිස්සියක්
සමන් - පිස්සු මට නෙමේ බොලව්. උඹලටයි පිස්සු
එක් පිස්සෙක් - අලූත් පිස්සියක්
මට ඇති පිස්සුවක් නෑ (කේන්තියෙන් වටපිට බලයිx එවිට පොතක කුමක්දෝ ලියමින් සැරෙන් සැරේ වට පිට බලයිx විටින් විට පොත හංගයිx * අන්න අරුන්ටයි පිස්සු කියන්නේ
පත්තරකාරයා - ( ඔහු එය දැක* මට ද පිස්සු කිව්වේx
සමන්මලී ඔව් ඇයි ?
පත්තරකාරයා - මට ඇති පිස්සුවක් නෑ හලෝ
සමන්මලී එහෙනම් හැංගී හැංගී ලියන්නේ මොකද ?
(නිශ්ශබ්ද වෙයි ශබ්දයක් ඇසෙන අයුරින් අසා සිටියි* ( සමන්මලී දෙස බලයිx ඉන්පසු හිස් අවකාශයක් දෙසට හැරී පොලිසියට යැයි සිතා* පොලිිසියෙන් නේද ? අනේ බුදු මහත්තයෝ මම කිසිම නීතිවිරෝධි දෙයක් ලිව්වේ නෑ අනේ ඇත්තමයිx මම ලිව්වෙම ප්රශස්ති විතරමයිx මට මුකුත් කරන්න එපා දෙයියනේ
සමන්මලී - (සිනාසෙමින්* කවුරුවත් නෑ. කවුරුවත් නෑ. බයවෙන්න එපා. ඔයාට නම් හො`දටම පිස්සු වගේ
පත්තරකාරයා ඔයා මට පිස්සු කියනවා නම් අන්න අරයාට මොනවා නොකියයිද?
සමන්මලී කාටද ?
පත්තරකාරයා - අන්න අරයාටx (කාන්තාවක් පෙන්වයි* බලන්නකෝ පොඞ්ඩක් කතා කරලාx
සමන්මලී - (ඇය එම කාන්තාව වෙත යයි * අන්න අරයා කියනවා ඔයාට පිස්සු කියලාx
කාන්තාව ඔව් මම දන්නවා ඒකx එයා ඊයෙත් ආවානේ මාත් එක්ක වාද කරන්න ? ඒකයි
සමන්මලී ඒ මොකටද ?
කාන්තාව ඌ ජාතීවාදය අවුස්සනවා එක එක මනස්ගාත පත්තරවල දාලාx ඒකයි මෙහෙ ගෙනැල්ලා දාලා තියෙන්නේ
සමන්මලී මොනවාද ඔය ජාතිවාදය අවුස්සන මනස්ගාත ?
කාන්තාව ඒකා පත්තරවලට දානවා මේ රටේ හැමෝම ජීවත් වෙන්න ඕනේ කියලාx ඒකා කියන විදිහට අපිට ආගමක්වත් ජාතියක්වත් ඕනේ නැතිලූx අපිට මිනිස්සු විදිහට හො`දට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඇතිලූx අපිට දැන් ජන සංස්කෘතියක් නැතිලූx ඔක්කොම කවලම් වෙලාලූ තියෙන්නේ (පත්තරකාරයා එනු දුටු විට* ආපෝ ඕන්න ආපහු එනවා
පත්තරකාරයා
(එය අසා සිටි පත්තරකාරයා පැමිණ* ඔව් ඒක එහෙම තමයි අපි ඔක්කොමල්ලා අච්චාරුවක් වෙලා ඉන්නේx මෙයා මේ ජන සංස්කෘතියක් ගැන කතා කරනවාx හැබැයි අ`දින්නේ ඩෙනිම් කලිසම්, ගවුම්x ඔච්චර ආදරේ නම් ඇන්`දම ඉවරයිනේ රෙද්දයි හැට්ටෙයිx ඔහොම හොයාගෙන ගියොත් පිරිමි අපේ ජාතික ඇ`දුම විදිහට ඉතුරු වෙන්නේ අමුඬේ තමයිx ඔය රට ජාතිය සුරකිනවා, තිතට මත තියෙනවා කිය කිය කෑ ගහන්නේ එන් ජී ඕ කාරයොන්ගේ අතකොළුx උන්ගේ එක එක ප්‍රොජෙක්ට් තමයි මේවාx අපිනේ දන්නේ ඕවායේ ඇත්ත තත්ත්වේx
අද පාරට ගිහින් බලන්න පොලිස්කාරයා දඩ ගහන්නේ කාටද කියලා ? ඕකා එක දවසක් දඩ ගහලා තියෙනවාද බෙන්ස් එකකට? එහෙම නැත්නම් ප්‍රාඩෝ එකකට ? ඕවා ලියන්න ගිහින් තමයිxxxxxxxxxx වැඩක් නෑ කතා කරලාx මිනිස්සුන්ගෙ ඡුන්ද ම හොරකාලා පත්වෙලා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදනවා කියලා මම දැම්මා එක දවසක්x අන්න එදා ඉ`දන් තමයි මං මේකේ ලගින්නේx එක අතකින් මෙහෙම වෙච්ච එක හොඳයිx
සමන්මලී දැන් එතකොට ඔයාව මෙහෙ ගෙනැල්ලා දැම්මේ ඕවා පත්තරවල ලිව්ව නිසා ද ?
පත්තරකාරයා
නැතුව අපි දේශ ද්රෝහියෝනේx උන් තමයි දේශපේ‍්‍රමියෝ
සමන්මලී - කව්ද උන් කිව්වේ ?
පත්තරකාරයා - උන් කියන්නේ උන්
සමන්මලී - හරි හරි කව්ද උන් කියන්නේ ?
පත්තරකාරයා
උන් කියන්නේ උන්x තේරුම් ගන්න මං නන්නා`දුනන තුවක්කුකරුවෙකුට අහුවෙන්න කැමති නැහැ එච්චරයි.විශේෂයෙන්ම මේ වගේ තැනක හරි ජීවත් වෙන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා? නැත්නම් මමත් හිටි හැටියේම අතුරුරුදහන් වෙනවා.
සමන්මලී - එතකොට ඔහේ තමයි බය නැතුව ඇත්ත ලියන එකම පත්තරකාරයා ?
පත්තරකාරයා
ඔව් නැතුවx අනික් උන් බයයි එක පාරටම අතුරුදහන් වෙන්නx උන්ට පවුල් තියෙනවා ජීවත් කරවන්නx උන් ඔක්කොමල්ලාට ඕනේ මොනවා හරි ලියලා මාසේ අන්තිමට පඩිය අරන් යන්නx ඒවායින් වැඩක් නෑ මොකද ඔයාව මේ දිව්‍යලෝකෙට ගෙනැල්ලා දැම්මේ?
සමන්මලී
ඒක මමවත් තාම දන්නේ නෑx හැබැයි තව ටික දවසකින් අනිවාර්යයෙන් ම උසාවියෙන් හේතු ටික කියයි මට විරුද්ධවx ඒ ගැන බය වෙන්න දෙයක් නෑx (කාන්තාව දෙසට හැරී* ඉතින් ඔයා තනියෙන් කතා කර කර ඉන්නේ ඇයි ?
කාන්තාව
මට පිස්සු කියලා තමයි හැමෝම කියන්නේ. ඔව් මට පිස්සු තමයිx මම දන්නවා මට පිස්සු කියලාx ඒකනේ මම මේ දිව්‍යලෝකේ ඉන්නේ. ඒත් මම පාර අයිනේ වැටිලා ඉන්න කාලේ පේමන්ට් එක ළ`ගින් ගිය එවුන් මට හිනා වෙවී මට හූ හූ කිය කියා ගියාx ඒත් උන් දන්නේ නෑ උන්ට තියෙන පිස්සුව මොකක්ද කියලාවත් ?
අර පේනවනේ............. අර ඈත පාරේ බස් එකක් යනවා පොල් පටවලා වගේx අනික කණ පැලෙන්න සින්දු දාලා. ඒත් ඒකේ යන එවුන් එකෙක් කටක් ඇරලා බස් ඒකේ ඩ්‍රයිවරයාට බනිනවාද ? නෑx දාඩිය දාගෙන හිරවෙලා තෙරපිලා ග`ද ගගහ බහිනකංම ඒකේ යනවාx මං අහන්නේ ඇයි උන් ඒ විදිහට දුක් වි`දින්නේ ? පිස්සු නිසා නෙමෙයිද?
සමන්මලී
එතකොට කට්ටියක් ඒ සී වාහනවල හැටට හැටේ ෆුල් සිකියුරුටි දාගෙන යන්නේ ඇයි?
කාන්තාව
උන් පව්කාරයොනේ. නැත්නං මොකද ඔච්චර ම මිනිස්සුන්ට බය ? මොකෝ දැන් ඉස්සර වගේ බෝම්බ පුපුරන එකක්යැ ? උන් දුක හිතුනමත් පාටි දාගෙන බොනවාx සතුටු හිතුනමත් බොනවාx උන්ට සතුටක් දුකක් දරා ගන්න බැහැx නැත්නම් කකුල් හතරෙන් ඇවිදියි යැ ? නැද්ද මං අහන්නේ
තවත් පිස්සෙක් - දැන් ඔය අපේ ඡුන්දෙන් ම පත්වෙලා පාර්ලිමේන්තුවට යන මංතී්රලාට ඇමතිලාට අපේ එවුන් දෙකට නැමෙන්නේ මොකද ? උන් ඔක්කෝට ම පිස්සුx
තවත් පිස්සෙක් - රටට මොකක් හරි වෙනවා කියලා කියපු හැටියේ මොකක්ද වෙන්න යන්නේ කියලා හොයලා බලන්නෙවත් මංත්‍රීලා ඇමතිලාට ඕන විදිහට අපේ එවුන් දාස් ගණන් පාරට බහින්නේ ඇයි ? උන් ඔක්කොට ම පිස්සු.
(සියල්ලන් ම එකට එකතු වී) ඔව් උන් ඔක්කෝටම පිස්සු
පිස්සු
පිස්සු
පිස්සු
(මෙය දුටු සමන්මලී ක්ලාන්ත වී වැටෙන මුහුණුවරකින් සිටී අවසානයේ ඇය වේදිකාව මත ඇද වැටෙයි.)
ඩොක්ටර්........................ඩොක්ටර්..................ඉන්ජෙක්ෂන්........................
නිමි
සංකල්පය, පිටපත සහ අධ්‍යක්ෂණය - මාලන් විදානපතිරණ
No comments:
Post a Comment