ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන්ගේ විශාල අඩුවක් තිබෙනවා
-
ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල්
වීරමුණි
.
සටහන හා ඡායාරෑප -
මාලන් විදානපතිරණ
ප්‍රවීණ නාට්‍යකරැවකු
වන නාමෙල් වීරමුණි විසින් නිර්මාණය කරන ලද නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන“මාධ්‍යවේදියෙකුගේ
අසිපත“ හෙට (17) දින බොරුල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර්හිදි සවස 3.30 සහ
7.00 වේදිකාගත වේ.වසර 53ක
කාලයක් පුරා (1959 සිට) වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ රුඳී සිටින ඔහු, මෙම පුංචි
තියටර්හි සම නිර්මාතෘවරයා ද වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන්
වේදිකා
නාට්‍යයෙන් ඇරඹෙන ඔහුගේ
නාට්‍ය ගමන් මග සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයකින් සලකුණු වේ.ඒ අතරින් ඔහු පරිවර්තනය කළ අග්‍රගණ්‍ය
නිර්මාණය වන්නේ නැට්ටුක්කාරිය. කෙසේ වෙතත් චිත්‍රපටවල පවා අදටත් රංගනයේ යෙදෙන
නාමෙල්, ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවට ද නෑකම් කියන්නෙකි.
ඔබේ අලුත්ම වේදිකා
නිර්මාණය ගැන කතා කළොත් ?
මාධ්‍යවේදියෙකුගේ
අසිපත කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණයක්.පාතාල ලෝකය විසින් මාධ්‍යෙව්දිනියක පාලනය කරන ආකාරය තමයි මේ නාට්‍යය
පුරාවටම ගලා යන්නේ. හැබැයි මේ සඳහා පාතාලයට ඇරියුම් කරන්නේ දූෂණයෙන් පිරැණු
ඇමැතිවරයෙක්. කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යෙව්දිනිය සත්‍ය හෙළි කිරීම සඳහා විශාල උත්සාහයක් දරනවා. මොකද
ඇයට උවමනා වෙන්නේ සත්‍යයයි. සත්‍ය ප්‍රවෘත්තියයි. ඇය මෙය සමාජගත කරන්න විශාල උත්සාහයක් දරනවා.
ඒත් මේ මොහොතේදී විපක්ෂය එයින් උපරිම ඵල නෙළා ගන්නවා. මේ නිසා ප්‍රවෘත්තිය නතර කිරීමට
ඇමැතිවරයා දිගින් දිගටම උත්සාහ දරනවා.ඒ නිසා ඇමැතිවරයා විසින් ඉතා කෘර ලෙස ඇයගේ දෙමාපියන් සහ
සහෝදරයා පවා ඝාතනය කරනවා. ඒත් මාධ්‍යෙව්දිනිය එතැනදීත් තම වගකීම ඉෂ්ට කරන්න උත්සාහ දරනවා.
මෙවැනි කතා
තේමාවක් නිර්මාණය කිරීමේදී ඔබට ලංකාවේ පවතින සමාජ වාතාවරණය බලපෑවාද ?
ඔව්. මෙම
නාට්‍යය මා අතින් බිහිවන්නේ මීට මාස හයකට පෙර කළ වැඩමුළුවක ප්‍රතිඵලයක් හැටියටයි.ඒත්
මම පසුගිය කාලයේ නාට්‍ය නිර්මාණය කිරීමෙන් ඈත්වෙලායි හිටියේ.මොකද මම ඒ කාලේදී
මහන්සි ගත්තේ කලාව අධ්‍යයනය කිරීමටයි .ඒ අනුව මම මෙවැනි සිදුවීම් සත්‍ය වශයෙන්
දැක්කා. විශේෂයෙන්ම ලෝකෙටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දෙසන ඇමෙරිකාවේ පවා මෙවැනි
සිදුවීම් වෙනවා. ඒත් වෙනසකට තියෙන්නේ එම රටවල දූෂණ,වංචා ආදිය එළිපිටම සිදුවීම
පමණයි.
වර්තමාන
වේදිකාව තුළ විශාල පිබිදීමක් දක්නට ලැබෙනවා. ඔබ මොකද මේ ගැන හිතන්නේ?
ඔව්. ඒක
ඇත්ත. ඒත් මෙතැන ප්‍රශ්නය වෙන්නේ එම ප්‍රබෝධය සමාජ උන්නතිය කැපවුණාද යන්නයි.
බුද්ධිගෝචර වූණාද යන්නයි. මොකද අද අපට පෙනෙන්නේ මේවා හැල්මේ දුවන රුල්ලේ නාට්‍ය
විදිහටයි. ප්‍රේක්ෂකයාව හිනස්සන්නට පමණක් නිර්මාණය කළ නාට්‍ය හැටියටයි.ඒත් කලාව
කියන්නේ විනෝදය විතරක්ම නෙමෙයි. ඒ නිසා කලාව ජීවන දර්ශනයක් පෙන්නුම් කරන කැඩපතක්
විය යුතුයි.සදාචාරය දියුණු කරන මාර්ගයක් විය යුතුයි.
මාධ්‍යවේදියෙකුගේ
අසිපතේදී අපට හමුවන්නේ නවක මුහුණු. තරැණ රංගන ශිල්පීන් සහ නාට්‍යකරැවන් ගැන මොකද
හිතන්නේ ?
අද අපට දක්ෂ
තරැණයන් පිරිසක් සිටිනවා. ඒත් එම තරැණයන් හඳුනාගන්න නිසි ක්‍රියා පටිපාටියක් නැහැ.
අනික ටෙලිනාට්‍ය කලාව නිසා දක්ෂ රංගන ශිල්පීන්ට වේදිකාවට පැමිණීමට ඇති ඉඩකඩ ඇහිරී
ගොස් තිබෙනවා. ඒත් ඉන්දික
ෆර්ඩිනෑන්ඩු,රාජිත දිසානායක,තුමිඳු දොඩැම්තැන්න වගේ දක්ෂ තරැණ නාට්‍යකරැවන්
පිරිසක් අපිට නැතුවාම නෙමෙයි. විශේෂයෙන්ම මෑතකදී වේදිකාගත වූ බර්නාඩාගේ සිපිරිගෙය
වේදිකා නාට්‍යය ඉතා සාර්ථක නිෂ්පාදනයක්. අතුළ පතිරණගේ දොළහක් වේදිකා නාට්‍යත්
එසේමයි. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒත් අද ඔවුන්ගේ (තරැණ නාට්‍යකරැවන්ගේ) පවතින ප්‍රධානතම
දුර්වලතාවය තමයි ස්වතන්ත්‍ර නාට්‍යයක් රචනා කිරීමට ඇති නොහැකියාව. ඒත් මම බැහැම
කියන්නේ නැහැ. ඒත් අද නාට්‍යයක් රචනා කිරීමට හැකි නාට්‍ය රචකයන්ගේ විශාල අඩුවක් තිබෙනවා.ඒ
වගේම එවැනි දක්ෂයන් අද හිටියත් යොමු කරන්න තැනක් නැහැ.අවස්ථා නැහැ. මුදල් නැහැ
නැහැ.රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. මේකයි ඛේදවාචකය.
එසේ නම් මීට ප්‍රධානම හේතුව රාජ්‍ය මට්ටමින් විධිමත්
නාට්‍ය පාසලක් බිහි නොවීමද ?
ඔව්. එවැනි රංග
පාසලක විශාල අඩුපාඩුවක් අද දක්නට ලැබෙනවා. ඒත් ඇමෙරිකාව වගේ යුරෝපානු රටවල මෙහෙම
නැහැ. මම එහේ කාලයක් ජීවත් වුණු කෙනෙක් නිසා මට එය හොඳට දැනුණා. ඒ වගේම මට එහිදි ඇමෙරිකානු
නාට්‍ය කලාව පිළිබඳ හදාරන්නත් අවස්ථාව ලැබුණා. මොකද ඒ රටවල නාට්‍ය කලාවට විශාල
උනන්දුවක් තියෙනවා.විශේෂයෙන්ම ඔවුන් සංවර්ධනයේදී කලාව කෙරේ ප්‍රමුඛස්ථානයක් ලබා
දී තබෙනවා ඒ වෙනුවෙන් දෙපාර්තමේන්තු පවා
පිහිටුවා තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන ප්‍රධානම විශේෂත්වය තමයි, මේ සඳහා ඕනෑම
තරාතිරමක ඕනෑම පුද්ගලයකුට ඇතුළත් විය හැකි වීම. ඒත් ලංකාවේ අද එහෙම තත්ත්වයක් නැහැ. එවන් සැලසුමකට සූදානමක්වත් නැහැ.අනික අද
පාසැල්වල, විශ්ව විද්‍යාලවල පවා නාට්‍ය ගැන උගන්වන්නේ කෑලි කෑලි අමුණලා. ඒ නිසා
සම්පූර්ණ නාට්‍ය ගැන ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. ඒත් නාට්‍ය කියන්නේ ප්‍රායෝගික
විෂයක්. ඒ නිසා පිටපතින් නාට්‍ය කලාව ඉගෙන ගන්න බැහැ.අනික අද නාට්‍ය කලාව ගැන ඉගෙන
ගන්න සමහරැ ජීවිතේට නාට්‍යයක් දැකලා නැහැ. ඒ වගේම නාට්‍යයක් සම්පූර්ණයෙන්ම වගේ
කියවන පිරිසත් අද අඩුවෙලා. ඉතින් කොහොමද නාට්‍ය කලාව දියුණු වෙන්‍නේ ? ඉතින් කොහොමද
අලුත් නාට්‍යකරැවන් බිහිවෙන්නේ ? ඉතින් කොහොමද ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන්නේ
? ඒත් ඇමෙරිකාවේ නාට්‍ය කලාව වෘත්තියමය
කලාවක්. ඒ නිසා තමයි ඒ රටවලින් අලුත් නිර්මාණ එළිදකින්නේ.
No comments:
Post a Comment